Skip to main content

Posts

Showing posts from April 17, 2011

The Bigest Navy Campusof Old world was Sri Lankan-අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?(6 වන කොටස)

මහා වංශයට අනුව පණ්ඩුකාභයගේ පුත් මුඨසීව ක්‍රි.පු. 366 දී රාජ්‍යත්වයට පත්වෙනවා. මුඨසීව රජුගේ බාලම පුත්‍රයා වන අසේල රජ වන්නෙ ක්‍රි.පු. 214දී. මේ අතර තියෙන කාල පරාසය වසර 152ක්. බුදුන් වහන්සේගේ සමයේ පවා මිනිසාගේ පරමායුෂ වුනේ අවුරුදු 120යි. අසේල රජු මරා එළාර රජවු අතර එළාර පරාජය කර දුටුගැමුණු රජු රජවන්නෙ පරම්පරා 5කට (මහානාග--යටාලතිස්ස--ගෝඨාභය- - කාවන්තිස්ස-- දුටුගැමුණු) පසුවයි. මෙය මහත් පුදුමයකි. අද එතැන් සිට...   පැරණියුගයේ ලෝකයේ සුපතල නාවික ගුරුකුල 2ක් තිබිලා තියෙනවා. 1ක් තමයි එකක් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ, අනික තිබිලා තියෙන්නෙ හෙළදිව කල්‍යාණියේ. මේ විශ්වවිද්‍යාලය නැගෙනහිර හැඩ ඔය මුවදොර අසල තිබූනා යැයි සලකනවා. ඒ යුගයේ ලංකාවේ වැව් ආශ්‍රිත ශිෂ්ඨාචාරයක් තිබිලා නැහැ. නාවික ආර්ථිකය තමයි රටේ ප්‍රධාන ආර්ථික ක්‍රමය වෙලා තියෙන්නෙ. මෙම තොරතුරු දැනටත් ඇලෙක්සැන්ඩ්‍රියා කෞතුකාගාරයේ ආරක්ෂිතව තියෙනවාලු. තිස්ස රජුගේ කාලයේ(මහා තිස්ස -විහාර මහා දේවියගේ පියා) මුහුද ගොඩගලා ඇවිත් ගොඩබිම යට වුණ බව සදහන් වෙනවා. ඒ කාලේ නම නොතිබුණාට ඒ ලංකාවට ගලපු පළමු සුනාමිය ගැන ලිඛිත සදහනයි. රජාවලියට අනුව මෙම මුහුද ගොඩ...