Skip to main content

Posts

Showing posts from October 16, 2011

ස්ත්‍රී පුරේ...The City of Ladies

ALL ANIMALS ARE EQUAL. BUT SOME ANIMALS ARE MORE EQUAL THAN OTHERS'' (සියලූ සතුන් සමානය. නමුත්, සමහර සතුන් අනිත් උන්ට වඩා වැඩියෙන් සමානය) මේ උධෘතය GEORGE ORWELL ගේ ANIMAL FARM කෘතියෙන් උපුටා ගත්තකි. ඉහත කියමන පරම සත්‍යයකි. අයිතිවාසිකම් ගැන කියන විට හැමෝම සමානය. එහෙත් තෝරු මෝරු බඳු බලවත් පුද්ගලයන් වැඩියෙන් සමානය. අධ්‍යාපනය ගත්තාම කොළඹ ඉස්කෝලයත් මොනරාගල හුලංදාව ඉස්කෝලයත් අතර සමානකම් මීට හොඳ නිදර්ශනයකි. ඉස්පිරිතාල ගත්තත් එහෙමයි. මේ සමානකම නිකං සංකල්පයක් විතරමයි. හරියට ඇමැතිතුමා ගේ පුතෙකුයි මේ ලියන මායි ගත්තම අහවල් සමාන කමක්ද?