පෝරකය අබිමුව සිට පන්හිඳ කගපතක් සේ ලෙලවූ සැබෑ විරුවා| ජූලියස් ෆුචික් අද සැප්තැම්බර් 08: 'ලෝක පුවත්පත් කලාවේදීන්ගේ සහයෝගිතා දිනය'යි. මෙම සුවිශේෂී දිනය නම්කරණු ලැබුවේ එක් සුවිශේෂී පුවත්පත්කලාවේදියකු මානව සංහතියේ ආරක්ෂාව වෙනුවෙන් ලියූ වරදට මරාදැමුණු දිනය එදා වූ නිසාය. මේ සටහන ඔහු වෙනුවෙනි. තවත් දිනයක් උදා වෙමින් තිබිණි. ඒ 1943 සැප්තැම්බර් 08 වනදාය. නාසි අලුගෝසුවන් විසින් ඒ රාත්‍රියේ දී ජර්මනියේ බර්ලින් අගනුවර 'ප්ලොටෙන්සී' බන්ධනාගාරය තුළ සිරකරුවන් 360 දෙනෙකු මරා දමන ලදී. දහස් ගණනක් එකවර මරා දැමූ කාලයක 360 දෙනකු යනු සුළු ඉලක්කයකි. ඒ මරා දැමූ හැම දෙනාම මිනිසුන්ය. වෙනසකට තිබුණේ ඔවුන් නාසිවාදයට එරෙහි වූවන් වීමය. ඒ අතර සිටි එක්තරා සුවිශේෂී මිනිසකු, 'ජූලියස් ෆුචික්' නම් විය. 1903 පෙබරවාරි 23වන දින ප්‍රාග් නගරයේ ස්මිචොව් හි උපන් ඔහුගේ පියා ඉංජිනේරුවකි. තරමක් වත් පොහොසත්කමින් යුතු පවුලක දරුවකු ලෙස ඔහුට සිටියේ ...
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය