Skip to main content

දඩුමොණරය සෑදූ ලෝහ වර්ගය ගැන දැනගනිමු - 2 making ancient aircrafts

පසුගිය ලිපියෙන් අපි සාකච්චා කලේ විමානය සෑදීමට අවශ්‍යවන ලෝහ වර්ගයන් ,ඒවායේ නාමයන් ලැබී ඇති ආකාරය හා ඒවා සතු විවිධ ගුණංග පිළිබදවයි. අද අපි සාකච්චා කිරීමට බලා පොරොත්තු වන්නේ පසුගිය ලිපියෙන් අපි සදහන් කල ලෝහ වර්ගයන් පිරිසිදු කරගන්න ආකාරය හෙවත් ලෝහයන්  නිස්සාරණය කරන ආකාරයයි. මෙය වෛමානික ශාස්ත්‍රහී දෙවන පරිච්ඡේදය පුරාවටම දැක්වෙන්නේ මෙම ලෝහ නිස්සාරණය හා විමානයට අවැසි පරිදි ඒවා සකස් කරගන්නා ආකාරයයි.

"Oosh mapaastriloha Mayaaha."උෂ්මපා ලෝහ, ලෝහ 3ක් මිශ්‍ර කිරීමෙන් සාදාගනු ලැබේ.
මෙහිදී උෂ්මපා ලෝහ යනුවෙන් හැදින්වෙන්නේ විමානය සෑදීමට අවැසි ලෝහයයි. විමානය බොහෝමයක් දුරට අජඨාකාශ යානයක් බැවින් එය සාදන ලෝහ වර්ගයන් විවිධ උෂ්ණත්වයන්ට ඔරොත්තු දිය හැකි ලෝහ වර්ගයක් විය යුතුය. එම ලෝහ වර්ගය උෂ්මපා යනුවෙන් හැදින්වෙන්නේ එබැවිනි.


මෙලෙස උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෝහයන්, සෞම, සෞන්දල හා මෞර්තවික යනුවෙන් අපි පසුගිය ලිපිවලින් කතා ලෝහයන් මිශ්‍ර කිරීමෙන් සාදාගනු ලැබේ. ලෝහ රත්නාකරයට අනුව සෞම, සෞන්දල හා මෞර්තවික යනු මූලික හෙවත් බීජ ලෝහයන්ය.
සෞම කාණ්ඩය - සෞම, සෞම්‍යක, සුන්දාස්‍ය, සෝම, පංචානන, උෂ්මප, ශක්තිගර්භ, ජාන්ගාලික, ප්‍රාණන, ශංඛ, හා ලාඝව යන ලෝහ වලින් සමන් විත වන අතර
සෞන්දල කාණ්ඩය - විරන්චි, සෞර්්‍යප, ශංඛු, උෂ්ණ, සූරණ, ශින්ජිකා, කන්කු, රංජික, සෞන්දීර, මුග්ධ හා ගුන්දාරක යන ලෝහ වලින් හා
මෞර්ත්වීක කාණ්ඩය -අනුක, ද්වියානුක, කන්ක, ත්‍රිනුක, ස්වේතාම්බර, ම්‍රිදාම්බර, බාලගර්බහ, කුවාර්ච, ක්න්ථක, කෂ්වින්ක හා ලාග්වික යන ලෝහ වලින් සමන්විත වේ.

:::මිශ්‍ර කිරීම:::

ඉහත සදහන් කල ලෝහය සමානුපාතයන්ට මිශ්‍ර කර එහි විලීනයන් සාදනු ලැබේ( විලීනය යනු රත්කර ද්‍රව කිරීමයි.) මෙය ලෝහාන්ත්‍රයට අනුව උෂ්ණාම්භර ලෝහය 10,5,8 අංකයන්හී සෝම, සෞන්දල හා මෞර්තවික යන ලෝහයන් පිළිවෙලින් 1,3,7 අනුපාතයට තන්කන හෝ බොරැක්ස් සමග කෝවක දමා විලීනය කිරීමෙන් නිෂ්පාදනය කරනු ලැබේ. එලෙසම අංක 3,5, හා 7ලෝහ පිළිවෙලින් 4,1, හා 8 යන අනුපාතයට තන්කන සමග කොවේ රත්කර විලීන කිරීමෙන් ඌෂ්ම ලෝහය ලබාගනු ලැබේ.
මෙලෙස ඉහත ලෝහ කාණ්ඩයන්හී 2,5, හා 9 හී ලෝහ 6,3, හා 7 අනුපාතයන්ට තන්කන හා රත්කිරීමෙන් ඌෂ්මහන ලෝහයද, අංක 3,8 හා 2 වලට අයත් ඉහත ලෝහත් ඉහත අනුපාතයටම කොවේ රත් කිරීමෙන් රාජ ලෝහයද සාදාගනු ලැබේ. මෙලෙස අම්ලතීත් ලෝහයත් අංක 9,7,1 සෝම, සෞන්දල හා මෞර්තවික හී ලෝහ 10,7,8 යන අනුපාතයන්ට තන්කන සමග මිශ්‍රකර නියමිත පරිදි කොවේ රත්කර සාදාගනු ලැබේ. මෙලෙස විමානයට අවැසි ලෝහ පහත අංකයන් හී සෝම, සෞන්දල හා මෞර්තවික ලෝහ එක්ක අනුපාතයන්ට මිශ්‍ර කිරීමෙන් මේ ආකාරයේ ලෝහ නිපදවාගනු ලැබේ.

සෝම, සෞන්දල හා මෞර්තවික ලෝහ අංකය
මිශ්‍ර කරන අනුපාතය පිළිවෙලින්
මිශ්‍ර කරන ද්‍රව්‍යය
ලෝහය
10 ,5 ,8
1, 3, 7
තන්කන හෝ බොරැක්ස්

උෂ්ණාම්භර
3 , 5, 7
4, 1, 8
තන්කන
ඌෂ්ම
2 ,5, 9
6, 3, 7
තන්කන
ඌෂ්මහන
3, 8, 2
6, 3, 7
තන්කන
රාජ
9, 7, 1
10, 7, 8
තන්කන
අම්ලතීත්
6, 4, 5,
5, 5, 12
තන්කන හෝ බොරැක්ස්

වීරහා
8, 6, 4
20, 18, 26,
තන්කන හෝ බොරැක්ස්

පංචඝණ
7, 11, 6
5, 12, 7
බොරැක්ස්
භාරණ
10, 9, 3
22, 8, 10
බොරැක්ස්
ශීථන
11, 10, 11
20 , 30, 8
බොරැක්ස්
ගරලඝ්න
11, 8, 4
20, 12, 36
බොරැක්ස්
අම්ලහන
19, 8, 10
20, 12, 6
බොරැක්ස්
ඌෂ්මප
3, 5, 11
20, 12, 6
බොරැක්ස්
විශාල්‍යක්‍රිත්
8, 3, 9
5, 8, 10
බොරැක්ස්
ද්විජමිත්‍ර
8 ,6 ,5
22 ,8 ,10
බොරැක්ස්
වාතමිත්‍ර

මීලගට මූලීක හෙවත් බීජ ලෝහ වලින් විමානයට අවැසි ලෝහ නිර්මාණය කරගන්නා උපකරණ පිළිබදව සාකච්චා කරමු.

Mooshaadhikaranam :: කෝව( ලෝහ රත්කර විලීන කරන්නා වූ බදුන)

නිර්නයාධිකාරයට අනුව සංශුද්ධ, මදක් සංශූද්ධ හා වෙනත් දෑ මීශ්‍ර වූ ලෝහ වර්ගයන් හී විලීනය සකස් කිරීම 407ක් වූ විවිධ වර්ගයේ කෝවයන් බාවිතාවෙන් සිදුකල යුතුය. මෙම කෝවයන් ප්‍රධාන වූ කාණ්ඩ 12කට බෙදනු ලැබේ. මූලීක හෙවත් බීජ ලෝහයන්ගේ විලීනය ලබා ගැනීමට දෙවන කාණ්ඩයේ කෝවයන් වඩාත් සුදුසු වේ. ලාලාචාර්යන්ට අනුව පරිදි ලෝහවිද්‍යා වේදීන් වර්ග 12ක ලෝහ පිළිබදව සදහන් කෙරේ. ක්‍රිතක හෙවත් කෘතීම, අපබ්‍රම්ශක හෙවත් කිලිටි, සතලාජ හෙවත් මඩ සහිත, ඛනිජ හෙවත් පතල් තුලින් සොයාගන්නා, ජලජ හෙවත් ජලචර ධාතුජ හෙවත් ඛනිජ වලින් සෑදුන, ක්ෂාරජ හෙවත් ලූණු වලින් සෑදුන, බාලජ හෙවත් ලොම්වලින් සැදුන සහ අන්ඩජ හෙවත් බිත්තර වලින් හට ගන්නා ආදී ලෙසයි.
( අප පසුගිය ලිපියකත් අපට අසුවන සිංහල නමුත් ඉන්දියානු නොවන වචනයක් තමයි ඝර්ෂණය අද මෙම ලෝහ විද්‍යාවේ මෙම ලෝහ වර්ග 12 දෙස බැලීමේදී ඛණිජ, ක්ෂාර, ජලජ වැනි අපට හුරු වචන පහසුවෙන් හදුනාගත හැක. මේවාට ඇති සංස්කෘත වචන මම නොදන්නා නමුත් මෙම වචන සිංහල අපට හුරු වචන බැවින්, අතීතයේ අපේ තිබූ භාෂවට අනුව බැලුව හොත් මෙම පොත පුරාම ඇති බොහෝමයක් වචන අපේ හෙළ අසුර අධිරාජ්‍යෙය් පැවති භාෂාවට අයත් වූ ඒවා වන්නට ඇත. කෙසේ වුවත් මෙම කාරානා තව දුරටත් විමසීමේදී විමාන නිපද වීමේ විද්‍යාව අපේ අතීත උරුමයක් බවයි.)
විවිධ ලෝහ විලීනය සදහා විවිධ කාණ්ඩ වලට අයත් කෝවයන්  බාවිතා කරණු ලැබේ. දෙවන කාණ්ඩයේ කෝවයන් වර්ග 40කි. එවායින් අංක 5 අන්තර්මුඛ හෙවත් අභ්‍යන්තර විවර ලෙස හැදින්වෙන අතර නියමිත පරිදි බීජ ලෝහයන් වීලිනයට යොද ගනු ලැබේ.
මූශාකල්ප හෙවත් හෙවත් කෝවයන් සෑදීමේ කලාවේ විස්තර වන පරිදි තල පොහොර හෝ කළු කඩල පිටි කොටස් 8ක්, ලෝහ මලකඩ කොටස් 4ක්, ලෝහ කොටස් 3ක්,නියගලා කොටස් 3ක්, ඇකේෂියා ශාක වලින් ශ්‍රාවය වන මැලියම් හෙවත් ඇරබික් ගම් කොටස් 6ක්,  රුරුක හෙවත් ක්‍රිම්සන් කොටස් 2ක්, සෝල් පීටර කොටස් 3ක්, වැල් කැබලි 5ක්, අගුරු කොටස් 6ක්, පස් තෘණ කොටස් 5ක්, දහයියා අළු කොටස් 4ක්, රතු ආසනික් කොටස් 2ක්, නාගකේෂර කොටස් 2ක්, වරෝලික මල් කොටස් 5ක්, බොරැකස් කොටස් 5ක්, කළු ලාමංච හෙවත් සුගන්ධි තෘණ කොටස් 2ක්, සින්ධුරා හෙවත් රතු හිරියල් කොටස් 5ක්, ගංජා ඇට කොටස්2ක් හා මුහුදු පෙණ කොටස් 4ක් ගෙන හොදින් පිටි වන තුරු අබරා දුහුවිලි කොටස් 5කින් හා මැලියම් වලින් සමන් විත වූ සමාන ප්‍රමාණයකට එකතු කොට ශිවාරී තෙල් වලින් යාම 3ක් හෙවත් පැය 9යක් යන තුරු පුළුස්සාගත යුතුය. සියළු ද්‍රව්‍ය එක් ද්‍රව්‍යකට පත්වන තුරු ද්‍රව කොට නැසින්න තුලින් වෑස්සීමට සලස්වා නිවෙන්නට හැරි ප්‍රතිඵල ලෙස ලැබෙන ද්‍රව්‍යෙයන් සාදන කෝවය අන්තර්මුක ලෙස හැදින්වෙන අතර එය විමානය සෑදීමට අවැසී ලෝහ නිපද වීමට වඩාත් ගැලපෙන කොවයන් වර්ගය එය වේ.

Athha Vyaasatikaadhikaranam ::උදුන(උෂ්මකය)


ලෝහ විලීනයන් බවට පත් කරනා බදුන හෙවත් කෝවය ගැන සාකච්චා කිරීමෙන් අනතුරු මීලගට වෛමානික ශාස්ත්‍රෙය් සදහන් වන්නේ  කොවයට ගිනි පිඹිම හෙවත් ඇවැසි තාපය ලබා දීම පිළිබදවයි. අතීතයේ වූ විශේෂඥයින් පවසන ආකාරයට ගිනි පිඹිම හෙවත් ව්යාසතිකාස් ආකාර 532ක් වේ. මේ අතුරින් ඉදිඹු ආකාරයේ ගිනිපිඹිනයන් බීජ ලෝහ හෙවත් මූලිඛ ලෝහයන් විලීනයන් කිරීමට වඩාත් සුදුසු වේ. කුණ්ඩ කල්ප හෙවත් උෂ්මක නිපදවීමේ කලාව 532ක් වූ උෂ්මක පිළිබදව සදහන් කොට ඇත. ඒවා කාණ්ඩ 7කට බෙදනු ලැබෙන අතර එක් එක් කාණ්ඩය වර්ග 76කින් සමන්විත වේ. මෙයින් ඉදිඹු ආකරයේ උදුන කූර්ම ව්‍යාසතික නමින් හැදින්වෙන අතර එය 7වැනි කාණ්ඩයේ 9වැනි උෂ්මකය වේ. කුණ්ඩ නිර්ණයට අනුව ඉදිඹු උදුන සමතලා පොළවක චතුරශ්‍රා කාරයට හෝ වෘතාකාරයට පිළියෙල කරගත යුතු වන අතර එය අඩි 10ක් පළලට ඉදිඹුවෙකුගේ ආකාරයට සකසාගත යුතුය. පිඹිනයන් සවි කිරීම සදහා ඉදිඹු පාද ආකරයට උදුන වටේ පිඹිබයන් පැති 5කින් සවිකල යුතුය. උදුන මධ්‍යෙය් කොව තැබිය හැකි වන පරිදි සකසාගත යුතුය. උදුනේ පිඹිනයන් සවිකල පැති 5හේම අගුරු දැමීමට විවිරයන් සවිකල යුතු වන අතර මේ සැම පැත්තෙන්ම විලීනය(ද්‍රව ලෝහය) ලබා ගැනීමට යාන්ත්‍රනයක් තිබිය යුතු වේ.

Athha Bhastrikaadhikaranam::: පිඹිනයන්
ගිනි පිඹිනයන් 8 වැනි කාණ්ඩයේ 16 වැනි වර්ගයට අයත් විය යුතුය.
මෙහිදි ගිනි පිඹිමට අවශ්‍ය පිඹිනයන් සාදාගන්නා අයුරු දැක්වේ. භාස්තික නිබන්ධන යේ පවසන පරිදි 532ක් වූ උෂ්මකයන් සදහා 532ක්  වූ පිඹිනයන් තිබේ. මෙය වර්ග 8කට කාණ්ඩ කරන අතර 8 වැනි කාණ්ඩයේ 16 වැනි පිඹිනය ඉදිඹු උදුන සදහා වඩාත් සුදුසු වේ. මෙම පිඹිනයන් සදාගන්නා ආකාරය මෙසේය.
සුදුසු ගස්වල පොතු, හම්, කිරි යොදයෙන් පිළියෙල කරගන්නා තුනී රෙදි, පුවක් කොල, ත්‍රිනේත්‍රා ගසේ පොතු, ශුන්ධීර පොතු, සුරාන්ජි පොතු, සිනිදු කපුථ ශිනීරා පොතු, මුන්ජාකර පොතු හා හා හණ පට්ටා එක් කොට සකස් කරගන්නා රෙදි හා තඹ හෝ ලී එකතුවෙන් සකස් කරග්න පිඹිනයන් මේ සදහා සුදුසු වේ.
මේලෙස විමානය සැදීමට අවශ්‍ය ලෝහ, එම ලෝහ පිරිසිදු කරගන්නා ආකාරය, මිශ්‍ර ලෝහ සාදාගන්නා ආකාරය, එම ලෝහයන් විලීන කොට මිශ්‍රකරන්නා වූ කොවයන්, අදාල උදුන් හා ගිනි පිඹිනයන් සදාගන්නා ආකාරය මෙලෙස අපි දඩුමොණරය සෑදු ලෝහ යන මාතෘකාවෙන් කතා කර අදින් නිම කරනවා. මේ ලිපි පෙළ පුරාවටම අධ්‍යනය කිරිමේදී විමානයක් සෑදීම යනු තනි විෂයක් හෝ විද්‍යාවක් නොව විද්‍යාවන් කිහිපයක සංකලනයක් බව පැහැදිලිය.  කෙසේ වුවත් විමානය තුල පිහිටි විවිධ උපාංග, බහුකාර්්‍ය ධර්පණ නිපදවා ගන්නා ආකරය මීලග ලිපියෙන් විමසමු.
එතෙක් ආයුබෝවන්.

Comments

Anonymous said…
patta
Anonymous said…
machan meka mita wada therena widihakata saralawa danna barida?
ඇත්තටම මේක බොහෝම වටිනා ලිපියක් සහෝ....
මේ ගැන ඔබත් එක්ක ඉදිරි කාලයේ මුණගැසී කතා කරන්න කැමැත්තක් මට ඇති උනා මේ ලිපි ටික දැක්කට පස්සේ
මම ලංකාවට ආවට පස්සේ ඔයාව බ්ලොග් එක හරහා සම්බන්ධ කර ගන්නම්
ජය වේවා...!!

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...