Skip to main content

අපි අපේ ඉතිහාසය සොයා යමුද?(Shall we find our real History) Discovering by seuslsla


 අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද? 7 වන කොටස
අපි අපේ ඉතිහාසය සොයායාමේ පළවෙනි පියැවරේදී ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය ගැන ලිපි පෙළක් ගෙනාවා. අද ඉදන් අපේ ඉතිහාසය සොයා යමේ චාරිකාවේ දෙවන අදියර ආරම්භ කරනවා. ඒ මතු වූ නව ඉතිහාසය පිළිබදවයි.
 
මතු වූ නව හෙළ ඉතිහාසය
පළමු වන කොටස 
විසිවැනි සියවස ඇරඹීමත් සමගම, පාසල් සිසුන්ට මාරි මියුසියස් මැතිනිය හෙවත් සුදු අම්මා විසින් ලියා තිබූ ඉතිහාස කතන්දර තව දුරටත් වැඩි දියූණුකර කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය නැමති පොත ලියලා තියෙනවා. ඒ සමයේ සිටි ලාංකීය ඉතිහාසඥයන් හෝ ගත්කතුවරයන් විසින් මෙයට ප්‍රතිවිරුද්ධව යමක් නොකල නිසා හෝ ඒ ඉතිහාසය පාසල් පෙළ පොත් වල හා පුවත් පත්, සගරා ආදියේ පළ වීම නිසාමද කොහොද, කොඩ්රිංටන් විසින් ලියලා තියෙන ඉතිහාසය අදටත් ලංකාවේ සබෑ ඉතිහාසය ලෙස පිළිගන්නවා.

ලංකාවේ පහල වුණ ශ්‍රේෂ්ඨතම පුරාවිද්‍යඥයා විදියට සැලැකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාරණයන් පවා හිතා මතා හෝ ඉංග්‍රිසි බලපෑම මත සෙල්ලිපි සාක්ෂි ඕනෑතරම් තිබියදීම, කොඩ්රිංටන්ගේ මතය තහවුරුකරමින්ම සෙල්ලිපි සාක්ෂි සොයාගැනීමත් නිසාම ඒය සාක්ෂිවලිනුත් සන්නද වෙලා තිබීමත් සබෑ ඉතිහාසය මතුනොවිමට හේතුවක් විදියට දක්වන්න පුළුවන්. ආරම්භයේ ලංකා විශ්වවිද්‍යාලය නොහොත් අද පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස විශයද මෙම කරණුවලින්ම සමන්විත වීම නිසාම, කොඩ්රිංටන්-පරණවිතාරණ ගුරුකුලයක් පරම්පරා දෙකක් දක්වාම පැතිරෙන්න හේතුවෙලා තියෙනවා. ඉන් බැහැරට සදහන් වන මත මේ ගුරුකුලයේ පුරාවිද්‍යඥයන් පිළිගන්නෙ නැහැ. ඒ කියන්නේ අපේ මතය පිළිනොගන්නා පුරාවිද්‍යාඥයන් වැඩියි.
කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය ලිවීමෙන් වසර 12කට පමණ පසු ලංකා මව ලද ශ්‍රේෂ්ඨ පඩිරුවන්ක් වූ කුමාරතුංග මුණීදාසයන් විසින් මෙරට පැවැති බවට නිදර්ශන සහිතවම “හෙළබස මතය“ එළිදක්වලා තියෙනවා. ඒ වන විට ඉංග්‍රිසි පඩිවරයන් හා බෞද්ධ භික්ෂුන් විසින් පිළිගෙන රටට ඒත්තු ගන්වා තිබුනේ පාළි හා සංස්කෘත යන භාෂා වලින් සිංහල භාෂාව නිර්මාණය වී තිබුණ බවයි. (නමුත් පාළි හා සංස්කෘත භාෂා බොහෝදුරට සමාන වන්නෙ හිංදි භාෂාවටයි.) කුමාරතුංගයන් විසින් එම මතයට අභියෝග කරමින් හෙළ බස සිංහල භාෂාවේ ආරම්භය ලෙස පෙන්වා දුන්නද, පාසල් පෙළ පොත් . විශ්වවිද්‍යා හා පුවත් පත් සගරා ආදීය ඉංග්‍රීසින්ගේ මතය සනාථ කිරීම නිසාම ඒ මතය උගතුන් කීපදෙනෙකුට පමණක් සීමා වූ “හෙළ හවුල“ටම සීමා වීම සිදුවෙලා තියෙනවා


භාෂාවෙන් පමණක් නොනැවතුන කුමාරතුංගයන් අනුරාධපුර යුගයට පෙර හෙළ නැමැති යුගයක් තිබුණ බවටද තරක කරලා තියෙනවා. ඒ වගේම රාජාවලියේ තොරතුරු උපයෝගිකරගෙන මේ කරුණු සනාථ කිරීමටත් එතුමා සමත් වෙලා තියෙනවා. නමුත් රාජාවලියේ සදහන් සමහර තොරතුරු ලංකාවේ වූණා යැයි සැලකීමට අමාරු නිසා “මහාසම්මත මනු“ රජුගෙන් ලංකා රාජවලිය ඇරඹීම ඉන්දියාවේ සිදුවුණා යැයි සලකලා තියෙනවා.
මේ කාලයේදී අවසනාවන්ත ලෙසට හෙළ බසට සමාජය තුල තදබල විවේචන හා දරුණු ප්‍රහාර එල්ල වනට පටන්ගෙන තියෙනවා. පුවත් පත් ආදියෙන් මෙය දැඩිලෙස සිදුවෙලා තියෙන අතරම හෙළබස පිළිගන්නන් මිත්‍යාවක් පසුපස හබායන උංමත්තකයන් පිරිසක් විදියට හංවඩුගැසීම සිදුකරලා තියෙනවා. ඇ ආකාරයේ යෙදුම් බහුල වීම නිසාම හෙළ බස පාවිච්චි කරන්නන් කට ඇදයන් ලෙසත්, හෙළ බස කතා කිරීමෙන් කට උළුක්කු වනවායි පැවසීම ඒ දවස්වල පුවත්පත් හා සගරා මගින් වැඩිපුර සිදුවීම ආදීය නිසාම 1925 දී ඇරඹුන හෙළ හවුල 1955 පමණ වන විට පිරිහි ගිහිල්ලා තියෙනවා.
මේ අතර කුමාරතුංගයන්ගේ මරණින් පසුව, කුමාරතුංගයන්ගේ ප්‍රබල අනුගාමිකයෙකු වූ වෙල්ලාල ජයමහ සූරීන් විසින්  හෙළ ඉතිහාසය පිළිබදව කරුණු මතුකරලා තියෙනවා. 1970 හා 1980 දශකයන් වල අරිසෙන් අහුබුදු සූරීන් විසින් හෙළ ඉතිහාසය පිළීබද එම කරුණු ප්‍රබල ලෙස  ඉදිරියට ගෙනැවිත් තියෙනවා.
ලංකාව තුල කාරණා මේසේ වෙද්දී 1970වෙන් පසු එක්සත් ජනපදය,  ජර්මනිය, එංගලන්තය හා ඉන්දියානු මානව විද්‍යාඥයන් විසින් අසුර අධිරාජ්‍යක් ගැන කරුණු සොයා මතු කරලා තියෙනවා. අසුරයන් යනු හෙළයන් කේන්ද්‍ර කරගත් සංස්කෘතික අධිරාජ්‍යයක් බවත්, එය ලොව පහල වූ මුල්ම අධිරාජ්‍ය බවටත් කරුණු ඔවුන් විසින්ම සොයාගෙන තියෙනවා. අහම්බෙන් ආරම්භ වූ මෙම ක්‍රියාදාමය මේ වන විට සම්පූර්ණ වී ඇති ඉතිහාසයක් සහිත කියා දාමයක්.

පළමු සිදුවීම සිදුවූයේ 1944දී හිරෝෂිමා නගරයට පරමාණූ බොම්බ හෙලීමයි. ඒ සිදුවීමට සමාන සිදුවීමක් ක්‍රි.පු 5 වන සියවසේදී ලියැවුන මහා භාරතය නැමැති සංස්කෘත වීර කාව්‍යට අනුව මෙසේය.
එහි ඉංග්‍රිසි පර්වර්තනය හා ඒහි සිංහල පර්වර්තනය මෙසේය


Gurka, flying a swift and powerful vimana,
Hurled a single projectile,
Charged with the all powers of Universe,
An incandescent column of smoke and flame,
As bright as ten thousand suns,
Rose with all splendors

වේගවත් හා ජවසම්පන්න විමානයක නැගි
දමා ගසන ලද, ගුර්කාවෙන්
විශ්වයේ සියළු බලයන් කැටිකරගත්තා වූ,
තාප ශක්තියෙන්, දුමාරයෙන් හා අලෝකයෙන් සමන්විත වූ,
සූර්යන් 10000 ක මෙන් දීප්තියෙන් යුක්ත වූ,
ශක්තියෙන් දවා කරකරන්නෙය.

It was unknown weapon,
An iron thunderbolt,
A gigantic messenger of death,
Which reduced to ashes,
The entire race of the vrisnis and the Andhakas

ඒ වූ කලී නොදන්නා ආයූධයකි,
ශක්තිමත් අකුණුසැරක් වන් වූ,
අළු පමණක් ඉතිරිකරන
යෝධ මරණයේ පණිවිඩකරුවෙකි
වර්සනිස්  හා අන්ධාක්ස් වර්ගයාටම

The crops were so burnet,
As to be unrecognizable,
Hair and nails fell out,
Pottery broke without apparent cause,
And the birds turn white.

අස්වනු දැවී ගියේය,
හදුනාගත නොහැකි අන්දමටම,
හිසකේ හ නිය ගැලවී වැටිණ,
අදෘෂ්‍යමානව මැටි බදුන් පුපුරා ගියේය.
කුරුල්ලන් පවා සුදුපැහයට හැරිණි

After few hours
All foodstuff were inflected,
… to escape from this fire
The soldiers threw themselves into streams,
And found that it was boiling

පැය කිහිපයකට පසු,
සියළු ආහාර ද්‍රව්‍ය විකෘතිවිය.
මේ ගිනි ජාලාවෙන් පලා යාමට,
සොල්දාදුවන් ඇළ දොලට පැන්නද
එම ජළය රත් වී නටන බව දැන ගත්හ.

මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ.

It was weapon so powerful
That it could be destroy Erath in an instant,
A grate soaring sound in smoke and flame,
And on its sits death

ඉතිරිටිකත් ඉක්මනින්ම දාන්නම්

Comments

Popular posts from this blog

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...