Skip to main content

Posts

Showing posts with the label බුදු දහමයි හෙළයයි

යකුන් එළවීමට බුදුන් වහන්සේ දේශනා කල - සිරිදෙසුම.

අපි අපේ සබෑ හෙළ ඉතිහාසය සොයා යන ගමනට බුදු දහමෙන් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ත්‍රිපිටකයේ ඇති සූත්‍ර දේශානා මහායානයේ ඇති සූත්‍ර දේශානද මේ අතර වේ. බුදුන් වහන්සේ දේශනා කල ධර්මය මෙන්ම බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයට ලක් වූ ස්ථාන කෙරේහිද බෞද්ධයන්ගේ ඇත්තේ අති මහත් වූ ශ්‍රද්ධාවක් බව කිය යුතු නොවේ යැයි සලකමි. මේ අතරින් මහියංගණය පුද බිමට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයකි, බුදුන් වහන්සේගේ අකුධාතුව නිධන් කල සෑදු චෛත්‍යටත් වඩා බුදුන් වහන්සේ යක්කු එළවීමට බණ කිවූ ස්ථානය ලෙස මෙම පුදබිම බෞද්ධයන් අතර වඩාත් ප්‍රසිද්ධව ඇත. අද අපි අපේ සබෑ හෙළ ඉතිහාසය සොයා යන ගමනේ ඔබ වෙත ගෙන එන්නේ බුදුන් වහන්සේ මහියංගනයේදී යකුන් එළවීමට දේශනා කලා යැයි සැලකෙන සිරි දෙසුමයි.

සිත් පහන් දල්වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා.

අමා දහර දිය ගලා ගලා, තුරු ලතා තුලින් මල් පියළි සලා, ජය හඬින් ලොවට සිහ නද පතුරා ලො සත හට හිමි ජනිත උනා...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...