Skip to main content

Posts

Showing posts from May 15, 2011

තෙවරක් හෙළදිව ගිල ගත් සුනාමි::The tsunami was swallow up Sri lanka in 3 times

ආරම්භය නිර්ණය කල නොහැකි හෙළ ඉතිහාසය ඔන්න අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යන ගමනේ තුන්වන පියවර ආරම්භ කරන්නයි යන්නෙ. මේ වන විට අපේ ඉතිහාසය පිළිබදව සබෑ තත්වය යටපත්වීමේ සිට මතු වූ සබෑ තත්වය ගැන ලිපි පෙළක් ගෙන ආවා. විජයාගමනයෙන් පසුව සිංහල ජාතියත්, ලංකාව ශිෂ්ඨාචාර වීමත් ආරම්භ වුණා කියලා මහා වංශය හා අනෙකුත් වංශ කතා පැවසූවද, බෞද්ධ බලපෑම් වලින් තොරව ස්වාධීනව ලියැවුණ රාජාවලියේ තියෙන්නෙ මහා සම්මත මනු රජතුමාගෙන් රාජා වංශය ආරම්භ වූණා කියලයි. නමුත් රාජාවලියේ තියෙන මනු රජුගේ රාජ්‍ය සමයේ භූගෝලිය ලක්ෂණ අනුව මනු රජුගේ පෙළපත ආරම්භ වුණ රට උතුරු ඉන්දියාව කියලා නිගමනය කරන්න පුළුවන්.         1840 දී ඇරඹුණ මහා වංශය ඉංග්‍රීසියට පර්වර්තනය කරමින් ලංකා ඉතිහාසය හැදැරීමට පටන්ගෙන තිබෙනවා. ඒ වන විට ඉංග්‍රීසීන් විසින් ඉන්දියාවේ ඉතිහාසය ආරම්භ කරන ලද්දේ බුද්ධ කාලීන ඉන්දියාවට ආසන්න මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ඉන්දියානු ආක්‍රමණ සමයේ සිට පමණයි. ඒ වන විට ඉන්දියාවේ තිබුණ වෛදික යුගය, බ්‍රහමණ යුගය හා උපනිෂද් යුගයද, මහා භාරතය හා රාමායණය යන යුගයන්ද සාහිත්‍යමය මිත්‍යාවන් ලෙස නොසලකා හැරලා තියෙනවා. 1890දී පම...