දරුණු විදියට යුද්ධය පැවැති කාලයේ මා නැවතී සිටියේ අම්පාර හාඩි ආයතනයේ අධ්‍යක්ෂ අමරදේව අප්පුහාමි මහතා සමඟ ඔහුගේ නිල නිවාසයේය. එහිදී දුරකථනයෙන් කිරිදිවැල සෝමරතන හිමියන් හඳුනා ගන්නට ලැබුණි. ඉන් කල්යාණ මිත්‍ර හිමි නමකගේ ඇසුර ලැදිමි. යාන වාහන පහසුකම් නැතිව අතර මං වූ වෙලාවක විද්‍යානන්ද පිරිවෙනට යන මම පාංශුකූල රෙද්දක් ඇඳගෙන රාත්‍රිය එහි ගතකොට ඇත්තෙමි. දිගාමඩුල්ලේ මෙම පිරිවෙන ආරම්භ කළෝ හෑගොඩ ඉන්දසාර හිමියෝය.
1932 ජනවාරි 08 වන දින උපන් වීරසේන කුමාරගේ පියා තෙලිකඩ පල්ලියගුරුගේ කරෝලිස් අල්විස්ය. ගාලූ දිස්ත්‍රික්කයේ වැල්බඩ පත්තුවේ බූස්ස ආසනයේ හෑගොඩ නම් ගමේදී උපන් කුමරුවා 1944.04.07 දින හෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාමයේදී හෑගොඩ ඉන්දසාර නමින් පැවිදි වූහ. 1953.06.10 දින මහනුවර මල්වතු විහාරයේදී උපසම්පදාව ලබා 1956 දී අම්පාරට වැඩියහ. උන්වහන්සේ මේ සුනාපරන්තයට වඩින විට ඕවාගිරිය, දීගවාපිය, උදයගිරිය වැනි රජමහ විහාර හැරුණු විට අනෙක් සිද්ධස්ථාන නටබුන්ව තිබුණි. එකල මෙහි වාසය කළේ භික්ෂුන් සිව් නමක් පමණි. අද සමනබැද්ද ධම්මරතන පිරිවෙන හෙවත් වනවාස විහාරය උන්වහන්සේ මුලින්ම වැඩ වාසය කළ ස්ථානයයි.