අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද? 7 වන කොටස අපි අපේ ඉතිහාසය සොයායාමේ පළවෙනි පියැවරේදී ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය ගැන ලිපි පෙළක් ගෙනාවා. අද ඉදන් අපේ ඉතිහාසය සොයා යමේ චාරිකාවේ දෙවන අදියර ආරම්භ කරනවා. ඒ මතු වූ නව ඉතිහාසය පිළිබදවයි. මතු වූ නව හෙළ ඉතිහාසය පළමු වන කොටස විසිවැනි සියවස ඇරඹීමත් සමගම, පාසල් සිසුන්ට මාරි මියුසියස් මැතිනිය හෙවත් සුදු අම්මා විසින් ලියා තිබූ ඉතිහාස කතන්දර තව දුරටත් වැඩි දියූණුකර කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය නැමති පොත ලියලා තියෙනවා. ඒ සමයේ සිටි ලාංකීය ඉතිහාසඥයන් හෝ ගත්කතුවරයන් විසින් මෙයට ප්‍රතිවිරුද්ධව යමක් නොකල නිසා හෝ ඒ ඉතිහාසය පාසල් පෙළ පොත් වල හා පුවත් පත්, සගරා ආදියේ පළ වීම නිසාමද කොහොද, කොඩ්රිංටන් විසින් ලියලා තියෙන ඉතිහාසය අදටත් ලංකාවේ සබෑ ඉතිහාසය ලෙස පිළිගන්නවා. ලංකාවේ පහල වුණ ශ්‍රේෂ්ඨතම පුරාවිද්‍යඥයා විදියට සැලැකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාරණයන් පවා හිතා මතා හෝ ඉංග්‍රිසි බලපෑම මත සෙල්ලිපි සාක්ෂි ඕනෑතරම් තිබියදීම, කොඩ්රිංටන්ගේ මතය තහවුරුකරමින්ම සෙල්ලිපි සාක්ෂි සොයාගැනීමත් නිසාම ඒය සාක්ෂිවලිනුත් සන්නද වෙලා තිබීමත් සබෑ ඉතිහාසය මතුනොව...