මේ ලියන මොහොතේ මගේ සිතේ සුදු කොඩියක් එසැවී තිබේ. ඒ කුමක් අරබයා ද කියා ඔබ අසනු ඇත. ඒ සුදු කොඩියට අරමුණු දෙකක් තිබේ. එකක් අප කිසිවකු අනුමත නොකරන , යුද්ධය නිසා මියගිය මිනිසුන් සිහි වීම පිණිස වේ. සුදුකොඩියේ අනෙක් අරුත නම් මරාගත් මී පැටවකු උඩ දම දමා සෙල්ලම් කරන පූසකු සේ මළගම් වටකොට ප්‍රීති උත්සව සංවිධානය කරමින් , මහමඟ කිරිබත් පිස කෑමට තරම් වූ අවිහිංසාවාදී බෞද්ධයන්ගේ පුරුෂාර්ථ සිහිපත් කිරීමයි. අහසේ ද , පොළොවේ ද වාතයේ ද වසන ඇසට පෙනෙන නොපෙනෙන සියලූ සත්වයන්ට මෙත් වඩා බුදුන් සරණ යන අපේ අය මියගිය අය වෙනුවෙන් සාද පවත්වති.
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය