කුඩුම්බිගල කියන්නේ පොතුවි-පානම හරහා කුමන වනෝද්‍යානය නරඹන්න යන අතරතුර තියන සිද්ධස්ථානයක්. දෙමළ බසින් ' කුඩුම්බම් ' කියන්නේ පවුලට...දැනගන්න ලැබුන විදියට සිය පවුල පිටින් මහණදම් පුරා නිවන අපේක්ෂා කල නිසා මෙතැනට මේ නම ලැබුනීලු.. වයඹ දිගින් මොණරාගල කඳු වැටි පෙළත් ගිනිකොණ දිගින් මුහුදු වෙරළත් අතර තැනිතලා බිම් තීරුවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 100-500 හ් අතර උස් බිම් කඩ කුඩුම්බිගලට අයත් වෙනවා.. ඉතින් ඔන්න නැගෙනහිර පළාතෙම රැකියාව කරන නිසා අපිත් ගියා(මමත් තව දෙතුන් දෙනෙකුත්) ගියා මේ වටිනා කියන තැන දැකබලා ගන්න.... දැනගන්න ලැබුණ විදිහට 1973 සැප්තැම්බර්මස 28 වැනිදින විශේෂ ගැසට් නිවේදනයකින් මේ භූමිය අභය භූමියක් බවට පත් කරලා තියනවා..... වර්ග සැතපුම් 5 ක පමණ ප්‍රදේශයක පර්වත 5 කින් වටවූ අක්කර 1000 පමණ ප්‍රමාණයක් කුඩුම්බිගලට අයත් නටබුන් විසිර පවතී... පානම මහාවිද්‍යාලය අසලින් ඇරඹෙන යාල අභය භූමියට පිවිසෙන ගුරුපාරේ සැතපුම් 7 ක් පමණ 7-8 සැතපුම් කණු අතරින් දකුණට ඇති ගුරුපාරේ තවත් සැතපුම් දෙකක් විතර යන්න ඕනෑ.. මේ සමහර විස්තර ගත්තේ එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ගෙ පොතකින්... ඒකයි මේ දුර ග...
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය