Skip to main content

Posts

Showing posts from January 8, 2012

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රය.3. The Lanakawatara Sutra

අද ලංකාවතාර සුත්‍ර සටහන ලියන්න කලින් මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනා. නිකාය බේදයකින් තොරව බෞද්ධ දර්ශනය පිළිපදින්නෙක් විදියට, කලින් ලිපියකත් සදහන් කල සද්ධර්මපූණ්ඩරික සුත්‍රෙය් සිංහල පර්වර්තනය කියවන්න ලැබුණා. මෙම සද්ධර්මපූණ්ඩරික සුත්‍ර දේශනාව සිංහලයට නැගූ ශ්‍රේෂ්ඨාධිකරණ මහා විනිශ්කාරතුමෙක් වන පී.බී වරාවැව මැතිතුමාට හා මට සද්ධර්මපූණ්ඩරික සුත්‍රය ලබා දුන් මලීෂ සහෝදරයටත් පින්දෙමින් අපි සාකච්චාවට පිවිසෙමු. සද්ධර්මපූණ්ඩරික සුත්‍රය හා ලංකාවතාර සුත්‍ර දේශනාව අතර බොහෝ සමාන කම් තියෙනවා. කොහොම වුණත් මෙම සුත්‍ර දෙකම ථෙරවාදී බෞද්ධ සාහිත්‍යෙය් දක්නට නැහැ. සද්ධර්මපූණ්ඩරික සුත්‍රය යනු මොලොව පහල වු, පහල වන්නා වූ සියළු බුදුවරුන් වහන්සේලා විසින් උපාය කෞෂල්‍යෙයන් තොරවූ, තේරුම් ගැනීමට අපහසු වූ සම්මා සම්බුද්ධත්වය හෙවත් බුද්ධත්වය පිළිබදව, නිවරදි වූ නිර්වාණය පිළිබදව මහරහතුන් වහන්සේලා, බෝධිසත්වයන්, ඇතුළු ශ්‍රාවකයන් උදෙසා දේශනාකරන ලද, දේශනා කරන්නා වූ උතුම් වූ සුත්‍රධර්මයක්. මෙහිදී උපාය කෞෂල්‍ය ලෙස සදහන් කලේ මෙලොව පහල වූ සියළු බුදුන් වහන්සේලා තේරුම් ගැනීමට අපහසු, ඉතා ගැඹුරු බුදු දහම පෘථග්ජන සත්වයන් හට තේරුම්...