Skip to main content

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සූත්‍රය:: Lankawatara Sutra & King Rawana

  අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේදී, රාවණ රජු ලංකාවේ පළමු බෞද්ධ රජතුමායි යන මාතෘකාවෙන් ලියන ලද ලිපියේදී බුදුන් වහන්සේ විසින් රාවණ රජු අරබයා දේශනා කල සූත්‍රය යනුවෙන් ලංකාවතාර සූත්‍රය පිළිබද සදහනක් කලා. මෙම සූත්‍රය අපට ථෙරවාදී බුදු දහම තුල හමුවන්නේ නැහැ. මීට අමතරව සද්ධර්මපූණ්ඩරික, විසකුම්භන වැනි සූත්‍ර දේශනාත් ථෙරවාදී බුදුදහම තුල දක්නට නොලැඹෙන නමුත් මහායාන බුදුදහමේ දක්නට ලැබෙනවා.

කොහොම වුණත් ලංකාවතාර සුත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැබෙන්නේ චීන භාෂවෙන්. මේ ලිපි පෙලෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ ලංකාවතාර සුත්‍රයේ සිංහල පර්වර්තනයයි.
මෙය අපේ සැබෑ ඉතිහාස ගවේෂණයට සම්බන්ධ වන්නෙ කෙසේදැයි යමෙක් අසනවා නම්, එයටත් සටහනක් තියලම සුත්‍රය දේශනාවට යොමු වෙන්නම්. ශ්‍රි ලංකාව යනු ථෙරවාදී බෞද්ධ රටක්, 
ලංකාවේ බෞද්ධයන් වැඩි පිරිසක් ථෙරවාදී බෞද්ධයන් විදියට තමයි හදුනාගත හැක්කේ. අප රටේ ජනප්‍රිය මතය නම් මහින්දාගමනයත් සමගම බුදුදහම ලංකාවට පැමිණියා යැයි කියන එකනේ. එය එසේ නොවී මහින්දාගමනයත් සමගම ථෙරවාදී බුදුදහම ලංකාවේ ස්ථාපිත වුණායැයි කියලා කියන එක තමයි මාගේ මතය නම්. එයට උදාහරණ ලෙස මෙම ලංකාවතාර සූත්‍රය ගන්න පුළුවන්. මානෑවේ විමළරතන හාමුදුරුවන් වහන්සේට අනුව නම් බුදුරජානන් වහන්සේ ප්‍රථමයෙන්ම අභිධර්මය දේශනා කරලා තියන්නේ ලක්වැසියන්ටයි.
අපි උපකල්පනය කලහොත් රාවණ රජු වැනි අති ශ්‍රේෂ්ඨ රජෙක් මහායාන බෞද්ධයෙක් කියලා, මහින්දාගමනයේ  අද දක්වා තිබෙන ථෙරවාදී ආධිපත්‍ය මත රාවණ ඉතිහාසය වගේ දැවැන්ත, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් මැකිය නොහැකි බැවින් එය ලක් ඉතිහාසයෙන් සූක්ෂමව සගවා තැබූ බව අපට සිතන්න පුළුවන්. මොකද මහායානය ඉස්මතුවීමට කිසිම ඉඩක් අපි දන්නා ලක් ඉතිහාසය තුළ දක්නට නැහැ. නියම බෞද්ධයන් ලෙස මහායාන හෝ ථෙරවාදී ලෙස නොබෙදී විවෘත මනසකින් විමසීමට, ගවේෂණයට අපි යොමුවිය යුතුයි. ඒ නිසාම ලංකාවතාර සූත්‍රය මෙ දක්වා බ්ලොග් කරණයේ යෙදුන සරළ භාෂාවෙන් ගෙන එන්නේ.

පළමු වැනි පරිච්ඡෙදය

 රාවණ රජු උපදෙස් ඉල්ලයි...:: Ravana Asking for Instruction

මා විසින් මෙසේ අසන ලදි, අප භාග්‍යවතුන් වහන්සේ අති විශාල වූ භික්ෂූන් පිරිවර හා විවිධ වූ බෞද්ධ දේශයන්ගෙන් පැමිණි බෝධිසත්ව වරුන් සමගින් මහා සාගරයේ මලය කදුකරයේ කදු මුදුනේ පිහිටි, නොයෙක් වර්ගයන්ගේ මල් වලින් හා විවිධ වර්ගයේ හා මැණික් වලින් සෑදුන ලංකා මන්දීරයේ වැඩ වසනලදි.  මහා මථී(මහා ප්‍රඥාවන්ත) බෝධිසත්වයන් විසින් නායකත්වය සපයන ලද මෙම බෝධිසත්ව-මහාසත්වයන් සමූහය විවිධ වූ සමාධියන්ගෙන් පරිපූර්ණ වූද, දසවිධ ආත්ම දමනයන්ගෙන්ද, දස බලයන්ගෙන්ද, අධ්‍යාත්මික ශක්තීන් 6කින්ද, සමන්විත වූවන් වූ අතර, මෙම බෝධි සත්වයන් වහන්සේලා සියළු බුදු වරුන්ගෙන් විවරණ ලැබූවන් වූහ.හදවත් තුල විද්‍යාමාන වූ අයුරින්ම බෝධිසත්වයන් වහන්සේලා විසින් ලෝකයේ පරමාර්ථය හා අර්ථය මැනවින් වටහාගෙන සිටයහ. උන් වහන්සේලා විසින් විවිධ සත්වයන්ගේ හැසිරීම හා මානසිකත්වයන්ට අනුව විවිධ චාරිත්‍ර විධි පාලනය, ඉගැන්වීම හා විනයානූ කූලව වැඩ කරන අයුරු දැන සිටි අතර පංච ධර්මයන්, තුන් ස්වභාවයන් , විඥානයන් අටක මැනවින් දක්ෂයන් විය.
ඒ සමයේදී,  සත් දිනක් තිස්සේ මහා සාගරයට අධිපති වූ මකර රජුගේ ස්ථානයේ ධර්ම දේශනා කරමින් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඉන් පිටතට වැඩම කොට ගැන නිම කළ නොහැකි තරම්ව සිටි ශක්‍ර, මහා බ්‍රහම්ම හා මකර රජු ඇතුළු දිව්‍ය සමූහයා අමතා, මලය කදුකරයේ ලංකාව දෙස බලා සිනාහ පළ කරමින් මෙසේ වදාළ සේක...

“අධ්‍යාත්මික ඥානයෙන්, දැනුම, විද්‍යාවෙන් පරිපූර්ණ වූ අරහත් වූ අතීත තාථාගතයන් වහන්සේලා විසින්, දාර්ශනිකයන්ගේ දැනුමින්, ශ්‍රාවකයන්ගේ හා පසේ බුදුවරුන්ගේ විඥානයෙන්(දැනීමෙන්) එහා ගිය ඉතා ගැඹුරෙන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතු මෙම සත්‍ය දේශනා කරන ලද්දේ මලය කදුකරයේ පිහිටි ලංකා මන්දීරයේදීය. එලෙසම මමත්, යක්ෂ ගොත්‍රිකයන්ගේ නායකයා වූ රාවණ රජුගේ ප්‍රයෝජනය උදෙසා මෙම සත්‍ය දේශනා කරමි.“

මහා සගරයට අධිපති වූ මකර රජුගේ මාලිගාවෙන් පිටතට පැමිණි බුදුන් වහන්සේ ඇතුළු පිරිස දුටු ධ්‍යාන ලාභී රාවණ රජු ප්‍රීතිමත් වී, “මම බුදුන් වහන්සේට ලංකාවට ඇතුළු වන ලෙස ඉල්ලනවා. මෙම සංසාරය නැමති දිගු රාත්‍රියට උන්වහන්සේගෙන් සෙතක් සැලසේවී, උන්වහන්සේ හොදක් කරාවි, දෙවියන් මෙන්ම මනුෂ්‍ය වර්ගයාද සතුටට පත්වේවි.“
ඉන් අනතුරුව, රාක්ෂ අධිපති රාවණ රජු තම සහපරිවර සමගින්, පුෂ්පක නැමති දිව්‍යමය රථයෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේය. රථයෙන් පිටතට පැමිණී රාවණ රජු හා පිරිවර, ඉන්ද්‍රනීල මාණික්‍යකින් සෑදුන දණ්ඩකින් බෙරයක් වැනි සංගීත භාණ්ඩයක්ද, නිල් මාණික්‍ය ඔබ්බවා, මනා ලෙස නිර්මාණය කරන ලද වීණාවක් කහපැහැති අබරණින් හා අනර්ඝ සළුවලින් සාදන ලද ආධාරකය(බෝ) මගින් වයමින්, සප්තය, රිෂභය, ගාන්ධාර්වය, ධෛවතය, නිෂාධය, මධ්‍යමය හා  කෛෂික වැනි සවණ පිණන අයුරින් ග්‍රම, මර්චනාදියෙන් උස්පහත් කරමින්, බටනලා වාදනය සමගින් හඩ මුසු කොට කාව්‍යන් ගයමින් වමේ සිට දකුණට තෙවරක් බුදු රදුන් වටා ගමන් කරමින් මෙසේ උපදෙස් ඉල්ලන ලදි.
1.     සත්‍යයේ උතුම් වූ මුලධර්මයන් වනුයේ, සවාත්මයෙන් මිදුනා වූද, සියළු කාරණා වලට ඉහලින් නැගි සිටින්නා වූද, අපවිත්‍ර දෑ වලින් තොර වූ දෙයයි. එය යමෙකුගේ අභ්‍යන්තරයෙන් එකතු වන්නා වූ දැනුම කෙරෙහි යොමුවේ. ස්වාමීනි... මට ඒ සත්‍යට යන මාර්ගය පෙන්වන්න.
2.   සුගත යනු අපරිමිත ශිලයෙන් අකලංක වූ ශරීරයයි. එම ශරීරයේ වෙනස් වීමන් ප්‍රත්‍යක්ෂය, එය ස්වාත්මයෙන් අවබෝධ කරගත්තා වූ සත්‍ය විවරණය කරයි. එය ලංකාවට පැමිණෙන සේක්වා. මුණිවරයානෙණි මේ ඒ කාලයයි.
3.   මෙම ලංකා පුරවරය අතිත බුදුවරයන් වහන්සේලා පවා වැඩ සිටි භූමියකි, ස්වාමීණී, මට දැන් ඉහළම සත්‍ය පෙන්වන්න. විවධ චාරිත්‍ර විධින්ට අනුගතව සිටින යක්ෂ ගෝත්‍රිකයන් පවා ඇහුන්කම් දේවි.
ඉක්බිති රාවණ රජු විසින් තව දුරටත් තෝටක රිද්මයන්ට අනුගත වෙමින් මෙම ගතා ගායනා කරන ලදි.
සත්දිනකට පසු, භාග්‍යවතුන් වහන්සේ මහා සාගරයට අධිපති මකර රජුගේ වාසස්ථානයෙන් පිටත මුහුදු වෙරළට වැඩි සේක. මෙසේ බුදුන් වහන්සේ වඩිත්ම අප්සරාවන්, සුක, සරණ හා පණ්ඩිතයන්ගෙන් සෑදුන යක්ෂ සමූහයා පිරිවරාගෙන බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියේය. අනතුරුව පුෂ්පක රථයෙන් බැස තථාගතයන් වහන්සේට වැද නමස්කාර කොට එක්තපැස්ව තමන් හදුන්වා දුන්නේය.
මෙතනට පැමිණි මම රාවණ නම් දසසිස් රාක්ෂස රජු වෙමි, හිමියෙනි මා ඇතුළු ලක් වැස්සන්ගේ ගෞරව පූර්වක කරුණාව පිළිගන්නා සේක්වා.
මෙලෙස අපි ලංකාව සූත්‍රය දේශනා කිරීමට රාවණ රජු විසන් බුදු රජාණන් වහන්සේට ආරාධනා කළ ස්ථානයෙන් අදට ලංකාවතාර සුත්‍රය නවත්වනවා. හැකි ඉක්මනින් ලංකාවතාර සුත්‍රයම කොටස් වශයෙන් පළ කරන්නම්.
මෙතනදී සදහන් කල යුක්තක් නම්, මෙම සුත්‍රය රාවණ රජුට දේශනා කලේ ගෞතම බුදුන් වහන්සේද, එසේත් නැත්තම් වෙනත් බුදු වරයෙක්ද යන්න පැහැදිලි නැහැ. දැනට තියෙන වංශකථා වලට අනුව නම් විජයගේ ලංකා ගමනය සිදුවන්නේ සම්බුද්ධ පරිනිර්වාණය වෙන දවසේ විමයි. එසේ නම් රාවණ රජු ගෞතම බුදුරජානන් වහන්සේට සමකාලීනද?
සුනාමියෙන් පසු මුහුදෙන් මතු වූ දණ්ඩකාරන්‍යෙය් ජනස්ථාන් නගරය, එනම් රාම රාවණා යුද්ධය හැ බැදුන නගරයක් කාබන් කාල නිර්ණය අනුව වසර 10000ක් පැරැණි වීමත් සමගම රාවණ රජු මෙයට වසර 10000ත් 12000ත් අතර කාල පරාසයක ලක් රජය කල රජෙක් යැයි සිතාගත හැකි මුත්, ලංකාවතාර සුත්‍රය හා රාවණ රජු අතර තිබෙන්නා වූ මෙම සම්බන්ධතාවය සමගින් මෙම මථයේ ඇති වන්නේ ගැටුමක්.
කොහොම වුණත් ලංකාවේ පළමු බෞද්ධ රජතුමා විදියට රාවණා රජතුමා යැයි යන්න තහවුරු කරන ලංකාවතාර සුත්‍රය ඉදිරියටත් විමසා රාවණ රජු හා බුදු රදුන් අතර ඇති වූ සංවාදය හා ඉන් මතු වන අපේ සැබෑ ඉතිහාසය සොයා යමු. තවත් ලිපියකින් හමු වනතෙක් ඔබට ආයුබෝවන්





Comments

සැහෙන්නට වටින විමර්ශනයක් , බොහොම ස්තුතියි
යෝධයා said…
යුද්ධයෙන් පරාජය වූ රාවණා රජතුමහාගේ සිහිමුර්ජා වූ දේහයක් තාමත් බෙහෙත් ගල්වා ලංකාවේ ගුහාවල තියෙන බව මම අහලා තියෙනවා. (රේඩියෝ විකාශයකින් කිව්ව පර්යේෂකයෙක්)
//////////////

මෙහෙම වෙන්න බැරිද වසර 12000 -10000 කට පස්සෙ ඒ නමින්ම නැවත පහලවීමක්?

නැත්නම් රාවණා රජ 2නෙක් යුග 2ක්? එහෙනනම් ඉස්සෙල්ලම කරන්න ඕන ඕක යුග 2 ගැන සැකහැර ගැනීම?

විශේෂයෙන් ඒ වගේ අවස්ථාවක්නම් බුදුරජාණන් වහනේසේ එතනදි මෙනෙහි කරයි.
Dasun said…
@ යෝධයා - ලංකාවතාර සුත්‍රයේ සදහන් වන්නෙත් දසිස් රාවණ රජ කෙනෙක් ඒ වගේම රාමායණයෙත් එන්නෙ දසිස් රාවණ රජ කෙනෙක්ම තමයි. එකම හැකියාවන්( හිස් දහයෙන් අදහස් කරන්නෙ ප්‍රඥාවන්ත කම බැවින්)රාවණ රජ වරු 2ක් හිටියා කියන එක ප්‍රශ්නයක්.
මහායාන බුදු දහමේදී ගෞතම බුදුන් වහන්සේ පමණක් නොව පෙර බුදුන් වහන්සේලා පවා වන්දනාමාන කරන නිසා මම හිතන්නේ මේ ගෞතම බුදුන් වහන්සේ නොවන බවයි.කොහොම වුණත් කාල නිර්ණයේදී නම් අපිට ලොකු ගැටළුවක් එනවා. මොකද මේ ඉතිහාසය වසර 2500 ඈතට දිවෙන්නක් නිසා...
Anonymous said…
ඔබේ කාර්යය අගය කරනවා. මමත් කාලෙක ඉඳන් ලංකාවතර සූත්‍රය සිංහලෙන් කියවන්න හෙව්වා. ඔබට බොහොම ස්තූතියි! ඉතිරි කොටසත් ඉක්මනින් පළ කරන්න. ජය වේවා!

රාවනා යන නම බ්‍රහ්මදත්ත වැනි රාජ පරම්පරාවක නමක් විදියටයි මම හිතන්නේ. ඔය ලංකාවතර සූත්‍රය කාශ්‍යප බුදු රදුන් විසින් එකළ සිටි රාවන රජුට වදාළ සූත්‍රයක්. මේ මගේ මතයයි.
ඇත්තටම විශිෂ්ඨයි... වැඩි දෙනෙක් නොබැලුවත්, ඉදිරියේදී අනාගතයේදී බලාවි... ඒ නිසා මේ වැඩේ දිගටම කරන්න. සහෝට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
Anonymous said…
Gret work buddy. We hope next article will be coming soon. This is very important.
Harshana said…
නියම වැඩක් මචන්.. ඉතිරි ටිකත් ඉක්මනටම දාන්න. ජය වේවා!
Anonymous said…
Rawana raju hitiye avurudu 5000 kata pera ekala rawanan rajuta daham desanna eththe KASHYAPA BUDUN wenta ethi neveda ?
Anonymous said…
මේක නම් නියම වැඩක් මමත් කාලෙක ඉඳන් ලංකාවතර සූත්‍රය සිංහලෙන් කියවන්න හොයනවා ඉතිරිටිකත් ඉක්මනින් පලකරන්න. මම අහල තියෙන විදිහට නම් මෙම සුත්‍රය රාවණ රජුට දේශනා කලේ කාෂ්‍යප බුදුන් වහන්සේ යි. මොකද ගෞතම බුදුන් වහන්සේ ලොව පහලවන්නට බොහෝ කලකට පෙර සිටයි රාවණා රාජ ධානිය පවතින්නේ එහෙම බලන විට මෙම සුත්‍රය රාවණ රජුට දේශනා කලේ ගෞතම බුදුන් වහන්සේ විමට කොහෙත්ම හැකියාවක් නෑ. (වංශකථා වලට අනුව විජයගේ ලංකා ගමනය සිදුවන්නේ සම්බුද්ධ පරිනිර්වාණය වෙන දවසේ විම සලකා බලන විට මේ කරුණ තවදුරටත් සනාථ වෙයි.)
Anonymous said…
ලංකාවතර සූත්‍රය මීට කලින් ගුණපාල ධර්මසිරි මහත්තයා සිහළින් පළ කරලා තියෙනවා.

මහායාන‍යට අනුව බුදු රදුන් දෙවි කෙනෙක්- සර්වකාලිනව වැඩ වාසය කරන. ඉතින් මෙතන ම බුදුදහමේ එක් පදනමක් වන අනිත්‍ය සංඛල්පයට මෙය විරුද්ධ නොවේ ද ? අනෙක් අතින් අපි බුද්ධාගම අපි දේවවාදයක් වෙතට තල්ලු කරනවා නොවේද ? මහායානය ඇති උනේම දෙවෙනි ධර්ම සංගායනාවටත් පස්සේ.

මහායානයට ඉන්දියාවේ අනෙක් දර්ශනවාද සමඟ හැපෙන්න බැරි උනා. ඒ අතර උපක්‍රමශීලි ලෙස විෂ්නු අවතරයක් තුලට බුදුරදුන් ලඝු කොට භාරතයේ සදාකාලිකව සඟවා දැම්මා. මහවිහාරය මේක තේරුම් අරන් තමයි සිංහලයා ට මහාවංශය උරුම කරේ, ත්‍රිපිටකය ට අටුවාටීකා ලිව්වේ, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරේ. මේවයි වටිනාකම තේරුම් ගන්න!

රාවණා පස්සේ යන්නන් පටන් ගන්නෙම පොට වරද්දගන - එනම් මහාවිහාරයට ගසමින්. එය මගේ කියවීම හැටියට නම් ද්රෝනහිකමක්. මොකද මේ ගොලන්ට තවම හොඳ සංගත ප්ර වාද කිසිවක් ම ගොඩ නඟා ගන්න බැරි වෙලා තියෙනවා. සූරිය ගුණසේකරගේ පොත් කියවද්දි තෙරෙනවා එවා නිකම්ම නිකම් ප්රසබන්ධ කියලා- නිකම් අර මැඩගස්කාරයට එම නම ලැබුනු විදිහ වගේ.
Dasun said…
මහායාන ධර්මය ගැන හැදැරීමක් නොමැති වෙනත් අයගෙන් අසා දැනගත් අයට මෙහෙම හිතෙන්න පුළුවන්. මේ ලිපි ලිවිමෙදී අපි සහදන් කලා මහායානවත්, ථෙරවාදීවත් නොවී නිකාය බේදයකින් තොර බෞද්ධයෙක් විය යුතුයි කියලා. මොකද අපි ඉන්නේ එතැන නිසා. මහාවිහාරයට ගහන්නවත්, අභයගිරියටවත් ගහන එක නෙවෙයි, හරිදේ හදුනාගැනීමයි. සිංහලයාට මහාවංශය උරුම කරාකියලා කියන්නේ පාලී මහා වංශය වෙන්න ඇති. පොඩ්ඩක් හිතන්න ඇයි බුදු දහම, ත්‍රිපිටකය අපිට තේරුම් ගන්න අමාරු පාලි භාෂාවෙන් තියෙන්නේ කියලා.
මහායානය දෙවැනි සංගායනාවෙන් පස්සේ ඇති වූ වක් නොවේ. මේ විශ්වයේ බුදුවු සෑම බුදුවරයෙක්ගෙම කාලයේ සිට තිබුණ බුදුදහම තමයි මහායානය කියන්නේ.
අපි කියන්නේ නැහැ මේක පිළිගන්න කියලා. ටිකක් හිතන්න, දන්න දේ ඇත්තයි කියලා හිතාගෙන, ඒක බොරුවක් වේ යැයි කියෙන බයට අනිත් දේවල් වලට අපහාස නොකර පොඩ්ඩක් විමසලා, තර්කාණු කූලව හිතලා බලලා තීරණය කරන්න.
ලංකාවතාර සුත්‍රය කලින් ගුණපාල ධර්මසේන මහතා විසින් පළ කලා නම් ලංකාවතාර සුත්‍රය මෙතෙක් සිංහලෙන් පර්වර්තනය නොවුනාය කියපු එකට සමාව අයදිනවා. නැවතත් කියන්නේ, හොයන්න, බලන්න, තරකාණූ කූලව හිතන්න.
(මහවිහාරය මේක තේරුම් අරන් තමයි සිංහලයා ට මහාවංශය උරුම කරේ, ත්‍රිපිටකය ට අටුවාටීකා ලිව්වේ, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරේ. මේවයි වටිනාකම තේරුම් ගන්න! ) මේකේ වටිනාකම සැබෑ ඉතිහාසය දන්න අය හොදට තේරුම් ගන්නවා ඇති.පොඩ්ඩක් විමර්ශනශීලීව සොයා බැලුවානම් ඔබ යථාර්ථය තෙරුම් ගනීවී.
දිගටම රැදී ඉන්න. අදහසට බොහොම ස්තූතියි
Anonymous said…
rawan kiyanne param parawak...rajawaru kipadenekkma idala thiyanawa....
Anonymous said…
Mahayana thahawuru karanna sengaunu uthsahayaka yedenawa wagee peenawa. Buddhathwaya kiyana eka niweradiwa therum gaththoth therei Budhdha kiyanne pudgalayek nemei kiyana eka. eeeka mee vishwayee thiyena athi uthtareethara thathwayai. Kenekuta ee thaththawaya labaganna puluwan perum purala aathma gaanak. ehema ee Budhdha kiyana thaththawaya labagaththa uththamayaanan wahanseetai api Budu Rajanan Wahansee kiyalaa handunwanne.

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...