Skip to main content

මිනිස් පවුලට එන්න


කඳුළුවලට නමක් ගමක් ලියා තිඛෙනවා ද? නැත. කඳුළ කාගෙත් කඳුළම ය. ඒ කියන්නේ කාගේ දුකත් දුකක් ම ය. 'කඳුළ කඳුළමය කාගේ වුණත් මට' කියා ලිව්වේ චන්ද්‍රකුමාර වික්‍රමරත්න ය.

'ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර - අහෝ ! දෙව්දත් නොදිටි මොක්පුර'

එකම විහාරයක වාසය කළත් මොක්පුර නොදුටු දෙව්දත් තෙර ගැන 'අනේ සැපයි' හෝ 'අනේ හොඳයි' නොකියා 


අහෝ! කියා කනගාටු වූ ජාතියකට අපි අයත් වෙමු. සතුරෙකුටවත් ශාප නොකළ යුතු බව මා කියන විට අම්පාර මහදිසාපති සුනිල් කන්නන්ගරයෝ ගුත්තිලයේ ඉහත කවිය පැවසූහ. සතුරන්ටත් මෛත්‍රී කළ බුදුහුගේ දරුවන් වූ අප ප්‍රවේශමෙන් සතුටු විය යුතු ය. අන් අයගේ සිත් රිදෙන දේ නොකළ යුතු ය. දැන් යුද්ධය අවසන් වී තිබේ. යළි අරන්තලාවේ දී භික්ෂු ඝාතනය නොකරනු ඇත. අතීතය ගැන කිය කියා පෙළපාළි ගියහු මහියංගණයෙන් කන්තලෙන්, මැදවච්චියෙන් එපිට නොගියහුය. දැන් ඔවුන්ට තිබූ සියලූ බාධාවන් ඉවත් වී තිබේ. අවුරුදු තිහක් යුද්ධ කළ අපි අවුරුදු හැටක් වෙහෙස වී දැහැමි සමාජයක් හදමු.

යුද්ධය නිසා දරුවෝ ද වැඩිහිටියෝ ද තරුණයෝ ද මියගියහ. මගේ ගම රට කියා දෙයක් අද නැත. ඇතොත් ඒ සිත් තුළ පමණි. විශ්වයම ගම්මානයක් වී හමාරය. එබඳු වටපිටාවක ජාතියක් රටක් ගැන කතාකිරීම සරල දේශපාලන මාතෘකාවක් විතරම ය. මා දකින එකම පොදු සාධකය මිනිසා හා මිනිස්කම පමණි. යුද්ධ කළ කවුරුත් මේ බව සිතන්නේ නම් මැනවි.

ලෝකයට හා ලෝකයාට ආදරය කරන විට පෙරළා අපට ඒ ආදරය හිමි වේ. ලෝකයා දකින්නට ආදරය කරන්නට උන් අතරට යා යුතු ය. පෞද්ගලික රියෙන් ගමන් යන සුපිරි මාර්කට්වල ගනුදෙනු කරන අයට ලෝකයා හමු නොවේ. තමන් මෙන් ම කූඩු වූ අය පමණක් හමුවේ. 'චරථ භික්ඛවේ චාරිකං' කියා බුදුන් පැවසුවේ නිකම්ම නොවේ. බහු ජනතාවගේ හිත සුව පිණිස උන් අතරට යන ලෙසයි.

යුද්ධය පැවති කාලයේ ගමන්බිමන් අසීරුය. එතරම්ම අවදානම් ය. එහෙත් ඉතින් අප යා යුතු ය. බස් ධාවනය නොවන්නේ මේ අවදානම නිසා ය. මේ වගේ දවස්වලට අපට පිහිටට එන්නේ වෑන් රථ කුලී ගමන් සඳහා යොදවන අයයි. අපි ඒවාට සල්ලි ගෙවා ගමනාන්තය සපුරා ගනිමු.

මේ සිද්ධිය වූ දවසේ වෑන් රථය පැදවූයේ නිහාල් නම් තරුණයායි. ගමන්බිමන් යාම නිසා ම අපි රියැදුරන් සමඟ යහළු වී සිටියෙමු. මහනුවර සිට අම්පාරට යාම සඳහා මේ දවසේ අපි ගමන් ආරම්භ කළේ ප.ව.5.30ට පමණ ය. අරන්තලාව ඔස්සේ මාර්ගය රාත්‍රියට වසා දමන බැවින් වන දුර්ගය ඔස්සේ බිබිල, මාපාකඩ හරහා අම්පාරට යාමට අපි පිටත් වුණෙමු. ගමනට එකතුවන අය අප හඳුනාගත්තේ වාහනය තුළ දී ය.
මා ළඟ වාඩිවී සිටියේ කුඩා දරුවෙකි. ඉදිරිපස අසුනේ මවක් තවත් කුඩා දරුවකු සමඟ සිටියා ය. මා ළඟ සිටි දරුවා ද ඇයගේ ය. මේ අය කතා කළේ දෙමළ බසිනි. රාත්‍රී 8.30ට පමණ මහියංගණය පසුකර යද්දී මා ළඟ සිටි දරුවා අම්මා අමතමින් අඬන්නට පටන් ගත්තේ ය. අම්මා දරුවාට සැර කරන්නට වූවා ය. මං හීන් සැරේ දරුවා ඇමතුවෙමි. අහන එකදු ප්‍රශ්නයකටවත් පිළිතුරු නොදුන් දරුවා හීන් සීරුවට අඬමින් සිටියේ ය. 'බඩගිනිද' මම දෙමළෙන් ඇසුවෙමි. ළමයා හිස සලා 'ඔව්' කීවේ ය. මගේ බඩ පපුව දැවී ගියේ ය. නිහාල් අමතා කඩයක් ළඟ නවත්වන්නැයි කීවෙමි. මාපාකඩ කඩයක් ළඟ දී රිය නතර විය. බැස ගිය මම බිස්කට් සහ කෙසෙල් ගෙඩි ගෙන දරුවාට දුනිමි. මව ස්තුතිපූර්වකව මා දෙස බැලූවා ය. අධික කුසගින්නෙන් සිටි දරුවා කෑමෙන් පසුව වමනය කරන්නට වූවේ ය.

අනතුරුව පැමිණියේ වෑන් ගාස්තු එකතු කරන වෙලාවයි. නිහාල් දෙමළ අම්මාගෙන් ආසන තුනකට සල්ලි ඉල්ලූවේ ය. ආසන දෙකකට ගෙවීමට ඇය එකඟ වූවා ය. නිහාල් බල කළේ ය. ඇගේ ඇස කඳුළින් පිරුණි. දෙමළ දැන සිටියේ මා පමණි. මම සුහදව කතා කළෙමි. මේ අම්මාගේ පුරුෂයා රෝගී වී මහනුවර රෝහලට ඇතුළත් කොට තිබිණි. අම්පාරට එහා බංගලාවඩි ප්‍රදේශයේ සිට දරුවන් කැටුව ස්වාමියා බලන්නට ආ ඇය ආපසු යමින් සිටියා ය. බස් ගාස්තු අත ඉතිරිව තිබිණි. වෑන් ගාස්තුව දෙගුණයකි. ආසන තුනකට ගෙවන්නට ඇයට මුදල් නැත. දහවල් ආහාරය නොගත්තේ ද අත මිට හිඟ නිසා ය.

සන්තකයෙන් ආසන දෙකකට මුදල් ගෙවා එතැන් සිට යන්නට මඟක් නැත. මහ රෑ අම්පාරේ දරුවන් සමඟ අතරමං වීමට සිදු වේ. ප.ව 5.30ට පසුව බංගලාවඩි දෙසට වාහන යාම තහනම් ය. නිහාල් සමඟ කතා කිරීමෙන් පසුව ඇය ගමන් ගාස්තුවෙන් නිදහස් කිරීමට ඔහු එකඟ විය. අම්පාරෙන් ත්‍රීවිලරයක් කතා කොට මුදල් ගෙවා දරු පවුල පිටත් කළ පසුව මට මහත් සැහැල්ලූවක් දැනිණි.

ඒ දරුවා, මව හා උක් වගාවක කම්කරුවකු වූ ස්වාමියා අද කොහේ ඇත්ද? දරුවා යුද්ධයට බැඳෙන්නට ඇති ද? මියයන්නට ඇති ද? කරුණු කෙසේ වුවත් මගේ සිතේ පින් පොතක් ඇත. එය අරින විට සිහිපත් වන මෙබඳු සිදුවීම් සිතට සහනයක් ගෙන දෙයි.
මේ යුද්ධයෙන් වඩාත් ම බැට කෑවේ දෙමළ ජනතාවයි. ඔවුහු දෙපාර්ශ්වයෙන් ම පීඩාවට පත් වූහ. දැන් යුද්ධය අහවර වී තිබේ. මිත්‍රකම් අපි වහා ළඟා කර ගනිමු. අපි ලෝකයට ආදරය කරමු. එවිට පෙරළා ලෝකය අපට ආදරය කරනු ඇත. රත්න ශ්‍රීගේ මේ පද ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ විසිනි.
මගෙ දුවේ නුඹ අවදියෙන් නම්
මේ රැයෙහි සුන්දර වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබටමයි
 
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දර ද
මගේ දුව තනියම හිනා වෙයි

ඝන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙ






ලි අමරසිරි වික්‍රමරත්න::Amarasiri Wickramarathna


 http://seuslsla.blogspot.com

Comments

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...