25.8.11

අපි නොදන්නා අපේ ගුවන්යානා තාක්ෂණය. :: Sri Lankan aincent aircratfts technology:: seuslsla.blogspot.com


·        හෙල ගුවන්යානා නැතහොත් විමාන වල භාවිතා කර ඇත්තේ ප්‍රති-ගුරුත්වාකර්ෂණ බලයයි.(Anti- gravity) වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථය සංස්කෘතික භාෂාවෙන් ඉන්දියානුවෙක් රචනා කරන ලද්දක් වුවද ඉන්දියානු රජය එම තාක්ෂණය තම රට සතු වූවක් බව ප්‍රකාශ කරන්නේ නැත. මෙයට හේතුව වන්නේ මෙම ගුවන් යානා තාක්ෂණය ලංකාව කේන්ද්‍ර කරගත්තා වූ හෙළයන්ට අයිති වූ වක් බවට සාක්ෂි බොහෝ බැවිනි....

 අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ ගොඩක් සංධිස්ථාන පහුකරමින් අවානේ. අවසානවතාවට අපි කතා කලේ හෙළයුගයේ දේව වංශයේ පාලනය හා එය බිදවැටීම ගැනයි.
අපේ සබෑ ඉතිහාසය තාකෂණයෙන් දැනුමෙන් පොහොසත් එකක්. එය නවීන ලෝකයේ තියෙන තාක්ෂණයටත් වඩා දියුණුව තිබූ එකක් බවට සාක්ෂි ඕනෑ තරම්. ඒනිසාම අපි තීරණය කලා අපි නොදන්නා නමුත් අපට උරුමව තිබූ ඒ හෙළ යුගයේ තාක්ෂණය ගැන කතා කරන්න. මේ සදහා මුලාශ්‍ර ලෙස අපි මහා සෘෂි භරද්වාජ විසින් රචනා කල ජේ. ආර්. ජෝෂියර් විසින් ඉංග්‍රිසයට පර්වර්තනය කරන ලද
විමානික ශාස්ත්‍ර හා අපේ සැබෑ ඉතිහාසය ගවේෂණයට වෙහෙස ගන්නා ආචාර්ය සූරිය ගුණසේකරයන්ගේ ග්‍රන්ථයන් පාදක කරගත් බවත් සදහන් කරන්නම ඕනේ.

ඇයි මිනිස්සු ගුවන්යානා භාවිතයට පෙලඹුනේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි තමන්ට යන්න ඕනේ තැනට ඉක්මනින් ලගා වෙන්න. මේ හින්දාම තමයි රයිට් සහෝදරයෝ ගුවන්යානාවක් හදන්න පෙලඹුනේ. නමුත් රයිට් සහෝදරයෝ කියන්නේ ලෝකයේ පළමුවෙන්ම ගුවන් යානා හදපු අය නම් නෙවෙයි. ලෝකයේ පළමුවෙන්ම ගුවන් යානා හදපු මිනිස්සු හිටියේ අපේ රටේ. අහලා ඇතිනේ දඩු මොණරය ගැන. දඩුමොණරය කියන්නේ රාම රාවණ වෘතාන්තයේ අපිට අහන්න ලැබෙන කතා පුවතක්. අපේ රටේ පුරාවිද්‍යාඥයින්, ඉතිහාස ගවේෂකයන් මේ පිළිබදව සෙව්වේ නැති වුණාට බටහිර ජාතීන් නම් මේ ගැන සොයලා බලලා ඒ ගැන අධ්‍යනය කරලා තියෙනවා. ඒ අනුව තමයි ඔවුන් 1998 දී ඓතිහාසික ගුවන් යානා භාවිතා කලායි සැලකෙන Mercury vortex හෙවත් රසදිය ඉන්ධන ලෙස යොදවා පියසර කරන්නා වු ගුවන්යානයක්  එක්සත්ජන පදයේ නොවොඩා කාන්තාරයේ 51 වන කලාපයේදී අත්හදා බලලා තියෙන්නේ. ඒ අනුව අපිට කියන්න නිගමනය කරන්න පුළුවන් දේ තමයි දඩුමොණරය කියන්නේ මිත්‍යාවක් නෙවෙයි. දඩුමොණරය කියන්නේ ඓතිහාසික ගුවන් යානයක්.

මෙම ඓතිහාසික කරුණු හෙලිවීමත් සමගම මතු වූ ගැටළුවක් තමයි කොහෙද මේ ගුවන් යානා තාක්ෂණය පැවතුනේ කියන එක. මෙයට අදාල සංස්කෘත පොත්පත් බොහෝමයක් ඉන්දියාවෙ තිබුණ නිසා අදටත් සමහර බටහිර ජාතින් විශ්වාස කරනවා මෙය ඉන්දියානු තාක්ෂණයක් තමයි. නමුත් එය එසේ නොවේ යැයි කීමට සාක්ෂි තිබෙනවා. රාමයණය මිත්‍යාවක් නොවන බව දණ්ඩකාරන්‍යෙය් අගනුවර වන ජනස්ථාන් නගරය මුහුද යට තිබී සොයාගැණීම නිසා තහවුරු වෙනවා. එම කතාවේ හැටියට රාවණ රජු විසින් සීතාව දඩුමොණරයේන් ගොස් රැගෙන ආවත් සීතාව බේරගන්න රාම පැමිණියේ දඩුමොණරයකින් හේ වෙනයම් ගුවන් යානයකින් නෙවෙයි. රාම පැමිණියේ පාගමනින්. ඉන්දියාව සතුව ගුවන් යානා තාක්ෂණය තිබුණා නම් රාමද පැමිණිය යුත්තේ ගුවනින්.

තව දෙයක් තමයි බැබ්ලෝනියානුවන්ට ඔවුන්ගේ ශිෂ්ඨාචාරය සෑදීමට අවශ්‍ය දැනුම ලබා දුන්නේ ගුවනින් පැමිණි සිංහ මිනිසුන් විසින් යැයි සදහන් වී තිබීම. නමුත් ඉන්දියාවුවේ සිංහ මිනිසුන් හෝ සිංහල, හෙළ මිනිසුන් සිටියේ නැහැ.
අපි කලින් ලිපියක සදහන් කල බලංගොඩ බොල්තුඹේ දේවාලයේ රහසිගත කාමරයක තිබු සමන් දෙවියන් සතුවූ යානය යැයි සැලකෙන අභිරහස් යානයක් පැවතීමත්, එවැනි යානා කිසිවක් ඉන්දියාවේ කුමන ප්‍රෙද්ශයකින්වත් හමු නොවීමත් නිසා මෙම ඓතිහාසික ගුවන් යානා තාක්ෂණය අතීතයේ ලංකාව කේන්ද්‍ර කොටගෙන තිබුණා වූ හෙළ අසුර අධිරාජ්‍යට අයත් තාක්ෂණයක් බව නිගමනය කරන්න පුළුවන්.

මෙම සාක්ෂි වලට අමතරව
  • ·        අදටත් අපේ ව්‍යවහරයේ තියෙන ගමන් බිමන් යන්න ගත්තොත් ගමන් කියන්නේ අපි පාගමනින් යන ඒවාට වුනාට බිමන් කියන්නෙ මොනාද? බිමන් යන්නෙ තෙරුමට පැහැදිලි අදහසක් ගන්න පුළුවන් බංගාලාදේශයේ ජාතික ගුවන් සේවය වන බිමාන් ගුවන් සේවයෙන්. බිමන් යන්නේ තේරුම ගුවනින් යන ගමන් යන්නයි.
  • ·        අතීත ලෝකයේ අහස් යනා වර්ග 3ක් වූ බව ඇමරිකානු විද්වතුන්ගේ මතයයි. එනම් ඇස්ට්‍රා, විමාන හා වෛලික්සි යන්නයි. මෙය ඇමරිකානුවන් විසින් හෙළ බස වොදැනීම නිසා සිදු වී ඇති වරදකි. අතීත ගුවන් යානා සියල්ලටම වු පොදු නාමය විමාන යන්නයි. මෙය සංස්කෘත භාෂාවට යද්දී වෛමානද, ප්ලොටේගේ අත්ලාන්තීස් පුරවරයයේදී ග්‍රික බසට පර්වර්තනය වීමේදී වෛලික්ස් ලෙස ග්‍රීක ආරට පත් වීම නිසා සිදූ වුවකි. ඇස්ට්‍රා යන්න හෙල බසින් ආස්තර වු අතර ආසත්ර යන්න විමාන හැදින්වීමටම යොදාගත් පදයකි.
  • ·         අතීත ගුවන්යානා තාක්ෂණය ගැන සදහන් ව ඇති එකම ග්‍රන්ථය ලෙසට අදටත් පවතින්නේ මහා ඍෂි භරද්වාජගේ වෛමානික ශාස්ත්‍ර යන ග්‍රන්ථයයි. මෙය සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති අතර එකසත් ජනපදය අත්හදා බලන ලද රසදිය දහන එංජම සහිත ගුවන්යානය සෑදීමට මුලාශ්‍රය කරගෙන ඇත්තේ මෙම ග්‍රන්ථයයි.  
  • Bharadwaaja thus defines the word Vimaana:
            Vega-Saamyaat Vimaano Andajaanaam. Sootra 1.
 "Owing to similarity of speed with birds, it is named Vimaana." 

එම ග්‍රන්ථයට අනුව විමාන යන්නෙ තේරුම පක්ෂායාගේ වේගයට සමාන කර ඇතත් එය පිළිගත නොහැක. විමාන යන්නේහි තේරුම නාවැතනයි. ගුවනේ තැබුවා වූ නවාතැනයි. මෙය ඍෂි භරද්වාජ් විසින් ඉන්දියානු නොවන තාක්ෂණ ක්‍රමයක් සංස්කෘත භාෂාවෙන් ලිවීමේදී කර ඇති වැරද්දකි. විමානයේන් බසින් මැන වී ස්වර්ණාමාලි කුමාරියේ යන ගීත අතීත ජනකතා ඇසුරින් නිර්මාණය වුවද මෙයින්ද පැහැදිලි වන්නේ විමාන යන්නේ අර්ථයයි.
  • ·        හෙල ගුවන්යානා නැතහොත් විමාන වල භාවිතා කර ඇත්තේ ප්‍රති-ගුරුත්වාකර්ෂණ බලයයි. වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථය සංස්කෘතික භාෂාවෙන් ඉන්දියානුවෙක් රචනා කරන ලද්දක් වුවද ඉන්දියානු රජය එම තාක්ෂණය තම රට සතු වූවක් බව ප්‍රකාශ කරන්නේ නැත. මෙයට හේතුව වන්නේ මෙම ගුවන් යානා තාක්ෂණය ලංකාව කේන්ද්‍ර කරගත්තා වූ හෙළයන්ට අයිති වූ වක් බවට සාක්ෂි බොහෝ බැවිනි.
  • ·        වාරියපොළ ලෙස හැදින්වෙන ගම් දෙකක් ශ්‍රිලංකාවේ ඇත. එකක් කුරුණැගල ආසන්නයේද අනික මාතලේ ආසන්නයේද ඇත. මෙම ස්ථාන අතිත ගුවන් තොට 2ක් විය හැක.සමන්දෙවියන්ගේ යානයේ නියමුවා වු මාතලේ දේවයා හෙවත් මාතලී තම යානය ගොඩබැස්වූයේ මෙම මාතලේ අසල වාරියපොළ විය හැක. මීට අමමතරව තොටුපළ කන්ද, ආදියද බදුල්ල, කළුතර රත්නපුර යන දිස්ත්‍රකයන්හීද නොයෙකුත් ස්ථාන වල ගුවන්යානා ගොඩබැස්වූ බවට ජනප්‍රවාද ඇත.
  • ·        කොකෙස් කදුකර හා ඇන්ඩීස් යන කදු මුදුන් වලට පාගමනින් ලේසියෙන ලගා විය නොහැක. හිරණ්‍ය කාශ්‍යප, වීරචෝන යන රජවරුන් එම කදුමුදුන් දක්වා ජනාවාස කරණය කරනලද්දෙ ගුවන්යානා වලින් ගොස් විය යුතුය. තවද හීමාලයේ කාශ්මීර , කෛලාශකූඨය යන කදුන්වලටද ගමන් කර ක්‍රමය මෙම ගුවන් යනා මගින් විය යුතුය
  • ·        අතීතයේ අභ්‍යාවකාශ යනා පිටත්ව ගිය හා ගොඩබැස්වූ ස්ථානයක් ලෙසට හැදින්වෙ දකුණු ඇමැරිකාවේ නැස්කා ලයින්ස් පිහිටියේ පාතල රාජධානිය තුලය. මෙම පාතාල රජධානිය හෙළ රජ කෙනෙක් වූ වීරචෝන කුමරුන් විසින් කරවන ලද්දකි. මේ අනුව ගුවන් යනා පමණක් නො අභ්‍යවකාශ යනා හා සම්බන්ධවද හෙළයන් තුල තාක්ෂණයක් තිබූ බව පැහැදිලි වේ.
  • ·        හෙළයන්ට සම්බන්ධ ස්ථාන වල ගුවන් යානා ආකෘති දක්නට ඇත. ඊජිප්තුවේ පිරමීඩ සැදීම හා සම්බන්ධව හෙළයන්ගේ සම්බන්ධයක් ඇති බව පිළිගැනේ. ගුවන් යනා වර්ග 4ක බිත්තියෙ මැටියෙන් කරන ලද ඇඹිමක් ඊජිප්තු දේවාලයක ඇත. එමෙන්ම දකුණු ඇමැරිකාවේ පැරණි පාතාල රාජධානියෙන් එකතුකරගත්තා වූ ගුවන් යානා ආකෘතින් කොලොම්බියාවේ බොගෝටා කෘතුකාගරයේ දක්නට තිබිමත් අතීතයේ ගුවන් යනා තාක්ෂණය අප උරුමයක් වූ බවට ඇති සාක්ෂියි.

අපි අපේ ගුවන් යානාතාක්ෂණය ගැන සොයා යාමේ පළමුවන ලිපියෙන් අපි අදහස්කලේ එම තාක්ෂණයේ සබෑ අයිතිකරුවන් අපේ මුතුන්මිත්තන් බව පෙන්වා දීමයි. අපි මිල ලිපි වලින් කොහොමද විමාවනයක් හදන්නේ, මොනාද තියෙන විමාන වර්ග යන්න විමසා බලමු.
එකෙත් ආයුබෝවන්



20 ප්‍රතිචාර:

Dilanka Madhawa said...

වටින,ඒ වගේම ගොඩක් අයගේ ඇස් නොගිය පැත්තක් සහෝ.වටින තොරතුරු ගොඩක් තිබ්බ.ස්තුතියි මේ වගේ ලිපි පලකරන්නට ගත්තට.
වර්ඩ් වරිෆිකේශන් අස් කරන්න.

ඉන්දික said...

හොඳ තොරතුරු සමූහයක් සහෝ...

සාතන් said...

නියමයි යාලු... ඔක්කොම පෝස්ට් ටික කියවන්න වෙනව...
කලින් පාරක් ඇවිත් ෆලෝ කරන්න දාල ගියාට කියවන්න වෙලාවක් වුනේ නෑ...

Unknown said...

මීට කාලෙකට කලිනුත් විමාන ගැන ලිපි මාලාවක් පල වුණා. මෙන්න ඒ ලිපි මාලාවේ අන්තිම ලිපිය.
http://sellipiya.blogspot.com/2009/10/9.html

ඒ ලිපිත් බලන්න

Grey said...

මචන්,
තරහ වෙන්න එපා. නමුත් අපි ඔය අරක තියෙනවා මේක තියෙනවා අරක කරා මේක කරා කියනවා.
මර්කරි වොටෙක්ස් ඇන්ගින් අපිට තිබ්බලු. අපි තමා ලෝකෙට ඔය ඔක්කොම දුන්නේ. වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්.
නමුත් මචන් අපි ඇතිතේ කබල්ගාගෙන එකේම ජිවත් වෙන එක නේද මේ කරන්නේ.. ඒ කාලේ ඉවරයි කියන ෆැක්ට් එක පිළිගන්න ඕනේ නේද?
වොර්ටෙක්ස් එන්ජිමක් වැඩ කරන්නේ කොහොමැයි කියල සරලව කියන්නවත් දන්නේ කීයෙන් කීයද?
සුරිය ගුනසේකරව මං පුද්ගලිකව අදුනනව.. ඔය පොත් ටිකත් කියවල තියෙනවා. නමුත් ඒවා නිකන් පොදු මහජනයව චුන් කරන්න ලියපු පොත් මිසක් එයිට එහා ගිය පිළිගන්න පුළුවන් කරුණු තියෙන ඒවා විදිහට මට පෙනිලා නම් නේ. මම වැරදි වෙන්න පුළුවන්, එහෙමනම් නිවැරදි කරන්න.

Dasun said...

@ Grey
ඒක සහෝදරයාගේ මතය වෙන්න පුළුවන්. නමුත් අපි මෙම ලිපි ලියන්නේවත්, ආචාර්්‍ය සූරිය ගුණසේකරයන් පොත් ලියලා තිබ්බෙවත් මහජනයා චූන් කරන්න නෙවෙයි.අපි අපේ ඉතිහාසය ගැන සොයා නොබැලුවාට මේවා සොයාගෙන ඒවාගෙන් ප්‍රයෝජන ගත්ත, ගන්න අය ඉන්නවා. උදාහරණයක් තමයි දෙමළ බෙදුම්වාදය ඇතී වූ අවස්ථාවේ මේක දෙමළ මිනිස්සුන්ගේ වසර 3000කටත් වඩා පැරණි නිජබිමක් කියලා ඔප්පු කරන්න රාවණ සොහොන, විජයට පෙර ලංකා ඉතිහාසය උපයෝගි කරගත්ත එක.
සමහර විට සහෝදරයා ඒක දන්නෙ නැති වෙන්න පුළුවන්.
සහෝදරයාගේ මතය අනුව නම් පුරාවිද්‍යාව, ඉතිහාසය කියන ඒවා වැඩක් නැති වෙන්න පුළුවන්.
අපි මේ ලිපි පෙලින් උත්සහ කරන්නේ වසර 2500කට එහා ගිය ඉතිහාසයක් උරුමයක් අපට තිබුණා කියන එක සමාජයට ගෙනියන්න මිසක් මහජනයා චූන් කරන්න නෙවෙයි.
මකරි වොටෙක්ස් එංජිම ගැන අපි නොදන්නවා වුණාට ඇමරිකාණු හමුදාව ඒරියා 51 වල ඉදන් ඒගැන පරීක්ෂණ කරලා ඒවා අත්හදා බලලා තියෙනවා. මම ඉංජිනේරුවෙක් නෙවෙයි නමුත් මේ ගැන උනන්දු ඉංජිනේරුවෙක්ට පුළුවන් ඒ ගැන හදරාලා මේ තාක්ෂණයෙන් ගුවන් යානා හදන්න.
ඒ කරුණු ගොඩාක් මේවන විට සනාථ වෙලා තියෙනවා සහෝදරයා. අතීතය ඉවර වෙන්න පුළුවන්. නමුත් අතීතයක් නැකි පුද්ගලයාට අනාගතයක් නෑ කියලාත් මම අහලා තියෙනවා. කොහෝම වුණත් සහෝදරයාගේ අදහසට මම ස්තූති වන්ත වෙනවා. දිගටම රැදි ඉන්න. හෙළයුගයට අනික් මිනිස්සු අපහාස කරන්න ගරහන්න පුළුවන්. නමුත් හෙළයෝ එහෙම කරන්න හොදනෑ කියලා මම හිතනවා

Sula (සුලා) said...

ela mamath asa feild ekak

වෙනින් රාමුවේ එකෙක් said...

@Grey
සහතික ඇත්ත මචන්
දැන් මේ කබල්ගාගන්න එක ස්ටයිල් එකක් වෙලා
අලුතෙන් බැහැල ඉන්න 'සිංහල බෞද්ධයො' ටික චූන් කරන්න නම් මේවා හොඳා..

@Dazu
මචන් දෙමල සෙට් එකක් හිටිය කියල ඔප්පු කරන එකයි ප්ලේන් හැදුව කියන එකයි අතර වෙනස උඹට තේරුම් ගන්න බැරිනම් ඉතින් ගලේ ගහන්න ඕනි.
මචන් 'සාක්ෂි බොහෝ බැවිනි.' කිව්වට වැඩක් නෑ.මොනවඩහ් කියහන්කො ඔය සාක්ශි.හැම දෙයක් ම අල්ලගෙන අපේ අපේ ගෑවට වැඩක් නෑ බන්.

වැඩේ කියන්නෙ උඹලත් එක්ක මේව කියල වැඩක් නෑ.මොකද මේ අලුතෙන් ආපු 'සින්හල බෞද්ධ' කන්නාඩිය දාගෙන එකෙන් තමා උබල හැම රෙද්දක්ම බලන්නෙ දැන්.
ඒ නිසා ඉතින් ඕනි රෙද්දක් කරල කාලෙ කාගනිල්ලා
[ඔය එකෙක් නිව්ටන්ගෙ නියම වැරදියි කියල ජීවිත කාලයක්ම කාලකන්නි උනා මතකයි]
ඔව්ව ඉතින් අපෙ මොට්ටයො ටික රවට්ටල උන්වත් චූන් කරල උබලටත් චූන් වෙන්න නම් හොඳා
එතනින් එහාට දෙයක් නෑ

ඉෂාර ගුණවර්ධන said...

ඇත්තටම හොඳ ලිපි පෙළක් වෙන්න පුළුවන්. විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්. අනික විවේචන එන තරමට සාර්තක අවසානයක් ලබා ගන්න පුළුවන්. කොහොම උනත් හොඳට අධ්‍යයනය කරලා ලියන්න. තවත් දෙයක් මට අවශ්‍යයි ඔයා‍‍‍ට ‍පෞද්ගලිකව කථා කරන්න. පුළුවන් නම් aato@caa.lk ඇඩ්‍රස් එකට ඔයාගෙ mail එක එවන්න. ස්තුතියි

Grey said...

මගේ ඉතිහාස දැනුම හොද නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙලට පස්සේ ඉතින් ඉතිහාසය විදිමත්ව ඉගෙන ගෙන නම් නෑ. ඔය හිටිගමන් හම්බුවෙලා කියවල තියෙන පොත් ඇරෙන්න.
ඉතිහාසය වැදගත් නෑ කියන්නේ නෑ. එක ඉතාම වැදගත් හරියට හිග්ස් බෝසෝන් පර්ටිකල් එක හොයනවා වගේම. නොදන්නා දේවල් දැනගන්න ලැබෙනවා. ඒ වගේම රස්සාවල් ඇති වෙනවා. මමත් කාලයක් ඔය දේවල් කර උඩ තියාගෙන හිටියා ලංකාවේ අපි තමා සිරාම අපේ තක්ශනේ තමා ලෝකෙම තියෙන්නේ වගේ කතා එක්ක. නමුත් කාලෙත් එක්ක රටේ ලෝකේ ඇවිදලා කරුණු කාරණා ඉගෙන ගෙන දැකබල ගත්හ්ටම තමා තේරුනේ අපි ඉන්නේ බබල් එකක කියල. ඔය කතාවම කියන ලෝකේ තව රටවල් තියෙනවා. අනික කවුරු මොනවා කරත් මොකෝ බන්. ඔය පොත් ඔච්චර එළියේ තියෙන එකේ ඕනේ කමක් තියෙන එකෙක් ඉන්නවනම් හැදයිනේ වොර්ටෙක්ස් එන්ජින් එකක්.
තරහට නෙවෙයි මචන් කියන්නේ, ලෝකේ ඔය ලොකු ඉතිහාසයක් තියෙන රටවල් ඔක්කොම වගේ කරන්නේ වංසේ කබල්ගැන එක. ලංකාවත් එකයි, ඉජිප්තුවත් එකයි, ඉන්දියාවත් එකයි, බබිලොනියාවත් එකයි. රටවල් අන්තිම චර්ටර්. නමුත් වංසේ කබල්ගානවා. අතීතේ ජිවත් වෙන එක නවත්වල අපි අපේ වර්තමාන තත්වේ පිලිගන්නකන් අපිට දියුණු වෙන්න බෑ.

Dasun said...

@ වෙනින් රාමුවේ එකෙක්.
අපිට අළුතින් ආව සිංහල බෞද්ධ කමක්වත්, කාවවත් චූන් කරන්න වත් කිසිම අවශ්‍යතාවයක් නැ සහෝදරයා. දෙමල සිද්දිය ගැන කිව්වේ අද ලිපියට විතරක් නෙවෙයි. අපේ ලිපි පෙලටම.
තියෙන සාක්ෂි ලිපි පෙළ පුරාවටම අපි ඉදිරිපත් කලා. අපිට නිව්ටන්ගෙවත්, අයින්සටයින්ගේ නියම ගැන කතා කරන්න නම් ඕනේ නැහැ. ඒ වුනාට විජය ලංකාවේ පලමු රජතුමා කියලා පටන් ගන්න මත නම් වෙනස් කරන්න ඕනේ.
බොහෝම ස්තූතියි අපේ කාලය ගැන දුක් වුනාට. ඒ වගේම මේ ලිපිය කියවලා ගියාටත්. ගැටළුවක්, කුහුලක් මතු වුණාම සියල්ල වැරදියි වැඩක් නෑ කියලා හිතන්නෙ නැතිව හොයලා බැලුවානම් හොදයි.
කොහොම වුනත් මේ ලිපි පෙල හින්දා තමයි මගේ බ්ලොග් එකේ පාඨකයන් වැඩි වුනේ. ඒ වුණාට සහෝදරයා මම හොදටම දන්නා ඒවා කියවන්නේ, අදහස් පල කරන්නේ චූන් වෙන්න නෙවෙයි කියලා. සහෝදරයා ටිකක් චූන් උනාට

Dasun said...

@ Dilanka Madhawa
Word verification has removed

vimasuma said...

හොද ලිපියක් මචං. ඔය එක්කෙනෙක් දෙන්නෙක් මොනවා හරි ලිවුවා කියලා වැඩේ නම් අත අරින්න එපා. අනවශය වාද වල පැටලෙන්නත් එපා. කැමති අයට කියවන්න අකමැති අයට වෙන සයිට් එකක් බලලා චූන් වෙන්න කියලා පාඩුවේ ඉන්න. ඉතිරැ ලිපි දෙක තුන ලියලා දාන්න.මේ වගේ මහන්සි වෙලා බ්ලොග් ලියන අය දැක්කාම කවදාවත් කමෙන්ට් දාන්නැති අපිටත් මොනවා හරි කොටලා යන්න හිතෙනවා. ඔබට ජය.

සාතන් said...

දිගටම ලියපන් මචන්... කවුරුහරි කෙනෙක් දාන බාල්දි ගැන ගනන් ගන්න එපා... යම් යම් දේ ගැන තියෙන මතයන් ගැන දැනගන්න මේක ලොකු උදව්වක්...

Ruwan sampath Wickramathilaka said...

oyala mee dala teyana ekama mama dakka mama kewewa... me wageema lipi palakinn ... "http://sellipiya.blogspot.com/2009/10/9.html" menna mee blog ekenn....
khoma unatt katteya mona kewatt degatama liyanna apee atta sinhala itihasaya makala danna bee kataatt eka dawasaka eliyata enawa enawamaii eka enna wadi atakk neee.......
meke dala teyana samahara comment dakkama mata hetanawa lannkawe inna godakk danakuta jatiya rata gana kesima kakkumakk nee keyala .....
e wageema deyakk keyanna kamatii degatama mee wagee dewalkll leyanna ona Sinhala jatiya nagittawanna eee nagitta dawasata wenne mee wagee wada walata nega dena unnta panala duwanna.................
oyala kaeana wadeeta mama magee hadapiri stuteya piri namana gamann tawa cheratt kalayakk mee wediye lipi leyanna ubata sakthiya dhairya labeee waaaaaaaaaaaa.............. keyala prartana karana wa.........
SHRI LANKA MATAWATA jaya wewaaaaaaaaa.
Sinhala jatiyata jayawewa............
matrubumiyata jaya wewaaaaaaaaaa...................
teruwann taranai............... dewe phitaiii.................!

Yalu said...

ඇත්තටම මෙතන තියනෙ වංශෙ කබල්ගෑමවත්, අපිට නැතිවුන දෙයක් ගැනවත් දුක්වෙන එක නෙමේ. අ‍පේ ශිෂ්ඨාචාරය හරිවිදියට තේරුම්ගැනීමයි. මේ වගේ ලිපි වලින් අපේ තුන්වෙනි පරම්පරාව ‍මේදේවල් ගැන මේවිදියට උනන්දු වෙන එක ගැන, මේ දේවල් ගැන තියන කුතුහලය ගැන ඇත්තටම අගය කරන්න ඕන. මේ අපේ ඇත්තම අතීතය හොයාගෙන යන නැතිනම් ඇත්තම අතීතය පාදගන්න ගමනක පළමු අදියර වෙන්න පුලුවන්. ඇත්ත, දෝෂ තියනවා, ඒත් ඒ දොෂ මොනවද කියලවත් මිනිස්සුන්ට දැනගන්න ලැබෙන එක මොන තරම් දෙයක්ද. මේ නිසා කවද හරි දවසක කවුරුහරි කෙනෙක් එම දෝෂ නිවැරදි කරයි කියල නොකිය ඉන්න පුලුවන් කාටද? හැම දිග ගමනකම ආරම්භය පුංචි අඩියක් විතරයි කියල අමතක කරන්න එපා....

දිගටම ලියන්න. අපිට බැරිවුන දේ අපේ අනාගත පරම්පරාව හරි කරයි යාලු....

-Cherri- said...

When a person try to make something different some others say "no its wrong ,its a useless work,time wasting"but the true is do the work that u feel to ur heart

Anonymous said...

Very good article with good research. Keep it up bro..

chathuranga kasthuriarachchi said...

සුද්දගෙ tie ගෑටේට හිර වෙලා ඉන්න සින්ග්හලයො තමඉ දෑන් ගොඩක්ම ඉන්නෙ, ඒ යක්කුන්ට මෙව ඈහෙද්දි ඈගෙ මාලු නටනව ඈති..api ithihasaya igenaganna one ai? ekata uththara godak thiyanawa, 1k thamai atheethaya thulin warthamanaya therum gena anagathaya goda naga ganeemata kiyana 1, atheethaya thulin warthamanaya therum ganna api ape hari ithihasaya igenaganna onene..itin kohomada api anagathya goda naganne??? api mea igena ganne eka eka kalakanni mekai ubalage ithihasa kiyala kiyapu mahama maha boruwak.... danwath meka mea minissu theruma aragena, mea para suddange pita kaha kaha inne nathuwa ape aththa ithihasaya hoyagena yanna kiyala mama karunawen illanawa...

chathuranga kasthuriarachchi said...

oyala me karana wade godak hoda deyak...jaya wewa