Skip to main content

ඇන්ජිමා:: seuslsla.blogspot.com

කුඩා කාලයේ සිට පොත් කියවීමේ පුරුද්දක් ලැබුවෙමි. මට නින්ද යන මොහොතේත් යළි අවදිවන මොහොතේත් මගේ පියා ශබ්දනගා පොත් කියවනුත් සිටි අයුරු දැනුත් මට සිහි වේ. කුමන විභාගයකට පාඩම් කරන්නේදැයි මව නිතර චෝදනා කළ ආකාරයත් මට මතකය. පියා වැඩියෙන්ම කියවූයේ කවි හා පාලි, සංස්කෘත පොත්ය. මේ ඔස්සේ යමින් කියවීම මගේ පුරුද්දක් බවට පත්විය.

කුඩා කාලයේදීම කියවූ පොත් අතර බරීස් පලෙවොයිගේ "සැබෑ මිනිසකුගේ කතාව" මතකයේ අමරණීයව තිබේ. ඒ පොත මා ලබාගත්තේ කාගෙන්දැයි මට මතක නැත. වැඩිවියට පත්වූ පසුව ඒ පොත මගේ නෙත ගැටුණේද නැත. ඒ පොත මගේ දරුවන්ට කියවන්ට දෙන්ට ඇත්නම් හොඳ යයි මට සිතේ. දෙපා අහිමිවූ අයකු නැවතත් අහස්යාත්‍රා පැදවීමට මවන සිහිනයත් ඒ සිහිනය ඔහු සැබෑ කරගන්නා අපූරු කතාවත් මෙහි ඇතුළත්ය. එම කෘතිය කියවීමෙන් මම මහත් දිරියක් ලැබුවෙමි.

අද රටේ අතක පයක අමාරුවක් ඇතිවූ අය එය වෙළෙඳාමක් කරගන්නා අයුරු දක්නට ලැබේ. බස් ගාණේ හිඟාකන බොහෝ අය මෙබඳු ඇත්තෝ වෙති. අතක් නැත්නම් ඉතිරි අතින් යමක් කරන්නට පුරුදුවීමේ දිරියක් අපට නැත. සමෘද්ධියක් හෝ පිංපඩියක් ලබාගෙන ජීවිතය ඇදගෙන යාමට එබඳු අය හුරුවෙති. 


එසේ නොවී ක්‍රියාකරන අතළොස්සක් චරිත හසන්ත හෙට්ටිආරච්චි තම "අටපට්ටම" රූපවාහිනී වැඩසටහන ඔස්සේ සාලයට කැඳවාගෙන එයි. ඒවා අපේ මිතුරන් බලන්නේ මැජික් සංදර්ශන බලන ආශාවෙනි. ඒ පුද්ගලයන්ගෙන් යමක් ඉගෙනගැනීමට ඔවුහු උත්සාහ නොකරති. එඩ්වින් ආරියදාස නවයුගය පුවත්පත සංස්කරණය කළ කාලයේ දී "දුක දිනා ජයගත් හපන්නු" යනුවෙන් පිටුවක කතාවක් පළ කළේය. ඒවා එදා පරපුරට දිරියක් විය. තම තමන්ගේ ජීවිතවලට ශක්තියක් එකතු කරගැනීමට මේ කතා ප්‍රයෝජනවත් විය. මා ඛෙහෙවින් කලකිරී සිටි කාලයක අම්බලන්ගොඩ ඊබට් ඇම්. පල්ලියගුරුගේ "වස්සානේ" නම් කෘතියක් මා අත පත් කළේය. උඩින් පල්ලෙන් එය කියවූ මා කවි දෙපදයක් කියවා උද්දාමයෙන් නැගී සිටියෙමි.

"දුෂ්කරය කියා හැර යායුතුද ජීවිතය කටුපොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස."

රත්න ශ්‍රී ගේ මේ පදදෙක මට අලූත් ජීවිතයක් ගෙනාවේය. පරාක්‍රම කොඩිතුවක්කු කවියාද තරුණ සිතට මෙබඳු දිරියක් එක්කොට තිබේ.

"සූරලා ගෙන යන්න මගෙ හදේ පිපුණු මල්
මල් නගන වසන්තය ඔබට ගෙන යා නොහැක."

මේ සියල්ල මා කියා ගෙන ආවේ වීරක්කොඩි සර් ගැන කියන්නටය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ ග්‍රීක් හා ලතින් උගන්වන මහාචාර්යවරයාය. වීරක්කොඩි සර් කියා ජනප්‍රිය වුණත් ඔහුගේ ලේඛනගත නම ඩී. පී. එම්. වීරක්කොඩි ය.

වීරක්කොඩි සර්ගේ දෑසම පෙනෙන්නේ නැත. ඉඳහිට මං ඔහු හමුවූවිට අතින් අල්ලාගෙන අක්බර් පාලමෙන් එගොඩ කොට අක්බර් ශාලාවට කැඳවා ගෙන යමි. මේ දකින කොල්ලන් මට එන්ජිමා යයි නමක් ද පටබැඳ තිබිණි. සර් පුදුමාකාර සංවේදී මිනිසෙකි. දිනක් මා අක්බර් පාලම අසලට එන විට සර් නතරවී සිටිනු දුටුවෙමි. "ඇයි සර් යන්නැද්ද" මම ඇසුවෙමි. "බඹරු ඇවිස්සිලා." සර් කීවේය. අපේ ඇසට ඒ දසුන නොපෙනේ. ඒත් සර්ට දැනේ. තිලංග මහේෂ් දයාපාල හා නිශාද් හඳුන්පතිරණ (අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීත අධ්‍යක්ෂ) සර් සමග සංගීත පුහුණුවීම්වල නිරතවෙති. ඉඳහිට හෝ තිලංගගේ සංගීත භාණ්ඩයට නිශාද් අත තැබුවහොත් "කෝ තිලංග?" කියා විමසීමට තරම් දැනීමක් වීරක්කොඩි සර්ට තිබිණි. ඔහු අතිදක්ෂ වාදකයෙකි. 'එන්ජිමෙක්' නැති දවසට ශාස්ත්‍ර පීඨයේ සිට අක්බර් ශාලාවට පැමිණ දෙවරක් උත්සාහ නොකර යතුර දමා දොර විවෘත කරගැනීමට ඔහුට පුළුවන. ඔහු සමග සසඳන විට අපි අන්ධයෝ වෙමු.

දිනක් මා සර් සමග අක්බර් ශාලාවේ සිට ශාස්ත්‍ර පීඨය දෙසට එන්නට පිටත්වී ගම්පොළ පාරට එනවිට අමුත්තෙක් පැමිණ ඉංග්‍රීසියෙන් කතාකොට මා හඳුනන්නට පුළුවන්දැයි සර්ගෙන් ඇසුවේය. සර් බෑ කී විට ඔහු නම නොකියා තව තව දේවල් කීවේය. සර් තරමක් අමනාපයට පත්විය. ඉන් සිත් රිදවාගත් අමුත්තා කීවේ තමන් වීරක්කොඩි සර් සමග එකම ශාලාවේ නැවතී සිටි ශිෂ්‍යයෙකු බවයි. දැන් සර් විශ්‍රාම යන්නටත් ළඟය. එකට උගත් සහෝදරයෙකුගේ හඬ ඔහුට මතක තිබිය හැකිද? අන්ධයෙක් වූ මගෙන් හඳුන්නේදැයි යන අපහසු ප්‍රශ්නය නොඅසන ලෙස ඉල්ලා කරුණු පැහැදිලි කළ සර් සුහද කතාබහට යොමුවූවේය.

සර් ඉගෙන ගන්න කාලයේදී නෙත් ඇති යාළුවෝ ඔහු නේවාසිකාගාරය පහත මාලයේ ආපන ශාලාවට කැඳවාගෙන ආහ. ලයිට් ගියපසු නැවත වීරක්කොඩි සර් ඉහළ මාලයට කාමරවලට මිතුරන්ට පාර පෙන්නුවේය. මේ ප්‍රවෘත්තිය ආගන්තුක මිතුරා සිහිපත් කළේය. වීරක්කොඩි සර්ට හැමදාම අඳුරුය. Power cut ය. ජීවිතේ කිසිදාක ඔහුට විදුලි බුබුළු වුවමනා නොවේ. ඔහු රැස්කරගෙන ඇති දැනුම් සම්භාරය අතිවිශාලය. ඔහු ගැන සිතන විට ඇස් ලැබූ අප පව්කාරයෝ වෙමු.

Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න

Comments

කිවවීම මිනිසා සම්පූර්ණ කරයි....මමත් පොඩිකාලෙ ඉදන් පොත් කියවනවා....ඒක නිසා කිවවීමේ අගය හොදට තේරෙනවා.ඒත් දැන්නම් ලෝකෙ යන විදිහට ඉදිරි පරම්පරාව මොනවගේ වෙයිද දන්නෙ නෑ.මොකද දැන් ඉන්න කට්ටිය game ගහන්නයි තව එක එක වැඩ කරන්නයි computer එක අත ගගා හිටියට දැනුම කියන්නෙ ඒක නෙමේ....
හෂිත said…
amare should continue his work on sunaparanthaya..

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...