Skip to main content

Posts

Showing posts from March 20, 2011

The New Film Releasing on seuslsla අළුත් චිත්‍රපටයක් දෙන්නයි යන්නෙ-big-mommas-like-father-like-son

අ‍පේ Blog ගොන්නෙ අලුත් Blog 1ක ගැන අපි කිව්වානේ. ඔන්න අදත් ඔයාලට අලුත් චිත්‍රපටයක් දෙන්නයි යන්නේ. මේක අළුත්ම හාස්‍ය ගනයට අයිති චිත්‍ර පටියක්. ඒ තමයි

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?(4 - කොටස)

ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය . තෙවන වෙළුම පණ්ඩුකාභය කුමරුගේ පියා චිත්‍රරාජ කියලා. මෙහෙම ලංකාවේ රාජ්‍යත්වය නැවතත් හෙළයන් අතට පත්වී පණ්ඩුකාභය රජුගෙන් පසු සිංහල රාජ පරම්පරාවක් ඇරඹීමද, දුටුගැමුණූ රජු විසින් පසුකලෙක ඒකීය රාජ්‍යන් ඇරඹීමත් අපේ ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන විදිහට සලකන්න පුළුවන්... අද එතැන් සිට.... අපි කවුරුත් දන්න දෙයක් තමයි ලංකාව ඉස්සෙලාම එක්සේසත් කලේ දුටුගැමුණු රජතුමා කියලා. එතුමා ඒ සටන පටන් ගත්තෙ “ මගේ මේ ව්‍යායාමය, හුදෙක් රජ සැප පිණිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාය “ යන සටන් පාඨය මුල්කරගෙනයි. ඊට හේතුව තමයි ඒ වන විට බුදුදහම සිංහලයන් සියල්ලම පාහේ තම ආගම බවට පත්කරගෙන තිබීමයි. ඒ වගේම අපිට එතැනින් වටහා ගන්න පුළුවන් තවත් දෙයක් තමයි බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙරට පාලක පන්තිය දක්වා පුළුල් වුණා කියන එක. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ලංකාව තුල ඒ තත්වය ලැබුනේ, ඒ වන විට පාලක පක්ෂයව සිටි දේවයන්, බුදුන් ලංකාවට වැඩම කොට ධර්මය දේශනා කල අවස්ථාවේ දේව අධ්‍යාපනයේ ප්‍රධානියාව සිටි (ශක්‍ර) සුමන(සමන්) සෝවාන් වී එම කාර්්‍යන් අත්හල නිසා වෙන්න ඇති. මහා වංශයට අනුව ලංකාවේ දේව වංශය ගැන හෝ දේව අධ්‍...

මිනිසෙක් මිය යා යුත්තේ කුමක් වෙනුවෙන් ද? [2කොටස]

VIVA CHE! [2 කොටස] Andrew Sinclair   විසින් සංස්කරණය කරන ලද , VIVA CHE! [The Strange Death and Life of Che Guevara]   කෘතියෙහි පරිවර්තනය ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ ALBERTO GRANADOS] මෙසේ කියයි: අර්නෙස්ටෝ සහ අප අතර තිබූ ප්‍රධානතම සමානකමක් වූයේ ක්‍රීඩාශීලීත්වයයි. මුළු ජීවිත කාලය පුරාම චේ ඇදුම රෝගයෙන් පීඩා විඳි බව ප්‍රකට කරුණක්. එසේ තිබියදී පවා ඔහු ක්‍රීඩාවට ඇලුම් කළා. කාව්‍ය සහ ක්‍රීඩාව අතර දෝලනය වූ අධ්‍යාපනය මගින් ඔහුට අධ්‍යාත්මික උත්තේජනයක් ලැබුනා. එයින් ඔහු ශාරීරිකව ශක්තිමත් වුනා. අර්නෙස්ටෝ තුළ තිබුණු සංචාරයටත් අනතුරුදායක ක්‍රියාකාරකම් වලටත්- වූ ගිජුකම මේ ක්‍රීඩාශීලීත්වයේම දිගුවක්. ඔහු උසස් විද්‍යාලයේත් මම විශ්ව විද්‍යාලයේත් ඉගෙන ගනිමින් සිටි නමුත් , කෙමෙන් අප එකිනෙකාගේ සමාගමය ප්‍රිය කරන මිතුරන් බවට පත් වුනා. ඔහුගේ බුද්ධිමත්බව සහ දැනුම හඹා යාමේ ලොල් බව නිසා අපි සියල්ලෝ ඔහුව ප්‍රිය කළා. මම අර්නෙස්ටෝගේ සහෝදරයාගේ පුස්තකාලයට නිතර නිතර ගියා. බොහෝ පොත්වල පළමු කියවන්නා වූයේ අර්නෙස්ටෝ. දෙවැනි කියවන්නා වූයේ මමයි. හැම ආකාරයකින්ම සුවිශේෂී වූ අනාගත ජීවිතය වෙනුවෙන් කිසියම් වූ බුද්ධිමය ඉවක් ...