Skip to main content

බුද්ධත්වයට විවරණ ලැබූ රාවණ රජු:: The Great King Ravana will attained Buddahood


ලංකාවතාර සුත්‍රෙය් පසුගිය කොටස නිමා කලේ බුදුන් වහන්සේ විසින් ලංකාධිපති රාවණ රජු අගය කිරීමෙ කොටසිනි. ඇත්තටම මෙය අගය කිරීමකට වඩා සාදු කාර දීමක් විය යුතුය. මන්ද යත් යම් දෙයක් අගය කිරීම සාදු කාරයෙන් කරවීම බෞද්ධ ලක්ෂණයක් නිසා. මේ බව මා හට වැටහුනේ රාවණ සහොයුරෝ හී ධම්මික අයියාගේ අදහස් දැක්වීමත් සමග බවත් අද කොටස ආරම්භයට මත්තෙන් ප්‍රකාශ කල යුතුය.  ඉංග්‍රිසි බසෙන් තිබෙන සුත්‍රය සිංහලයට පර්වර්තනයේදී සිදු වන අඩුපාඩු ඉදිරියටත් පෙන්වා දෙන ලෙස ඉල්ලමින්ම අද කොටසට යමු.

එම අවස්ථාවේදී රාවණ රජුට මෙසේ  ප්‍රත්‍යක්ෂ විය. තම නියමයන් හී මනා හික්මීමක් ඇත්තා වූද, දර්ශනවාදීන්ගේ ක්‍රමයන් වලින් තොර වූද, අභ්‍යන්තර විඥානයෙන්ම සාක්ෂාත් කරගත්තා වූද, පරිණාමිත හා පරිණාමින යන දෛවත්‍යෙයන් ඔබ්බට ගියා වූද භාග්‍යවතුන් වහන්සේ නැවැත වාරයක් දැකීමට මා කැමැත්තෙමි. යෝගීන් විසින් යථාවබෝධ කරගත්තා වූ දැනුම වනාහී උන්වහන්සේය. සමාධියන්හි පරම සුවය විඳින්නන් ධ්‍යාන වැඩීම තුලින් අවබෝද කරගත් යථාවබෝධය වන්නේ උන්වහන්සේය.
රාගය හා වෙනස්කොට සැලකීමන් තම ආශ්චර්යමත් බලයන් නැමැති ඉන්ධනයන්ගෙන් දවාලූ , බුද්ධ පුත්‍රයන්ගෙන් පිරිවරාගත්තා වූ, සියළු සත්වයන්ගේ සිතුවිලි හා මනස කියවිය හැකි වූ, සියළු තැන් හී සරන්නා වූද, සියල්ල දත්තා වූද, ක්‍රියාවන්ගෙන් හා ලක්ෂණයන්ගෙන් ඈත් වූ ඒ කරුණාභරිතයන් මා හට දැකිය හැකිද?
උන්වහන්සේ දැකීමෙන් මෙතෙක් මා මෙතෙක් නොලද අවබෝධයන් අත්කරගත හැකිවේවි. මෙවන තෙක් මා ලබාගත්තා වූ සමාප්තීන් රදවාතබාගත හැකි වේවි. මාහට වෙනකිරීමෙන් තොරව මම ම විය හැකි වෙයි. සමාධියන්ගේ හා සමාප්තීන්ගේ ප්‍රමෝදය හැ බැඳිය හැකි වෙයි. තථාගතයන් වහන්සේ ගමන්ගන්නා වූ භූමියට සමවැද මෙම රාජකීයත්වය කල හැකි වෙයි.
ඒ අවස්ථාවේදී ලංකාධිපති අනුත්පත්තික ධර්ම ක්ෂාන්ති සමාප්තියට වැදීමට ආසන්න බව හඳුනාගත් භාග්‍යවතුන් වහන්සේ තම මහා කරුණාව දක්වමින්, වෛවර්ණ අභරණින් හා අභරණින් ගැවැසුන ජාලයන්ගෙන් සමන්විත වූ කඳු ශිඛරයේදී දසිස් රාවණයන්ට තමන්වහන්සේ දර්ශනය වීමට සැලස්වූ සේඛ. නැවැත වාරයක් කඳු ශිඛරයේ අති උත්කර්ෂවත්ව දර්ශනය වන්නා වූ, අරහත් වුද, සර්වඥ වූද, දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වූද තාථාගයන් වහන්සේ වැඩ සිටින අයුරු ලංකාධිපති දසිස් රාවණයන් දක්නා ලදි.  මීට අමතරව සෑම කඳු මුඳුනකම පහේ, මහාමථි බෝධිසත්වයන් ඇතුළුව සර්වඥයන් වහන්සේ තම බුද්ධත්වයට තම අභ්‍යන්තරයෙන්ම එළැඹිම දේශනා කරමින්ද, තාථාගතයන් ඉදිරියෙන් පිරි ඇති යක්ඛ පිරිසද බුදුන්වහන්සේගේ ඉගැන්වීම් හා දේශනාවන්ට අනුවර්තනය වෙමින් සිටිනු දැකිය හැකි විය.
අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් මහා පිරිවර දෙස උන්වහන්සේගේ නුවැණසින් බලා තේජාන්විත සිංහ රාජයෙක් මෙන්  මහා සිනාහාවක් නැගූ සේඛ,ඇහි බැමි වලින්ද, ඉළයන්ගෙන්ද, ශ්‍රි දේහයේ සෑම කූපයකින්ම, කල්පාන්තරයම එළිය කරමින්, දිදුළන දේදුන්නක් බදු වූ, නැගෙන සූර්යා බදු වූ, කාන්තිමත් ගිනි ජාලාවක් බදු වූ උත්කර්ශවත් රශ්මි ධාරා නිකුත් වන්නට විය. මෙය ආකාශයේ සිටි ශක්‍ර, බ්‍රහ්ම හා ලෝක පාලකයන් පවා නිරීක්ෂණය කරන ලදි, භාග්‍යවතුන් වහන්සේගේ සිනාහවෙන් හා මහා සිනාහ හඬින් ලංකා පුර කඳු මුදුන සුමේරු පර්වතය හා තරඟ කිරීමට තරම් විණි. ඒ අවස්ථාවේදී බෝධිසත්ව, ශක්‍ර හා බ්‍රහ්මයන්ගෙන් සෑදුනා වූ පිරිවරේ තනි තනිව කල්පනකා කරන්නට විය
කූමන හේතුවක් අරබයා ලෝකාග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ පළමුව සිනහා වී නැවැතත් මහා හඬින් සිනහා නගන්නේද? උන්වහන්සේ තම ශ්‍රි දේහයෙන් රශ්මිධාරා නිකුත් කරන්නේ කිමැද? මෙසේ රශ්මි ධාරා නිකුත් කරමින්, උන් වහන්සේ නිහඬව සිටින්නේ කිමැද? තම අභ්‍යන්තරයෙන්ම සත්‍ය අවබෝධකරගත්තා වූ සහ ගැඹුරෙන් වටහාගත්තා වූ සහ සමාධි ලැබීමේ ප්‍රමෝධයෙන් පුදුමයට පත්නොවූ, දශ දිසාව විමසන සිංහරාජයයෙක් මෙන් රාවණ රජුගේ ශික්ෂණය, සමාප්තිය හා ක්‍රියාවන් පමණක් සිතමින් සිටින්නේ කිමැ?
ඒ අවස්ථාවේදී, බුදුන් වහන්සේගෙන් සව්‍යං යථාවබෝධය පිළිබද විමසන ලෙස රාවණ රජුගෙන් පෙර ඉල්ලීමක් කල මහාමථි බෝධිසත්ව- මහාසත්වයන් හට ඔහු කෙරේ කරුණාව පහල වීය, බෝධි සත්වයන්ගෙන් සෑදී සිටියා වූ පිරිවරේ මනස හා සිතුවිලි දැනගනිමින්, වාචික ඉගැන්වීම් කෙරෙහි මහත් සොම්නසින්, ප්‍රමෝධයෙන් සිටීම හේතුවෙන්ද, ශ්‍රාවක, පසේ බුදු හා දර්ශනවාදීන්ගේ ශික්ෂානූ කූල බාවයන් හී ගැලි සිටීම හේතුවෙන්ද , භවයන් හී එල්ලී සිටින අක්ෂරයන් හේතුවෙන්ද, අනාගතයේ පහල වන්නා වූ සත්වයන්ගේ මනස ආකූල වන බව, දක්නා ලදි. ලෝකෝත්තර විඤ්ඤානයක සිටියද තථාගතයන් වහන්සේලා මහා හඬින් සිනා සීමට මෙය කාරණා වූ බව දැනගෙන මහාමථි බෝධිසත්වයන්, බුදුන්වහන්සේ විසින් තම කෘතුහලය ඇතිකරවීම නැවැත්වීම පිණිස මෙම ප්‍රශ්නාර්ථයන් නඟන ලදි.
කුමන හේතුවක් අරබයා, කුමණ කාරණයක් උදෙසා ඔබවහන්සේ සිනහා පල කරන ලද්දේද?
භාග්‍යවතුන් වහන්සේ: සාධූ... මහාමථි සාධූ...! ඇත්තෙන්ම නැවැත වාරයක් මහාමථි! ලෝකය ඇති සැටියෙන්ම දකින්නෙකු ලෙසද, සර්වඥතාවයට එලැඹි නිර්වාණය කරා මිනිසුන්ට මඟ පෙන්වන්නෙක් ලෙසද වැරැදි දර්ශනයට වැටි සිටින්නා වූ අතීත, වර්තමාන, අනාගත සත්වයන් වෙනුවෙන් ඔබ මාගේන් මෙසේ විමසන බව දනිමි. මෙසේ බුද්ධිමත් මිනිසුන් තමාවෙනුවෙන් මෙන්ම අනුන්වෙනුවෙන්ද ප්‍රශ්න කල යුතුය. රාවණා, ලංකාධිපති, අතීතයේ වැඩ විසූ තාථගතයන් වහන්සේලාගෙන් අරහත් හා ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලා කවුද යන්න  උභය ප්‍රශ්නයක් මහාමථි, අසන ලදි. එලෙසම , තම විශිෂ්ඨත්වය රදවමින්, සමාප්තීන්ට එලැඹිට හා තම විෂ්‍ය පථය නිශ්චිත කරගැනීම උදෙසා නැවැතවාරයක් තමන්වහන්සේගෙන්ද උභය ප්‍රශ්නයක් ඇසීමට බලාපොරොත්තු වේ. මෙය වනාහී ශ්‍රාවක, පසේ බුදු හා දාර්ශනික භාවනා පුරුදු පුහුණු කරන්නන් කිසිදිනක විඳ නොමැති දෙයකි. මේ හා සමාන ප්‍රශ්නයක්ම බුදුබවට පත්වන්නා වූ දසිස් රාවණ විසින්ම අසන ලදි.
මේ බව දැනගනිමින් භාග්‍යවතුන් වහන්සේ ලංකාධිපතිට මෙසේ වදාලහ. අසන්න ලංකාධිපති, තාථාගතයානන් වහන්සේ ඇසීමට අවසර ලබාදී ඇත. පමා නොවන්න. පිළිතුරු අපේක්ෂා කරන්නා වූ කුමනදෙයක් වුව අසන්න. ඒ සියල්ලටම, ඔබගේ හදවතේ විනිශ්චය  සෑහිමකට පත්වන ලෙස පිළිතුරු දෙන්නෙමි. මිත්‍යාවෙන් තොර වූ සිතුවිලි සහිතව අසුන් ගෙන සිටිමින්, ඒක් ඒක් අවදියේ දමනය කල යුතු දෑ හොඳින් පිළිපදින්න, සියල්ල බුද්ධියෙන විමසන්න, තමාතුල ඇති ස්වභාවික තත්වයේ ස්වභාවය වටහා ගනිමින්, සමාධියේ පරම සුවය ලබන්න. නිර්වාණයේ පරම සුවය රඳාපවත්වා ගත් බුදුන්ගේ සමාධින් වැලඳගන්න. සමාධියෙන් ඔබ්බට යමින් ශ්‍රාවක හා පසේ බුදුවරුන් ලබාගත් සමාධින් අවබෝධ කරගනිමින් අකාල, සධූමතී හා ධර්මමේඝ යන බෝධි සත්වයන් විසින් ලබාගත් ධ්‍යාන බලාපොරොත්තු වන්න. මොහයෙන් තොරවීමේ සත්‍ය අර්ථය හොදින් අවබෝධ කරගන්න. මහා පද්ම මාණික්‍ය මාළිගාවේ බුද්ධ සමාධියෙන් අභිෂේකලබන්න. මහා බුදු කරුණා මහිමයෙ බලයෙන් පද්මයන් මත සිටින්නා වූ බෝධිසත්වයන්ගෙන් වට වූද, ඒම බෝධි සත්වයින් ඔබගේ මුහුණ දෙස බලමින් සිටින ආකාරය දැකගන්න. මෙය පරිකල්පනයෙන් එහාට ගියා වූ විෂයකි. තමා සුදුසු සැලස්මක් සැලැසුම් කල යුතුය. එවැනි උපායශීලීත්වෙයන් යුක්ත සැලස්මක් සැලසුම් කිරීමෙන් ශික්ෂණයක් තමාතුල ඇතිකරගත යුතුය. එමගින් තමාට පරිකල්පනයෙන් ඔබ්බට ගියා වූ විෂය යථාවබෝධ වනු ඇත. එලෙසම විවිධාකාර වූ රූපකායන් ප්‍රත්‍යක්ෂ කොට ගත හැකි වූ, මීට පෙර කිසිම දිනක ශ්‍රාවක, පසේබුදු, දාර්ශනිකයන්, බ්‍රහ්ම, උපේන්ද්‍ර හා අන්‍යන් විසින් නොදකින ලද තථාගතත්වය අවබෝධ කරගත යුතුය.
---------------------------------------------------------------------------------
ලංකාවතාර සූත්‍රයේ තවත් කොටසක් මෙලෙස පර්වර්තනය කිරීමට මේ විදියට උත්සහ ගතිමි. සරසවියේ අවසන් වසරගත කරන බැවින් ලංකාවතාර සූත්‍රය හෙමින් පර්වර්තනයට සමාව දේවි යැයි හිතනවා.  පර්වර්තනයේ අඩුපාඩු ඇත්නම්, වචන වල නොගැලපීම් ඇත්නම් සදහන් කරනමෙන් ඉල්ලා සිටිමින් මෙහෙම දෙයක් ලියන්න හිතුණා.
ලංකාවතාර සූත්‍රදේශනාවේ මෙම කොටසින් මනාව හෙල වන්නා වූ දෙයක් තමයි කාශ්‍යප බුදුන් වහන්සේ විසින් රාවණ රජුට බුද්ධත්වයට විවරණ දීම හා බෝධිසත්ව චර්යා ධර්ම රාවණ රජුට දේශනා කිරීම. එසේ නම් රාවණ රජු යනු මතු බුදුවන්නා වූ බෝධිසත්වයෙකි. මෙම කොටසත් සමග රාවණ රජු සම්බන්ධයෙන් අළුත් යමක් දැනගත්තා යන හැගීමක් ඇති වේ.  රාමායනයේ සදහන් වන්නේද දසිස් රාවණ රජු පිළිබදවය. කාශ්‍යප බුදුන් සරණයන්නේද දසිස් රාවණ රජුන්මය. ඒසේ නම් රාමායනය යනු බොරුවක්ද?

Comments

හැමදාම වගේ බොහොම කුතුහලයෙන් යුතුව මේ සූත්‍ර පරිවර්තනය කියවගෙන ගියා.
ඇත්තටම ඔබ කරන්නේ ලොකු සේවයක්, අපි නොදන්නා ඉසව්වක්‌ අපට එලි කර දෙනවා.

රාමායනය පට්ටපල් බොරුවක් බව කියල තමයි ඒ කතාව අහපු පුංචිම දවස්වල පවා මට හිතුනේ.
ඉන් පසුව ඊටත වඩා කරුණු කාරණා දැනගත්තට පස්සෙත් මගේ විශ්වාසය ඒකමයි.

ඔබට අවසන් වසර විභාග කඩඉමෙන් විශිෂ්ට ජයක් ලැබේවා....!!
Dinesh said…
එල මල්ලි
AzonideZercon said…
මේ උන්නැහේ අර වර්ගපුර්නිකව ලියන මෑන්ස් එක ලියනෙක නැවැත්තුවේ මොකෝ දන්නේ නැහැ නේ, එකනන් pul ආතල්

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...