Skip to main content

ලෝකයටම පරමාදර්ශි නගරය වූ ලංකාපුරය :: Lankapura was the 1st perfect City of World


හෙළ අසුර රාජ වංශය 5

අපි කලින් ලිපියෙන් විස්තර කලානේ හෙළ අසුර අධිරාජ්‍යට සතුරන් ඇති වීමට හේතු වුණ කාරණාව. මේ නිසාම හෙළ අසුර අධිරාජ්‍ය සතුරනගෙන් රැකීම ඉතා අවශ්‍ය වුණා. මේ හින්දාම රට කොටස් තුනකට බෙදලා තාරක, සුරපද්ම සහ සිංහමුඛ කුමාරයන් අතර බෙදා දීලා තියෙනවා. මේ කුමාරුවන් 3 දෙනාම ඒ වන විට දේව අධ්‍යාපනය හදරා තිබුණා. තාරක කළුතර අසල වේලාපුර අගනුවර කරගත්ත අතර සූරගුප්ත මැණික් ගඟ අසල මහින්දපුර නොහොත් මහේන්ද්‍රගිර(වැඩහිටි කන්ද කියලා සිතන්න පුළුවන්) අගනුවර කරගත්ත බවත් සදහන් වෙනවා. නමුත් සිංහමුඛ කුමරුට අගනුවරක් තිබිලා නැහැ ඒ නිසාම තාරක හා සුරපද්ම කුමාරවරුන්ගේ ඉල්ලීම පරිදි මායා-අසුර (විශ්වකර්ම) විසින් ලංකා පුරය ඉදිකර දුන් බවරාමායණයේ සදහන් වෙනවා. ඒත් එක්කම නිල රථය ලෙස පුෂ්පක රථය නොහොත් දඩු මොණරයද (දඩු මොණරය ශකුණ වර්ගයේ විමාණයක් ලෙස සදහන් වෙනවා) නිෂ්පාදනය කර දී තිබෙනවා. වේලාපුර කළුතර හා මහින්දපුර මුහුදට කිට්ටුව තිබූ නිසා ලංකා පුරයත් මුහුදට කිට්ටුව තියෙන්න ඇතියි කියලා අපිට හිතන්න පුළුවන්.

 
රාමායණයේ එන හනුමා දුටු ලංකා පුර විස්තරය යටතේ ලංකා පුරය පිහිට තිබුනේ මහුද අයිනේය. සීතා සිරකර සිටි මන්දීරය රොසපාට කොරල් පර වලින් සාදා තිබුණ බවත්, ඇය ජනේලය හැරිය විට මුහුදු සුලං ඇයට රාමා පිළිබදව ශෝක ගීත ගෙන ආ බවත් හනුමා විස්තර කල බව රාමායණයේ සදහන් වේ. ලංකා පුරය ත්‍රිකූටකයක් මත නොහොත් කදු මුදුන තුනක් මත තිබූ සදහන් වේ. ත්‍රිකූටමලය යන අර්ථය අති ත්‍රී කුණාමළය මෙම ස්ථානය වී තිබෙන්නටත් පුළුවන්. මළය යනු උස්බිමයි. ලංකාවේ මළය රට ලෙස මධ්‍යම කදුකරය හැදින්වෙන්නේ ඒ බැවිණි. ත්‍රිකුණාමලයේ පාෂාණ ස්ථරයන් පොළවට ගිලා බැස ඇති අයුරු අදටත් ත්‍රිකුණාමළයෙන් දැකගත හැක. රාමායණයේ සදහන් වන පරිදි රාවණ කුමරු විසින් මිනිසෙක් අතින් තමා මිය නොයන වරය ලබා ගැනීමට වසර 3ක් උග්‍ර තපස් රැක්කේද ගෝකණ්න නැමති ස්ථානයේය. පසුකලෙක ගෝකණ්න වරාය ත්‍රිකුණාමළය ලෙස හැදින් වීම නිසා ලංකා පුරය පිහිටි ස්ථානය ත්‍රිකුණාමළයේ පිහිටියායි අනුමාන කරන්නට තිබෙන සාක්ෂි වැඩියි.
ත්‍රිකුණාමළයේ පාෂණ මුහුදට ගිලිගිය සටහන් ඇති ස්ථාන

ක්‍රි.පු 4 වන සියවසේදී ග්‍රීසියේ විසූ ප්ලේටෝ පඩිවරයාගේ අත්ලාන්තිස් පුරවරය රාමායණයේදී හනුමාන් විසින් දුටු ලංකා පුරයට හැම අතින්ම සමානය. මේ දෙකම අවසානයේ මුහුදට ගිලී විනාශ විය. මෑතකදී සොයා ගනු ලැබූවේ අත්ලාන්තිස් පුරවරය හා ලංකාපුරය යනු එකම ස්ථානයක් බවත් රාමායනය හා ප්ලෝටෝගේ අත්ලාන්තිස් පුරවරය එකම ස්ථානය ගැන ලියැවුන වාර්තා දෙකක් 
බවයි.

1.      කඳු 3ක් මත පිහිටීම 
2.    දේව(පුජක) පාලනය 
3.    ගුවන් යානා4.    කාන්තා-පිරිමි සම අයිතිවාසිකම් 
5.    තනි දේවාලයක් 
6.    මාර්ග පද්ධතිය 
7.    නිවාස වල පිහිටීම 
8.    අලියා 
9. කෙසෙල් දොඩම් හා අඹ
10.විනාශකාරී අවි
11.අසුර නාමය (ග්‍රික අස්වින්)
12.ලොව පරමාදර්ශි රාජ්‍ය
13.මුහුදට ගිලා බැසීම

 
ආදි වු සමාන ලක්ෂණ මේ දෙකේහිම විස්තර වන විස්තර වන නිසා ලංකාපුර හා අත්ලාන්තීස් පුරවරය යන්න එකක් බව සැකයකින් තොරවම ඔප්පු වේ. එමෙන්ම ප්ලෝටෝ පවසන පරිදි අත්ලාන්තිස් යන නාමයද දී ඇත්තේ ඔහුය. ඊට හේතුව ලෙස ප්ලෝටෝ මිසරවරුන් එය ඔවුන්ගේ නමකින් හැදින්වීම යන්න පවසයි. ග්‍රීකයන් මෙම තොරතුරු දැනගෙන ඇත්තේ මිසරයන්ගෙනි. කෙසේ වුවත් මෙම අත්ලාන්තිස් පුරවරය යන්න සුදු ජාතීන්ගේ හෝ යුරෝපිය උරුමයක් නොවන බවට අද පිළිගනු ලැබේ.

යුද්ධය පුහුණු වීමෙන් පසුව ඇතී වූ ප්‍රීතිජනක සන්ත්‍රාසය (ත්‍රීල්) නිසා සුරපද්ම කුමරු එහි අනන්තයටම යමින් ඉවක් බවක් නැතිව යුද්ධ කරන්නත් පහරදෙන්නටත් පටන්ගෙන තියෙන අතර ඒ වන විට ඉන්දු දේශයට ගොස් සිටි සිව නැතහොත් ඉන්දු නැමති හෙළ දේව රජුගේ පුත් ජයන්ත කුමරුව පැහැරගෙන තියෙනවා. සිව රජු ඉන්දු දේශයට(පංජාබ් තැනිතලාව හා කාශ්මීරය) පිටතින් ආවා මිස ආවේ කොහෙන්දැයි හින්දු පුරාණයන් නොකියන අතර සිව+ගිරි (සීගිරියේ) සිට ආ සිව රජ වත්මන් මූල්තාන් මුල්කරගෙන තම රාජධානීය ගොඩනැගූ බවත් සදහන් වෙනවා.
 
 
අරිසෙන් අහබුදු සූරීන් පවසන්නේ සිව රජු සිව+ගිරයේ නොහොත් සීගීරයේ සිට ඉන්දු දේශයට ගොස් ඉන්දු රජ ලෙස ප්‍රසිද්ධ වූ බවයි. සංස්කෘත භාෂා විශාරදයෙක් වන නාගොඩ ආරියදාස සෙනවිරත්නයන් පවසන්නෙ සිව රජු නිර්මාණවාදයක් හා මහා බ්‍රහ්මයා නොවන මැවුම් කරැවෙකු පිළිබදව දර්ශනයක් ඉදිරිපත් කිරීම නිසා ලද දඩුවමක් ලෙස කාශ්මීර පාලනයට යැවූ බවකි. විශ්වකර්ම විසින් ලංකාපුරය නිර්මාණය කරන ලද්දෙ සීගිරිපර්වතය මත බවද  සෙනවිරත්න සූරීන් විසින් පෙන්වා දෙන අතර හින්දු ආගමේ ශිව දෙවියා යනු සිව රජු බව අරිසෙන් අහුබුදු සුරීන් පවසයි.

කෝපයට පත් ඉන්දු රජු තම පුත් කතිර කුමරු සමග විශාල දේව සේනාවක් එවා සුරපද්මට දඩුවම් කර ජයන්ත කුමරු රැගෙන යාමට කටයුතු කරන අතර ( මේ සිද්ධියද රාමා විශාල වදුරු සේනාවක් රැගෙන විත් රාවණ රජු සමග සටන් කර පැරදවීමට සමාන්තරව සිටී) එසේ පැමිණි කතිර කුමරු ඇතුළු සේනාව මූලික කදවුර මැණික් ගග අසල කතිරගම පිහිට වූ අතර අද කතරගම ලෙස හැදින්වෙනේ එම ස්ථානය ලෙස සැලකේ.
එතැන් සිට සුරගුප්ත සමග සටන් කල කතිර කුමරු සුරගුප්ත පරාජය කොට මරා දමා තම සොහොයුරු ජයන්ත කුමරු ආපසු යවා කතිරගම නැවතී කතිරගම රාජධානිය ඇරඹිය. මොවුන් වෘත්තියෙන් නාවිකයෝ වූ අතර ඔවුන්ගේ සංකේතය මීන වීය. මේ අතර වේලාපුරයට ගොස් තාරක සමග සටනට වැදුන අතර තාරක ඉන් පැරදී පලා ගිය අතර මේ පුවත සැල වූ සිංහමුඛද ලංකාපුරය හැර පලා ගිය බව සදහන් වෙනවා.

ලංකා පුරය  අරාජික වූ විට නැවත එය අත්පත් කරගන්නා ලද්දේ විශ්‍රවස මුනිගේ යක් බිරියක් වූ ඉල්වීලාගේ පුත්‍ කුවේර විසිනි. විශ්‍රවස් මුනිට රකා නැමති තව බිරියක් වූ අතර දණ්ඩාකාරණය පාලනය කරන ලද්දේ බර නැමැති ඇයගේ පුත්‍රයා විසිනි. කුවේර ලංකාපුරයේ රජ වීම ගැන රාවණ විරුද්ධ විය. ඒ කුවේර දේව අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රගුණ නොකළ අයෙක් වූ බැවිනි. ඉන් පසුව ලංකාපුරයේ රාජ්‍යත්වයට පැමිනෙන රාවණ රජු විසින් කුවේරව කාශ්මීරයේ පාලනයට යවන ලදි. කෛලාස කූටය මෙහි රජුගේ මාලිගය පිහිටි ස්ථානය විය. අලංකාපුරය කුවේරගේ අගනුවර විය.

ලංකාපුරය ඉදිරිපත් වීමත් සමග හෙළ අසුර අධිරාජ්‍යය ආධිපත්‍ය වාදය කරා යන්නට විය. රාවණ රජු සමයේ මෙම ආධිපත්‍යවාදය වැඩි වූ අතර ලංකාපුරයේ කැමැත්තට අනුව අසුර අධිරාජ්‍යෙය් පාලනය සිදු විය යුතු බව ප්‍රතිපත්තිය විය. මෙයින් වූයේ කේන්ද්‍රෙයෙන් පරිදිය හසුරවන ආකරයේ පාලන ක්‍රමයක් බිහිවීමය. සංස්කෘතික සමානත්වයෙන් පැවතියා වූ සංස්කෘතික අධිරාජ්‍යය අවසන් විය. මෙයින් සිදු වුයේ ලොව පුරා පැතිර සිටි හෙළයන්ම අධිරාජ්‍යට සතුරන් වීම හා සතුරන් බහුල වීමයි.
මේ වන විට පාද+තල+යට හෙවත් ඇන්දීස් කදුමුදුනේ පිහිටා තිබූ පාතාල රාජධානීය ස්වාධීනව කටයුතු කිරීමට පටන්ගෙන තීබූ අතර ඇන්දීස් කදුකරයේ පිහිටි පාතාල රාජධානීයේ පැවති අධික ශිත නිසාම ලංකාපුර පිහිටි ලංකාවේ ජීවන රටාවට වඩා වෙනස්වීම සිදු විය යුත්තකි. නමුත් රාවණ රජු බලාපොරොත්තු වූයේ හෙළදිවට ගැලපෙන ජීවන රටාව පාතාල රාජධානියටත් ගැල පිය යුතුය. වර්තමානයේ ඇමරිකානු අධිපත්‍ය ලොව පුරා පැතිර වීමට යාමද මෙය හා සමාන්තරව එහි පිහිටි ශිත ජීවන රටාව නිවර්තන රටවලිනුත් අපේක්ෂා කරීමෙන් පෙනෙන්නේ දීර්ඝ කාලීන ආසාර්ථකත්වයකි. බලවතාගේ කැමැත්තට අනුව සොභාධර්මයට විරුද්ධව යාමෙන් අවසානයේ ආසාර්ථකත්වයයි.

මීලග කොටසින් ලේසර් හා විෂ වායු භාවිතා කරමින් කරන ලද්දා වූ රාවණ රජුගේ හා රාමගේ යුද්ධය විමසා බලමු.


 


Comments

Anonymous said…
ගොඩාක් වටිනා ලිපියක්.. ඉතිරි ලිපි ටිකත් ඉක්මනට දාන්න
උමා said…
ආචාර්ය සුරිය ගුණසේකර අදුරනවද
ඊලඟ ලිපිය එනකන් මඟ බලාගෙන ඉන්නවා.ඒකත් මේ වගේම ආස හිතෙන එකක් වේවි.
Dasun said…
@ උමා....අපි අපේ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තෙ විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි කියන මතයෙනේ. අපේ ඉතිහාසය සොයා යන ගමනෙ අපි වගේම විජය ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි අපිට ඊටත් වඩා පැරණි, අපිටම අනන්‍ය ඉතිහාසයක් තියෙනවා කියලා විශ්වාස කරන, ඒ ගැන වාද විවාද, ගවේෂණ කරන තවත් විද්වතුන් පිරිසක් සිට්නවා කියලාත් දැන ගන්න ලැබුනා. ඒ අතරින් කෙනෙක් තමයි ආචාර්ය සූරිය ගුණසේකර විද්වතා. එතුමාගේ ගවේෂණයන්ගේ, පරීක්ෂණ වල නිගමන අනුව ඒ මහාතා ඒ හා සම්බන්ධ කෘතියක් රචනා කරලා තියෙනවා ලංකා ඉතිහාසයේ හෙල යුගය කියලා.

අපි ඉතින් අපේ ගමනට එය මූලාශ්‍රයක් කර ගනිමු.

මේ අපේ දෙවන ලිපිය. සැබෑ ලංකා ඉතිහාසය නොදන්නා අය වෙනුවෙන් තමයි මේ ලිපි පෙල අපි දාන්නේ. අපි එතුමාට දෙන්න ඕනේ ගෞරවය සම්පුර්නවම දීලා තියෙනවා. ඉදිරියටත් එහෙමයි. මේ පළවන ලිපි ආචාර්ය සූරිය ගුණසේකරයන්ගේ ගවේෂනය ඇසුරෙන් තමයි. ඒ වුණාට අපේ ගවේෂණය එතැනින් නිමා කරන්නේ නැහැ. තව අපි විකීපිඩියා, ත්‍රිපිටකය, රාජාවලිය, ඉරහද නැගි රට මුලාශ්‍ර ඔස්සේ ඉදිරියටම මේ කරතව්‍ය කරන්න බලා පොරොත්තු වෙනවා. අනික මෙම කරුණු තව තව ජනතාව ඇසුරට යාම පිළිබදව එතුමාත් අකැමැති වෙන එකක් නැහැ. උමාටත් කැමති නම් අපිට එකතු වෙන්න පුළුවන්. මම දන්නවා උමාත් සුරිය ගුණසෙකරයන්ගෙ කෘතියෙන් යම්යම් උපුටා ගැනීම් කරනවා කියලා. කොහොම හරි කමක් නැ අපිට ඕනේ ලංකාවේ සැබෑ ඉතිහාස සොයා යන්න නේ
මමත් රාවණා ගැන ලියන්න බැස්සත් මටත් වඩා හොඳටම ඔයා ඒ වැඩේ කරන නිසා මම දැන් ඒක නවත්තලා ඔයාගේ ලිපි කියවනවා. නියමයි සහෝ... ඇත්තටම... මම නම් හිතන්නේ මේ ලිපි පෙල අවසානයේ මේක ඉංග්‍රීසියෙන් ඊ-බුක් කරලා ලෝකෙ වටේම පතුරුවන්න ඕනෙ. අපිට නැතිවෙලා ගිය අභිමානය ආයෙත් ගන්න ඕනෙ. අපේ මිනිස්සු හැම වෙලේම පරාධීන වෙලා ඉන්න එකෙන් මුදව ගන්න ඕනෙ. ඒකට මේ විදියට ඉතිහාසය පාදලා ඔයා ගන්න මේ උත්සායට ඓතිහාසිකයි. දිගටම ලියන්න. අපි ආසාවෙන් කියවනවා. ජයවේවා !!!
Anonymous said…
http://sherlockholmesmain.weebly.com/3461351135383515352435233530-35173538351435403512.html
Anonymous said…
well done ,digatama karagena yanna ape lankawa loku adambarayak athiwenava me posters kiyawanakota, thawa wisthara dana ganna asai.
RasankaSachitha said…
niyamai machang meelaga lipi pelath kiyawanna asai..oya karanne watina wadak...narakada me wistara tiyana lipipela wikipedia 1ta danna katauthu kaloth mokada godak aya wikipedia pawichchi karanawa ithihasaya gana hoyanna. sinhalayo kiyanne kauda kiyala, mokadda ape ithihasaya..ape lankaawata himikan kiyanna ena demellunta mewa pennanna oni..ehema plan ekak tiyanawanam kiyanan mama mage uparima sahayogaya denawa...
Dasun said…
@ Rasanka Sachita
mawa fb 1k hari, google+ n hari contact karaganna, athtama me gena unaduwak tiyenawa nam, apith 1kathuwela athta itihasya gawesanaya karanagamn a geanth hitanna puluwan.
comments walata bohoma stuti.. digatama redi inna

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...