භූමි කම්පා කියන වචනෙ ඇහුවත් බය හිතනෙවානේ. අපේ රටට ඒ අනතුර අඩු උණාට ජපානය වැනි රටකට නම් නිතරම භූමි කම්පා තර්ජනය තියෙනවා. ඒ වගේම තමයි ජපානයේ භූමි කම්පාවලට මුළු ලෝකයම හෙල්ලෙනවා කිව්වොත් නිවැරදි. අපිට ඉතින් අළුත් දෙයක් ලැබුණාම ඒක බෙදාගෙන රස විදින එක වටිනවානේ. මේ තියෙන්නෙ වසර 100ක් මුළුල්ලේ ලෝකය හොල්ලපු භූමි කම්පා කිහිපයයි. . April 18, 1906, සැන් ෆැරන්සිස්කෝ උදෑසන 5.12ට රික්ටර් මාපකයේ ඒකක 7.8ක් පමණ වුණ භූමිකම්පාවක් ඇති වුණ අතර එහි කම්පන බල පෑම නවෝඩා කාන්තාරය දක්වා දැනුන බව සදහන් වෙනවා. මෙම අනතුර නිසා සැන් ෆැරන්සිස්කෝ නගරයේ ගොඩනැගිලි වලින් 80%ක් පමණ විනාශ වූ බවත් සදහන්. නිවාස ලක්ෂ 3ක් පමණ විනාශ වී 3000ක් පමණ මියගිය බවත් සදහන් වෙනවා..
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය