පසුගිය ලිපියෙන් අපි සාකච්චා කලේ විමානය සෑදීමට අවශ්‍යවන ලෝහ වර්ගයන් ,ඒවායේ නාමයන් ලැබී ඇති ආකාරය හා ඒවා සතු විවිධ ගුණංග පිළිබදවයි. අද අපි සාකච්චා කිරීමට බලා පොරොත්තු වන්නේ පසුගිය ලිපියෙන් අපි සදහන් කල ලෝහ වර්ගයන් පිරිසිදු කරගන්න ආකාරය හෙවත් ලෝහයන් නිස්සාරණය කරන ආකාරයයි. මෙය වෛමානික ශාස්ත්‍රහී දෙවන පරිච්ඡේදය පුරාවටම දැක්වෙන්නේ මෙම ලෝහ නිස්සාරණය හා විමානයට අවැසි පරිදි ඒවා සකස් කරගන්නා ආකාරයයි. "Oosh mapaastriloha Mayaaha." උෂ්මපා ලෝහ, ලෝහ 3ක් මිශ්‍ර කිරීමෙන් සාදාගනු ලැබේ. මෙහිදී උෂ්මපා ලෝහ යනුවෙන් හැදින්වෙන්නේ විමානය සෑදීමට අවැසි ලෝහයයි. විමානය බොහෝමයක් දුරට අජඨාකාශ යානයක් බැවින් එය සාදන ලෝහ වර්ගයන් විවිධ උෂ්ණත්වයන්ට ඔරොත්තු දිය හැකි ලෝහ වර්ගයක් විය යුතුය. එම ලෝහ වර්ගය උෂ්මපා යනුවෙන් හැදින්වෙන්නේ එබැවිනි. මෙලෙස උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෝහයන්, සෞම, සෞන්දල හා මෞර්තවික යනුවෙන් අපි පසුගිය ලිපිවලින් කතා ලෝහයන් මිශ්‍ර කිරීමෙන් සාදාගනු ලැබේ. ලෝහ රත්නාකරයට අනුව සෞම, සෞන්දල හා මෞර්තවික යනු මූලික හෙවත් බීජ ලෝහයන්ය. සෞම කාණ්ඩය - සෞම, සෞම්‍යක, සුන්දාස්‍ය, සෝම, පංචානන, උෂ...
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය