Skip to main content

Posts

Showing posts with the label ගුවන් යානා තාක්ෂණය

දඬුමොණරය බලගැන්වීම :: The Power of Dandumonara

මේ දක්වා අපි වෛමානික සූත්‍ර හී සඳහන් වන පරිදි හෙළ ඉතිහාසයේ දියුණු විද්‍යාවක් වූ ගුවන් යානා තාක්ෂණයේ හෙවත් විමාන නිර්මාණයේදී අනුගමනය කල ක්‍රියාවන් ලිපි මගින් ඉදිරිපත් කලා, සාකච්චා කලා. මෙම කොටසින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ විමානයක් බලගැන්වීම හා විමානයක් පණගැන්වීමට බාවිතා කලා වූ බලයන් පිළිබදවයි. මෙහිදි වෛමානික ශාස්ත්‍රය තුල විමානයක් බලගැන්වීමට අවැසි බලයන් පිළිබදව අතීතයේ සිටි ගගන ඉංජිනේරුවන් අර්ථදැක්වූ ආකාරයන් තුනක් සඳහන් වේ.

අභ්‍යවකාශයේදී දූතකයාට ආරක්ෂාව සලසන දඬු මොණරයේ දර්පණ:: Protecting Mirrors of Ancient Dandumonra

වැඩකටයුතු අධික වෙමින් පවතින නිසා ලිපි ලිවීමේ වේගය අඩු වුණත්, ලිපි ලිවීම නවතා නැති බව කියමින්ම වෛමානික ශාස්ත්‍රහී සඳහන් වන විමානයක ඇති දර්පණ හා කාච පිළිබදව අවසන් කොටස ආරම්භ කරමු. දඬුමොණරයේ ප්‍රධාන පාලක මැදිරියේ ඇති විශ්වකාර්ය දර්පණය හා විමානයට එල්ල වන්නා වු අහිතකර ශක්තීන් උරා ගන්න ශකත්‍යාකර්ෂණ දර්පණය පිළිබද තමයි අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලේ. දර්පණාධිකාරම් යටතේ තිබෙන අනෙකුත් දර්පණ අද සාකච්චා කරමු. මීළගට අපට හමු වන්නේ කුන්තනී දර්පණයයි.  අතීතයේ සිටි බුද්ධිමතුන් පවසන පරිදි විහිදෙන්නා වූ කිරණයන්ගෙන් මිනිසුන්ගේ මනස ව්‍යාකුලත්වයට පත් වන යම් දර්පණයක් වේද, ඒ දර්පණය කුන්තනී දර්පණය වන බවයි. පරානූක්ෂයන් පවසන පරිදි ආකාශයේ අති සුර්ය තාප තරංගයන් අධික කලාපයේ, මනස ව්‍යාකුලත්වයට පත්වන්නා වූ විෂ සහිත සුළං කුණාටු වර්ග හතක් ඇති බවයි. කුන්තනී දර්පණය මගින් මෙම කිරණ අවශෝෂණය කරගෙන විමානයෙන් ඉවතට පර්වර්තනය කරනු ලැබේ. කුණ්තනී දර්පණයෙන් නිකුත් වන කිරණයෙන් මිනිස් මනස ව්‍යකූලත්වයට පත්වන බව සදහන් වන්නේ එබැවිනි. කුණ්තනී දර්පණය කිරණ පරාවර්තයක් මිස කිරණ නිකුත් කරන මුලාශ්‍රයක් නොවන බව වටහා ගත යුතුවේ. ...

දඬුමොණරයේ ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් තිරය ගැන දැන ගනිමු.:: Control room Screen of Ancient Aircraft

මේදක්වා අපි විමානයට අවැසි ලෝහ, දූතකයාට අවැසි ඇඳුම් හා ආහාර පිළිබදව සාකච්චා කරානේ. මිලගට විමානය තුල හා පිටත සවිකල යුතු විවිධ වූ දර්පණයන් හා කාචයන් පිළිබද සාකච්චා කරමු. මෙම විමාන කාච පිළිබදව හැදැරිම හදුන්වන්නේ දර්පණාධිකාරම් යනුවෙන්. මෙහිදි දර්පණ යනුවෙන් හැදින්වූද මින් සමහරක් වර්තමාන රූප වාහිනි තිරයන්ට හා විවිධා ආකරයේ පැනලයන්ට සමාන කරන්න පුළුවන් කණ්නාඩි හා කාච :: Darpanaadhikaranam මෙම කොටසින් විමානයක සවි කල යුතු දර්පණ පිළිබදව තමයි සාකච්චා කරන්නේ. විමානයක දර්පණ ප්‍රධාන වශයෙන් වර්ග 7කින් සමන්විත වේ. මින් සමහර දර්පණයන් වර්තමානයේ මොනිටරයක් වැනි තිරයකටද, සමහර දර්පණ සූර්ය පැනල ආකාරයේ ශක්තිය උකහා ගැනීමට ගන්නා දර්පණවලට සමාන කල හැක. ඒ අනුව ·         විශ්වකාර්ය දර්පණය හෙවත් රූපවාහිනි තිරය ( විමානයේ ප්‍රධාන මෙහෙයුම් තිරය විය හැක) ·         ශක්ත්‍යාකර්ශන දර්පණ හෙවත් ශක්තිය අවශෝෂණය කරගන්නා දර්පණ ·         කුන්තනී දර්පණ ·         පින්ජුලා දර්ප...

දඩුමොණරය සෑදූ ලෝහ වර්ගය ගැන දැනගනිමු - 2 making ancient aircrafts

පසුගිය ලිපියෙන් අපි සාකච්චා කලේ විමානය සෑදීමට අවශ්‍යවන ලෝහ වර්ගයන් ,ඒවායේ නාමයන් ලැබී ඇති ආකාරය හා ඒවා සතු විවිධ ගුණංග පිළිබදවයි. අද අපි සාකච්චා කිරීමට බලා පොරොත්තු වන්නේ පසුගිය ලිපියෙන් අපි සදහන් කල ලෝහ වර්ගයන් පිරිසිදු කරගන්න ආකාරය හෙවත් ලෝහයන්  නිස්සාරණය කරන ආකාරයයි. මෙය වෛමානික ශාස්ත්‍රහී දෙවන පරිච්ඡේදය පුරාවටම දැක්වෙන්නේ මෙම ලෝහ නිස්සාරණය හා විමානයට අවැසි පරිදි ඒවා සකස් කරගන්නා ආකාරයයි. "Oosh mapaastriloha Mayaaha." උෂ්මපා ලෝහ, ලෝහ 3ක් මිශ්‍ර කිරීමෙන් සාදාගනු ලැබේ. මෙහිදී උෂ්මපා ලෝහ යනුවෙන් හැදින්වෙන්නේ විමානය සෑදීමට අවැසි ලෝහයයි. විමානය බොහෝමයක් දුරට අජඨාකාශ යානයක් බැවින් එය සාදන ලෝහ වර්ගයන් විවිධ උෂ්ණත්වයන්ට ඔරොත්තු දිය හැකි ලෝහ වර්ගයක් විය යුතුය. එම ලෝහ වර්ගය උෂ්මපා යනුවෙන් හැදින්වෙන්නේ එබැවිනි. මෙලෙස උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෝහයන්, සෞම, සෞන්දල හා මෞර්තවික යනුවෙන් අපි පසුගිය ලිපිවලින් කතා ලෝහයන් මිශ්‍ර කිරීමෙන් සාදාගනු ලැබේ. ලෝහ රත්නාකරයට අනුව සෞම, සෞන්දල හා මෞර්තවික යනු මූලික හෙවත් බීජ ලෝහයන්ය. සෞම කාණ්ඩය - සෞම, සෞම්‍යක, සුන්දාස්‍ය, සෝම, පංචානන, උෂ...

දඩුමොණරය හදපු ලෝහ වර්ගය ගැන දැනගමු.:: the metals of Dandumonara

හෙළගුවන් යානා තාක්ෂනයේ අවසන් ලිපියෙන් අපි සාකච්චා කලේ, දුතකායාට එහෙමත් නැත්තම් හෙළ ගුවන් යානා නියමුවන්ට ඇදුම් නිර්මාණයේ කලේ කොහොමද? ගුවන් ගමන් වලදී ඔවුන් භාවිතා කල ආහාර වර්ග මොනාද, එවා පිළියෙල කරගත් ආකාරයනේ.  පසුගිය ලිපිය දෙස නැවතත් විමසීමක් කලොත් මේ ආහාර, ඇදුම් වර්ග සාමාන්‍ය ගුවන් ගමනක් සදහා භාවිතා කරන ඒවා නොව අභ්‍යවකාශ තරණය උදෙසා සකස් කල ඒවා විය යුතුයි. අපේ පසුගිය ලිපි වලින් විමාන කියන්නේ තනි යානයක් නොවේ හෙළ ගුවන් යානාවලට පොදුවේ භාවිතා කල නම කියලා කිවානේ. කොහෝම වුණත් පරණ ලිපි පෙල මතක් කරගනිමින්ම මේ ගමනේ ඉදිරියටත් සකච්චා කරමු. වෛමානික ශාස්ත්‍රෙය් මීලගට සදහන් වන්නේ ගුවන් යනා තැනීමට භාවිතා කල ලෝහ වර්ග හා ඒවා සකස් කල ආකාරය. එය වෛමානික ශාස්ත්‍රෙය් 13 වැනි සුත්‍රයයි. මුලින්ම අපි ලෝහ පිහිටා ඇති ආකරය හා ඒවායේ ඇති ගුණාත්මක බාවයන් හා ශක්තීන් විමසා බලමු. අත්ථ යාන ලෝහානී :: Next, the Metals for aero planes :: විමානය සදහා ලෝහ ගුවන් යානයේ දුතකයාට අවැසි ආහාර, ඇදුම් සකස් කිරීමෙන් අනතුරුව ගුවන් යානය තැනීමට අවශ්‍ය ලෝහ සපයා ගෙන යානය තැනීමට අවැසි ලෝහය නිපදවාගත යුතුය. යානය සෑදීමට අවශ්...

මේතෙක් ආ ගමන් මගේ....Up to Now

2011-02-01 දා තමයි අපි අපේ සබෑ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තේ එදා පටන් තවමත් අපි නිමා නොවු ගමනක ඉතිහාසය සොයා යමින් සිටිනවා. එදා සිට අද දක්වා මේ ගමනේ රැදි සිටි අයට, අදහස් පලකල අයට, දිරිමත් කල අයට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා. මෙම ගවේෂණයේදී මා සමග කරුණු හුවමාරු කරගත්, සාකච්චා කෙරු, ආශිර්වාද කෙරු, මලීෂ වීරමන්ත්‍රි සොයුරාට සිවිල් ආරක්ෂක බලකා දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යකෂ ලුතිනන් කර්නල් රත්නප්‍රිය මහතාට හා සැබෑ ඉතිහාස ගවේෂණයේ යෙදෙන, සැබෑ ඉතිහාසය හෙලි කල ආචාර්ය සුරිය ගුණසේකරයන්ටත්, රාවණ ඉතිහාසය ගවේෂණය කිරීමට තම දිවියම කැප කර ඇති ජයන්තපතිර ආරච්චි මහතාටත් ගෞරවණීය ස්තූතිය පුද කරමි. මෙතෙක් ආ ගමනේ තැබූ සටහන්    අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමු අපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ... ? කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජය රජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ. ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද... ?   1.  අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමු -1   2. අපි අපේ සැබෑ ඉතිහාසය සොයා ය මු -2  3. අපි අපේ සැබෑ ඉතිහා...