Skip to main content

Posts

Showing posts from January 29, 2012

බුද්ධත්වයට විවරණ ලැබූ රාවණ රජු:: The Great King Ravana will attained Buddahood

ලංකාවතාර සුත්‍රෙය් පසුගිය කොටස නිමා කලේ බුදුන් වහන්සේ විසින් ලංකාධිපති රාවණ රජු අගය කිරීමෙ කොටසිනි. ඇත්තටම මෙය අගය කිරීමකට වඩා සාදු කාර දීමක් විය යුතුය. මන්ද යත් යම් දෙයක් අගය කිරීම සාදු කාරයෙන් කරවීම බෞද්ධ ලක්ෂණයක් නිසා. මේ බව මා හට වැටහුනේ රාවණ සහොයුරෝ හී ධම්මික අයියාගේ අදහස් දැක්වීමත් සමග බවත් අද කොටස ආරම්භයට මත්තෙන් ප්‍රකාශ කල යුතුය.  ඉංග්‍රිසි බසෙන් තිබෙන සුත්‍රය සිංහලයට පර්වර්තනයේදී සිදු වන අඩුපාඩු ඉදිරියටත් පෙන්වා දෙන ලෙස ඉල්ලමින්ම අද කොටසට යමු. එම අවස්ථාවේදී රාවණ රජුට මෙසේ  ප්‍රත්‍යක්ෂ විය. තම නියමයන් හී මනා හික්මීමක් ඇත්තා වූද, දර්ශනවාදීන්ගේ ක්‍රමයන් වලින් තොර වූද, අභ්‍යන්තර විඥානයෙන්ම සාක්ෂාත් කරගත්තා වූද, පරිණාමිත හා පරිණාමින යන දෛවත්‍යෙයන් ඔබ්බට ගියා වූද භාග්‍යවතුන් වහන්සේ නැවැත වාරයක් දැකීමට මා කැමැත්තෙමි. යෝගීන් විසින් යථාවබෝධ කරගත්තා වූ දැනුම වනාහී උන්වහන්සේය. සමාධියන්හි පරම සුවය විඳින්නන් ධ්‍යාන වැඩීම තුලින් අවබෝද කරගත් යථාවබෝධය වන්නේ උන්වහන්සේය. “ රාගය හා වෙනස්කොට සැලකීමන් තම ආශ්චර්යමත් බලයන් නැමැති ඉන්ධනයන්ගෙන් දවාලූ , බුද්ධ පුත්‍රයන්ගෙන් පිරිවරාග...