බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කළාට පසුව මෙරට භික්ෂූන්ට විරුද්ධව සමාජයේ හඬක් මතු විය. මෙම ඝාතනයෙන් පසුව භික්ෂු විරොධී කතා තැන් තැන්වල පළ විය. එදා චීවරය දඩමීමා කරගෙන ඇතැම්හු තම සිතැගි ඉටු කර ගත්තේ ය. අදත් එබඳු දේ ඕනෑ තරම් සිදු වේ. අපේ හාමුදුරුවන්ගේ නම ගෝවල විමලධම්ම ය. උන්වහන්සේ ගම්පොළ රතනාසරහි වාසය කරති. පෞද්ගලික ව්‍යාපෘති සඳහා චීවරය ගන්නවාට විරුද්ධව ක්‍රියා කිරීමට උන්වහන්සේ මැලි නොවෙති. මහ රෑ ගම්පොළ බස් නැවතුම්පොළේ , ගාමිණී අයියගෙ කඩේ ( ශ්‍රියානි හෝටලය) ළඟ හාමුදුරු නමක් ඩාන්ස් කරන ප්‍රවෘත්තියක් අසන්නට ලැබිණි. එතැනට ගිය අපේ හාමුදුරුවෝ ඔහු පොලිසියට අල්ලා භාර දීමට ක්‍රියා කළහ. සිඟාකමින් පන්සල් ගාණේ යන භික්ෂුවක් දිනක් මා සිටිය දී පන්සලට වැඩියහ. වහා ම හුනස්නෙන් නැඟී සිටි අපේ හාමුදුරුවො ආගන්තුක හිමියන්ට තැලුහ. ගිහියෙක් වූ මටත් පෙර උන්වහන්සේ ආගන්තුකයා බීමත්ව සිටි බව තේරුම්ගත්හ. " හිඟා කාපන් ආගම , සිවුර ඒකට යොදා ගන්න එපා. අපේ දායකයන්ගේ ගෞරවය රකින්ට ඕනෑ" යැයි ආගන්තුකයාට අවවාද කරමින් උන්වහන්සේ පැවසූහ. බෝවල විමලධම්ම හාමුදුරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන ලියන්නට කොතෙක...
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය