Skip to main content

Posts

Showing posts from January 30, 2011

"උළු තියලා හදා මොටද අපෙ පොල් අතු ස්කෝලේ"

මට මගේ ස්කෝලය ගැන යමක් ලියන්නට හිතෙනවා. මං මුලින්ම ගිය ස්කෝලේ නම රාජානන්ද කනිෂ්ඨ විද්‍යාලයට. ගම මැදට වෙන්නට මේ නිවහන පිහිටුවා තිබුණා. රාජපක්ෂ පවුලේ අය තමන්ගෙම ඉඩමක තමන්ගෙම වියදමෙන් මේ පාසල ඉදිකොට දුන් බව ගමේ කව්රුත් දන්න කතාවක්. අපේ ස්කෝලෙට හෙවිලි කරලා තිබුණෙ පොල් අතු. බිම ගොම පිරියම් කරලා තිබුණා. සති දෙකකට විතර සැරයක් ළමයි ගොම අරන් ගිහින් බිම ගානවා. එදාට ඉස්කෝලේ පන්ති පවත්වන්නේ නෑ. පන්ති තිබුණෙත් පහ ශ්‍රේණිය දක්වා පමණයි. මං ගිය කාලේ ලොකු මහත්තයා (මුල් ගුරුතුමා) හැටියට වැඩ කළේ ගුණපාල කියලා ගුරුවරයෙක්. අමරපාල මහත්තයයි , ගුණරත්න මහත්තයයි හැරුණු විට ඉංග්‍රීසි ගුරුතුමියක් හිටියත් ඇගේ නම දන්නේ නෑ. ඉංග්‍රීසි නම් මට අකුරක්වත් ඇහිඳ ගන්න බැරි වුණා. මට ඉංග්‍රීසියෙන් නම ලියන්නට කියලා දුන්නෙ මගේ නැන්දම්මගෙ පුතා. අපි එයාව අමතන්නෙ චූටි අයියා කියලා. අවට පාසල් තියෙද්දී මං මේ පාසලට යැව්වෙ ඇයි කියල මං දන්නෙ නෑ. එහි මා සමග උගත් අයගෙන් උසස් පෙළ දක්වා ආවේ එක්කෙනයි. අනිත් හැමෝම ගමේම නතර වුණා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වෙලා මම ගියේ ගමේම මහ විද්‍යාලයට. උසස් පෙළ විද්‍යා විෂය ධාරාව නොතිබුණ ...

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...? අපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ...? කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජය රජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ. ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද...? මහා වංශය කියන්නෙ ලංකා ඉතිහාසය සටහන් වෙලා තියෙන ග්‍රන්ථයක්. ඒක ලියවිලා තියෙන්නෙ විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා, ලංකාවේ රාජ්‍යත්වයටත් පත්වෙලා, එතුමාගෙන් පස්සෙ  පඬුවස්දෙවු රජතුමාත්, එයාගේ මූණුපුරා පණ්ඩුකාභය රජතුමාගෙනුත් පස්සේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුදුදහම ගෙනාවටත් පස්සෙ. ඒ නිසා මහාවංශ කතුවරයාට අනුව විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා කියලා කියන කතාව මම නම් පිළිගන්නෙ නැහැ.       මහා වංශයේ සඳහන් නොවුනාට මහාවංශ කතුවරයාට වසර සිය ගණනකට කලින් භාරතයේ ලියැවුණ කෘතින් වල ලංකාවේ සිටි රජවරුන් ගැන සඳහන් වී තිබෙනවා. හොඳම උදාහරණය තමයි වාල්මිකි විසින් රචිත රමායනයට අනුව රාම ලංකාව ආක්‍රමණය කරන විට රාවණ රජු ලංකාවේ රජ කලා කියන එක. රාවණ රජු ලංකාවේ හිටියෙ නැහැ, එය කල්පිතයක් පමණි කියලා කාටවත් නොකියන්න තරම් හේතු සාධක රාවණ රජු ගැන තියෙනවා. ලංකාවේ හිටපු කිස...