Skip to main content

හිරු දෙවියන්ගේ උදහසට ලක් වූ හෙළ අසුර අධිරාජ්‍ය:: when sun came against the earth


 
අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යන ගමනේ අපි විවිධ කඩඉම් පසුකරමින් ආවනේ. මේ වන විට අපි අතීත හෙළ අධිරාජ්‍යෙය් තිබූ තාක්ෂණ විධිගැන තමයි කතා කරමින් හිටියේ. ඒ අතිරින් අපිට පැහැදිලිව සනාථ කරගන්න පුළුවන් තාක්ෂණය තමයි හෙළ ගුවන් යානා තාක්ෂණය හෙවත් විමාන තාක්ෂණය කියන එක. මීට අමතරව න්‍යෂඨීක අවි, ජෛව අවි, ලේසර් අවි, ප්‍රහාරක ගුවන් යානා වැනි දියුණු තාක්ෂණකි උපකරන භාවිතා කල බවට අපට හමු වූ සාක්ෂී බොහොමයි.
ඒ අතර දියුණු වාරිමාර්ග ක්‍රම, දියුණු වෛද්‍ය ක්‍රමත්, මනසින් උසස්, මනස දියුණු කරපු බුද්ධිමත් රටවැසියන්ද හිටි බව සදහන්වෙනවා. මානාවේ විමළ රත්න හාමුදුරුවන් පවසන පරිදි බුදුන් වහන්සේ ප්‍රථමයෙන් අභිධර්ම දේශනාව සිදු කරන ලද්දේ ලක්වැසියන්ටයි. එහිදී ලක්වැසියන් මහත් ඉහලන් සලකන ලද විසකුම්බන නැමති මහගු ඖෂධය උපමා කරගනිමින් අභිධර්මය ලක්වැසියන්ට දේශනාකල බවත් සදහන්. කොහොම වුණත් ලෝකයේ විශාලතම නාවික විශ්වවිද්‍යාලය තිබූණ, පෘථිවි තලය පුරාම හා ඉන් ඔබ්බටත් තම බලය, ශක්තිය පෙන්වමු හෙළ අධිරාජ්‍ය බිද වැටෙන්නේ රාවණා රජුගෙන් පසුව වුණත්, හෙළ අධිරාජ්‍යෙය් තිබූ තාක්ෂණයට නැතිවුනේ කොහොමද කියන එක මෙම සැබෑ හෙළ ඉතිහාසය ගවේෂණය පුරාවටම මාහට මතු වුණ කාරණයක්.

එයට තවත් හේතුවක් තමයි, මහා වංශයේ හෝ වෙන කිසියම් හෝ වංශ කථාවකවත්, ලංකාවේ විමාන භාවිතයක්, පසු කාලෙක ඇති වූ යුද්ධ වලදී න්‍යෂඨික අවි වැනි දියුණු තාක්ෂණික අවි භාවිතාවක්වත් ගැන සදහන් වනේන නැති වීම. මොකද මහාවංශයේ පළමු වැනි රජු වන විජය රජු වන විට ඒ තාක්ෂණ විදි විනාශ වී තිබෙන්නට අති.
සුර්යා එහෙමත් නැත්තම් හිරු කියන්නේ මුළු පෘථිවි තලයටම ජීවය සපයන්නා. සුර්ය ශක්තිය නොමැති නම් පෘථිවියත් නිකම් සීතල දූවිල්ලෙන් පිරුණ ග්‍රහයෙක් විතරයි. අපි අද මේ දන්න කාරණය එදා අතිශය දියුණු තාක්ෂණ විදි වලින් සමන් විත වූ අපේ මුතුන් මිත්තන් මේ පිළිබදව හොදින් අවබෝධ කරගත් පිරිසක් වියයුතුයි. ඒ වගේම හිරු දෙවියන්ගේ උදහසට ලක් වූ කල තමාගේ සියළු තාක්ෂණ විදි අවසන් බවත් ඔවුන් හොදාකාරවම දැන සිටින්න ඇති. මේ නිසා අතීත තාක්ෂණ විදි, ඒවා නිෂ්පාදනය කරන අයුරු ක්‍රියාත්මක කරන අයුරු ග්‍රන්ථ කරනය කරලා තියෙන් අති කියලා උපකල්පනය කරන්න පුළුවන්.
පසුගිය ලිපි වලින් අපි සදහන් කල දේව පාලනයේ අභාවයත් සමග, දේවයන් විසින් කල රටේ අධ්‍යාපනික කටයුතු බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතට පත් වීම නිසා අතීතයේ තාක්ෂණ ක්‍රම විදි රැගත් ග්‍රන්ථ විහාර ආරාම හා පිරිවෙන් ඇසුරේ පැවතීමත්, රට ආක්‍රමණයකට ලක් වූනාම, ආක්‍රමණිකයන් විසින් විහාර ආරාම ගිනි තැබීම නිසාත් සැලකිය යුතු අපේ පරණ ග්‍රන්ථ අපිට අහිමි වන්නටත් ඇති. මෙයට අමතරව හෙළ අටුවා පාළියට පර්වර්තනය කිරීම අපේ තාක්ෂණය අපිට අහිමි කිරීමේ විශාල කුමන්ත්‍රණයක් බව පැහැදිලියි. පාළි යනු පල්ලවයන්ගේ ලිඛිත භාෂාව වන අතර මෙම හෙළ ග්‍රන්ථ පාලියට පර්වර්තනය කිරීමේදී ඉදිර්යෙන්ම කටයුතු කර ඇත්තේ බුද්ධඝෝෂ නැමති ද්‍රවිඩ සම්භවයක් සහති භික්ෂුව විසින්. මිහිදු මහා රහතන් විසින් හෙළ බසින් රචනා කොට තිබූ බෞද්ධ ග්‍රන්ථ පාළියට පර්වර්තනය කල අතර, පාළියට පර්වර්තනය කිරීමෙන් අනතුරුව හෙළ බසින් තීබූ පොත් පත් සියල්ල ගොඩගසා ගිනි තැබූ බව සදහන් වේ.  මෙලසෙ ගොඩගසා ගිනා තබා විනාශ කල ග්‍රන්ථ ඇතුන් 7දෙන්කේගේ තරම් උස් වූ බවත් සදහන්වේ.
පර්වර්තනයෙන් අනතුරුව මුල් ග්‍රන්ථ විනාශ කිරීම කුමන්ත්‍රණ කාරී වැඩ පිළිවෙලකි. කොහොම වුණත් සාමන්‍ය වැසියාට කියවිය නොහැකි වූ පාළි බසින් ග්‍රන්ථ පළ වීම නිසාත්, මෙය කුමන්ත්‍රණ කාරී වැඩ පිළිවෙලක් වූ නිසාත්, හෙළ තාක්ෂණ විදි රැගත් කෘතින් පාළියට හෝ පර්වර්තනය කරාදා, නැත්තම් එසේ නොකරම විනාශ කලාද යන්න ගැටළුවකි. සංස්කෘත බසට ඉන් අනතුරුව පත් වු හෙළ තාක්ෂණික ග්‍රන්ථ ආදීය ටිබෙටයෙන් හිට්ලර් රැගෙන ගිය බවට තැනටමත් ඔප්පු වී ඇති කරුණකි. ඒ වගේම අපේ මූලාශ්‍ර ලෙස භාවිතා වන වෛමානික ශාස්ත්‍ර යානාදී ග්‍රන්ථ සංස්කෘත බසෙන් හෝ ඉතිරිවී පැවතීම අතීත තාක්ෂණය වටහා ගැනීමට අපට රුකුලකි.
වෛද්‍ය ක්‍රම, සටන් ක්‍රම, වැව් තාක්ෂණය ආදිය පසුකාලෙක වනකම් පැවතුනේ ඒවා විද්යුත් චුම්බකත්වයෙන් තොර වු තාක්ෂණික විදි නොවූ නිසායි යන්න මගේ මතයයි. ගුවන් යානා, න්‍යෂ්ඨික අවි, ලෙස්ර අවි වගේ දැනට තිබුනා යැයි හදුනාගෙන ඇති උපකරණ වලට අමතරව තිබූ තාක්ෂණික විදි උපකල්පනය කිරීම අපහසුය. නමුත් සතුරු යානාවල අභ්‍යන්තරයේ සිටින්නන් පවා දැකීමට ප්‍රබල සම්මපන්න තාක්ෂණයක් තිබූ යුගයක අතිශය දියුණු තාක්ෂණික උපකරන තිබෙන්නට ඇතියි කියලා පැහැදිලිව කියන්න පුළුවන්.
මේ තාක්ෂණ විදි බෝහෝමයක් විද්යුත් චුම්භකත්වය මත පදනම් වූ තාක්ෂණයි. වර්තමානය ගත්තත්, ගණක යන්ත්‍රෙය් සිටි නවීන පරිඝණක දක්වාත්, නොයේක් විධ වූ තාක්ෂණික උපකරණ වල විද්යුත් චුම්බකත්වය අඩංගුය. විද්‍යුතය භාවිතාවෙන් මෙම තාක්ෂණීක උපකරන ක්‍රියාත්මක වන අතර විද්‍යුත් චුම්බකත්වය මේ සියළු තැන් හී මුලික සාධකය වී ඇත. නමුත් දැනට තිබෙන පෘථිවියේ තිබෙන මේ චුම්බකත්වය උඩුයිටිකුරු වුව හොත් කුමක් සිදු වේවිද?
හිරු දෙවියන්ගේ උදහසට ලක් වූ හෙළ අසුර අධිරාජ්‍ය යනුවෙන් ලිපියට මාතෘකා කරගත්තේද ඒ නිසාවෙනි. පෘථිවියට ජීවය දෙන සූර්යාගේ ශක්තියෙන් දැනට පෘථිවියේ තියෙන චුම්බක ක්ෂේත්‍ර පවතින අතර( උසස් පෙළ භෞතික විද්‍යාවට චුම්භක ක්ෂේත්‍ර ඉගෙන ගෙන ඇති නමුත්, චුම්භක ක්ෂෙත්‍රයට සූර්යාගේ ඇතිවන බල පෑම හරි හැටි පැවැසිය හැකි අයෙක්ට ඌණ පුර්ණටය ආරාධනා කරමි.) සුර්ය සුළං හෙවත් සූර්යා විසින් නිකුත් කරන අති ප්‍රබල සූර්ය ගිනිදළුවකට පෘථීවියේ චුම්භක ක්ෂෙත්‍ර වලට බලපෑම් එල්ල කල හැක. මෙම සූර්ය ගිනි දළු සූර්ය සුළං  Solar Wind නමින් හැදින්වේ.
අපි දැන් බලමු මොනාද මේ සූර්ය සුළං කියන්නෙ කියලා.
තාරකා විද්‍යාවට අනුව සූර්යාටත් වායුගෝලයක් තිබෙන අතර මෙම සුර්යාගේ ඉහල වායුගෝලයෙන් නිකුත් වන්නා වූ ආරෝපිත අංශූන් ප්‍රවාහයන් සුර්ය සුළං ලෙස හැදින්වේ. ප්‍රධාන වශයෙන් මෙම අංශු ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන වලින් සමන් විත වන අතර මෙම කුඩා අංශූවක් 1.5ත් 10ත් පමණ වු keV ප්‍රමාණයක ශක්තියෙන් යුක්ත බව පැවසේ.  කාලයත් සමග මෙම අංශූ ප්‍රවාහයන් වල උෂ්ණත්වය හා වේගය වෙනස් වන අතර මෙම ප්‍රවාහයන්ගේ ඇති අධික චාලක ශක්තිය හා රශ්මි ධාරාවන් හී අධික උෂ්ණත්වය නිසා මෙම අංශූන් ඉතා පහසුවෙන් සූර්යාගේ ගුරුත්වයෙන් මිදෙනවා.
මෙම සූර්ය සුළං  වලින් සිදු වන ප්‍රධානම දේ සුර්යග්‍රහ මණ්ඩලය අවට තාරකා අතර පවත්නා මාධ්‍යෙය් සෞරගෝල නැමැති විශාල ප්‍රමාණයේ බුබුලු නිර්මාණය කිරීමයි. මීට අමතරව අවුරෝරා(උත්තරාද්‍රැවයේ හා දක්ෂිනද්‍රැවයේ නිර්මාණය වන අලෝක දහරා) සහ පෘථිවියේ බල රේඛා වලට බලපෑම් එල්ල කරන්නා වු භූ චුම්භක සුළං ඇතිවීමයි. 

සූර්යා වටා ඇති රශ්මි කදම්බයත්, සුර්යාගේ පිටත පෘෂ්ඨයත් වනාහී සෙල්සියස් අංශක මිලියන ගණනක් පමණ උෂ්ණත්වයකින් රත් වූ ප්ලාස්මයකින් යුක්ත වේ. මැක්ස්වේලියන් විභාජනයට අනුව මෙහි ඇති වන්නා වූ තාප සුළං ගැටීම් නිසා සුර්ය රශ්මි කදම්භයේ ඇති වන්නා වූ අංශූන් වලට විවිධ ප්‍රවේග පරාසයන් ඇති වේ. මෙම අංශූන්ගේ මධ්‍යන ප්‍රවේගය තත්පරයට කිලෝමීටර 145ක් වන අතර, සුර්යාගේ ආකර්ශනයෙන් මග හැර යාමට තත්පරයට කිලෝමීටර 648ක ප්‍රවේගයක් අවශ්‍ය වේ. කෙසේ නමුත් මෙම අංශූන් වලින් යම් ප්‍රමාණයක් ශක්තිය උකහාගෙන තත්පරයට කිලෝමීටර 400ක පමණ ප්‍රවේගයක් ලබාගෙන සූර්ය සුළං වර්ධනයට දායක වේ. ඒත් සමගම සුර්යාගේ ඇති ඉලෙක්ට්‍රෝන, අඩු ස්කන්ධය නිසාම සුර්යාකර්ශනය මගහැර යාමේ ප්‍රවේගය ලබාගෙන අවට විද්්‍යුත් චුම්භක ක්ෂෙත්‍රයක් නිර්මාණය කර තව දුරටත් අංශූන් අයනීකරණය කර සුර්යාගෙන් ඉවත් වීමට ඉඩ සල්වසනු ලැබේ.
තත්පරයට අංශූන්  1.3×1036  ප්‍රමාණය බැගින්, එනම් පැයකට ටොන් මිලියන 6.7ක ප්‍රමාණයක් සූර්ය සුළං  නිසා සුර්යාට අහිමි වන අතර මෙය පෘථිවිය වසර මිලියන 150කට වරක් ස්කන්ධය අඩුවීමකට සමානය. කෙසේ වුවත් මෙම සූර්ය සුළං  මගින් සුර්යාට අහිමි වන ස්කන්ධය 0.01% කි. නමුත් සුර්යා හා වැනි වෙනත් තාරකාවලට සූර්ය සුළං  වලට සමාන නමුත් ඊට වඩා අතිශය ප්‍රභග තාරීය සුළං වලින් මෙයට වඩා වැඩි ස්කන්ධයක් එම තාරකා වලට අහිමි වන බව කියැනු ලැබේ.
සුර්ය සුළංත් වර්ග 2කට බෙදිය හැක.
1.     මන්දගාමී සූර්ය සුළං 
2.   වේගවත් සූර්ය සුළං 
මන්දගාමී සුර්ය සුළං වළ ප්‍රවේගය තත්පරයට කිලෝමීටර 400ක්ද, උෂ්ණත්වය  1.4–1.6×106 K හා එහි සංයුතිය සුර්යාගේ රශ්මි වලල්ලෙ අභ්‍යන්තර කොටසට සමාන වේ. වේගවත් සුර්ය සුළං වල ප්‍රවේගය තත්පරයට කිලෝමීටඑ 750ක් ද, උෂ්ණත්වය 8×105 K  හා සංයුතිය සුර්යාගේ ප්‍රභාගෝලයේ සංයුතියට සමාන වේ. මන්දගාමී සුර්ය සුළං, වේගවත් සුර්ය සුළං මෙන් දෙගුණයක් ඝනත්වයෙන් යුක්ත වන අතර විවිධ තිව්‍රතා වලින් යුක්තය.

වේගවත් සුර්ය සුළං සුර්යා රශ්මි කදම්භයේ ඇති සිදුරු ඇසුරෙන් උපදින අතර, මෙය සුර්යාගේ චුම්භක ක්ෂ්‍රෙතය පිටත නිරාවරණය වන්නා වු පුනීලයක් ලෙස සැලකිය හැක. මෙලෙස සිදුවන්නා වු නිරාවරණයෙන් ඇසුරෙන් සුර්යාගේ චුම්භක ද්‍රැව පිටතට ව්‍යාපත්ත වන අතර, සුර්යාගේ වායුගෝලයේ ඇති වන්නා වූ සංවහන සෛල මගින් ප්ලාස්මය නිර්මාණය වන කුඩා චුම්බක ක්ෂේත්‍ර නිර්මාණය වේ. මෙම චුම්භක ක්ෂේත්‍ර මගින් ප්ලාස්මය අවහිර කොට ප්‍රභාගෝලයට කිලෝමීටර 20,00නිර්මාණය වන්නා වූ පටු පුනීලය  පුනීලය ඔස්සේ විදාරණය වේ.
මෙහිදි අප වඩාත් සැලකිල්ලක් දැක්විය යුතු කාරණය නම් සුර්ය කුණාටු හෙවත් හිරු කුණාටුව නැමැති ආචරණයයි. සුර්ය සුළං පවා ඇති වන්නේ මෙම සුර්ය කුණාටු සුර්යා මත දී සිදු කරන්නා වු මහා පිපිරීම් හේතුවෙනි. භායනක කාරණය නම් සුර්ය සුළං සමග මෙම හිරු කුණාටු අන්තර ග්‍රහලෝක හිරුකුණාටු interplanetary coronal mass ejections  ලෙස අනෙකුත් ග්‍රහලෝක කරාද මෙම සුර්යාගේ චුම්භක ශක්ති පැතිරීමයි.
අප ඉතිහාස ගවේෂණයට සුර්ය කුණාටුවක් සම්බන්ධ වන්නේ කෙසේද? මේ සදහා අප සුර්ය කුණාටු මගින් පෘථිවියට එල්ල කල හැකි විමසිය යුතුය. සුර්ය කුණාටුවක් පෘථිවිය සමග ගැටුන විට පෘථිවියේ චුම්භක ක්ෂෙත්‍ර තාවකාලිකව වෙනස් වේ. මෙය සාමාන්‍ය මාලිමාවක කටු වෙනස් වීමේ සිට පෘථිවි අභ්‍යන්තරයේ ඇති වන්නා වූ විද්යුතය හේතුවෙන් සිදුවන්නා වු භූ චුම්භක කුණාටු දක්වා බලපෑම සිදුවේ.
මෙම වාර්තා හා තහවුරු කිරීම් මේ දක්වා සිදු කර ඇති පර්යෙෂණයන් මගින් ලබාගත් ඒවා අනුවය. සුර්ය කුණාටුවේ ප්‍රභලත්වය මත මේ පෘථිව චුම්බක ක්ෂෙත්‍ර තාවකාලික වෙනස් වීමේ සිට නියත වෙනස් වීම දක්වා යා හැක.
මෙම පෘථිවි චුම්භක ක්ෂේත්‍ර වෙනස් වීම මගින් විදයුත් චුම්බකත්වයට බලපෑමක් එල්ල කල හැකිද? පෘථීවයේ දැනට පවතින උතුර දකුණ වෙනස් වීම පෘථිවියේ තිබෙන තාක්ෂණයට, ජීවින්ට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කල හැකිද? උදාහරණයකට අප එදිනෙදා භාවිතා කරණ ජංගම දුරකතනයක් වැනි විද්යුත් චුම්බකත්වය පදනම් කරගත් උපකරණයක් අති ප්‍රබල චුම්බකයක් සමීපයට ගෙන ගිය විට එහි ක්‍රියා කාරීත්වයට බාදා පැමිනෙණාක් මෙන්, අති ප්‍රභල සුර්ය කුණාටුවකින් පෘථිවියේ චුම්භක ක්ෂෙත්‍ර වෙනස් වී, අති ප්‍රභල භූ චුම්බක කුණාටුවක් ඇති වුව හොත් විද්යුත් චුම්බකත්වයට කුමක් වේද?
එය වෙනස් වේද?, මෙම ගැටළුවට පිළිතුරු සොයා ගැනීමට මා උගත් භෞතික විද්‍යාවෙන් නොහැකිය.(ඒ සදහා හැකි අයෙක් වේ නම් ඌණ පුර්ණයක් දෙන මෙන් ඉල්ලමි) එසේ වෙනස් වේ නම්, අපේ සැබෑ ඉතිහාසයේ අපට තිබූ තාක්ෂණය අහිමී වී ඇත්තේ අති ප්‍රභල සූර්ය කුණාටුවකින් තිබූ තාක්ෂණය විනාශ වී ගිය නිසා විය යුතුය. නැති නම් එදා පැවති තාක්ෂණය අද දක්වා පැවතිය යුතුය.
අතීතයේ බොහෝ දෙනා සුර්ය වන්දනාව කරන ලද්දන් බව අදටත් පිළිගන්නා කරුණකි. රාවණ රජුද සුර්ය වන්දනාව මෙන්ම සුර්ය දෙවොලක්ද සදා තිබූ බව රාවණ රජු ලැන සොයා යාමේදි අප හදුනාගත් කරුණුය. (සුර්ය වන්දනාව මිත්‍යා දෘෂ්ඨික වන්දනාවක් ලෙස බොහෝදෙනා සැලකූවද අපහට ජීවය ලබාදෙන සුර්යා වන්දනාවට ලක්විය යුතු වස්තුවක් බව මම සලකමි. ) මේ තරම් සුර්යා වන්දනාවට ලක් වුයේ ඇයි. සුර්යා අපට ජිවය දෙන නිසා පමණක්ද?, සුර්යාට අපගේ ජීවය නැවත ගැනීමේ හැකියාවක්, අප ලද සියළු තාක්ෂණය නැති කිරීමේ හැකියාව ඇති යැයි බියටද?
 
මෙය සාකච්චාවට බදුන් විය යුතු දෙයැක් යැයි සිතමි. තවත් කරුණු සොයමින් සිටින්නෙමි ලැබුණ විගස නැවත ලිපියකින් හමු වන තෙක් ,ඉතින් ආයුබෝවන්....!

Comments

Rebel of Kandy said…
A very good post! Thought provoking! Hope you will write more posts on the Hela civilization and its technology & knowledge lost due to various reasons including the destruction caused by the invasions from India
IPS said…
නියම ලිපියක්.නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා
ගොඩක් හොඳයි අයියා... thanks for the knowledge....
waw.................
nodann karunu godakk dana ganna hammba una
Bohoma stutiyiiiiiiiiiii
Anonymous said…
sahodaraya,,, api hithanawata wada buddha gosara hamuduruwo apita maha sethak karalai giye...eth ithihasayen unwahanse karapu deya arthayen welalila giya....unwahanse eka path iruwakwath ginibath kale nehe.adatath e dewal ehemmama arakshithawa thiyenawa yam theneka...meka giga kathawak..e wagema api igenagena thiyenne thawa kenek apita kiyala dunna ewa...ewath ekka oyata me dewal hoyanna denuma madi...rasayana widyewa.bauthika widyewa thawama prathamika mattame thiyene dewal...mage e mail eken mawa contact karanna..mama oyata udaw karannam niyama yatharthaya hoya ganna...roshclaire@yahoo.com.sg

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...