හෙළ අසුර රාජ වංශය 5
අපි කලින් ලිපියෙන් විස්තර කලානේ හෙළ අසුර අධිරාජ්‍යට සතුරන් ඇති වීමට හේතු වුණ කාරණාව. මේ නිසාම හෙළ අසුර අධිරාජ්‍ය සතුරනගෙන් රැකීම ඉතා අවශ්‍ය වුණා. මේ හින්දාම රට කොටස් තුනකට බෙදලා තාරක, සුරපද්ම සහ සිංහමුඛ කුමාරයන් අතර බෙදා දීලා තියෙනවා. මේ කුමාරුවන් 3 දෙනාම ඒ වන විට දේව අධ්‍යාපනය හදරා තිබුණා. තාරක කළුතර අසල වේලාපුර අගනුවර කරගත්ත අතර සූරගුප්ත මැණික් ගඟ අසල මහින්දපුර නොහොත් මහේන්ද්‍රගිර(වැඩහිටි කන්ද කියලා සිතන්න පුළුවන්) අගනුවර කරගත්ත බවත් සදහන් වෙනවා. නමුත් සිංහමුඛ කුමරුට අගනුවරක් තිබිලා නැහැ ඒ නිසාම තාරක හා සුරපද්ම කුමාරවරුන්ගේ ඉල්ලීම පරිදි මායා-අසුර (විශ්වකර්ම) විසින් ලංකා පුරය ඉදිකර දුන් බවරාමායණයේ සදහන් වෙනවා. ඒත් එක්කම නිල රථය ලෙස පුෂ්පක රථය නොහොත් දඩු මොණරයද (දඩු මොණරය ශකුණ වර්ගයේ විමාණයක් ලෙස සදහන් වෙනවා) නිෂ්පාදනය කර දී තිබෙනවා. වේලාපුර කළුතර හා මහින්දපුර මුහුදට කිට්ටුව තිබූ නිසා ලංකා පුරයත් මුහුදට කිට්ටුව තියෙන්න ඇතියි කියලා අපිට හිතන්න පුළුවන්.