15.3.11

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?(3 - කොටස)


අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?
3 - කොටස
ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය.දෙවන වෙළුම

ලංකාවේ තියෙන සෙල්ලිපි වලටම අනුව ගෞතම බුදුන් සමයේ ලංකාව පාලනය කරලා තියෙන්නෙ පනීත කියලා රජ කෙනෙක්. අපි කවුරුත් සමන් දෙවියෝ ලෙස හදුන්වන සුමන පනීත රජුගේ භාණ්ඩාගාරික කියලා කියැවෙනවා. සුමන ගැන සෙල්ලිපි 30කට වැඩිය ලංකාව පුරා දැක ගන්නට තියෙනවා. මේ නිසා අපේ මතය තවත් තහවුරු වෙනවා.
අද එතැන් සිට....
 
ඒ වුණත් ඒ සෙල්ලිපි සටහන් වෙලා තියෙන්නෙ ඉංග්‍රිසින් විසින් බ්‍රාහමී අක්ෂර ලෙස නම් කරන ලද අක්ෂර වලින්. අශෝක අක්ෂරවලට සමාන මෙම බ්‍රාහමී අක්ෂර මිහිදු හිමියන් ලංකාවට වැඩීමත් සමග ලංකාවට උරුම වූ බව ඉංග්‍රිසි ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ නිසා රාවණ, නුහුත, කුවේර හා පනීත වැනි හෙළ රජ සමයන්හිදී ලංකාවට අක්ෂරකලාවක් උරුම වී නොතිබුණ බව ඔවුන්ගේ අදහසයි. නමුත් කකුසද බුදුන්වහන්සේගේ කාලයට අයත් සෙල්ලපි හමු වීමෙන්ම මෙම අදහස ප්‍රතික්ෂේප වෙනවා. කනගාටුවට කරුණක් වන්නෙ මෙරට ඉතිහාසඥයන් හා පුරාවිද්‍යඥයන් විසින් තවමත් මෙම මතය පිළිගැනීමයි.

ඉතිරි කොටසට මෙතනින් යන්න


මහා වංශය යනු රාජ වංශය නොව බුද්ධ වංශය බව වංශකතා කියැවීමේ දී වටහා ගන්න පුළුවන්. ඒ කියන්නෙ බුද්ධ වංශය පැවසීම හා බුද්ධ ශාසනයට අනුග්‍රහය දැක්වූ රජවරු වර්ණනා කිරීම මෙහි අරමුණ වුණා කියලා වටහාගන්න පුළුවන්. සිද්ධාර්ථ කුමරු(බෝසතුන්)ගේ ඥාතීත්වයක් ඇති විජය කුමරුගෙන් ලංකාව ජනාවස වූවද විජයට දරුවන් නොමැති වීම නිසා විජය රජුගෙන් පරම්පරාවක් බිහිවුයේ නැහැ. ලංකා රජ පරපුර නැවතත් සිද්ධාර්ථ කුමරුන්ගේ ඥාතීත්වය හා සම්බන්ධ වන්නෙ ශාක්‍ය රජෙක් වන අමිතෝදන රජතුමාගේ මිණිබිරියක් වන භද්දකච්චායනා කුමරීය පඩුවස්දෙව් රජු හා විවාහ වීම නිසාය.
විජය කුමරුන් ලංකාවට ගොඩබසින විට හමු වූ කූවේණිය( පාළි - කූ+ වණ්ණා = කළුවන් ශරීරයක් ඇත්තී) නමින් ලීලාවතී වූවාය. ඇය යකින්නක් නොවූවාය. ඇය මනුෂ්‍ය දුවකි. ඇය විජයට දාව මනුෂ්‍ය දරුවන් බිහිකලාය. මහා වංශයට අනුව ඒ ජීවහත්ත හා දිසාලාය. යකින්නක් නම් මනුෂ්‍යෙයක්ට දාව දරුවන් බිහිකල නොහැක. අඩක් මනුෂ්‍ය අඩක් යක්ෂ සත්වයන් ලොව පැවැතිය නොහැක.
නමුත් වංශකතා වලට අනුව කුවේණි හා විජයගෙන් අඩක් මනුෂ්‍ය හා අඩක් යක්ෂ පරම්පරාවක් බිහිවිය. ඔවුන් පූලින්දයන් නම් විය. පුලින්දයන් යනු වර්තමාන වැදි පරපුර බව මහාචාර්ය සෙනරත් පරණවිතාරණ පවසයි. නමුත් ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජුගේ අලහාබාද් සෙල්ලිපියෙන් තමා ඉන්දියාවට දකුණුදිග සාගරය ඔබ්බේ වූ පුලින්ද හා සබර යන යන මිනිස් කොට්ටාශ දෙක යටත් කල බව දැක්වේ. මේ අනුව යකින්නකින් මිනිස් පරපුරක් පැවැතිය නොහැකි බව පරණවිතාරනයන්ට හා නූතන ඉතිහාසඥයින්ට අමතක වූ බවක් තමයි පෙනෙන්නෙ.
        නමුත් ලංකාවේම පවතින සෙල්ලිපිවලට අනුව කුවේණි යනු රජ කුමරියෙකි. ඇය බිම්බා රජුගේ දියණියයි. මරගන නගරය හා වරාය පාලනය කල අල්ලිරාණි කුමරිය ඇගේ ඥාති සොයුරියයි. ඇය කුම්බා(කුවේර) රජුගේ දියැණිය බව පැහැදිලිය. බෝධි වංශයට අනුව කුවේණිගේ පුතා වීරබාහු කුමරුය.
විල්බා ජනපදය(කුරුණැගල දිස්ත්‍රික්කයේ) ඔහු විසින් පාලනය කල බව සදහන් වේ. වීර+බාහු යනු වීර අතයි. ජීව+හත්ත යනු ප්‍රාණවත් අතයි. මෙම නම් දෙකේ සමානත්වය නිසා බෝධීවංශයේ ප්‍රවෘත්තිය සත්‍යයැයි පළිගන්න පුළුවන්. එය නිවැරැදි මිනිස් පරම්පරාවක් ගැන ප්‍රකාශ කරයි. මොකද, යක්ෂයන්ට පරම්පරාවක් තියෙන්න පළුවන් කමක් නැති නිසා.
කුවේණි කුමරියගේ පරපුර

 
විජයගෙන් පසු ලක්දිව රජ්‍යත්වයට පත් පඩුවස්දෙවි කුමරුන්ට වැළැදුන දිවි දෝශය සුවකරන ලද්දෙ ඉන්දියාවෙන් පැමිණි යකැදුරන් විසින් කල කොහාඹා කංකාරිය නැමැති යාගයෙනි. අදටත් මේ කොහෝඹාකංකාරීය නැමැති යාගය නැටුමක් ලෙස ශේෂ වී ඇති බව දැකගන්නට පුළුවන්. එය රජුට වැළදුන රෝගයක් නොවැ සතුරු බියක් යැයි සිතිය හැක. මන්ද ඉන්දියාවෙන් පැමිණි රජුට ස්වදේශිකයන්ගෙන් සතුරු ප්‍රහාරයක් ඇති වීමේ අවදානමක් තිබෙන්නට ඇත. තවද පඩුවස්දෙව් කුමරු ලක්දිවට පැමිණ ඇත්තෙද පරිභ්‍රාජිකයෙක් ලෙස වෙස්වලාගෙන ඒ වගේම පඩුවස්දෙව් රජුට සරණපාවගැනීමට ගෙන්වූ භද්දකච්චායනා කුමරිය ලංකාවට පැමිණ ඇත්තේද භික්ෂූණීයක් ලෙස වෙස්වලාගෙනයි. මෙම කරුණවලින්ද ලංකාවේ රාජ්‍යත්වය පැහැරගැනීමට හෙලයන්ගේ තිබූ ඇකැමැත්ත මැනවින් ඔප්පුවෙනවා.නමුත් විහාර මහා දේවිය නැවක නන්වා මුහුදට පාකිරීමේදී ඇය කවුද යන්න යාත්‍රාවේ සදහන් කිරීමෙන් පැහැදිලි වන්නේ ඒ වන විට සතුරුබියක් නොතිබූ බවයි.
උන්මාද චිත්‍රා කතාවට අනුව ඇය ලද පුත්‍රයා, ඇයගේ මවගේ සහෝදරයා වූ දීඝායු කුමරුගේ පුත් දීඝ ගාමිණි යැයි මහාවංශයේ සඳහන් වීම ඇත්තක්මද කියලා අපිට හිතන්න වෙනවා. මොකද චිත්‍රා කුමරිය රදවා තිබූ එක්ටැම්ගෙයට යාමට හැකිව තිබූ විවරය තිබුනේ පඬුවස්දෙව් රජ‍ුගේ සිරියහන් ගබඩාවෙන් පමණයි. ජනප්‍රවාදයේ එන තොරතුරු වලට අනුව එහි යාමට අවසර තිබුණේ චිත්‍රරාජ හා කාළවේල යන යක් සේවකයන්ට පමණයි. දීඝායු විසින් ගොඩනැගුවායැයි සැලකෙන දිඝාමඩුල්ල විජය කුමරු ලංකාවට පැමිණෙන විටදී පවා ජනාවාස වී තිබූ බව පැහැදිලිය. එබැවින් දිඝාමඩුල්ල දීඝායු කුමරු විසින් ගොඩනඟන ලද්දක් යැයි පිළිගැනීමට අපහසුය. චිත්‍රා කුමරියගේ පුත් පණ්‍ඩුකාභය කුමරු අනුරාධපුර රජ වූ පසු චිත්‍රරාජ සමඟ සම අසුනේ හිද  ප්‍රීති උත්සව නැරඹීමද, අභය වැව සමීපයේ පදිංචි කරවීමද සුවීශේෂ සිද්ධීන් කියලා අපට හිතන්න පුළුවන් ඒ වගේම අපට අනුමාන කරන්න පුළුවන් පණ්ඩුකාභය කුමරුගේ පියා චිත්‍රරාජ කියලා. මෙහෙම ලංකාවේ රාජ්‍යත්වය නැවතත් හෙළයන් අතට පත්වී පණ්ඩුකාභය රජුගෙන් පසු සිංහල රාජ පරම්පරාවක් ඇරඹීමද, දුටුගැමුණූ රජු විසින් පසුකලෙක ඒකීය රාජ්‍යන් ඇරඹීමත් අපේ ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන විදිහට සලකන්න පුළුවන්...
ලි   ගැටයා


0 ප්‍රතිචාර: