Skip to main content

Posts

Showing posts from October 10, 2010

නුඹයි පුතේ...

සයිබර් අවකාශයේ සැරි සරද්දි ශ්‍රි ලාංකීය සංගීත ක්‍ෂෙත්‍රයේ සිය ලකුණ සටහන් කල සුවිශේෂි කලා කරුවෙකුගේ ගීත රාශියක්ම භාගත කර ගන්නට ලැබුනා...ඒ වික්ටර් රත්නායකයන්ගේ ගීත එකතුවක්ය. තත්කාලීන ලාංකීය සමාජය මැනවින් විග්‍රහ වන මෙම ගීතය අද ජනප්‍රිය යැයි කියන, නොයෙක් පාඨ වලින් විස්තර කරන වෛවාරණ FM නාලිකාවල විකාශනය නොවන්නේ මන්දයි ? මට සිතු නා අපගේ බ්ලොගය නරඹන සහෘදයන්ට කවදාත් හොඳ දේ ලබා දීම අපගේ අරමූණ බැවින් එය ඔබත් සමඟ හුවමාරු කරගැනීමෙන් හෝ ගීත රචකයාගේ නම නොදත්තත් වික්ටර් රත්නායකයන්ගේ හඬින් රසවත් වූ මෙම ගීතය රැකේවා, පවතීවා යැයි පතන්නෙමු. නුඹයි පුතේ... දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ... සීගිරි ගලේ ගී ලිව්වේ නුඹයි පුතේ... නඟුලෙන් ඒදා රජ කෙරුවේ නුඹයි පුතේ... පැඳුරේ මෙදා නිදියන්නෙ නුඹයි පුතේ... අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා... සිලි සිලි සිනිඳු දිව සළු පිළි ඇඳ පළඳා... මහජනයාට වැදි බණ කියමින් බොළඳා... සැප විදි එකා නිරයට නොයතිද මළ දා... ඉර හඳ අදත් පායනවා හද අරණ්... මගේ රට පින‍ට කෑවේ නෑ නො...