Skip to main content

Posts

Showing posts with the label සුනාපරන්තය

අලජ්ජි බලි යාගය

බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කළාට පසුව මෙරට භික්ෂූන්ට විරුද්ධව සමාජයේ හඬක් මතු විය. මෙම ඝාතනයෙන් පසුව භික්ෂු විරොධී කතා තැන් තැන්වල පළ විය. එදා චීවරය දඩමීමා කරගෙන ඇතැම්හු තම සිතැගි ඉටු කර ගත්තේ ය. අදත් එබඳු දේ ඕනෑ තරම් සිදු වේ. අපේ හාමුදුරුවන්ගේ නම ගෝවල විමලධම්ම ය. උන්වහන්සේ ගම්පොළ රතනාසරහි වාසය කරති. පෞද්ගලික ව්‍යාපෘති සඳහා චීවරය ගන්නවාට විරුද්ධව ක්‍රියා කිරීමට උන්වහන්සේ මැලි නොවෙති. මහ රෑ ගම්පොළ බස් නැවතුම්පොළේ , ගාමිණී අයියගෙ කඩේ ( ශ්‍රියානි හෝටලය) ළඟ හාමුදුරු නමක් ඩාන්ස් කරන ප්‍රවෘත්තියක් අසන්නට ලැබිණි. එතැනට ගිය අපේ හාමුදුරුවෝ ඔහු පොලිසියට අල්ලා භාර දීමට ක්‍රියා කළහ.  සිඟාකමින් පන්සල් ගාණේ යන භික්ෂුවක් දිනක් මා සිටිය දී පන්සලට වැඩියහ. වහා ම හුනස්නෙන් නැඟී සිටි අපේ හාමුදුරුවො ආගන්තුක හිමියන්ට තැලුහ. ගිහියෙක් වූ මටත් පෙර උන්වහන්සේ ආගන්තුකයා බීමත්ව සිටි බව තේරුම්ගත්හ. " හිඟා කාපන් ආගම , සිවුර ඒකට යොදා ගන්න එපා. අපේ දායකයන්ගේ ගෞරවය රකින්ට ඕනෑ" යැයි ආගන්තුකයාට අවවාද කරමින් උන්වහන්සේ පැවසූහ. බෝවල විමලධම්ම හාමුදුරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන ලියන්නට කොතෙක...

ස්ත්‍රී පුරේ...The City of Ladies

ALL ANIMALS ARE EQUAL. BUT SOME ANIMALS ARE MORE EQUAL THAN OTHERS'' (සියලූ සතුන් සමානය. නමුත්, සමහර සතුන් අනිත් උන්ට වඩා වැඩියෙන් සමානය) මේ උධෘතය GEORGE ORWELL ගේ ANIMAL FARM කෘතියෙන් උපුටා ගත්තකි. ඉහත කියමන පරම සත්‍යයකි. අයිතිවාසිකම් ගැන කියන විට හැමෝම සමානය. එහෙත් තෝරු මෝරු බඳු බලවත් පුද්ගලයන් වැඩියෙන් සමානය. අධ්‍යාපනය ගත්තාම කොළඹ ඉස්කෝලයත් මොනරාගල හුලංදාව ඉස්කෝලයත් අතර සමානකම් මීට හොඳ නිදර්ශනයකි. ඉස්පිරිතාල ගත්තත් එහෙමයි. මේ සමානකම නිකං සංකල්පයක් විතරමයි. හරියට ඇමැතිතුමා ගේ පුතෙකුයි මේ ලියන මායි ගත්තම අහවල් සමාන කමක්ද?

සුදු කොඩි දෙක් උපත -The Born of Two White Plags

මේ ලියන මොහොතේ මගේ සිතේ සුදු කොඩියක් එසැවී තිබේ. ඒ කුමක් අරබයා ද කියා ඔබ අසනු ඇත. ඒ සුදු කොඩියට අරමුණු දෙකක් තිබේ. එකක් අප කිසිවකු අනුමත නොකරන , යුද්ධය නිසා මියගිය මිනිසුන් සිහි වීම පිණිස වේ. සුදුකොඩියේ අනෙක් අරුත නම් මරාගත් මී පැටවකු උඩ දම දමා සෙල්ලම් කරන පූසකු සේ මළගම් වටකොට ප්‍රීති උත්සව සංවිධානය කරමින් , මහමඟ කිරිබත් පිස කෑමට තරම් වූ අවිහිංසාවාදී බෞද්ධයන්ගේ පුරුෂාර්ථ සිහිපත් කිරීමයි. අහසේ ද , පොළොවේ ද වාතයේ ද වසන ඇසට පෙනෙන නොපෙනෙන සියලූ සත්වයන්ට මෙත් වඩා බුදුන් සරණ යන අපේ අය මියගිය අය වෙනුවෙන් සාද පවත්වති. 

බ්‍රිස්ටල් පෙරහැර යන මග::

'' යානෙ වරුම් පින්නෛ. මනි ඕසේ වරුම් මුන්නෛ. '' දෙමළ භාෂාවේ මේ ප්‍රකට කියමන මතක් වෙන හැමවිටම මට මහනුවර ඇසළ පෙරහර මතක් වෙයි. ' මිණි ගෙජ්ජි සද්දෙ පළමුව ඇසෙන අතර , ඊට පසුපසින් අලියා එන ' බව මේ කියමනේ අරුතයි. මහනුවර අවට උපන් අපේ ළමා , තරුණ කාලයේ අසිරිමත් වකවානුව ඇසළ සැණකෙළිය සමග උදාවෙයි. දළදා පෙරහරට වඩා අපට වැදගත් වන්නේ බෝගම්බර පිට්ටනියේ පවත්වන ඇසළ මේලාව. අඩි අසූවක් උස කුලුනකට නැග ශරීරයට ගිනිතබාගෙන කුලුන පාමුල වතුර ළිඳට පනින දර්ශනය අපට පුදුමයකි. ශරීරයේ ගින්න නිවාගෙන ඇය ළිං පඩියට ගොඩවී ප්‍රේක්ෂකයන්ට ආචාර කරන විට අපි ප්‍රීති ඝෝෂා නැඟුවෙමු. එදා අපට සෙංකඩගල ප්‍රකටව පෙනුණේ දළදා මාළිගාව නිසා මෙන්ම රේඩියෝ සිලෝන් එක නිසාය. හන්තානේ පිහිටුවා තිබුණු විකාශන මධ්‍යස්ථානය මේ නමින් හැදින්වුණා.

උන්වහන්සේලා අපවත් කළහ::seuslsla.blogspot.com

දරුණු විදියට යුද්ධය පැවැති කාලයේ මා නැවතී සිටියේ අම්පාර හාඩි ආයතනයේ අධ්‍යක්ෂ අමරදේව අප්පුහාමි මහතා සමඟ ඔහුගේ නිල නිවාසයේය. එහිදී දුරකථනයෙන් කිරිදිවැල සෝමරතන හිමියන් හඳුනා ගන්නට ලැබුණි. ඉන් කල්යාණ මිත්‍ර හිමි නමකගේ ඇසුර ලැදිමි. යාන වාහන පහසුකම් නැතිව අතර මං වූ වෙලාවක විද්‍යානන්ද පිරිවෙනට යන මම පාංශුකූල රෙද්දක් ඇඳගෙන රාත්‍රිය එහි ගතකොට ඇත්තෙමි. දිගාමඩුල්ලේ මෙම පිරිවෙන ආරම්භ කළෝ හෑගොඩ ඉන්දසාර හිමියෝය. 1932 ජනවාරි 08 වන දින උපන් වීරසේන කුමාරගේ පියා තෙලිකඩ පල්ලියගුරුගේ කරෝලිස් අල්විස්ය. ගාලූ දිස්ත්‍රික්කයේ වැල්බඩ පත්තුවේ බූස්ස ආසනයේ හෑගොඩ නම් ගමේදී උපන් කුමරුවා 1944.04.07 දින හෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාමයේදී හෑගොඩ ඉන්දසාර නමින් පැවිදි වූහ. 1953.06.10 දින මහනුවර මල්වතු විහාරයේදී උපසම්පදාව ලබා 1956 දී අම්පාරට වැඩියහ. උන්වහන්සේ මේ සුනාපරන්තයට වඩින විට ඕවාගිරිය, දීගවාපිය, උදයගිරිය වැනි රජමහ විහාර හැරුණු විට අනෙක් සිද්ධස්ථාන නටබුන්ව තිබුණි. එකල මෙහි වාසය කළේ භික්ෂුන් සිව් නමක් පමණි. අද සමනබැද්ද ධම්මරතන පිරිවෙන හෙවත් වනවාස විහාරය උන්වහන්සේ මුලින්ම වැඩ වාසය කළ ස්ථානයයි. 

මිනිස් පවුලට එන්න

කඳුළුවලට නමක් ගමක් ලියා තිඛෙනවා ද ? නැත. කඳුළ කාගෙත් කඳුළම ය. ඒ කියන්නේ කාගේ දුකත් දුකක් ම ය. ' කඳුළ කඳුළමය කාගේ වුණත් මට ' කියා ලිව්වේ චන්ද්‍රකුමාර වික්‍රමරත්න ය. ' ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර - අහෝ ! දෙව්දත් නොදිටි මොක්පුර ' එකම විහාරයක වාසය කළත් මොක්පුර නොදුටු දෙව්දත් තෙර ගැන ' අනේ සැපයි ' හෝ ' අනේ හොඳයි ' නොකියා 

තොප්පිය යට ඔළුවක් තිබේ :: seuslsla

රජවරු තම දේශයේ වැසියන්ගේ සුවදුක් සොයා බැලීම පිණිස වෙස් වළාගෙන ගෙන් ගෙට ගියහ. වෙනත් පෞද්ගලික උවමනාවන් සඳහා ද ගියහ. මොරතොට හිමියන්ගේ සිල් බැලීම සඳහා ගොස් ගැහැනියක් ලෙස සැරසී කාමරයට අත දැමූ පුවතක්ද අප අසා ඇත. එසේම තිරුවා නම් පුද්ගලයා අඹගමුවට යවා රාත්‍රියේ නිවසට ගොස් ඔහුගේ බිරිඳට කතාකිරීමට ගිය රජතුමා අමාරුවේ වැටුණේ රජුගේ සට කපට බව දැන සිටි තිරුවා අඹගමු නොගොස් ගෙදර සිටීම නිසයි. '' තිරුවා අඹගමු ගියා වගේ '' යන කියමන ජනවහරට එක් වුණේ මින් පසුවයි.

කොලෝලෝ වරෙව් ගොං ගහන්න :: :: seuslsla.blogspot.com

හැත්තෑ හතට පස්සෙ ගම රට හොඳටම වෙනස් වුණා. නිදහසේ වෙනස් වෙන්නට ඉඩ නොදී රටට සුනාමියක් වගේ වෙනසක් ගෙනැත් අතෑරියේ ඡේ.ආර්.. පුංචි සන්දියේ අපි කඩෙන් ගත්තෙ ලූණු , කරවල හා පරිප්පු වගේ දේවල් විතරයි. මිරිස් ගත්තෙම නෑ. කඩවල විකුණූ මිරිස්වලට කිව්වේ ' කඩේ මිරිස් ' කියලා. සමහර අය රට මිරිස් කියලත් කිව්වා. ගමේ අල වර්ග එමටයි. දෙහි අල , තුම්මස් අල , කිරි අල , රටල , සෙවෙල් අල මේවා අතර ප්‍රසිද්ධයි. අර්තාපල් කඩෙන් ගන්න නිසා කිව්වෙ ' කඩේ අල ' කියලා. අවුරුදු දවස්වලට තමයි ගෙවල්වලට කඩේ අල ගේන්නෙ. වගාවන් අතර ප්‍රධාන වුණේ කුඹුරු ගොවිතැන. ගමේ කොල්ලො කුරුට්ටෝ වඩාත් සතුටු වෙන්නෙ ගොයම් කපන කාලෙට. ඒ කාලෙට මීහරක් හරිම ඩිමාන්ඩ්. කල් වේලා ඇතුව පිංතුගෙන් නැත්නම් ජෝන්ගෙන් හරක් වෙන් කරගන්නවා. ගොයම් කැපිල්ල එකම මඟුලක්. ගොයම් කැපීම , උප්පිඩි එකතු කිරීම , කමතේ අළුවං වැඩීම , කොළ ඇදීම , කෙවිටි කැපීම , පැල් හැදීම මේ දාහක් වැඩ අතර ප්‍රධාන වෙනවා. කොළ පාගන්නෙ රෑට. පළවෙනියෙන් ඉවතදාන මැඩුවං (පිදුරු) වලින් අපි පැලක් හදලා වහගන්නවා. ගිනි මැලයක් පත්තු කර ගන්නවා. නැතුව ඉන්න බෑ සීතල. කොළේට හරක් ඔට්ටු කරන්නෙ වැඩිහිටියෙක්. උක...

ඇන්ජිමා:: seuslsla.blogspot.com

කුඩා කාලයේ සිට පොත් කියවීමේ පුරුද්දක් ලැබුවෙමි. මට නින්ද යන මොහොතේත් යළි අවදිවන මොහොතේත් මගේ පියා ශබ්දනගා පොත් කියවනුත් සිටි අයුරු දැනුත් මට සිහි වේ. කුමන විභාගයකට පාඩම් කරන්නේදැයි මව නිතර චෝදනා කළ ආකාරයත් මට මතකය. පියා වැඩියෙන්ම කියවූයේ කවි හා පාලි, සංස්කෘත පොත්ය. මේ ඔස්සේ යමින් කියවීම මගේ පුරුද්දක් බවට පත්විය. කුඩා කාලයේදීම කියවූ පොත් අතර බරීස් පලෙවොයිගේ "සැබෑ මිනිසකුගේ කතාව" මතකයේ අමරණීයව තිබේ. ඒ පොත මා ලබාගත්තේ කාගෙන්දැයි මට මතක නැත. වැඩිවියට පත්වූ පසුව ඒ පොත මගේ නෙත ගැටුණේද නැත. ඒ පොත මගේ දරුවන්ට කියවන්ට දෙන්ට ඇත්නම් හොඳ යයි මට සිතේ. දෙපා අහිමිවූ අයකු නැවතත් අහස්යාත්‍රා පැදවීමට මවන සිහිනයත් ඒ සිහිනය ඔහු සැබෑ කරගන්නා අපූරු කතාවත් මෙහි ඇතුළත්ය. එම කෘතිය කියවීමෙන් මම මහත් දිරියක් ලැබුවෙමි. අද රටේ අතක පයක අමාරුවක් ඇතිවූ අය එය වෙළෙඳාමක් කරගන්නා අයුරු දක්නට ලැබේ. බස් ගාණේ හිඟාකන බොහෝ අය මෙබඳු ඇත්තෝ වෙති. අතක් නැත්නම් ඉතිරි අතින් යමක් කරන්නට පුරුදුවීමේ දිරියක් අපට නැත. සමෘද්ධියක් හෝ පිංපඩියක් ලබාගෙන ජීවිතය ඇදගෙන යාමට එබඳු අය හුරුවෙති.