Skip to main content

මේතෙක් ආ ගමන් මගේ....Up to Now

2011-02-01 දා තමයි අපි අපේ සබෑ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තේ එදා පටන් තවමත් අපි නිමා නොවු ගමනක ඉතිහාසය සොයා යමින් සිටිනවා. එදා සිට අද දක්වා මේ ගමනේ රැදි සිටි අයට, අදහස් පලකල අයට, දිරිමත් කල අයට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා. මෙම ගවේෂණයේදී මා සමග කරුණු හුවමාරු කරගත්, සාකච්චා කෙරු, ආශිර්වාද කෙරු, මලීෂ වීරමන්ත්‍රි සොයුරාට සිවිල් ආරක්ෂක බලකා දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යකෂ ලුතිනන් කර්නල් රත්නප්‍රිය මහතාට හා සැබෑ ඉතිහාස ගවේෂණයේ යෙදෙන, සැබෑ ඉතිහාසය හෙලි කල ආචාර්ය සුරිය ගුණසේකරයන්ටත්, රාවණ ඉතිහාසය ගවේෂණය කිරීමට තම දිවියම කැප කර ඇති ජයන්තපතිර ආරච්චි මහතාටත් ගෞරවණීය ස්තූතිය පුද කරමි.මෙතෙක් ආ ගමනේ තැබූ සටහන්

  1.   අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමු
අපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ...?
කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජය රජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ.
ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද...
                                     6. අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමු -6

  2. මතු වූ නව හෙළ ඉතිහාසය
කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය ලිවීමෙන් වසර 12කට පමණ පසු ලංකා මව ලද ශ්‍රේෂ්ඨ පඩිරුවන්ක් වූ කුමාරතුංග මුණීදාසයන් විසින් මෙරට පැවැති බවට නිදර්ශන සහිතවම හෙළබස මතය එළිදක්වලා තියෙනවා. ඒ වන විට ඉංග්‍රිසි පඩිවරයන් හා බෞද්ධ භික්ෂුන් විසින් පිළිගෙන රටට ඒත්තු ගන්වා තිබුනේ පාළි හා සංස්කෘත යන භාෂා වලින් සිංහල භාෂාව නිර්මාණය වී තිබුණ බවයි. (නමුත් පාළි හා සංස්කෘත භාෂා බොහෝදුරට සමාන වන්නෙ හිංදි භාෂාවටයි.) කුමාරතුංගයන් විසින් එම මතයට අභියෝග කරමින් හෙළ බස සිංහල භාෂාවේ ආරම්භය ලෙස පෙන්වා දුන්නදපාසල් පෙළ පොත් . විශ්වවිද්‍යා හා පුවත් පත් සගරා ආදීය ඉංග්‍රීසින්ගේ මතය සනාථ කිරීම නිසාම ඒ මතය උගතුන් කීපදෙනෙකුට පමණක් සීමා වූ හෙළ හවුලටම සීමා වීම සිදුවෙලා තියෙනවා


3. හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය
ලංකාවේ සෙල්ලිපි වල කුබ යනුවෙන් හැදින්වෙන්නෙ කුවේරයි. කුවේර පිළිබදව පුරාණය සංස්කෘත භාෂාවෙන් හැදින්වෙන්නෙද කුබ පුරාණය කියන නමෙන්. සිව රජු ඉන්දියාවට ගියේ හෙළදිව සිට බවත් ඔහුගේ මුල් මධ්‍යස්ථානය සිව + ගිරිය හෙවත් සීගිරිය බව අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඔහු ඉන්දුවේ රජුය. ඉන්දු දේශය යනු කාශ්මීර කදුකරය හා පන්ජාබ් තැනිතලාවයි. සිවදෙවියන් මූලික කරගත් ඇදැහිල්ල සිවරජු විසින් ආරම්භ කරන ලද්දක් බවද අරිසෙන් අහබුදු සූරීන් පවසනවා.


4. ආරම්භය නිර්ණය කල නොහැකි හෙළ ඉතිහාසය
දෙවරක් හෝ තුන්වරක් ලංකාව මුහුදේ ගිලී ගිය බවට සාධක ඇත. මෙය සමහර විට සුනාමී ආකාරයේ උදම් රළ මගින් හෝ ස්වාභාවික භූ කම්පනයකින් මෙය සිදුවන්නට ඇත. රාවණ රජුගෙන් පසු තේත්‍රා යුගයේ වරක්ද, කලි යුගයේදී දෙවරක් ගිළුන බවට සාක්ෂි ඇත. එමෙන්ම ශ්‍රි පාදය අද දින මල යමහලක් වුවද අතීතයේදී එය පුපුරා ලාවා ගලා ගිය බවට සාක්ෂි ඇත. නිරිත දෙසට නොහොත් පහත් තැනි තලාවට ගලා ආ ලවා වලට බාධා ඇති වූ තැන් හීදි ගලන දිශාවට විරුද්ධ දෙපාර්ශවයට ගලා ගොස් හෙල් වැටි ඇතිවිය.නිරිත දිග තැනි තලාවේ එකිනෙකටත් වෙරලටත් සමාන්තරව ඇති හෙල්වැටි ලෙස අද මේවා හදුනාගත හැක. ගිං ගඟ මෙම හෙල් වැටි අතර හිර වීම නිසා අමුතුම ආකරයේ ජල වහන රටාවක් ගිං ගගට ඇත.මහවැලි ගංගාවද තනි ගංගකට වඩා ගංගා පද්ධතියකි. විටන් විට වන භූමියේ උස්පාත් වීම් මෙයට හේතු වී ඇත. මෙම වෙනස් වීම් මගින් පෙන්වන්නෙ භූමියේ ඇති පෞරාණික බවයි.

5.හෙළ අසුර රාජවංශය

    1.තුන් ලොව ජය ගත් අපේ රජවරු
 හෙළ හවුලේ සොයාගැනීම් හා රාජාවලියට අනුව නම් ලංකාවේ පළවෙනි රජතුමාත් මහා සම්මත මනු රජතුමාමයි.
සමහර මුලාශ්‍ර වල මනු රජු දඹදිව රජ කලායි කීවද, දඹදිව කියන ප්‍රෙද්ශය නිශ්චිතව භූගොලිය ප්‍රෙද්ශයක් වශයෙන් වෙන්කිරීම අපහසුයි. රාජාවලියට අනුව දඹදිව කියන්නේ මහාමේරු පර්වතයෙන් දකුණෙන් පිහිටි කලාපයයි. හිමාල කදුකරය ඇතුළු මහාමේරු පර්වතයෙන් උතුරු කලාපය උතුරුකුරු දිවයින විදියට තමයි හැදින්වෙන්නෙ.

     2.බොලීවියාව,පීරු හා චිලී දක්වා බල පැවත්වූ ලංකාවේ බලය
හිරණ්‍ය රජු තම අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට යාමේදී සතුරු කුමන්ත්‍රන ඇති වුනායැයි හා ඒ මගින් එතුමාගේ අවසානය වුණා කියලත් හිතන්න මේ ප්‍රවාදය එක්තරා සාක්ෂියක්.
කැස්පියන් නැතහොත් කාශ්‍යප බටහිරින් ඇති කොකෙස් කදු යනු වර්තමානයේ ජෝජියා, ආර්මේනියා හා අසර්බයිජාන් යන රාජ්‍යයන්. මැක්ස්මූලර්ගේ මතය නම් ලොව මුල්ම මිනිසුන් තුර්කියේ අරරාත් කදුකරයේ හා කැස්පියන් මුහුදට බටහිරින් පිහිටි කොකෙස් කදුකරයේ ජීවත් වූ බවයි.



3. හැට්ටය ඇතුලේ අත් බෝම්බ සගවා පහර දුන් හෙළ කාන්තාවෝ
තම සැමියා හොරෙකු ලෙස නම් කිරීමෙන් කිපුණු පත්තනි දේවියන් ලෙස අද හදුන්වන දේවයානී විසින් තම වම් තනය කඩා බිම ගැසූ විට එය පුපුරා යාමේන් ඇති වූ ගින්නෙන් මුළු මදුරා පුරයම ගිනිගෙන විනාශ වූ බව පත්තිනි ඇදහිල්ල පවසයි. මහාචාර්ය ෆෝලි විසින් පවසන්නෙ මෙය හැටිටය ඇතුලේ සගවා ගෙන ආ ග්‍රැෙන්ඩ් වැනි අත් බෝමිබයක් විය හැකි බවයි....


4. ලෝකයටම පරමාදර්ශි නගරය වූ ලංකාපුරය

රාමායණයේ එන හනුමා දුටු ලංකා පුර විස්තරය යටතේ ලංකා පුරය පිහිට තිබුනේ මහුද අයිනේය. සීතා සිරකර සිටි මන්දීරය රොසපාට කොරල් පර වලින් සාදා තිබුණ බවත්ඇය ජනේලය හැරිය විට මුහුදු සුලං ඇයට රාමා පිළිබදව ශෝක ගීත ගෙන ආ බවත් හනුමා විස්තර කල බව රාමායණයේ සදහන් වේ. ලංකා පුරය ත්‍රිකූටකයක් මත නොහොත් කදු මුදුන තුනක් මත තිබූ සදහන් වේ. ත්‍රිකූටමලය යන අර්ථය අති ත්‍රී කුණාමළය මෙම ස්ථානය වී තිබෙන්නටත් පුළුවන්. මළය යනු උස්බිමයි. ලංකාවේ මළය රට ලෙස මධ්‍යම කදුකරය හැදින්වෙන්නේ ඒ බැවිණි. ත්‍රිකුණාමලයේ පාෂාණ ස්ථරයන් පොළවට ගිලා බැස ඇති අයුරු අදටත් ත්‍රිකුණාමළයෙන් දැකගත හැක.


5. ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි
රාවණගේ පියා වන විශ්‍රවස් මුණියටතේම ශිල්ප හැදැරු රාවණ අහංකාර හා කලහකාරි අයෙක් බව විශ්‍රවස් මුණි නිරික්ෂණය කරා. ඒ වගේම රාවණ ඉගෙනීමේ අතිදක්ෂයෙකු වු අතර වේද ග්‍රන්ථයන් පරතෙරටම හැදැරුවෙක් වෙලා තියෙනවා. රාවණ රජු විසින් චතුර්වේචයෙන් එක් වේද ග්‍රන්ථයක් ලිවු බවද කියැවෙනවා. ඒ වගේම රාවණ රජු වීණා වාදනයේද අති දක්ෂයෙක් හා දක්ෂ රණ ශුරයෙක්  වූ බවත් සදහන් වෙනවා.


6.රාවණ රජු සල්ලාලයෙක් බවට පත් කලේ අපේ නාඩගම් ඇදුරන්ය
විශ්ණුගේ සතුරුකම් අපිට පළමුව හෙළඅසුර අධිරාජ්‍යෙය් සතුරෙක් විදියට ඉස්මතු වන්නෙ හිරන්‍ය කාශ්‍යප රජු දවසෙයි.
හින්දු සාහිත්‍යට තුන් ලෝකයක් පාලනය කලායැයිදතම සුර්ය රශ්මිවන් තේජාන්විත දෙනෙතින් බලා යුරෝපිය අයිස් තට්ටුව දිය කලා යැයි චෝදනා ලබන්නේද හෙළ අධිරාජ්‍ය කොකෙස් කදුකරය දක්වා ජනාවාස කරපු හිරණ්‍ය කාශ්‍යප හෙවත් මහාමන්දාතු රජුට එරෙහිව විශ්ණු පළමුව නරසිංහ නැමති අවතාරයෙන් පැමිනෙනවා. එයින් හිරණ්‍ය කාශ්‍යප රජුව මරා දමන විශ්ණු නැතහෝත් භාරතීයානු අධිපත්‍ය නැවතත් හෙළ අසුර අධිරාජ්‍යට අතපොවන්නෙ මහා බලි රජු සමයේ.


7. හෙළ යුගයේ දේව වංශය

1.අද පහත් කුලයක් යැයි සැලකෙන අපේ සබෑ ඉතිහාසයයේ පාලකයෝ...
ගොවි තරුණයෙක්ව ඉද සියළු දෙනාගේ කැමත්ත මත මනු තරුණයා මහා සම්මත මනු විදියට සියළු දෙනාගේම කැමත්තෙන් ඒ කියන්නේ මහා සම්මතයෙන් හෙළ අසුර අධිරාජ්‍යෙය් පළමු රජු විදියට රජවෙනවා. මහා සම්මත මනු රජුගේ සිට හිරණ්‍ය කාශ්‍යප හේවත් මහා මන්දාතු රජු දක්වාම මේ හෙළ අසුර අධිරාජ්‍යෙය් රජවරු පත් වුනේ සියළු දොනගේම කැමත්තෙන්, මහා සම්මතයෙන්. රටේ ජනතාව තීරණය කරලා සුදුසු කම් සම්පුරණ කර තිබු හොදම පුද්ගයා රටේ රජු විදයට පත් කලා. නමුත් එහෙම වුනේ හිරණ්‍ය කාශ්‍යප රජුසමය දක්වා පමණයි. හිරණ්‍ය කාශ්‍යප රජු විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් මරා දැමීම මෙයට හේතුවක් වුණා.


2.බලන්ගොඩින් හමු වූ මාතලීගේ දිව්‍ය යානය හෙවත් හෙළ ගුවන් යානය
රටක ජනතාව විසින් ඔවුන්ගේම කොටසක් තමන්ගේ පාලකයන් විදියට පත්කරගන්නේ ඇයි? ඒ ඔවුන්ගේ ජීවන පැවත්මට අවශ්‍ය ආරක්ෂාව, දිවිපැවත්ම පවත්වා ගැනීමට උපකාරයක් වීම යනාදියටයි. ඒවගේම තමයි හෙළ යුගයේ ජනතාවගේ පැවැත්මට අවශ්‍ය සියළු දේ කියා දීම දේව පාලකයන්ගේ පරම යුතුකම වුණා. ඒ නිසාම තමයි දේවයන් විදියට පුහුණුව ලබන කණ්ඩායම ජනතාව විසින් පොෂණය කලේ.

3.බුදුන් වහන්සේ ලක්දිවට වැඩියේ එක් වරක්ද?
මහා වංශය විසින් මවන ශ්‍රද්ධා භක්තික දුටුගැමුණු රජු අනුරාධ පුරය අත්කරගැනීමෙන් පසු ශ්‍රි මහා බෝධිය වන්දනාවට යා යුතුය, ථුපාරමය වැද පුදා ගැනීමට යා යුතුයි. නමුත් එවැන්නක් මහා වංශයේ සදහන් නොවේ. මෙයද මහා වංශය තුල මතුවන පරස්පරතාවයකි. ......


4.මහා වංශයේ දක්නට ලැබෙනා ගැටළු සහගත කාල නිර්ණයන්
අදත් අපි අපේ ලිපිය මහා වංශයේ කරුණු වලින්ම පටන් ගන්න හිතුවා. මහා වංශයට අනුව සිංහල රාජ වංශය හා බුදු රජානන් වහන්සේ අතර ඥාතී සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි ශුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් වන භද්දකච්චායනා කුමරිය විජයගේ ඥාති පුත්‍රයෙක් වන විජයගෙන් පසුව ලක්දිව රජ වූ පඩුවස්දෙව්ගේ බිසව ලෙස සම්බන්ධ කිරීමයි. මේ කරුණ සත්‍ය අසත්‍ය තාව අප හට තහවුරු කරගන්න ක්‍රමයක් නැහැ.
5.මොන කුලයේද? ගොවිගමද? වහුම්පුරද?
මොන කුලයේද කියලා කවුරු හරි ඇහුවොත් ගොඩක් අය කියයි, අපි ගොවිගම කියලා වහම්පුර වුණත්, අද අපි කතා කරන්නෙ මේ කුල දෙක ගැන නම් නෙවෙයි. නමුත් මින් එක කුලයක් අපේ ලිපියට සම්බන්දයි...
එහෙනම් අපි අපේ ඉතිහාස ගවේෂණය අරම්භ කරමු. 

8.හෙළ ගුවන්යානා තාක්ෂණය

1.අපි නොදන්නා අපේ ගුවන්යානා තාක්ෂණය

අපේ සබෑ ඉතිහාසය තාකෂණයෙන් දැනුමෙන් පොහොසත් එකක්. එය නවීන ලෝකයේ තියෙන තාක්ෂණයටත් වඩා දියුණුව තිබූ එකක් බවට සාක්ෂි ඕනෑ තරම්. ඒනිසාම අපි තීරණය කලා අපි නොදන්නා නමුත් අපට උරුමව තිබූ ඒ හෙළ යුගයේ තාක්ෂණය ගැන කතා කරන්න. මේ සදහා මුලාශ්‍ර ලෙස අපි මහා සෘෂි භරද්වාජ විසින් රචනා කල ජේ. ආර්. ජෝෂියර් විසින් ඉංග්‍රිසයට පර්වර්තනය කරන ලද විමානික ශාස්ත්‍ර


2.ගුවන් නියමුවෙක් දත යුතු රහස් 32

වෛමානික ශාස්ත්‍ර එහෙමත් නැත්තම් විමාන ශාස්ත්‍රය නැමති ඍෂි භරද්වාජ විසින් රචනා කරන ලදල දැනට ඓතිහාසික ගුවන් යානා තාක්ෂණය ගැන කරුණු සදහන් එකම කෘතියට අනුව විමානයේ අර්ථදැක්වීම වන්නෙ
වේග සාම්යාත් විමානෝ අන්ඩජානම් යන්නයි. මෙය ඉංග්‍රිසියට පර්වර්තනය කල කල් හී “Owing to Similarity of Speed with birds, it is named Vimaana”
එනම් පක්ෂියාගේ වේගයට සමාන වන්නා වූ යානය විමානය නමින් හැදින් වූ බවයි. මෙහි හෙළනම හා විමානයේ හෙළ අර්ථදැක්වීම අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලා.


3.හෙළ ගුවන් යානයක කොටස් හදුනා ගනිමු
මාර්ගාධිකාරම් හෙවත් ගුවන් පථ පිළිබදව සදහන් වෙන්නෙත් දූතකයෙක් විසින් දැනගත යුතු කාරණා 5ක් ලෙසයි. අපි පසුගිය ලිපියෙන් ඉදිරිපත් කල නියමුවෙක් විසින් දැන ගත යුතු කරුණු 32 අතර ආකාශ විද්‍යාව හා වායු තල පිළිබදව මනා දැනීමක් තිබිය යුතු බව සදහන් කලානේ. ඒ අනුව වායුගෝලයේ හෙවත්, ඉහල ආකාශයේ තිබෙන වායු ස්ථර 5ක් පිළිබදව සදහන් වෙනවා. රේඛාපත, මණ්ඩල, කක්ෂ්‍ය, ශක්ති හා කේන්ද්‍ර ලෙස හැදින්වෙනවා. මෙම ආකාශ ස්ථර 5 ඇතුලත 519,800ක් ගුවන් මාර්ග තිබූ බවත් එයින් ලෝක 7කට ගමන් කල හැකිබවත් සදහන් වෙනවා.


4.විවිධාකාර වූ සෘතු සදහා ඇදුම් විවිධාකර විය යුතුය
විවිධාකාර වූ සෘතු සදහා ඇදුම් විවිධාකර විය යුතුය
වස්ත්‍රාධිකාරම් නැමැති වෛමානික ශාස්ත්‍රෙය් 6 වැනි සූත්‍රයට අනුව විමානය පදවන නියමුවාගේ ඇදුම් සෘතු අනුව වෙනස් විය යුතුබව සදහන් වේ. සුර්යා වටා බ්‍රමණය වන්නා වූ පෘථිවියට එල්ලා වන්වා වූ ලක්ෂ ගණනින් යුක්ත සූර්ය කිරණ නිසා පෘථිවියේ සෘතු බේද ඇතිවේ. මෙම කිරණ මිනිස් සිරුරට හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද එල්ල විය හැකි අතර බොහෝ දුරට බොහෝමයක් අහිතකර කිරණයන් වායුගෝලය මගින් අවශෂෝණය කරගන්නා නිසා පෘථිවි වාසීන්ට එල්ල වන්නා වූ අහිතකර කිරණ බැපෑම් අඩුය.


මෙම ලිපි වලට අමතරව.....













රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සූත්‍රය

කොහොම වුණත් ලංකාවතාර සුත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැබෙන්නේ චීන භාෂවෙන්. මේ ලිපි පෙලෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ ලංකාවතාර සුත්‍රයේ සිංහල පර්වර්තනයයි.


හිරු දෙවියන්ගේ උදහසට ලක් වූ හෙළ අසුර අධිරාජ්‍ය


එයට තවත් හේතුවක් තමයි, මහා වංශයේ හෝ වෙන කිසියම් හෝ වංශ කථාවකවත්, ලංකාවේ විමාන භාවිතයක්, පසු කාලෙක ඇති වූ යුද්ධ වලදී න්‍යෂඨික අවි වැනි දියුණු තාක්ෂණික අවි භාවිතාවක්වත් ගැන සදහන් වනේන නැති වීම. මොකද මහාවංශයේ පළමු වැනි රජු වන විජය රජු වන විට ඒ තාක්ෂණ විදි විනාශ වී තිබෙන්නට අති.



අපේ ඉතිහාස ගවේෂණය මේ මේ ලිපි වලින් තමයි අපි ඉදිරිපත් කලේ. මේ තමයි අපේ මෙතෙක් ආ ගමන. 
මෙතනදි මතක් වෙනවා මෙහෙම ගීපද පෙළක්
ආ මග කෙටි යා යුතු මග දුරයි
නුවණින් අවදියෙන් තරණය කල යුතුයි

සොයාගන්නා තොරතුරු, ගවේෂණාත්මක කරුණු හොදින් විමසා ගෙන එමට තමයි ඉදිරියටත් බලාපොරොත්තු වන්නේ දිගටම රැදි ඉන්න.
ආයුබෝවන්

Comments

Anonymous said…
Hi How can I meet U all
Dasun said…
by emailing dazunj4me@gmail.com
විශිෂ්ඨ කර්තව්‍යයක් සහෝ... මේ කාර්යයට උර දෙන හැමදෙනාටම ප්‍රණාමය !!! ඒ වගේම මේ ගැන තවත් වැඩි අවධානයක් ලබාදුන්නොත් හොඳයි නේද ? මම නම් දන්න කියන හැමෝටම මේ අඩවිය කියලා තියෙන්නේ... දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා !!!

හැමදාම වගේ බැලුවට කමෙන්ට් කරන්නේ අඩුවෙන්. එකක් වෙලාව මදි නිසා, අනික හැමදාම එකම කොටන්න බැරි හින්දා... කොහොම වුනත් වැඩේ නවත්තන්න එපා. මේක වටින්නේ අපිටත් වඩා අපේ දරුවන්ටයි !

ජය !!!
Dasun said…
@Chathuranga Perera
බොහෝම ස්තූතීය සහෝ... මම දන්නවා සහෝදරයා අපේ ගවේෂණය ආරම්භයේ සිටම අප සමග සිටි බව. මීට අමතරව සිංහල වීකිපීඩියාවටත් රන්දිව පුවත්පතටත් මෙම ලිපි උපුටා ගැනීමේ අවසරය දීලා තියෙනවා. අපිට අහිමි වූ අපේ ගුවන් තාක්ෂණය කියලා පොතක් එලිදක්වන්නත් බලා පොරොත්තුවක් තියෙනවා. එහෙම කරපු ගමන්ම PDF 1 කොපිය සහෘද තොටුපළින්ම ලබා දෙන්නයි සුදානම.
දිගටම රැදී ඉන්න.
Anonymous said…
D.I Jayasanka
Aiye mata sinhala typing nan baha eth man me Subject eka gana godak dewal hoyanawa! Mama mage School project ekata karanna inneth me gana Wiwaranayak. Aiye ! oya monawahari dannawada Ranmasu Uyane thiyana Katayama gana? Puluwannan Details tikak hoyala Denna. Eka me gana hoyana ayata wada wadagath wewi!!

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...