22.2.11

“මට වුමණා එකම දෙය“






ඒ ටෝට්ටෝ චං විහාර බිමේ පොළකට ගිය පළමු වතාවය. ඇගේ කලින් පාසල අසල සෙන්සෝකු පොකුණ මැද කුඩා දිවයිනක් තිබුණි. සුන්දරත්වයට සහ සංගීතයට අරක්ගත් බෙන්තන් දෙව්දුවට කැප වූ දෙවොලක් එහි පිහිටියේය. වාර්ෂික පොළ පැවැති දින රැයේහි අඳුරු පහන් වූ මඟ දිගට මව හා පියා සමඟ ඈ ගමන් කළා ය. ඔවුන් පොළට ලගාවෙත්ම, දිප්ත පහනින් හාත්පස දිදුලන්නට විය. ටෝට්ටෝ චංට ඒ ඒ වෙළද කුටිවලට එබී බැලුවා ය. හැම තැනින්ම නොයෙකුත් අමුතු හඬ නිකුත් විය. කෙඳිරිලි මෙන් ම, ගිගුරුම් හා පිපුරුම් ද ඇසිණි. සිත් පොලඹවන නොයෙකුත් සුවඳින් ඒවා පිරී තිබිණි. සියල්ල අලුත් ය.
අමුතු ය.
පෙපර්මින්ට් උරා බීය හැකි සෙල්ලම් දුම් පයිප්ප තැනෙක විය. බළලුන්, බල්ලන්, ආදී සුරතලුන් ගේ රූපවලින් ඒවා සරසා තිබිණ. ලොලි පොප් සහ සූකිරි ද පැල බඩ, උණ්ඩ සඳහා යොදා වෙඩි හඬ නැංන්විය හැකි බට තුවක්කුද විය.
මඟ අසල එක් මිනිසෙක් වීදුරු හපමින් කඩු ගිලිමින් සිටියේ ය. බඳුන් දිදුලන ලෙස මැද ගැනීම උළන කුඩු වර්ගයක් විකුණන මිනිසෙක්ද විය. මුදල් අතුරුදහන් කරන රන් මුදු, හිරු එළියෙන් විනාශ වන පින්තූර, දියේහි බහා ලූ විට පිපෙන මල් වැනි ඉන්ද්‍රජාල ද විය. නොයෙක් තැන්හි ඇගේ ඇස් දැවටිණ. හදිස්සියේ ම ඇය නැවති සිට ගත්තා ය.

ඉතිරි ටිකත් කියවන්න

ඕ අර බලන්න.“  සිහින් හඬ නඟන කහවන් කුකුළු පැටවුන් පිරුණු පෙට්ටියක් දැක ඇය කෑගෑවා ය. මව හා පියා ඉදිරියට අදිමින්, මට එකෙක් අරන් දෙන්නයි කීවා ය.
සියලු පැටවු ටෝට්ටෝ චං දෙසට හැරී, කුඩා හිස් ඔසොවා, කුඩා පෙඳ වනමින් හඬ ඉහළ නංවමින් ඇය දෙස බැලූහ.
උන් ඉතා කඩිසර ය.  ඇයට සිතිණ. මෙතරම් සිත් ඇද බැඳ ගත් කිසිවක් ඈ ජීවිත කාලය තුල දැක නැත. ඇය උන් අසල කර බා ගත්තා ය.
අනේ. මව ගෙන්, පියා ගෙන් ඇය යැද්දා ය. පුදුමයකට මෙන් ඇය එතැනින් ඉවතට ඇදගෙන යාමට ඔවුහු වෙහෙසුණහ.
ඔයාලා මට කීවා.මොනවා හරි අරගෙන දෙනවා කියලා. මට ඕනෑ එකම දේ තමයි, මේ. ඇය කීවාය.


 නෑ දුව, මේ අසරණ කුකුළු පැටවු ඉක්මනට ම මැරෙන්නයි යන්නෙ මව නිසලව කීවාය.
ඒ මොකද? ටෝට්ටෝ චං හඬමින් විචාළා ය. පියා වෙළෙන්දාට නො ඇසෙන ඈතට ඇය ඇද ගොස්, මෙසේ කීවේය. දැන් හොඳට ඉන්න බව ඇත්ත. ටොට්ස්කි, උන් ඉතාම දුර්වල යි. වැඩි වේලාවක් ජීවත් වෙන්නෙ නෑ. ඌ මැරුණා ම ඔයා අඬාවි. ඒක නිසායි අරන් නොදෙන්නෙ.
එහෙත් කෙසේ හෝ කුකුළු පැටියෙකු ලබා ගැනීමට ඇය අදිටන් කර සිටියා ය.
කී කිසිවක් ඇගේ කනට නොවැටුණි.
 මම ඌට මැරෙන්න දෙන්නෙ නෑ. මම ඌ බලා ගන්නවා. ටෝට්ටෝ චං ඉවතට ඇදගෙන යාමට මා පියන් කෙතරම් වෑයම් කළ ද, ඇය කෑදර සිතින් කුකුළු පැටියන් වෙතම, නෙත් සිත් යොමා සිටියා ය. පැටවුද තව තවත් හඬ දෙමින් කෑදර කමින් ඇය දෙස බැලූ හ. ඇයට වුවමනා එකම දේ කුකළු පැටවා ම පමණි. ඇය මා පියන්ට කන්නළවු කළාය.
 අනේ, අනේ, මට එකෙක් අරන් දෙන්න.
අන්තිමේ දී ඔයාට අඬන්න සිද්ද වෙන නිසා, අපට ඒක කරන්න බෑ.
ටෝට්ටෝ චං හඬා වැටුණා ය. දෙකොපුල් දිගේ කදුළු ගලා බැස්සෙ ය. ඔවුහු නිවස වෙත ආපහු පා නඟමින් සටියහ. අතුරු මඟට පිළිපන් පසුව, ටෝට්ටෝ චං ඉකි බිඳිමින් වදනින් වදන මිමිණුවා ය. 
මගේ ජීවිත කාලෙට ම, කිසිම දෙයක් මට මේ තරම් උවමනා වුණෙ නෑ. මීට පස්සෙ කිසිම දෙයක් මං ඉල්ලනෙ නෑ. අනේ මට එක කුකුළු පැටියෙක් අරගෙන දෙන්න.
අන්තිමේ දී මව හා පියා දෙදෙනකු ම රැගෙන දුන්හ. එය වූ කලී වැස්සක් නැවතී හිරු රැස් ගලා යාමක් විය.
ටෝට්ටෝ චං ඉමහත් සේ උදම් ව කොක්හඬ ලමින් පෙට්ටියක කුකුළු පැටවුන් දෙදෙනකු ඇති ව නිවසට පිය මැන්නා ය.
පසු දින වඩුවකු කැඳවා කුකුළු පැටියන් උණුසුම් ව තැබීම සඳහා විදුලි බුබුළක් සහිත ව, විශේෂ ලෑලි පෙට්ටියක් සකස් කරන ලදි. ටෝට්ටෝ චං මුළු දවස පුරා උන් දෙස බලා සිටියා ය. අහෝ ! සිව්වන දිනයේ දී, එකෙකුගේ චලනය නැවතිණ. පස්වන දි අනෙකාටද එසේ විය. ඇය මොළොක් ලෙස උන් පිරිමැද්දා ය, උන්ට කතා කළා ය. නමුත් එකදු වරකදු උන් වෙතින් හඬක් නොනැගිණ. ඇය බලා සිටියා ය. බලා සිටියා ය. උන් ඇසක් ඇරියේ නැත. මා පියන් කී ලෙසටම කරුණු සිදුවිය. ඇය තනිව ම හැඬුවා ය. වත්තේ වළක් හාරා කුඩා පැටවුන් දෙදෙනා මිහිදන් කළා ය. කුඩා බඳුනක් ද තැබුවා ය. උන් හිටි පෙට්ටිය විශාල ලෙස බියකරුව පෙනුණි. එහි මුල්ලක කහවන් පිහාටුවක් දුටු ඇය, පොළේ දී දුටු මුල් දිනයේදී උන් නැඟූ හඬ සිහිපත් කළා ය. දත් තද කර ගෙන  හඬ නො නැඟෙන්නට ඇය වැලපුණා ය.
ඇගේ ජීවිත කාලය තුල කිසිම දෙයක් ඇයට මෙතරම් වුවමණා නොවී ය. කල් නොයා දී ම ඒ අහිමි වී ඇත. අහිමි වීම හා වෙන් වීම පිළිබඳ ඇගේ පළමු අත්දැකීම එබඳු විය.

ජපන් ජාතික ටෙට්යුකෝ කුරෝයානිගී ගේ
TOTTO CHAN- THE LITTLE GIRL AT THE WINDOW
හි සිංහල පර්වර්තනය
හරි පුදුම ඉස්කෝලේගකාර ජපන් දැරියක හා අසිරිමත් පාසලක් පිළිබදව කතාව
පර්වර්තනය ලීලානන්ද ගමාච්චි




1 ප්‍රතිචාර: