Skip to main content

උන්වහන්සේලා අපවත් කළහ::seuslsla.blogspot.com


දරුණු විදියට යුද්ධය පැවැති කාලයේ මා නැවතී සිටියේ අම්පාර හාඩි ආයතනයේ අධ්‍යක්ෂ අමරදේව අප්පුහාමි මහතා සමඟ ඔහුගේ නිල නිවාසයේය. එහිදී දුරකථනයෙන් කිරිදිවැල සෝමරතන හිමියන් හඳුනා ගන්නට ලැබුණි. ඉන් කල්යාණ මිත්‍ර හිමි නමකගේ ඇසුර ලැදිමි. යාන වාහන පහසුකම් නැතිව අතර මං වූ වෙලාවක විද්‍යානන්ද පිරිවෙනට යන මම පාංශුකූල රෙද්දක් ඇඳගෙන රාත්‍රිය එහි ගතකොට ඇත්තෙමි. දිගාමඩුල්ලේ මෙම පිරිවෙන ආරම්භ කළෝ හෑගොඩ ඉන්දසාර හිමියෝය.

1932 ජනවාරි 08 වන දින උපන් වීරසේන කුමාරගේ පියා තෙලිකඩ පල්ලියගුරුගේ කරෝලිස් අල්විස්ය. ගාලූ දිස්ත්‍රික්කයේ වැල්බඩ පත්තුවේ බූස්ස ආසනයේ හෑගොඩ නම් ගමේදී උපන් කුමරුවා 1944.04.07 දින හෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාමයේදී හෑගොඩ ඉන්දසාර නමින් පැවිදි වූහ. 1953.06.10 දින මහනුවර මල්වතු විහාරයේදී උපසම්පදාව ලබා 1956 දී අම්පාරට වැඩියහ. උන්වහන්සේ මේ සුනාපරන්තයට වඩින විට ඕවාගිරිය, දීගවාපිය, උදයගිරිය වැනි රජමහ විහාර හැරුණු විට අනෙක් සිද්ධස්ථාන නටබුන්ව තිබුණි. එකල මෙහි වාසය කළේ භික්ෂුන් සිව් නමක් පමණි. අද සමනබැද්ද ධම්මරතන පිරිවෙන හෙවත් වනවාස විහාරය උන්වහන්සේ මුලින්ම වැඩ වාසය කළ ස්ථානයයි. 
එකල ගල්කෝරිය ලෙන ලෙස හැදින්වූ උහන පිහිටි මෙම විහාරය හැර අම්පාර රෝහල පාරේ ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන පිහිටා ඇති ස්ථානයක 1963 වසරේ වැඩම කළහ. එතැන 1966 දී විද්‍යානන්ද පිරිවෙන ආරම්භ කළහ. උන්වහන්සේ විසින් ආරම්භ කළ විහාර 40ක භික්ෂූන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පිරිවෙන විවෘත කරන ලදී. එසේම 300කට වැඩි පිරිසක් පැවිදි කිරීමට කටයුතු කළහ.

1956 ජූනි 02 දා ජාතිවාදී කලබලය නිසා අසරණ වූ අයගේ දුක සැප සොයා බැලීම පිණිස උන් වහන්සේ මඩකලපුවට වැඩම කළහ. යන ගමනේදීත් ආපසු එන ගමනේදීත්, අම්පාරේ නතර වූහ. දිගාමඩුල්ල වන සතුන්ගෙන් පිරි වල් බිහිවූ ප්‍රදේශයක් බවට පත්ව තිඛෙනු දුටු හාමුදුරුවෝ කම්පා වූහ. සුවපහසු ජීවිතය හැරදමා දිගාමඩුල්ලට වැඩම කිරීමට උන් වහන්සේ තීන්දු කළහ. උන්වහන්සේ අම්පාරට ගෙන ආවේ තොටගමුවේ කීර්තිමත් සංඝ පරම්පාරවය. තොටගමුවේ රාහුල හිමියෝ මෙම පරපුරට අයත්හ. පින්ඩපාතයේද ධර්ම චාරිකාවේද යෙදෙමින් විහාරාරාම ආරම්භ කරමින් වාසය කරන කාලයේ දිනක් අරන්තලා වාසීහු කෲරලෙස ඝාතනය කරන ලදහ. මතක වස්ත්‍ර පූජා කොට උන් වහන්සේගේ වියදමින් මහා දානයක් පිළිගැන්වීමටත් අවසාන කටයුතු කිරීමටත් කැපවී ක්‍රියාකළ හාමුදුරුවෝ සිය ලයට ගසා ගනිමින් අපරාධය ගැන කතා කළහ.

අම්පාර නුවර පාරේ මහාවාපි විහාරයේ සිට විද්‍යානන්ද පිරිවෙනට වැඩම කළ ඉන්දසාර හිමියෝ 87 ජුනි 01 සවස 6.00ට රැස්වීමක් පවත්වා පසුදින වැඩම කිරීමට නියමිත ධර්ම චාරිකාව ගැන කතා කළහ. "අපි මේ යන්නේ අවසන් චාරිකාව වෙන්නත් පුළුවන්" යැයි කී බවද මා අසා ඇත. ලංකා ගමනා ගමන මණ්ඩලයේ අම්පාර ඩිපෝවට අයත් 60 ශ්‍රී 3599 බස්රථයෙන් 1987 ජූනි 02දා ධර්ම චාරිකාව සඳහා ඉන්දසාර හාමුදුරුවෝ වැඩියේ තවත් 38 නමක් සමගය. බස්රිය පැදවූයේ පී.ජී. සෝමපාලය. අම්පාර මහඔය මාර්ගයේ 28 වැනි සැතපුම් කණුව අසලින් තේක්ක කැලයට බසය ගෙන ගිය ත්‍රස්තවාදීහු භික්ෂූන් වහන්සේලාව කපා කොටා වෙඩි තැබූහ. නායක හාමුදුරුවෝ පොඩි උන්න්සේලාට අනතුරක් නොකරන්නැයි ඉල්ලා සිටියහ.

පස්වන සියවසේ දී "බුද්ධ පාරින්ද" නම් ද්‍රවිඩ ජාතිකයා "බුද්ධ දාස" ලෙස රජ කමට පත් වූ පුවත අප අසා ඇත. පුරාණයේ රාජාභිෂේකය සිදුකරන ලද්දේ මහා සගරුවන ඉදිරිපිටදීය. එහෙත් මෙදා සිදුවූයේ විපතකි. යුද්ධය පවතින පරිසරයේ සිට ඉන්දසාර හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරයෙහිද අසරණයන්ට සරණ වීමෙහිද නිරත වූහ. ථෙරපුත්තාභය හිමි මෙන් සිවුරු හැරදමා යුද්ධ පෙරමුණට නොගියහ.

දෙමළෙන් බණ කීමට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ඉගැන්වූහ. "කනක් නැතුව කොහොමද බණ අහන්නේ" කියා මහගමසේකර කීවාසේ කන් නැති ත්‍රස්තවාදීහු භික්ෂූන් වහන්සේලා අපවත් කළහ. දේහයන් 31ක්ද ගිහියන්ගේ සිරුරුද ගෙනවිත් අම්පාර රෝහලේ කොරිඩෝවේ තබා තිබිණ. වෙඩිතැබීමට ලක්වූ බසයේම ලෙයින් තෙත්වූ සිවුරු, වෙඩි වැදී හිල්වුණු පාත්‍ර ආදිය මහාවාපි විහාරයට ගෙනෙඑන ලදී. අරන්තලාවේ සිට ආ බස්රථය මහාවාපි විහාරයට හරවන විට එකතුව තිබූ රුධිරය ගලා හැලී විහාර බිම තෙත් විය.

හාඩි විදුහල ඉදිරිපිට ජපන් සාම චෛත්‍යය පිහිටා තිබේ. එහි වාසය කළ ජපන් හාමුදුරු දෙනමක් ස්වකීය ශෝකය ප්‍රකාශකරනුවස් වටාපතක් බදු බෙරය වාදනය කරන්නට වූහ. ජූනි මාසය අම්පාරට උශ්ණාධිකම කාලයයි. එයනොතැකූ උන්වහන්සේලා චිතකයට ගිනි දල්වන තුරුම ශෝක වාදනය කළහ.

බලධාරීන් භූමදානය කිරීමට යෝජනා කළ දේහයන් අදාහනය කළේ එකම චිතකයකදීය. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කිරිදිවැල සෝමරතන හිමියෝ මේ කටයුතුවල මූලික වූ අතර පසුව පිරිවෙනේ වගකීමද බාර ගත්තහ.

භික්ෂූ ඝාතනයේ 22 වසර සිහිපත් කර පුන්‍යකර්ම සිදුකරන විට මුදල් රැස්කිරීමකින් තොරව අම්බළන්ගොඩ බටපොල පාලිත ජයසේකරයන් අතින් නිම කළ නායක හිමියන්ගේ ප්‍රතිමාවක් ඉදි කොට ඝාතනයට ලක්වූ තැන පිහිටවූයේ සෝමරතන හිමියන්ගේ මූලිකත්වයෙන් හා දායකත්වයෙනි. ඝාතනයෙන් පසුව රජය රුපියල් 25,000ක වන්දියක් පිරිනැමූ නමුත් කිසිවෙක් එය බාර නොගත්තහ. 2009 වසරේ 22 ගුණසමරුව පවත්වන විට ත්‍රස්තවාදය පරාජය වී තිබේ.

සුනාමියෙන් අනාථ වූ දෙමළ ජනතාවට හෙවන දීමට විද්‍යානන්ද පිරිවෙන ඉදිරිපත් වීම බුදු බණ ප්‍රායෝගික කිරීමකි. ඉන්දසාර හිමියන්ට වූ විපත දෙමළ ජනයා එහිදී දැනගත් විට මොනවා සිතෙන්නට ඇත්ද?

"අනිච්චාවත සංකාරා - උප්පාද වය දම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී - තේසන් ඌප සමෝසුකෝ" (සංස්කාරයෝ අනිත්යහ. ඉපදීමෙන් නැසීමක් සොබාව කොට පවතී. ඉපිද නැසෙත්. සංස්කාරයන්ගේ සංසිදීම සුව එලවන්නේය.)

සතුරාට වුව වෛර නොකළ යුතුය. මේ සිදුවීම අරබයා පහත කව රචනා කළෝ අහුබුදුහුය.

මළ පසු එවන් හතුරා රජෙකු වැ උන්න
රජ බුහුමනින් අවසන් කිස කරවන්න
සොහොනක් පවා බඳවා හර සර දෙන්න
සැබියාවෙක් තිබිණි මෙ දැයේ දැන ගන්න







Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්රමරත්න

Comments

උන්වන්සේලාට නිවන් සුව පතමු....!!

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...