Skip to main content

Posts

Showing posts with the label රාවණ මහ රජු

බුද්ධත්වයට විවරණ ලැබූ රාවණ රජු:: The Great King Ravana will attained Buddahood

ලංකාවතාර සුත්‍රෙය් පසුගිය කොටස නිමා කලේ බුදුන් වහන්සේ විසින් ලංකාධිපති රාවණ රජු අගය කිරීමෙ කොටසිනි. ඇත්තටම මෙය අගය කිරීමකට වඩා සාදු කාර දීමක් විය යුතුය. මන්ද යත් යම් දෙයක් අගය කිරීම සාදු කාරයෙන් කරවීම බෞද්ධ ලක්ෂණයක් නිසා. මේ බව මා හට වැටහුනේ රාවණ සහොයුරෝ හී ධම්මික අයියාගේ අදහස් දැක්වීමත් සමග බවත් අද කොටස ආරම්භයට මත්තෙන් ප්‍රකාශ කල යුතුය.  ඉංග්‍රිසි බසෙන් තිබෙන සුත්‍රය සිංහලයට පර්වර්තනයේදී සිදු වන අඩුපාඩු ඉදිරියටත් පෙන්වා දෙන ලෙස ඉල්ලමින්ම අද කොටසට යමු. එම අවස්ථාවේදී රාවණ රජුට මෙසේ  ප්‍රත්‍යක්ෂ විය. තම නියමයන් හී මනා හික්මීමක් ඇත්තා වූද, දර්ශනවාදීන්ගේ ක්‍රමයන් වලින් තොර වූද, අභ්‍යන්තර විඥානයෙන්ම සාක්ෂාත් කරගත්තා වූද, පරිණාමිත හා පරිණාමින යන දෛවත්‍යෙයන් ඔබ්බට ගියා වූද භාග්‍යවතුන් වහන්සේ නැවැත වාරයක් දැකීමට මා කැමැත්තෙමි. යෝගීන් විසින් යථාවබෝධ කරගත්තා වූ දැනුම වනාහී උන්වහන්සේය. සමාධියන්හි පරම සුවය විඳින්නන් ධ්‍යාන වැඩීම තුලින් අවබෝද කරගත් යථාවබෝධය වන්නේ උන්වහන්සේය. “ රාගය හා වෙනස්කොට සැලකීමන් තම ආශ්චර්යමත් බලයන් නැමැති ඉන්ධනයන්ගෙන් දවාලූ , බුද්ධ පුත්‍රයන්ගෙන් පිරිවරාග...

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රය.3. The Lanakawatara Sutra

අද ලංකාවතාර සුත්‍ර සටහන ලියන්න කලින් මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනා. නිකාය බේදයකින් තොරව බෞද්ධ දර්ශනය පිළිපදින්නෙක් විදියට, කලින් ලිපියකත් සදහන් කල සද්ධර්මපූණ්ඩරික සුත්‍රෙය් සිංහල පර්වර්තනය කියවන්න ලැබුණා. මෙම සද්ධර්මපූණ්ඩරික සුත්‍ර දේශනාව සිංහලයට නැගූ ශ්‍රේෂ්ඨාධිකරණ මහා විනිශ්කාරතුමෙක් වන පී.බී වරාවැව මැතිතුමාට හා මට සද්ධර්මපූණ්ඩරික සුත්‍රය ලබා දුන් මලීෂ සහෝදරයටත් පින්දෙමින් අපි සාකච්චාවට පිවිසෙමු. සද්ධර්මපූණ්ඩරික සුත්‍රය හා ලංකාවතාර සුත්‍ර දේශනාව අතර බොහෝ සමාන කම් තියෙනවා. කොහොම වුණත් මෙම සුත්‍ර දෙකම ථෙරවාදී බෞද්ධ සාහිත්‍යෙය් දක්නට නැහැ. සද්ධර්මපූණ්ඩරික සුත්‍රය යනු මොලොව පහල වු, පහල වන්නා වූ සියළු බුදුවරුන් වහන්සේලා විසින් උපාය කෞෂල්‍යෙයන් තොරවූ, තේරුම් ගැනීමට අපහසු වූ සම්මා සම්බුද්ධත්වය හෙවත් බුද්ධත්වය පිළිබදව, නිවරදි වූ නිර්වාණය පිළිබදව මහරහතුන් වහන්සේලා, බෝධිසත්වයන්, ඇතුළු ශ්‍රාවකයන් උදෙසා දේශනාකරන ලද, දේශනා කරන්නා වූ උතුම් වූ සුත්‍රධර්මයක්. මෙහිදී උපාය කෞෂල්‍ය ලෙස සදහන් කලේ මෙලොව පහල වූ සියළු බුදුන් වහන්සේලා තේරුම් ගැනීමට අපහසු, ඉතා ගැඹුරු බුදු දහම පෘථග්ජන සත්වයන් හට තේරුම්...

බුදුන් වහන්සේ රාවණ රජුගේ ආරාධනාව පිළිගෙන ලංකාපුරයට වැඩිසේක....! Lord Buddha Arrived to the City of Lanka by accepting the invitation of King Ravana

රාවණ රජුට බුදුන් වදාල ලංකාවතාර සුත්‍රය -2 රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රයේ පළමුවන කොටසෙදි අපට හරියටම තහවුරු කරගන්න බැරි වුණ දෙයක් තමයි රාවණ රජු සිටියේ කුමන බුදුන් වහන්සේගේ යුගයේද කියන එක. ඒ ලිපියට ලැබුණ ප්‍රතිචාර අනුව නම් ඒ කාශ්‍යප බුදුන් වහන්සේ කියන මතය තිබුණා. ඒ වගේම අපේ සැබෑ ඉතිහාසය සොයා නම ගමනට නිතර ආශිර්වාද කරන විද්වතුන්ගේ මතය වුනේද මේ කාශ්‍යප බුදුන් සමයේ රාවණ රජු සිටියා යැයි කියන එකයි. පසු ගිය ලිපියේ අපි ලංකාවතාර සුත්‍ර දේශානාව නතර කලේ රාවණ රජු විසින් බුදුන් වහන්සේට ලංකාවට වඩින ලෙස කලා ආරාධනාවෙන්. අද එතැන් සිට ලංකාවතාර සුත්‍රය ඉතිරි කොටසත් විමසමු. “ මේ නගරය ආධ්‍යාත්මික හා දැනුවේ විචික්ෂණ බුද්ධියෙන් අභ්‍යන්තර විඥානයන් පවා අවබෝධ කරගත් ස්ථානයකි, මහා අනර්ඝ පාෂාණයන්ගෙන් සෑදුන මේ කදු මුදුන මෙම බුද්ධිය විදාරණය කල ස්ථානයකි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේත් මේ මහා අනර්ඝ පාෂණයන්ගෙන් සරසන ලද මෙම ශිඛරයේදී මා ඇතුළු පිරිවරටද නිර්මල වූ සත්‍ය වදාළ සේක්වා, අපි ඇසීමට කැමැත්නේ සිටිමු. “ ලංකාවතාර සූත්‍රය වනාහි අතීතයේ වැඩ විසූ බුදුවරුන් පවා වර්ණනා කල, ඉතා අභ්‍යන්තරයෙන් අවබෝධ කරග...

හිරු දෙවියන්ගේ උදහසට ලක් වූ හෙළ අසුර අධිරාජ්‍ය:: when sun came against the earth

  අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යන ගමනේ අපි විවිධ කඩඉම් පසුකරමින් ආවනේ. මේ වන විට අපි අතීත හෙළ අධිරාජ්‍යෙය් තිබූ තාක්ෂණ විධිගැන තමයි කතා කරමින් හිටියේ. ඒ අතිරින් අපිට පැහැදිලිව සනාථ කරගන්න පුළුවන් තාක්ෂණය තමයි හෙළ ගුවන් යානා තාක්ෂණය හෙවත් විමාන තාක්ෂණය කියන එක. මීට අමතරව න්‍යෂඨීක අවි, ජෛව අවි, ලේසර් අවි, ප්‍රහාරක ගුවන් යානා වැනි දියුණු තාක්ෂණකි උපකරන භාවිතා කල බවට අපට හමු වූ සාක්ෂී බොහොමයි. ඒ අතර දියුණු වාරිමාර්ග ක්‍රම, දියුණු වෛද්‍ය ක්‍රමත්, මනසින් උසස්, මනස දියුණු කරපු බුද්ධිමත් රටවැසියන්ද හිටි බව සදහන්වෙනවා. මානාවේ විමළ රත්න හාමුදුරුවන් පවසන පරිදි බුදුන් වහන්සේ ප්‍රථමයෙන් අභිධර්ම දේශනාව සිදු කරන ලද්දේ ලක්වැසියන්ටයි. එහිදී ලක්වැසියන් මහත් ඉහලන් සලකන ලද විසකුම්බන නැමති මහගු ඖෂධය උපමා කරගනිමින් අභිධර්මය ලක්වැසියන්ට දේශනාකල බවත් සදහන්. කොහොම වුණත් ලෝකයේ විශාලතම නාවික විශ්වවිද්‍යාලය තිබූණ, පෘථිවි තලය පුරාම හා ඉන් ඔබ්බටත් තම බලය, ශක්තිය පෙන්වමු හෙළ අධිරාජ්‍ය බිද වැටෙන්නේ රාවණා රජුගෙන් පසුව වුණත්, හෙළ අධිරාජ්‍යෙය් තිබූ තාක්ෂණයට නැතිවුනේ කොහොමද කියන එක මෙම සැබෑ හෙළ ඉතිහාසය ගවේෂණය ...

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සූත්‍රය:: Lankawatara Sutra & King Rawana

  අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේදී, රාවණ රජු ලංකාවේ පළමු බෞද්ධ රජතුමායි යන මාතෘකාවෙන් ලියන ලද ලිපියේදී බුදුන් වහන්සේ විසින් රාවණ රජු අරබයා දේශනා කල සූත්‍රය යනුවෙන් ලංකාවතාර සූත්‍රය පිළිබද සදහනක් කලා. මෙම සූත්‍රය අපට ථෙරවාදී බුදු දහම තුල හමුවන්නේ නැහැ. මීට අමතරව සද්ධර්මපූණ්ඩරික, විසකුම්භන වැනි සූත්‍ර දේශනාත් ථෙරවාදී බුදුදහම තුල දක්නට නොලැඹෙන නමුත් මහායාන බුදුදහමේ දක්නට ලැබෙනවා. කොහොම වුණත් ලංකාවතාර සුත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැබෙන්නේ චීන භාෂවෙන්. මේ ලිපි පෙලෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ ලංකාවතාර සුත්‍රයේ සිංහල පර්වර්තනයයි. මෙය අපේ සැබෑ ඉතිහාස ගවේෂණයට සම්බන්ධ වන්නෙ කෙසේදැයි යමෙක් අසනවා නම්, එයටත් සටහනක් තියලම සුත්‍රය දේශනාවට යොමු වෙන්නම්. ශ්‍රි ලංකාව යනු ථෙරවාදී බෞද්ධ රටක්, 

රාවණ ඉතිහාසය ගොඩනැගූ ජායාරූප

මුණු පොතේ සැරිසරද්දී පුලස්ති ප්‍රදීප් පෙරේරා සහෝදරයාගේ ජායා රූප එකතුවේ තිබිලා අපේ ඉතිහාස ගවේෂණයට වැදගත් ජයා රූප ටිකක් ලැබුණා. මේ ජයා රූප වල සම්පූර්ණ අයිතිය පුලස්ති සහෝදරයාට. ඒ ජයා රූප අපේ ඉතිහාස ගවේෂණ ගමනට යොදාගත්තාට පුලස්තිගේ අමනාපයක් නැතිවෙයි කයලා හිතලම මේ ටික දාන්නේ. මලීෂ සහෝදරයාටත් ස්තූතියි පුලස්තිගේ ඡයාරූප ගැන කීවාට

රාවණ රජු සල්ලාලයෙක් බවට පත් කලේ අපේ නාඩගම් ඇදුරන්ය:: Rama become a her

රාවණ ඝාතනය කර රාම වීරයෙක් කිරීම. අපි මීට කලින් ඉදිරිපත් කරපු ලංකාවේ ශ්‍රේෂ්ඨ නරපතියෙක් වූ රාවණ රජු ගැන ටිකක් විතර දීර්ඝ ලිපියක් තිබුණානේ. ඒකට ප්‍රතිචාර දැක්වපු අයට බෝහෝම ස්තූතියි. ඒ අතර ප්‍රතිචාරයක් තිබුණා රාම චරිතය ගැන සදහන් දශරථ ජාතකයත් මුලාශ්‍රයක් කරගන්න කියලා.   ඔන්න අද අපි ඒ කරුණුත් එක්කම සලකලා තවත් ලිපියක් ලියන්න හිතුවා. අපි කතාකලානේ හෙළ අසුර අධිරාජ්‍ය , පැතීරීම රජවරු ගැන. මේ ලිපි පෙළම පුරාම අපි විස්තර කලා ලංකාවේ බිහිවුණ විශිෂ්ඨ නරපතියෝ රාජ්‍යන් ගැන. කොහොම වුණත් හෙළ අසුර අධිරාජ්‍යට වැඩිපුරම සතුරු බල පෑම් එල්ල වුණෙ භාරතයෙන්. හැම අවස්ථාවේම හෙළ අධිරාජ්‍යට කෙනෙහිලිකම් කලේ මේ අසල් වැසි භාරතය තමයි. හින්දු සාහිත්‍යට අනුව නම් හෙළ අසුර අධිරාජ්‍යෙය් ප්‍රධානතම සතුරා වෙලා තියෙන්නෙ විශ්ණු.

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...