Skip to main content

සුදු කොඩි දෙක් උපත -The Born of Two White Plags


මේ ලියන මොහොතේ මගේ සිතේ සුදු කොඩියක් එසැවී තිබේ. ඒ කුමක් අරබයා ද කියා ඔබ අසනු ඇත. ඒ සුදු කොඩියට අරමුණු දෙකක් තිබේ. එකක් අප කිසිවකු අනුමත නොකරන, යුද්ධය නිසා මියගිය මිනිසුන් සිහි වීම පිණිස වේ. සුදුකොඩියේ අනෙක් අරුත නම් මරාගත් මී පැටවකු උඩ දම දමා සෙල්ලම් කරන පූසකු සේ මළගම් වටකොට ප්‍රීති උත්සව සංවිධානය කරමින්, මහමඟ කිරිබත් පිස කෑමට තරම් වූ අවිහිංසාවාදී බෞද්ධයන්ගේ පුරුෂාර්ථ සිහිපත් කිරීමයි. අහසේ ද, පොළොවේ ද වාතයේ ද වසන ඇසට පෙනෙන නොපෙනෙන සියලූ සත්වයන්ට මෙත් වඩා බුදුන් සරණ යන අපේ අය මියගිය අය වෙනුවෙන් සාද පවත්වති. 
මරණ දැන්වීම් පළ කර පඹයන් පුච්චමින් ප්‍රීති උත්සව මැද අවමගුල් සමරන විට එකක් සිහිපත් කළ යුතු ය. සිංහලයන් ගැන පිළිකුලක් ඇති නොවන ලෙස හැසිරිය යුතු ය. සුළු මහ ජාති ප්‍රශ්නයක් නැති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත. පාටි දැමූ ඔබ ඔබේ චරිත සහතිකය ලියා ගන්නේ නම් මැනවි. අද අපි නිවැරදි යැයි සිතා හුරේ දමන දේ තව දශක කිහිපයකින් බොරුවන්නට ඉඩ තිබේ. බුද්ධිමත් දේ වන්නේ බුදුන්වහන්සේ දේශනා කළ පරිදි මේ සියලූ අවස්ථාවල දී ම නොසැලී සිටීමයි. ලෝකය ගෝලාකාර යැයි මුලින් ම කී කෙනා මැරුම් කෑවේ ය. එහෙත් අද ලෝකය ගෝලාකාර නොවේ යැයි කීම මැරුම් කෑමට හේතුවක් විය හැකි ය.

අද මා ඔබ කැඳවාගෙන යන්නේ යාපනයට ය. මීට පෙරත් මම කියලා තියෙනවා මට එහි මිතුරන් ඉන්න බව. යුද වැදී සිටින කාලයේ දී මා සමඟ එකට සිටි මිතුරා යාපනයේ ඌරෙලූ ගමේ උපන් තිලීපන් සමඟ ඉස්කෝලෙ ගිය ක. රගුපරන් ය. රට ම කිරිබත් කන වෙලාවේ රෝගී මවගේ තොරතුරු විමසීමට ඔහු මා ඇමතුවේ ය. මගේ කම්මුල් විලිලැජ්ජාවෙන් රතු විය. මා ඔහුට කතා නොකිරීම වරදකි. මා ප්‍රිය සම්භාෂාණ පවත්වනවා යැයි ඔහු සිතන්නට ඇත. සරෝජලාට, ශාන්තිනීලාට බැඳි ආලවන්තකම් මෙන් ප්‍රකට නොවුණාට රගුපරන් ලා සමග අපි මිතුරන් වී සිටිමු.

මා මිත්‍ර මහාචාර්ය ශන්මුගදාසන් උපන්නේ ද යාපනයේ ය. 1923 පොන්නම්බලම් රාමනාදන් මහතා ආරම්භ කළා වූ 'Hindu Board of Education' (සයිවර් විද්‍යා විමුක්ති සංගම්) යටතේ වූ ළමා නිවාසය 1993 මහාචාර්ය ශන්මුගදාස් භාර ගත්තේ ඉහත කී මණ්ඩලයේ සභාපති වීමෙන් පසුව ය.

1995 රිවිරැස මෙහෙයුම නිසා වලිකාමම්හි ජීවත් වූ මිනිසුන් අනාථ වී තෙන්මාරච්චි හා වඩමාරච්චි ප්‍රදේශවලට මාරු වීමට සිදු විය. වලිකාමම්හි පිහිටා තිබූ ළමා නිවාසයේ දරුවන් නැවත භාරදීමට මෙහි දී සිදු විය. භාරදීමට නොහැකි වූ ළමුන් 20ක් සමඟ මහාචාර්යවරයා තෙන්මාරච්චියට ගියේ ය. 1996 දී යළි වලිකාමම්වලට පැමිණ ළමා නිවාසය ප්‍රතිසංස්කරණය කොට ආරම්භ කරන ලදී. විශ්වවිද්‍යාලයේ සනාතන මණ්ඩලයේ රැස්වීමකට මහාචාර්යවරයා සහභාගි වෙමින් සිටිය දී පොලිසිය ඔහු සොයා පැමිණියේ ය. යුද සමයේ මේ බියජනක ප්‍රවෘත්තියකි. නිලධාරීන් පැමිණ සිටියේ දරුවන් තිදෙනකු ළමා නිවාසයට භාර දීම සඳහා ය. උසාවියෙන් වැරදිකරුවන් කළ මේ දරුවන් තිදෙනා භාර ගැනීමට මහාචාර්යවරයා තනි මනාපය පළ කළේ ය.

ශන්මුගදාසන් මහාචාර්යවරයා දරුවන් ගෙන ගොස් කාරුණිකව සැලකුවේ ය. දිනක් උදේ බලන විට දරුවන් තිදෙනා අතුරුදහන් වී තිබිණි. ඔහු බියට පත් විය. කළ යුතු එක ම දේ පොලිසියට වාර්තා කිරීමයි. දරුවන්ගේ වගකීම ඔහු සතු විය. පොලිසියට යාම සඳහා දෙගිඩියාවෙන් පිටත්වන විට දරුවෝ පැමිණියහ. සොරකම් කිරීමේ වරදට අච්චු කරනු ලැබූ දරුවන් නැවත පැමිණීමට හේතුව කුමක් ද? පලා යාමට හේතුව කුමක් ද? මහාචාර්යවරයා දරුවන්ගෙන් විමසුවේ ය.

"ඕඩි පෝන නීංගල් යේන් තිරුම්බි වන්දීංග" (පැනලා ගිය නුඹලා ඇයි නැවත ආවේ.) "අප්පා ඔංගලක්කු නාංග කෂ්ටම් තර විරුම්බ ඉල්ලෛ" (තාත්තා ඔබට කරදර වෙනවාට අප කැමැති නෑ.) වයසක උදවිය ඇමතීම සඳහා අප්පා යන පදය යාපනයේ භාවිත වෙයි. ගරුසරු ඇතිව මෙසේ මහාචාර්යවරයා ඇමතූ දරුවන් කීවේ තමන් නැවත පොලිසියට භාර දෙන ලෙසයි. එය එසේ සිදු විය. මහාචාර්යවරයා විපතින් ගලවා අවුරුදු අට, නවය හා දහය වයස්වල දරු තිදෙනා බන්ධනාගාරයට ගියහ. සොරකමට හුරු වූ දරුවන් තමන්ගේ වගකීම භාරගත් තැනැත්තා විපතට ඇද දැම්මේ නැත. මේ දරුවන් රටට කියා දෙන පාඩමක් තිබේ. වැරදිකරුවන් අත වුවද යහපත් ගුණ තිබිය හැකි ය. දැන් මේ දරුවෝ වැඩිහිටියන් වී සිටිනවා විය හැකි ය.

දේවදත්තයන්ට පවා බුදුහු අනුකම්පා කළහ. ආදරය කළහ. උන්වහන්සේ අවෛරය ඉගැන්වූහ. අපි උන්ගේ දරුවන් වෙමු. කෝ අපේ මානව භක්තිය, අපි අපේ හදවත්වලට එබී බලමු. හැමදාම උදේට සිනාමුසු මුහුණින් යුතු ශන්මුගදාසන් මහාචාර්යවරයා මට හමුවෙයි. කෙටි පිළිසඳරක් ගොඩනැගෙයි. 'ඔබත් එන්න. අපි මේ නරාවල තරණය කර අපි අපිම විචේඡේදනය කර බලමු. හදවත් පෙනෙන සේ අතට ගෙන සංවාදයක යෙදෙමු.'

රත්න ශ්‍රී වචන කොහෙන්දෝ ඇසෙයි.

"දවා පිච්චමල් අසපුව - පෙනේ කළ කුරිරු ගින්දර
වෙලා ගත් නයින් පොළඟුන් දිව අදිනු පෙනේ.
සීතල ද බලන් මේ උණු කඳුළු යාපනේ

කෙට්ට කෙලෙංගා වෙනුවට
හාමතයි දුකයි පොදි බැඳ
'තිරුක්කුරල් අළු' දකුණට අරගෙන එන්දෝ
සීතල ද බලන් මේ උණු කඳුළු යාපනේ"

මහින්ද චන්ද්‍රසේකර මෙසේ මුමුණනු ඇසේ

"ගම හැරදා නුඹ ගියදා
කෝවිල් යන සිත වැළපෙන්නේ
ඔය නෝක්කාඩු බැල්ම යටින්
සෙනෙහස දෝ හඬා වැටෙන්නේ?"


 
 Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්රමරත්න

Comments

Amare, welldone. this is the way we have to change our minds....
Unknown said…
Lokaya eka yayak nam,obath mamath minisunnam.kumata ruhire bedimak,Sir apiekathuwela me madawal ape attho godakaramu,ea karyayat api palamakwenna lasthi.

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...