ප්ලම් ඇටය දවසක්දා අම්මා ප්ලම් ගෙඩි කීපයක් ගෙනාවා . දවල් බතෙන් පස්සෙ ළමයින්ට ප්ලම් ගෙඩි බෙදා දීමටයි අම්මා ලෑස්ති වුණේ . වාන්යා කිසිම දවසක ප්ලම් ගෙඩි කාලා නැහැ . ඔහු ප්ලම් ගෙඩි අරගෙන ඒවා සිඹින්ට පටන් ගත්තා . ප්ලම් ගෙඩි වල පුසුඹ බලන්ට ඔහු බොහොම සතුටු වුණා . ඒවායේ රස බලන්ට ඔහු බොහොම ආශා කළා . හැම තිස්සෙම ප්ලම් ගෙඩි ළඟින් ඔහු එහා මෙහා ගියා . කෑම කාමරයේ කිසිවෙක් හිටියෙ නැති වෙලාවකදී , වාන්යා හොරෙන්ම ප්ලම් ගෙඩියක් අරගෙන කටේ දමා ගෙන කෑවා . දවල් කෑමට ඉස්සෙල්ලා ප්ලම් ගෙඩියක් අඩු වෙලා තියෙන හැටි අම්මා දැක්කා . අම්මා මේ ගැන තාත්තාට කීවා . දවල් කෑමට වාඩි වෙලා තාත්තා ළමයින්ට කතා කරලා මෙහෙම කිව්වා . " ළමයිනේ ප්ලම් ගෙඩියක් කෑවෙ කවුද ?" " අපි කෑවේ නැහැ ." කියලා ළමයි හැමදෙනාම පිළිතුරු දුන්නා . " මම කෑවේ නැහැ " කියලා වාන්යා කියන කොට ඔහුගේ මුහුණ ජම්බු ගෙඩියක් වගේ රතු වුණා . " නුඹලා කෑවේ නැතිනම් බොහොම හොඳා . නමුත් කාරණය එය නොවෙයි . ප්ලම් ගෙඩි ඇතුලෙ ...
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය