නැවතත් දුර්දශාවක් එළඹ තිබේ. නපුරු කලට සතහට පැමිණෙන දුක , කළකම් පල දෙවා මිස නිමා නොවේ. සෙනසුරාණෝ විෂ්ණු දෙවියන්ට බට කොළ කැවූහ. මට නම් තණ කොළවත් නැත. ' වල් කොළ අතුට නිදා බෝඩිං යානේ ' කියලා කපුගේ ගැයූ ජීවිතය විඳිමි. සුනාපරන්තයට යන්නට නොහැකිය. අගනුවර නිදිවර්ජිතව , නිරාහාරව සිර බත් කමි. මේ තීරුවට මෙහි දී නිමිත්තක් හමුවිය. දන් දෙන්නට වස්තුව තිබිය යුතුම නැත. හිත ඇත්නම් පත කුඩා ද කියා ගමේ කියමනක් ඇත. සමාජය හදන්නට පෙරළි කොට දැන් හුදකලාවී තනි තනිව පරෝපකාරයේ යෙදෙන මිනිසුන් මට හමුවී තිබේ. මහින්ද සර්ධාසේන , සිසිර කොඩිකාර එබඳු මිනිසුන් දෙදෙනෙකි. මා කියන්නට යන්නේ ඒ දෙදෙනා ගැන නම් නොවේ. ඔහු අලුයමින් අවදි වූවේය. තම බිරිඳ තවමත් නිදිය. හෙමින් නිවසේ කාමරයකට ඇතුළු වූ ඔහු තමා ඉතාලියෙන් ගෙනා සුව පහසු හාන්සිපුටුව එළියට ගත්තේය. '' මේක නිකං තියෙනවා. තේරුමක් නෑ. කාට හරි ප් රයෝජනයක් තියෙන්නට ඕනෑ '' ඔහු තමාටම කියා ගත්තේය. තම මෝටර් සයිකලයේ එය බැඳ නිවැසියන් අවදිවන්නට පෙර ...
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය