Skip to main content

තොප්පිය යට ඔළුවක් තිබේ :: seuslsla



රජවරු තම දේශයේ වැසියන්ගේ සුවදුක් සොයා බැලීම පිණිස වෙස් වළාගෙන ගෙන් ගෙට ගියහ. වෙනත් පෞද්ගලික උවමනාවන් සඳහා ද ගියහ. මොරතොට හිමියන්ගේ සිල් බැලීම සඳහා ගොස් ගැහැනියක් ලෙස සැරසී කාමරයට අත දැමූ පුවතක්ද අප අසා ඇත. එසේම තිරුවා නම් පුද්ගලයා අඹගමුවට යවා රාත්‍රියේ නිවසට ගොස් ඔහුගේ බිරිඳට කතාකිරීමට ගිය රජතුමා අමාරුවේ වැටුණේ රජුගේ සට කපට බව දැන සිටි තිරුවා අඹගමු නොගොස් ගෙදර සිටීම නිසයි. ''තිරුවා අඹගමු ගියා වගේ'' යන කියමන ජනවහරට එක් වුණේ මින් පසුවයි.

රජ කාලේ ගමන් බිමන් යාම සඳහා රජතුමාට පෙජරෝ, මොන්ටෙරෝ රථ තිබුණේ නැත. ඔහු ගියේ දෝලාවෙනි. මහනුවර රජතුමාට අනියම් බිරිඳක් සිටි අතර ඈ වෙත රජු ගියේ දෝලාවෙනි. දෝලාව ගෙන යන සිව්දෙනා මේ රහස දැන සිටියහ. දැන් දේශපාලනය කරන ඇත්තන්ට මෙහෙම නිදහසේ යෑම් ඊම් කරන්නට පුළුවන් කමක් නැත. යුද්ධය ඉවර නිසා එහෙම යන්නට පුළුවන් විදියක් උදාවුවහොත් පෙර රජ දවසේ වගේ අපේ සැප දුක් බලන්නට ඒ පින්වත් ඇත්තෝ එන්නටද ඉඩ තිබේ. ඒ සිහිනය දුර ඈතක නොවන බව ඔබ දත යුතුය. සාහිත්‍යය ඇසුරු කරන දේශපාලකයන් තුළ තවමත් මනුස්සකම පවතී. දේශපාලනය හෝ බලය ඉක්මවා සාහිත්‍යය විසින් හික්මවනු ලැබූ මිනිසා ඔවුන් තුළ ඉදිරියෙන් සිටී. මේ ගැන මට ඇති අත්දැකීම් ගැන කතා කරන විට මුලින්ම සිහියට එන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක විජමු ලොකු බණ්ඩාරයන් ය.

නව පරපුරේ ලේඛකයකු වන සමුද්‍ර වෙත්ත සිංහ, රත්නශ්‍රී විඡේසිංහ කවියාගේ නිර්මාණ අගයන කෘතියක් ''නව කවියේ චන්ද්‍රෝදය-රත්න ශ්‍රී'' නමින් සංස්කරණය කළේය. එය නිකුත් වූයේ මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයකදීය. මේ උත්සවය සඳහා විවෘත ආරාධනයක් පුවත්පත්වල පළවිය. කවියට හා ගීතයට ඇලූම්කරන නානාප්‍රකාර උදවිය එදා මහවැලි කේන්ද්‍රයට පැමිණ සිටියහ. ඒ අතර විජමු ලොකු බණ්ඩාරයෝද සිටියහ. අප ඔහු හඳුනාගත්තේ කථානායක තුමා වශයෙනි. සමුද්‍ර ද මේ වරද කරගත්තේය. විජමු දුටු සමුද්‍ර, කථානායක තුමාට සභාව අමතන ලෙස ඉල්ලා සිටියේ ය. රසවත් දෙය සිදුවූයේ ඉන් අනතුරුවය.

තමා මෙහි පැමිණියේ රත්න ශ්‍රී ගේ රසිකයකු මිසක එක ඡන්දයකින් එල්ලී සිටින කතා නායකවරයා ලෙස නොවන බව ලොකු බණ්ඩාරයෝ කීහ. එසේම ඔහු සමුද්‍රට චෝදනා කළේ මේ දෙක පටලවා ගත්තේයැයි කියමිනි. සාහිත්‍ය, කලාව අමරණිය වන බවත් දේශපාලනය කෙටිකාලීන බවත් ඔහු මෙයින් නොකියා කීවේය. සාමාන්‍යයෙන් දේශපාලන කරන අය පුවත පත් කියවා උත්සවවලට සහභාගී නොවේ. සහභාගී වන සෑම උත්සවයකම මූලාසනය ඔවුනට පිරිනැමිය යුතුය. ජනයා අතර වාඩි වී සාහිත්‍ය දෙසුම් අසන්නට තරම් නිහතමානී වී පැමිණීම ගැන අපි විජමු ට ගෞරව කරමු. චෝදනා කරමින් නැගී සිටි විජමු හරබර රසවත් කතාවක් කළේය. ප්‍රණීත කාව්‍යයක් වන රැපියල් තෙන්නකෝන්ගේ වවුලූව තම කතාවට මූලික කර ගත්තේය. තවත් රසවත් දෙයක් ඔහු හෙළි කළේය. දිනක් විජමු අමාත්‍යවරයෙක්ව සිටිය දී නිවසට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි. එවිට ඔහු සිට ඇත්තේ ස්නානය කරමිනි. දුරකථනයට පිළිතුරු දුන්නී ඔහුගේ මවය. ''ඇමැතිතුමා නානවා, පස්සේ කතා කරන්න'' මව පැවසුවාය. මේ කතාව ඇසූ අපේ විජමු සිත් තැවුලට පත්වූයේ ය. දේශපාලනය අමුතු දෙයකි. දැන් අපේ අම්මාට පුතෙක් නැත. ඇත්තේ ඇමැතිවරයෙකි. මෙසේ සිතමින් ඔහු කම්පාවට පත්වූවේය. කථානායක තුමායැයි සමුද්‍ර වෙත්තසිංහ අමතන විට ඔහුට අම්මාගේ ''ඇමතිතුමා'' සිහිවිය. මේ සියලූ කටු ඔටුනුවලට වඩා ආදරණීය මවකට පුතෙකු වීම, ආදරණීය බිරිඳකට ස්වාමියෙකු වීම, මිනිසෙකුට මිනිසෙකු වීම, සහෘදයකුවීම වටිනා බව විජමු දැන සිටියේ ය. ඔහුට ඉඩදීම අපේ පරම යුතුකමක් බව මගේ හැඟීමයි.


ඩලස් අලහප්පෙරුම අප හඳුනා ගත්තේ පුවත්පත් කලාව තුළදී අසූව දශකයේ අග හරියේ දීය. පසුව ඔහු දේශපාලනයට ප්‍රවේශ වූවේය. කොළඹ මහජන පුස්තකාලයේ පොත් දොරට වැඩුම්වලට මන්ත්‍රී ඩලස් සහෝදරයා පැමිණියේ ය. පසු කාලීනව අප හමුනොවී ගියේ ඔහු සාහිත්‍ය උත්සවවලට නොගිය නිසාද සුනාපරන්තයට පසුබැස ගිය මා එම උත්සවවලට නොගිය නිසාද යන්න මට පැහැදිලි නැත. මෑතකදී මකරන්ද කලා උළෙලෙට ගිය පසුව මම තිඹිරියාගම බණ්ඩාරගෙන් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ගැන විමසුවෙමි. මාගේ කෙටි සිහිකිරීමට පසුව ඔහු මා ඇමතුවේය. අපේ සහෘදයා තවත් ඩලස් තුළ මෝරා වැඩී සිටියේය. විජමු මෙන්ම ඩලස්ද තනතුරු පසෙකට දා අප සමග බද්ධ වන්නේ සාහිත්‍ය කලාවේ සහෘදත්වය පෙරට ගෙනය. ඔබ යළිත් අපේ ලෝකයට එන්න. ඔබේ සිංහාසනය ඉදිවිය යුත්තේ රටවැසියන්ගේ හදවත් තුළය. කවියක්, චිත්‍රපටයක්, නාට්‍යයක් බලන, සංවාද කරන ලෝකය හරි ලස්සනයි. අප තවමත් ඒ සංවාද කරනවා. අපට අපේ තරුණ කාලය ගෙවන්නට වූයේ තීරණාත්මක අවදියක් පසුකරමිනි. ජීවිතේ ආපස්සට ගියත් අප පෞද්ගලිකත්වය කල්පනා කළේ නැත. අපේ ලෝකයේ දොරවල් විවෘතව තබා ඇත. අපි නාට්‍යයක් බලමු. කතාබහ කරමු. ''ඉස්සර යාළුමිත්‍රකං නැවත හදා ගමු'' එහෙම කරගෙන එක තැනකදී හමුවෙමු.

මා වැනි බිලින්දා
වර වර ළඟට කැන්දා
දුක සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා
 
 
Amarasiri Wickramarathna | සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න

Comments

amila said…
සුනාපරන්තය what is it???
just 2 know and really i don'd know
Dasun said…
සුනාපරන්තය කියන්නේ වික්‍රමසුරිය සර්ගේ නිර්මාණ වල නිර්මාණය කරපු නගරයක්,

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...