Skip to main content

Posts

Showing posts with the label ගැටයාගෙන්

දඬුමොණරය බලගැන්වීම :: The Power of Dandumonara

මේ දක්වා අපි වෛමානික සූත්‍ර හී සඳහන් වන පරිදි හෙළ ඉතිහාසයේ දියුණු විද්‍යාවක් වූ ගුවන් යානා තාක්ෂණයේ හෙවත් විමාන නිර්මාණයේදී අනුගමනය කල ක්‍රියාවන් ලිපි මගින් ඉදිරිපත් කලා, සාකච්චා කලා. මෙම කොටසින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ විමානයක් බලගැන්වීම හා විමානයක් පණගැන්වීමට බාවිතා කලා වූ බලයන් පිළිබදවයි. මෙහිදි වෛමානික ශාස්ත්‍රය තුල විමානයක් බලගැන්වීමට අවැසි බලයන් පිළිබදව අතීතයේ සිටි ගගන ඉංජිනේරුවන් අර්ථදැක්වූ ආකාරයන් තුනක් සඳහන් වේ.

සිත් පහන් දල්වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා.

අමා දහර දිය ගලා ගලා, තුරු ලතා තුලින් මල් පියළි සලා, ජය හඬින් ලොවට සිහ නද පතුරා ලො සත හට හිමි ජනිත උනා...

අභ්‍යවකාශයේදී දූතකයාට ආරක්ෂාව සලසන දඬු මොණරයේ දර්පණ:: Protecting Mirrors of Ancient Dandumonra

වැඩකටයුතු අධික වෙමින් පවතින නිසා ලිපි ලිවීමේ වේගය අඩු වුණත්, ලිපි ලිවීම නවතා නැති බව කියමින්ම වෛමානික ශාස්ත්‍රහී සඳහන් වන විමානයක ඇති දර්පණ හා කාච පිළිබදව අවසන් කොටස ආරම්භ කරමු. දඬුමොණරයේ ප්‍රධාන පාලක මැදිරියේ ඇති විශ්වකාර්ය දර්පණය හා විමානයට එල්ල වන්නා වු අහිතකර ශක්තීන් උරා ගන්න ශකත්‍යාකර්ෂණ දර්පණය පිළිබද තමයි අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලේ. දර්පණාධිකාරම් යටතේ තිබෙන අනෙකුත් දර්පණ අද සාකච්චා කරමු. මීළගට අපට හමු වන්නේ කුන්තනී දර්පණයයි.  අතීතයේ සිටි බුද්ධිමතුන් පවසන පරිදි විහිදෙන්නා වූ කිරණයන්ගෙන් මිනිසුන්ගේ මනස ව්‍යාකුලත්වයට පත් වන යම් දර්පණයක් වේද, ඒ දර්පණය කුන්තනී දර්පණය වන බවයි. පරානූක්ෂයන් පවසන පරිදි ආකාශයේ අති සුර්ය තාප තරංගයන් අධික කලාපයේ, මනස ව්‍යාකුලත්වයට පත්වන්නා වූ විෂ සහිත සුළං කුණාටු වර්ග හතක් ඇති බවයි. කුන්තනී දර්පණය මගින් මෙම කිරණ අවශෝෂණය කරගෙන විමානයෙන් ඉවතට පර්වර්තනය කරනු ලැබේ. කුණ්තනී දර්පණයෙන් නිකුත් වන කිරණයෙන් මිනිස් මනස ව්‍යකූලත්වයට පත්වන බව සදහන් වන්නේ එබැවිනි. කුණ්තනී දර්පණය කිරණ පරාවර්තයක් මිස කිරණ නිකුත් කරන මුලාශ්‍රයක් නොවන බව වටහා ගත යුතුවේ. ...

ජාල බෝංචි සමග ජාවා මූලිකාංග

ජාවා ක්‍රමලේඛන භාෂාව ඉගෙනීමේදී ජාවා හී මූලිකාංග ඉතා වැදගත්වේ. ඕනෙම දෙයක මූලිකම ලක්ෂණ දැනගෙන එපැයි ඔක්කොටම කලින්. මේ වන කොට ජාල බෝංචි ස්ථාපනය කරගන්න ඇතිනේ. ඒ නිසා කේත සංස්කාරකය( Code Editor)  එක ලෙසත් ජාල බෝංචිම යොදා ගම්මු. ජාවා හී මූලික ලක්ෂණ අපි මෙන්න මේ මේ  කොටස් වලට කඩලා කියාදෙන්නයි යන්නේ. ·          ජාවා වැඩසටහනක කොටස්  :: Parts of Java Program ·          Print  හා  Println  ක්‍රමවේදය හා ජාවා වැඩසටහන් අතුරු මුහුණත  :: Print & Println methods, and Java API ·          විචල්‍ය හා අවිචල්‍ය  :: Variables & Literals ·          මූලික දත්ත ආකාර  :: Primitive Data Types ·          මූලික ගණිතකර්ම  :: Arithmetic Operations ·          සංයුක්ත නියමිත කර්ම  :: Combined Assignment Oper...

ජාල බෝංචි සමග ජාවා ගැන දැන ගමුද?

ජාල බෝංචි කියන්නේ කන බෝංචි දෙයක් නෙමෙයි. හැබැයි මේක හරියට කෑවොත් හොඳ හොඳ මෘදුකාංග නම් වමාරන්න පුළුවන් වෙයි. ජාල බෝංචි හෙවත් NetBeans IDE  කියන්නේ Java, PHP, C++, Ruby වගේ පරිගණක ක්‍රමලේඛන පහසුවෙන් කරගන්න තියෙන හොඳ මෘදුකාංගයක්. ඉතිහාසය ගැන, අළුත් බයිස්කෝප ගැන බ්ලොග් කරන ගමන්ම අළුතෙන්ම පටන් ගත්ත බ්ලොග් එක තමයි මේ. ඇඩ් එකක් දැම්මාට අමනාප වෙන්න එපා. මුල ඉදන්, පහසුවෙන්, සරලව ජාවා ඉගෙන ගන්න කැමැති අයට තමයි මේ බ්ලොග් එක. http://netbeanstips.blogspot.com/

බුද්ධත්වයට විවරණ ලැබූ රාවණ රජු:: The Great King Ravana will attained Buddahood

ලංකාවතාර සුත්‍රෙය් පසුගිය කොටස නිමා කලේ බුදුන් වහන්සේ විසින් ලංකාධිපති රාවණ රජු අගය කිරීමෙ කොටසිනි. ඇත්තටම මෙය අගය කිරීමකට වඩා සාදු කාර දීමක් විය යුතුය. මන්ද යත් යම් දෙයක් අගය කිරීම සාදු කාරයෙන් කරවීම බෞද්ධ ලක්ෂණයක් නිසා. මේ බව මා හට වැටහුනේ රාවණ සහොයුරෝ හී ධම්මික අයියාගේ අදහස් දැක්වීමත් සමග බවත් අද කොටස ආරම්භයට මත්තෙන් ප්‍රකාශ කල යුතුය.  ඉංග්‍රිසි බසෙන් තිබෙන සුත්‍රය සිංහලයට පර්වර්තනයේදී සිදු වන අඩුපාඩු ඉදිරියටත් පෙන්වා දෙන ලෙස ඉල්ලමින්ම අද කොටසට යමු. එම අවස්ථාවේදී රාවණ රජුට මෙසේ  ප්‍රත්‍යක්ෂ විය. තම නියමයන් හී මනා හික්මීමක් ඇත්තා වූද, දර්ශනවාදීන්ගේ ක්‍රමයන් වලින් තොර වූද, අභ්‍යන්තර විඥානයෙන්ම සාක්ෂාත් කරගත්තා වූද, පරිණාමිත හා පරිණාමින යන දෛවත්‍යෙයන් ඔබ්බට ගියා වූද භාග්‍යවතුන් වහන්සේ නැවැත වාරයක් දැකීමට මා කැමැත්තෙමි. යෝගීන් විසින් යථාවබෝධ කරගත්තා වූ දැනුම වනාහී උන්වහන්සේය. සමාධියන්හි පරම සුවය විඳින්නන් ධ්‍යාන වැඩීම තුලින් අවබෝද කරගත් යථාවබෝධය වන්නේ උන්වහන්සේය. “ රාගය හා වෙනස්කොට සැලකීමන් තම ආශ්චර්යමත් බලයන් නැමැති ඉන්ධනයන්ගෙන් දවාලූ , බුද්ධ පුත්‍රයන්ගෙන් පිරිවරාග...

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රය.3. The Lanakawatara Sutra

අද ලංකාවතාර සුත්‍ර සටහන ලියන්න කලින් මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනා. නිකාය බේදයකින් තොරව බෞද්ධ දර්ශනය පිළිපදින්නෙක් විදියට, කලින් ලිපියකත් සදහන් කල සද්ධර්මපූණ්ඩරික සුත්‍රෙය් සිංහල පර්වර්තනය කියවන්න ලැබුණා. මෙම සද්ධර්මපූණ්ඩරික සුත්‍ර දේශනාව සිංහලයට නැගූ ශ්‍රේෂ්ඨාධිකරණ මහා විනිශ්කාරතුමෙක් වන පී.බී වරාවැව මැතිතුමාට හා මට සද්ධර්මපූණ්ඩරික සුත්‍රය ලබා දුන් මලීෂ සහෝදරයටත් පින්දෙමින් අපි සාකච්චාවට පිවිසෙමු. සද්ධර්මපූණ්ඩරික සුත්‍රය හා ලංකාවතාර සුත්‍ර දේශනාව අතර බොහෝ සමාන කම් තියෙනවා. කොහොම වුණත් මෙම සුත්‍ර දෙකම ථෙරවාදී බෞද්ධ සාහිත්‍යෙය් දක්නට නැහැ. සද්ධර්මපූණ්ඩරික සුත්‍රය යනු මොලොව පහල වු, පහල වන්නා වූ සියළු බුදුවරුන් වහන්සේලා විසින් උපාය කෞෂල්‍යෙයන් තොරවූ, තේරුම් ගැනීමට අපහසු වූ සම්මා සම්බුද්ධත්වය හෙවත් බුද්ධත්වය පිළිබදව, නිවරදි වූ නිර්වාණය පිළිබදව මහරහතුන් වහන්සේලා, බෝධිසත්වයන්, ඇතුළු ශ්‍රාවකයන් උදෙසා දේශනාකරන ලද, දේශනා කරන්නා වූ උතුම් වූ සුත්‍රධර්මයක්. මෙහිදී උපාය කෞෂල්‍ය ලෙස සදහන් කලේ මෙලොව පහල වූ සියළු බුදුන් වහන්සේලා තේරුම් ගැනීමට අපහසු, ඉතා ගැඹුරු බුදු දහම පෘථග්ජන සත්වයන් හට තේරුම්...

සුභ අළුත් අවුරුද්දක් වේවා....! Wishing you Happy New Year

ලැබූවා වූ 2012 නව වසර සහෘද තොටුපළ පාඨකයන්ටත්, අපේ සබෑ ඉතිහාසය සොයා යාමට එක්වන සියළු හෙළයන්ටත් සෞභාග්‍යමත්, සමෘද්ධිමත් නව වසරක් වේවා. රෝමානු කැලන්ඩරයට අනුව අද 2012 වසරේ පළමු වැනි දවස වුවත්, සෑම දවසක්ම අළුත් ආරම්භයකින් යුක්තයි. ඊයේ කල දේ ගැන පසුතැවිලි නොවෙමින්, නමුත් ඉගෙන ගනිමින් අළුත් අවුරුද්දේ සියළු සිතුම් පැතුම් ඉටු වේවායි පතමි. ගැටයා

Dreams are there to show you the way:: හීන අපට පාර පෙන්වා දේවී...

Dreams come true they do… Dreams come true… From all of us to all of you they do… මෙහෙම සටහනක් බ්ලොග් එකට දාන්න හිතුවේ මා දුටු සිහිනයක් ලගදීම සැබෑ වන්නට යන හින්දා කියලා කිව්වොත් නිවැරදි. ඒ සිහිනය තමයි “ අත්වැල “ අත්වැල කියන්නේ ශ්‍රි ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සමාජ සත්කාරක වැඩසටහන. ලංකාවේ සතර දිග්බාගයේ තියෙන දුෂ්කර පාසල් හොයාගෙන ගොස් දැයේ දූ පුතුනට නිදහස් අධ්‍යාපන වරමෙන්, ශක්තියෙන්, ධෛර්යයෙන් නැගිටින්නට අත්වැලක් වීමේ පරමාර්ථයෙන් තමයි අත්වැල නිර්මාණය කලේ.

නෙතට කදුළුක් නැගූ දසුනක්::බලලා ඉවරවෙලා මටත් දෙනවාද? Pass it on when you're done with it.

ඇස් දෙක අපිට කොයි තරම් වටිනවාද? අම්මා තාත්තා දරුවෝ ගැන කියද්දි මගේ ඇස් දෙක වගේ බලා ගත්ත දරුවෝ කියනවා අපිට ඕනේ තරම් ඇහිලා තියෙනවා, ඇත්තටම මේ ඇස් අපිට කොයිතරම් වටිනවාද? අපි Blog ලියන්නේ, අපි ලස්සන දේවල් දකින්නේ අළුත් දේවල් හොයන්නේ අපේ ඇස් දෙකෙන්ම නේ....   ටිකකට ඇස් දෙක පියාගෙන තමන්ගේ දෛනික කටයුතු කරන්න, පූළුවන්ද ? බැහැ වැටිලා තුවාලත් කරගනියි... ඒ තරම්ම අපේ ඇස් දෙක අපිට වටිනවා.  නමුත් ඇස් නැති අය?  කී දාහක් මේ ලෝකේ ඇත්ද? අපේ ලංකාවේ ඇත්ද ඒ අයට ජීවිතය කොහොම දැනෙනවා ඇත්ද? මට මේ විදියට කියන්න හිතුනේ යූ ටියුබ් එකේ තිබුණ ශ්‍රි ලංකා අක්ෂි දාන සංගමය වෙනුවෙන් සුභාෂ් පින්න පොල විසින් නිර්මාණය කරපු දැන්වීමක් දැකලා. ටිවි එකේ නොයෙකුත් ආකාරයේ දැන්වීම් දැක්කට මේ දැන්වීම මගේ ඇහැට ඉබේම කදුළුක් ගෙනා.. ඒත් එක්කම හිත කීවා පාවිච්චි කරලා ඉවර වුණාම ඇස් දෙක දෙන්න කියලා... බලලාම ඉන්න කෝ අන්ධ ළමයා : ඇයි  තරුණයා : මොකක්ද? අන්ධ ළමයා: හීනා වෙන්නේ.... තරුණයා: මේ පොතේ තිබ්බ දේකට අන්ධ ළමයා: මොකක්ද? තරුණයා: එක මනුස්සයෙක් කොරගගහා යනවා... ඇයිද ඇහුවම ඒ මනුස්ස...

රාවණ රජු සල්ලාලයෙක් බවට පත් කලේ අපේ නාඩගම් ඇදුරන්ය:: Rama become a her

රාවණ ඝාතනය කර රාම වීරයෙක් කිරීම. අපි මීට කලින් ඉදිරිපත් කරපු ලංකාවේ ශ්‍රේෂ්ඨ නරපතියෙක් වූ රාවණ රජු ගැන ටිකක් විතර දීර්ඝ ලිපියක් තිබුණානේ. ඒකට ප්‍රතිචාර දැක්වපු අයට බෝහෝම ස්තූතියි. ඒ අතර ප්‍රතිචාරයක් තිබුණා රාම චරිතය ගැන සදහන් දශරථ ජාතකයත් මුලාශ්‍රයක් කරගන්න කියලා.   ඔන්න අද අපි ඒ කරුණුත් එක්කම සලකලා තවත් ලිපියක් ලියන්න හිතුවා. අපි කතාකලානේ හෙළ අසුර අධිරාජ්‍ය , පැතීරීම රජවරු ගැන. මේ ලිපි පෙළම පුරාම අපි විස්තර කලා ලංකාවේ බිහිවුණ විශිෂ්ඨ නරපතියෝ රාජ්‍යන් ගැන. කොහොම වුණත් හෙළ අසුර අධිරාජ්‍යට වැඩිපුරම සතුරු බල පෑම් එල්ල වුණෙ භාරතයෙන්. හැම අවස්ථාවේම හෙළ අධිරාජ්‍යට කෙනෙහිලිකම් කලේ මේ අසල් වැසි භාරතය තමයි. හින්දු සාහිත්‍යට අනුව නම් හෙළ අසුර අධිරාජ්‍යෙය් ප්‍රධානතම සතුරා වෙලා තියෙන්නෙ විශ්ණු.

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...