VIVA CHE! [1 කොටස] Andrew Sinclair විසින් සංස්කරණය කරන ලද , VIVA CHE! [The Strange Death and Life of Che Guevara] කෘතියෙහි පරිවර්තනය මිනිසෙක් මිය යා යුත්තේ කුමක් වෙනුවෙන් ද ? 1. හැඳින්වීම... '' චේ ග්වාරා '' යන්න බිහි වූයේ ඒ නමේ අයිතිකරුවාගේ උපතින් නොවේ. චේ යනු චේ තුළින් ම එනම් ඔහුගේ ජීවිතය තුළින්ම පැන නැගුනු කිසිවක් විය. චේ වෙනත් කිසිදු විප්ලවවාදියෙකුට යා නොහැකි දුරක් ගමන් කළේය. ඔහු කියූ දේ එපරිද්දෙන් කළ මිනිසෙකු විය. බෙදුණු දකුණු ඇමරිකානු මහාද්වීපයේ අවාසනාවන්ත ඉරණම වෙනස් කිරීමටත් , එහි එක්සත්භාවයත් වෙනුවෙන් එතරම් පරමාදර්ශී කාර්ය භාරයක් ඉටු කළ වෙනත් කිසිවෙකු නොවීය. ඔහු ඒ බව ස්වකීය ජීවන භාවිතාවයෙන් පමණක් නොව , මරණයෙන් ද සනාථ කළේය. චේ , හැර දැමිය නොහැකි මතකයක් බවට පත් වූ වචනයෙන් විස්තර කළ නොහැකි අප්‍රමාණ මිනිසෙකු විය. වරෙක ජීන් පෝල් සාත්‍රේ '' චේ යනු මේ කාලයේ විසූ ඉතාම පරිපූර්ණ මිනිසා '' ලෙස හැඳින්වූයේ එහෙයිනි . චේ බොහෝ හැකියාවන් එක් කොට තැනුනු පුදුම යන්ත්‍රයකි. වෛද්‍යවරයෙක් ලෙස , අර්ථ...
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය