Skip to main content

බුදුන් වහන්සේ රාවණ රජුගේ ආරාධනාව පිළිගෙන ලංකාපුරයට වැඩිසේක....! Lord Buddha Arrived to the City of Lanka by accepting the invitation of King Ravana


රාවණ රජුට බුදුන් වදාල ලංකාවතාර සුත්‍රය -2

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රයේ පළමුවන කොටසෙදි අපට හරියටම තහවුරු කරගන්න බැරි වුණ දෙයක් තමයි රාවණ රජු සිටියේ කුමන බුදුන් වහන්සේගේ යුගයේද කියන එක. ඒ ලිපියට ලැබුණ ප්‍රතිචාර අනුව නම් ඒ කාශ්‍යප බුදුන් වහන්සේ කියන මතය තිබුණා. ඒ වගේම අපේ සැබෑ ඉතිහාසය සොයා නම ගමනට නිතර ආශිර්වාද කරන විද්වතුන්ගේ මතය වුනේද මේ කාශ්‍යප බුදුන් සමයේ රාවණ රජු සිටියා යැයි කියන එකයි.
පසු ගිය ලිපියේ අපි ලංකාවතාර සුත්‍ර දේශානාව නතර කලේ රාවණ රජු විසින් බුදුන් වහන්සේට ලංකාවට වඩින ලෙස කලා ආරාධනාවෙන්. අද එතැන් සිට ලංකාවතාර සුත්‍රය ඉතිරි කොටසත් විමසමු.

මේ නගරය ආධ්‍යාත්මික හා දැනුවේ විචික්ෂණ බුද්ධියෙන් අභ්‍යන්තර විඥානයන් පවා අවබෝධ කරගත් ස්ථානයකි, මහා අනර්ඝ පාෂාණයන්ගෙන් සෑදුන මේ කදු මුදුන මෙම බුද්ධිය විදාරණය කල ස්ථානයකි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේත් මේ මහා අනර්ඝ පාෂණයන්ගෙන් සරසන ලද මෙම ශිඛරයේදී මා ඇතුළු පිරිවරටද නිර්මල වූ සත්‍ය වදාළ සේක්වා, අපි ඇසීමට කැමැත්නේ සිටිමු.
ලංකාවතාර සූත්‍රය වනාහි අතීතයේ වැඩ විසූ බුදුවරුන් පවා වර්ණනා කල, ඉතා අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්තා වූ අන් කිසිම දහමක හමු නොවන්නා වූ අනර්ඝ දහමකි.  අතීතයේ වූ විජයග්‍රාහී පුතුන් හමුවේ අතීත බුදුවරු දේශනා කරන මේ දහම නැවතත් සිහිකරගන්නෙමි. භාග්‍යවතුන් වහන්ස දේශනාකරන සේක්වා.
අනාගතයේදී යක්ෂ ගෝත්‍රිකයන් කෙරහි බුදුවරුන්, බුද්ධපුත්‍රයන් විසින් අනුකම්පිත අවධානය යොමුකරාවි. යක්ෂ ගෝත්‍රික නායකයන් පිරිවර උදෙසා මෙම මහානුභාවසම්පන්න දහම, මෙම අනර්ඝ පාෂණයන්ගෙන් සෑදුන ශිඛරය මත දී දේශනා කරනු ඇත.
මහානර්ඝ පාෂණයන්ගෙන් ලංකෘත, මහා ශිඛරයන්ෙගන් වටවුණු, සුවදායක හා අලංකාර වූ අභාරණ වලින් සෑදුන වියන් වලින් සමන් විත ලංකාපුරය විභූතිමත් පුරවරයකි.

භාග්‍යවතුනි, මෙහි සිටින්නා වූ යක්ෂගෝත්‍රිකයන් තන්හාවෙන් මිදුන, අභ්‍යන්තරයෙන්ම අතීත බුදුවරුන්ගේ සත්‍යාවබෝධ කරගත්තා වූ පිරිසකි. ඔවුන් මහායාන ඉගැන්වීම් විශ්වාස කරන්නන්ය. අප යක්ෂගෝත්‍රික තරුණ දූ වරුන් හා පුතුන් හට මහායානය දැනගැනීමට අවැසි වී ඇත.
භාග්‍යවතුනි, මහා ගුරුවරයාණෙනි මලය කදුමුදුනේ ලංකාපුරයට වඩිනු මැනවි.
===============================================
මෙම ලංකාවතාර සුත්‍රයට අනුව කාශ්‍යප බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කිරීමටත් පෙර සිටම ලංකාව බෞද්ධ දේශයක් වූ බව පැහැදිලිය. මෙම සුත්‍රයේ කරුණු වලින් හෙලිවන දෙයනම් මහායාන බුදුදහම ලංකාව පුරා අතීතයේ සිටම පැතිරී තිබූ බවයි. එලෙසම අප සැලකිල්ල දැක්විය යුතු කරුණක් වන්නේ බුදුදහම යනු ගෞතම බුදුන් වහන්සේ විසින් පමණක් දේශනා කල කරුණු පමණක්ද යන්නයි. මහායාන ධර්මයට අනුව පෙරබුදුවරු පවා දේශනාකරන ලද සුත්‍ර ධර්මයන් පවා ප්‍රධානතම ධර්ම කරුණු ලෙස භාවිතා වේ. මෙම සුත්‍රය ඊට හොදම උදාහරණයයි.
මෙම සුත්‍රයට අනුව රාවණ වැනි අපගේ ශ්‍රේෂ්ඨ නරපතියන් බුදුන් දැකීමට පවා පෙර බෞද්ධයන් වූ බව පැහැදිලි වේ. රාවණ රජුහට නොයෙකුත් බලයන් තිබූ බව ප්‍රකට කරුණකි. අදටත් මහායාන ධර්මය තුල මාර්ග ඵල නොලබා විවිධ වූ ධ්‍යානයන් ලබාගත් පුද්ගලයන් මහායාන ධර්මය අදහන චීනය, ජපානය වැනි රට වල අප්‍රසිද්ධව ජීවත් වන බව අසන්නට ලැබේ. මේ පිලිබදව වැඩිපුර අවබෝධයක් චීන කුංෆු සටන්කලාව අශ්‍රිතව හදුනාගත හැක. විවිධ සිනමාපට මගින්ද මෙලෙස අහසින් ගමන් කරන, පාවෙන, මනසින් ගමන් කරන පුද්ගලයන් මතුවෙන්නේ මහායාන ඉගැන්වීම් අනුව ලබාගත් ධ්‍යානවලින් බව සිතාගත හැක.
===============================================
කුම්භකර ඇතුළු රාක්ෂ ගොත්‍රික මහායානය කෙරෙහි සැදහැවත්ව මේ නගරරයේ සිටන්නද මේ අභ්‍යන්තර අවබෝධය පිළිබදව ඇසීමට සැදීපැහැදී සිටි. ඔවුන් අතීතෙය් බුදුවරුන්ටද අනලස්ව තම උපහාරය දැක්වූවන්ය. අදටත් එසේය. ලංකාපුරය කෙරෙහි දයානුකම්පාව දක්වා, හිමියනි වඩිනු මැනවි.
මහාමථි,(මෙලෙස මහාමථි නම් බෝධිසත්වයන් වරයෙක් පිළිබදව මෙම සුත්‍රය පුරාවටම දැකගත හැක) විවිධ වර්ගයන්ගේ අබරණ ගෙපැලැදැ අපසාරවන්ගෙන් පිරුණ මාගේ මන්දීරයද, මනෝරම්‍ය වූ අශෝක උයනද පිළිගනුමැනවි. මම බුදුරදුන් වහන්සේට හා බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ සේවයට කැපවන්නෙමි, උන්වහන්සේලාගේ අනුකම්පාව උදෙසා මා හට කැප කල නොහැකි දෙයක නොමැත. මහා මුණිවරයාණෙනි මා හට අනුකම්පා කරණ සේක්වා.
මෙලෙස රාවණ රජුගේ ආරාධනාවන්, වර්ණනාවන් අසා සිටි තිලෝගුරුන් යක්ෂාධිපති රජුනි,  මේ මහානර්ඝ පාෂණයන්ගෙන් සෑදුන මේ කදුමුදුන අතීත බුදුන් පවා වැඩිය භූමියකි, ඔබ හට අනුකම්පා කර සත්‍ය දේශනා කරමි. එලෙසම අනාගත බුදුවරුන් පවා ,මාණික්‍යන්ගෙන් සැදූනා වු ‍මෙම කදු මුදුනේදී ඔවුන්ගේ ධර්මයන් දේශනාකරනු ඇත.
මෙම ගැඹූරු වූ සත්‍ය, සත්‍ය සෙවීමේ අරමුණින් සිටින්නා වූ යෝගී වරුන් පවා බලාපොරොත්තුව සිටි සත්‍යකි. යක්ෂ රජුනි ඔබ හට මාගේ අනුකම්පාව හිමිය.
භග්‍යවතුන් වහන්සේ මෙලෙස රාවණ රජුගේ ආරාධානාව පිළිගෙන නිශ්ශබ්දව හා රාවණ රජු විසින් පිළිගන්වන ලද පුෂ්පක රථයට වැඩි සේක.
අනතුරුව විජයග්‍රාහී පුත්‍රයන් වන රාවණ රජු හා පිරිවර විසින්, අප්සරාවන් විසින් ගෞරව පූර්වකව ගයමින්, වයමින් හා නර්තනය කරමින් බුදුන් වහන්සේ ඇතුළු පිරිවර රැගත් රථය ලංකාපුරයට ලගා විය.
මනරම් වූ ලංකාපුරයට සැපත් වීමෙන් අනතුරුව නැවත නැවතත් බුදුන් වහන්සේ ගෞරව පුර්ව වන්දනාවන්ගේ ගෞරව දැක්වීය. රාවණ රජු ප්‍රමුඛ යක්ෂ සමූහයෙන්ද, යක්ෂ ගෝත්‍රික කාන්තාවන්ගේද වන්දනාවට ලක්විය. විවිධ වූ මාණික්‍යන්ගෙන් සෑදුන වියනක් තරුණ යක්ෂ පුතුන් හා දූවරුන් විසින් බුදුන් වහන්සේට පූජාකරන ලදි.
රාවණ රජු විසින් අලංකාර ආභරණින් යුක්ත වූ ගෙලපලාදනාවක් බුදුන් වහන්සේ ඇතුළු බුද්ධ පුත්‍රවහන්සේලාට පළදවන ලදි. බුදුන් වහන්සේ ප්‍රමඛ නැණයෙන් සම්පන්න වූ බුද්ධ පිරිවර විසින් පිළගන්වන ලද, පූජාකරන දේ පිළිගනිමින් ගැඹුරු වූත්, අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්තා වූත් සත්‍ය දේශානාකරිමට සූදානම් විය.
===============================================
මේලෙස කාශ්‍යප බුදුරාජානන් වහන්සේ විසින් ලක්වැසන්ට ලංකාවතාර සූත්‍රය දේශනාකිරීම ආරම්භ කිරීම දක්වා අද ලිපියෙන් සදහන් කල අතර, ඉදිරිලිපි වලින් කාශ්‍යප බුදු රදුන් විසින් දේශනාකරන ලද ලංකාවතාර සූත්‍රෙයේ ඉතිරි කොටස් විමසමු.
ලංකාවතාර සූත්‍රයට අනුව අනාගත බුදුන් වරුන් විසින් පවා ලක්දිවට වැඩම කර මෙම සත්‍ය දේශනාකරන බව සදහන්. ලංකාවතාර සුත්‍රය දේශනාකරන ලද්දේ ලංකාපුරය නැමති නගරයේ බව පැහැදිලියි. මීට පෙර අප ලෝකයේ පරමාදර්ශි නගරය ලෙස ලංකාපුරය ගැන සාකච්චා කලා මතක ඇති. එයට අනුව ලංකාපුරයද කදුමුදුන් 3ක් මත පිහිටි නගරයක් බවත් අපි සදහන් කලා. නමුත් ලංකාවතාර සුත්‍රෙය් එය කදුමුදුන් 3ක පිහිටි බවක් සදහන් වෙන්නේ නැහැ. කොහොම වුණත් කදුමුදුනක, මලය දේශයේ පිහිටි නගරයක් බව අදුනාගන්න පුළුවන්.
ත්‍රීකූට පුරයද?
 සීගිරීයද?
 නැත්තම් වෙනත් ස්ථානයක්ද? ඒ වගේම අනාගත බුදුවරුන් විසින්ද යක්ෂ ගෝත්‍රිකයන් අරභයා මෙම සත්‍ය දේශනාකල යුතුයි.  අප දන්නා 28ක් වූ බුදුන් වහන්සේලාට අනුව කකුසද, කෝණාගම, කාශ්‍යප හා ගෞතම යනු මේ මහා භද්‍රකල්පයේ දැනට බුද්ධත්වයට පත් වූ බුදුවරයානන් වහන්සේලායි. කාශ්‍යප බුදුන් වහන්සේගෙන් අනතුරුව ගෞතම බුදුන් වහන්සේ විසින්ද මෙම උතුම් සත්‍ය ලක්වාසී යක්ෂ ගෝත්‍රිකයන්ට දේශනාකල යුතුයි.
එසේනම් එය විසකුම්භණ සුත්‍රෙය් සදහන් වන ගිරිදේශයේ ධර්ම දේශනාවද? නැතිනම් හෙළ අසුර අධිරාජ්‍යෙය් අවසන් ශ්‍රකාධිපති හෙවත් දේව අධ්‍යාපන ප්‍රධානී සුමන අරභයා සමන්තකූඨයේ කරන ලද දේශනවාද යන්න අප විසින් විසදාගත යුතු ගටළුවකි.
මෙලෙස අපගේ සැබෑ ඉතිහාසයේ විවිධ ගැටළු, පරස්පරතාවයන් හමු වේ. කොහොම නමුත් සැගවී ඇති අපේ සැබෑ ඉතිහාසයෙන් විවිධ මුලාශ්‍ර ඔස්සේ කරුණු සොයාගැනීමට දිගටම රැදී ඉන්න කියලා ඉල්ලන ගමන්ම අදට ලංකාවතාර සුත්‍ර දේශන සිංහල පර්වර්තනය -2 කොටස මෙතනින් නිම කරණවා. ඇත්තටම ලංකාවතාර සුත්‍රෙය් පළමු පරිච්ඡෙදය තුලම තමයි තාමත් අපි ඉන්නේ.
 මීලග කොටසින් හමුවන තෙක් ඉතින් ආයුබෝවන්..

ලෝකයටම පරමාදර්ශි නගරය වූ ලංකාපුරය

Comments

මේ ගැන ඔබගේ මතය ලියන්න.මමත් මගේ මතය කෙදිනක හෝ ලියන්නම්. හරිම වටිනා ලිපි පෙලක්. නොවරදවාම කියවමි. ස්තුතියි. ඉක්මනට නැවත ලියන්න.
උමා said…
"ලංකාපුරයද කදුමුදුන් 3ක් මත පිහිටි නගරයක් බවත් අපි සදහන් කලා"
මම හිතන්නේ ඔය කියන්නේ මිහින්තලය අම්බස්තල මලුවි එතන කදු 3 ක් තියන සතර බුදුන් වැඩි තැනක්
Dasun said…
@ උමා- ලංකාපුරය කදුමුදුන් 3ක් මත පිහිටි නිසා ත්‍රි කුඨ මලය හෙවත් ත්‍රිකුණාමලය වෙන්න පුළුවන් කියන එක එක මතයක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම ගෞතම බුදුන් වහන්සේ විසින් ගිරිබද්ධ යක් සෙන්පති ඇතුළු පිරිස අරබයා විසකුම්භන සුත්‍රය දේශනා කල රිටිගල ප්‍රෙද්ශය කියලා හිතන්නත් පුළුවන්. උමාගේ මතයත් ගන්න පුළුවන්. නමුත් හරියටම ලංකාපුරය තිබුණ ස්ථානය මේ අතර තියෙනවාද? නැත්තම් අතීතයේ වූ භූතල වෙනස් වීම්, සුනාමි මගින් වැනසී ගියාද, සැගව ගියාද කියලා හරියටම කියන්න පුළුවන්. මගේ මතයට අනුව නම් රිටිගල ආශ්‍රිතව තියෙන්න ඇති.
Dasun said…
@ මහ වෙදනා- බොහොම ස්තූතියි. ඔබගේ අදහසත් ඉක්මනින්ම ලියන්න
Lanka said…
කථාකල යුතුම මතෘකාවක් ගැනයි කථා කරලා තියෙන්නේ. මේ ගැන දිගටම ලියන්න. මම අහලා තියෙන විදියට රාවණා රජු තමයි මිසර ජාතිකයින්ටත් පිරමිඩ සාදන්න කියලා දිලා තිබෙන්නේ. ඒ වගේම රාවණා රජු දිර්ඝ නින්දක සිටින අතර ඔහුව නැවත අවදිකිරිමට නම් ඔහුගේ මිරිවැඩි සගල හා ඔ‍ටුන්න ගෙන පලදවා තවත් මොනවද කරාම නිද්‍රා තත්වයෙන් නැගිටිනව කියලයි ලිපියක සදහන්ව තිබුනේ. මේ පිලිබදව සත්‍යාඅසත්‍ය බවනම් මම දන්නැ.
මට කලින් පෝස්ට් එක මගඇරිලා...
මම මිට කලින් ලංකාවතාර සුත්‍රය ගැන අහල තිබුනට මේ වගේ විස්තරයක් දැනගෙන හිටියේ නැහැ
බොහොම පින් මේ දැනුම බෙදාහදා ගන්න එකට

නුවරඑළියේ මහඑළිය තැන්න(හෝර්ටන් තැන්න) ආශ්‍රිතව ලංකාපුරය පැවතී බවට සඳහන් පොතක් මම කියෙව්වා
මහඑළිය තැන්න යන නම සැදුනෙත් ලංකාපුරය ගිනිගත් වේලේ නැගී ආ ගින්න පහල ප්‍රදේශවල ජනයා දුටු පසු එයින් හටගත් නාමයක් ලෙසින්ද එහි සඳහන් වුවා
තොටුපොළ කන්ද සහ තවත් රාවණා පුවතට නෑකම් කියන බොහෝ ස්ථාන මේ ප්‍රදේශය හා අවට බැඳී පවතින නිසා ලංකාපුරය මේ ප්‍රදේශයේ වූ බවට ඉදිරිපත් කරන මතය ප්‍රබලයි.
එවිට මෙම කියන කඳු කිහිපය ශ්‍රීපාදය සහ ඒ අවට ඇති කඳු මුදුන් වීමට ඇති ඉඩකඩ ගොඩක් වැඩියි.
Dasun said…
@ ලොකුපුතා - එහෙම කියන්නත් පුළුවන්. ඒ පොත මොකක්ද කියලා කියන්න පුළුවන්ද? අපි හිතුවොත් ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයම කියලා කාශ්‍ය බුදුරදුන්ගේ අනාගත වාක්‍යට අනුව ගෞතම බුදුරදුන් සුමන දේවයා අරබයා ධර්ම දේශනාව කිරීම එය විය යුතුයි. නමුත් දැනට හදුනාගෙන ඇති පරිදි ශ්‍රිපාදස්ථානය කියන්නේ දැනට අක්‍රිය නමුත් අතීතයේ සක්‍රියව පැවති යමහලක් බව හදුනාගෙන තියෙනවා. මේ පිළිබදව අපි අපේ පසුගිය ලිපියක සාකච්චා කලා. යමහලක් ආශ්‍රිතව නගරයක් තිබිය හැකිද කියන එක ගැටළුවක්. ඒ නිසා ලංකා පුර සමනල කන්ද ආශ්‍රිතව පැවතියා යැයි කියලා හිතන්න අමාරුයි.නමුත් අද නුවර එලිය, (එදා රාවණගම නමින් හැදින් වූ) අද ග්‍රෙගරි වැව නමින් හැදින්වෙන එදා රාවණ වැව, රාවණ ගල අද රාගල නමින් හැදින්වෙන ප්‍රෙද්ශ රැසක්ම රාවණ රජුට ඇදී ඇති බව සත්‍යක්. නමුත් ලංකාපුරය යනු රාවණ රජු විසින් ගොඩනැගූ නගරයක් නොවේ. එය විශ්වකර්ම නැමති අති දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියා විසින්, පත්තිනි හෙවත් දේවායානිගේ පුත්‍රෙයක් වන සිංහමුඛ උදෙසා නිර්මාණය කරන ලද්දක් බවයි අපේ ගවේෂණ සටහනට හමුවුනේ. මම කියන්නේ ලොකු පුතාගේ අදහස වැරදියි කියන එක නෙමෙයි. නමුත් නුවරඑළිය ආශ්‍රිත රාවණ රජුගේ නගරයක් හෝ නගර සංකීර්ණයක් තිබෙන්න ඇති. නමුත් එය හරියටම ලංකාපුරයද කියන්න පුළුවන්ද කියන එක තමයි ගැටළුව
මගේ ගාව රාවණ්නා පුවත කියන පොතයි, උතුරු දොරටුව කියන පොතයි තිබුනා
එක පොතක තමයි මේ විස්තරේ තිබුනේ
මම අන්තිමට කියල තියෙන එකේ යම් අපැහැදිලි බවක් තියෙනවා කියල මටත් දැන් හිතෙනවා
මට කියන්න උවමනා උනේ මහඑළිය තැන්න අවට ප්‍රදේශයේ ලංකාපුරය පිහිටියා කියන මතයයි
ඒ අවට මෙවැනි කඳු ගැට කිහිපයක් තියෙනවා
ශ්‍රීපාදය පවා තියෙන්නේ ආසන්න දුරකින්, කිරිගල්පොත්ත ත් එසේමයි

එලෙසම ලංකාපුරය මෙහි පවතී බවට සිතිය හැකි අනිත් කරුණනම් මහඑළිය තැන්නේ ඇති පසේ ස්වභාවයයි.. එය තද කළු පහන් යුතු වන අතර බොහෝ නිසරු බවක්ද පෙන්නුම් කරනවා
මම මේ කියන්නේ දැනට තණකොළ වර්ග පමණක් වැවී ඇති තැන්නක ස්වරුපයේ ඇති බිම්කොටස ගැන
අධික තාපයකට ලක්වී පිළිස්සුනු ස්වභාවයක් එහි ඇති බවක් පසේ පාටෙන් සහ නිසරු බවෙන් පෙන්නුම් කරනවා වන්නට නොහැකිද....
පිළිස්සීම සිදු වුයේ ලංකාපුරය ගිනි ගැනීමෙන් වීමට ඉඩ තියෙනවා කියල මට හිතෙනවා

මහඑළිය තැන්නේ ඉපැරණි වී ගොවිතැනේ සාධක පවා හමු වී තියෙනවා
ඊටත් පෙර කාලයේදී බාර්ලි, ඕට් වැනි ධාන්‍ය වර්ග පවා මෙහි වගා කර ඇති බවට පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා

මහඑළිය තැන්නේ පරීක්ෂණ සිදු වී ඇත්තේ බොහෝ සීමිතව බව කියන්නම ඕනේ දෙයක්
බේකර් මහතා ඔහුගේ පොත් වල සඳහන් කරන ආකාරයට මෙහි පැරණි ගොඩනැගිලි නටබුන් පවා ඔහු දැකල තියෙනවලු
නමුත් මෑත කාලීනව කිසිම සොයා බැලීමක් සිදු වූ බවක් පේන්න නැහැ
ඒ කරුණු එහෙම්මම යට ගිහින්
Dasun said…
@ ලොකු පුතා - හෝර්ටන් තැන්න, නුවරඑළිය, බණ්ඩාරවෙල, හා උවේ බෝහෝම ප්‍රෙද්ශයක් රාම රාවණ කතා පුවතට ඇදී තිබෙනවා. විශේෂයෙන්ම වැලිමඩ ප්‍රෙද්ශයේ දිවුරුම් පොළ, ස්ත්‍රී පුර කන්ද, වැනි ගොඩක් තැන් හා සම්බන්ධ ජන ප්‍රවාද තියෙනවා. හොදට බලන්න අතීත ලංකාවේ ඉතා දියුණුව පැවැති ස්ථාන වර්ථමානයේ අතිශය දුෂ්කර ස්ථාන බවට පත්වෙලා. අපි මේ ගැන ඉදිරි ලිපියකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් මේ වගේ සංවාද ගොඩනැගෙන එක අපේ ගවේෂණයට රුකුලක්, ඒ වගේම නව මානත් එකතු වීමට හේතුවක්. ලොකු පුතාට පුළුවන්නම් ඒ පොත් වල PDF හරි ජයාරූප හරි තියෙනවා නම් ලබාදෙන්න. දිගටම රැදී ඉන්න
Dasun said…
ඒ වගේම මේ ලංකාපුරය බොහෝ දුරට සීගිරිය වීමටත් ඉඩ තිබෙන බවට දැන් දැන් හමු වන කරුණු වලින් කියන්න පුළුවන්. කොහොම වුණත් ලගදීම රිටිගල, ලක්ගල, සීගිරිය වැනි රාවණ යුගයේ සැගවුණ රහස් ඇති තැන් සොයා යන්න සහෘද තොටුපළ තීරණය කරලා තියෙනවා. මේම ගමනට සම්බන්ධ වන්න කැමති අයටත් විවෘත ආරාධනාවක් කරන්නත් එක්කම තමයි මේ කොමෙන්ටුව....
Anonymous said…
ravana rajuge aradanayen lanka wata wediye kashyapa budun
Anonymous said…
mama kamthi obala samaga ekathu wanna....rel profile ekn ennam..

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...