ඒ ටෝට්ටෝ චං විහාර බිමේ පොළකට ගිය පළමු වතාවය. ඇගේ කලින් පාසල අසල සෙන්සෝකු පොකුණ මැද කුඩා දිවයිනක් තිබුණි. සුන්දරත්වයට සහ සංගීතයට අරක්ගත් බෙන්තන් දෙව්දුවට කැප වූ දෙවොලක් එහි පිහිටියේය. වාර්ෂික පොළ පැවැති දින රැයේහි අඳුරු පහන් වූ මඟ දිගට මව හා පියා සමඟ ඈ ගමන් කළා ය. ඔවුන් පොළට ලගාවෙත්ම, දිප්ත පහනින් හාත්පස දිදුලන්නට විය. ටෝට්ටෝ චංට ඒ ඒ වෙළද කුටිවලට එබී බැලුවා ය. හැම තැනින්ම නොයෙකුත් අමුතු හඬ නිකුත් විය. කෙඳිරිලි මෙන් ම, ගිගුරුම් හා පිපුරුම් ද ඇසිණි. සිත් පොලඹවන නොයෙකුත් සුවඳින් ඒවා පිරී තිබිණි. සියල්ල අලුත් ය. අමුතු ය. “ පෙපර්මින්ට් “ උරා බීය හැකි සෙල්ලම් දුම් පයිප්ප තැනෙක විය. බළලුන්, බල්ලන්, ආදී සුරතලුන් ගේ රූපවලින් ඒවා සරසා තිබිණ. “ ලොලි පොප් “ සහ සූකිරි ද පැල බඩ, උණ්ඩ සඳහා යොදා වෙඩි හඬ නැංන්විය හැකි බට තුවක්කුද විය. මඟ අසල එක් මිනිසෙක් වීදුරු හපමින් කඩු ගිලිමින් සිටියේ ය. බඳුන් දිදුලන ලෙස මැද ගැනීම උළන කුඩු වර්ගයක් විකුණන මිනිසෙක්ද විය. මුදල් අතුරුදහන් කරන රන් මුදු, හිරු එළියෙන් විනාශ වන පින්තූර, දියේහි බහා ලූ විට පිපෙන මල් වැනි ඉන්ද්‍රජාල ද විය. නොයෙක් තැන්හි ඇගේ ඇස් දැවටිණ....
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය