28.12.11

දඩුමොණරය සෑදූ ලෝහ වර්ගය ගැන දැනගනිමු - 2 making ancient aircrafts

පසුගිය ලිපියෙන් අපි සාකච්චා කලේ විමානය සෑදීමට අවශ්‍යවන ලෝහ වර්ගයන් ,ඒවායේ නාමයන් ලැබී ඇති ආකාරය හා ඒවා සතු විවිධ ගුණංග පිළිබදවයි. අද අපි සාකච්චා කිරීමට බලා පොරොත්තු වන්නේ පසුගිය ලිපියෙන් අපි සදහන් කල ලෝහ වර්ගයන් පිරිසිදු කරගන්න ආකාරය හෙවත් ලෝහයන්  නිස්සාරණය කරන ආකාරයයි. මෙය වෛමානික ශාස්ත්‍රහී දෙවන පරිච්ඡේදය පුරාවටම දැක්වෙන්නේ මෙම ලෝහ නිස්සාරණය හා විමානයට අවැසි පරිදි ඒවා සකස් කරගන්නා ආකාරයයි.

"Oosh mapaastriloha Mayaaha."උෂ්මපා ලෝහ, ලෝහ 3ක් මිශ්‍ර කිරීමෙන් සාදාගනු ලැබේ.
මෙහිදී උෂ්මපා ලෝහ යනුවෙන් හැදින්වෙන්නේ විමානය සෑදීමට අවැසි ලෝහයයි. විමානය බොහෝමයක් දුරට අජඨාකාශ යානයක් බැවින් එය සාදන ලෝහ වර්ගයන් විවිධ උෂ්ණත්වයන්ට ඔරොත්තු දිය හැකි ලෝහ වර්ගයක් විය යුතුය. එම ලෝහ වර්ගය උෂ්මපා යනුවෙන් හැදින්වෙන්නේ එබැවිනි.


මෙලෙස උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෝහයන්, සෞම, සෞන්දල හා මෞර්තවික යනුවෙන් අපි පසුගිය ලිපිවලින් කතා ලෝහයන් මිශ්‍ර කිරීමෙන් සාදාගනු ලැබේ. ලෝහ රත්නාකරයට අනුව සෞම, සෞන්දල හා මෞර්තවික යනු මූලික හෙවත් බීජ ලෝහයන්ය.
සෞම කාණ්ඩය - සෞම, සෞම්‍යක, සුන්දාස්‍ය, සෝම, පංචානන, උෂ්මප, ශක්තිගර්භ, ජාන්ගාලික, ප්‍රාණන, ශංඛ, හා ලාඝව යන ලෝහ වලින් සමන් විත වන අතර
සෞන්දල කාණ්ඩය - විරන්චි, සෞර්්‍යප, ශංඛු, උෂ්ණ, සූරණ, ශින්ජිකා, කන්කු, රංජික, සෞන්දීර, මුග්ධ හා ගුන්දාරක යන ලෝහ වලින් හා
මෞර්ත්වීක කාණ්ඩය -අනුක, ද්වියානුක, කන්ක, ත්‍රිනුක, ස්වේතාම්බර, ම්‍රිදාම්බර, බාලගර්බහ, කුවාර්ච, ක්න්ථක, කෂ්වින්ක හා ලාග්වික යන ලෝහ වලින් සමන්විත වේ.

:::මිශ්‍ර කිරීම:::

ඉහත සදහන් කල ලෝහය සමානුපාතයන්ට මිශ්‍ර කර එහි විලීනයන් සාදනු ලැබේ( විලීනය යනු රත්කර ද්‍රව කිරීමයි.) මෙය ලෝහාන්ත්‍රයට අනුව උෂ්ණාම්භර ලෝහය 10,5,8 අංකයන්හී සෝම, සෞන්දල හා මෞර්තවික යන ලෝහයන් පිළිවෙලින් 1,3,7 අනුපාතයට තන්කන හෝ බොරැක්ස් සමග කෝවක දමා විලීනය කිරීමෙන් නිෂ්පාදනය කරනු ලැබේ. එලෙසම අංක 3,5, හා 7ලෝහ පිළිවෙලින් 4,1, හා 8 යන අනුපාතයට තන්කන සමග කොවේ රත්කර විලීන කිරීමෙන් ඌෂ්ම ලෝහය ලබාගනු ලැබේ.
මෙලෙස ඉහත ලෝහ කාණ්ඩයන්හී 2,5, හා 9 හී ලෝහ 6,3, හා 7 අනුපාතයන්ට තන්කන හා රත්කිරීමෙන් ඌෂ්මහන ලෝහයද, අංක 3,8 හා 2 වලට අයත් ඉහත ලෝහත් ඉහත අනුපාතයටම කොවේ රත් කිරීමෙන් රාජ ලෝහයද සාදාගනු ලැබේ. මෙලෙස අම්ලතීත් ලෝහයත් අංක 9,7,1 සෝම, සෞන්දල හා මෞර්තවික හී ලෝහ 10,7,8 යන අනුපාතයන්ට තන්කන සමග මිශ්‍රකර නියමිත පරිදි කොවේ රත්කර සාදාගනු ලැබේ. මෙලෙස විමානයට අවැසි ලෝහ පහත අංකයන් හී සෝම, සෞන්දල හා මෞර්තවික ලෝහ එක්ක අනුපාතයන්ට මිශ්‍ර කිරීමෙන් මේ ආකාරයේ ලෝහ නිපදවාගනු ලැබේ.

සෝම, සෞන්දල හා මෞර්තවික ලෝහ අංකය
මිශ්‍ර කරන අනුපාතය පිළිවෙලින්
මිශ්‍ර කරන ද්‍රව්‍යය
ලෝහය
10 ,5 ,8
1, 3, 7
තන්කන හෝ බොරැක්ස්

උෂ්ණාම්භර
3 , 5, 7
4, 1, 8
තන්කන
ඌෂ්ම
2 ,5, 9
6, 3, 7
තන්කන
ඌෂ්මහන
3, 8, 2
6, 3, 7
තන්කන
රාජ
9, 7, 1
10, 7, 8
තන්කන
අම්ලතීත්
6, 4, 5,
5, 5, 12
තන්කන හෝ බොරැක්ස්

වීරහා
8, 6, 4
20, 18, 26,
තන්කන හෝ බොරැක්ස්

පංචඝණ
7, 11, 6
5, 12, 7
බොරැක්ස්
භාරණ
10, 9, 3
22, 8, 10
බොරැක්ස්
ශීථන
11, 10, 11
20 , 30, 8
බොරැක්ස්
ගරලඝ්න
11, 8, 4
20, 12, 36
බොරැක්ස්
අම්ලහන
19, 8, 10
20, 12, 6
බොරැක්ස්
ඌෂ්මප
3, 5, 11
20, 12, 6
බොරැක්ස්
විශාල්‍යක්‍රිත්
8, 3, 9
5, 8, 10
බොරැක්ස්
ද්විජමිත්‍ර
8 ,6 ,5
22 ,8 ,10
බොරැක්ස්
වාතමිත්‍ර

මීලගට මූලීක හෙවත් බීජ ලෝහ වලින් විමානයට අවැසි ලෝහ නිර්මාණය කරගන්නා උපකරණ පිළිබදව සාකච්චා කරමු.

Mooshaadhikaranam :: කෝව( ලෝහ රත්කර විලීන කරන්නා වූ බදුන)

නිර්නයාධිකාරයට අනුව සංශුද්ධ, මදක් සංශූද්ධ හා වෙනත් දෑ මීශ්‍ර වූ ලෝහ වර්ගයන් හී විලීනය සකස් කිරීම 407ක් වූ විවිධ වර්ගයේ කෝවයන් බාවිතාවෙන් සිදුකල යුතුය. මෙම කෝවයන් ප්‍රධාන වූ කාණ්ඩ 12කට බෙදනු ලැබේ. මූලීක හෙවත් බීජ ලෝහයන්ගේ විලීනය ලබා ගැනීමට දෙවන කාණ්ඩයේ කෝවයන් වඩාත් සුදුසු වේ. ලාලාචාර්යන්ට අනුව පරිදි ලෝහවිද්‍යා වේදීන් වර්ග 12ක ලෝහ පිළිබදව සදහන් කෙරේ. ක්‍රිතක හෙවත් කෘතීම, අපබ්‍රම්ශක හෙවත් කිලිටි, සතලාජ හෙවත් මඩ සහිත, ඛනිජ හෙවත් පතල් තුලින් සොයාගන්නා, ජලජ හෙවත් ජලචර ධාතුජ හෙවත් ඛනිජ වලින් සෑදුන, ක්ෂාරජ හෙවත් ලූණු වලින් සෑදුන, බාලජ හෙවත් ලොම්වලින් සැදුන සහ අන්ඩජ හෙවත් බිත්තර වලින් හට ගන්නා ආදී ලෙසයි.
( අප පසුගිය ලිපියකත් අපට අසුවන සිංහල නමුත් ඉන්දියානු නොවන වචනයක් තමයි ඝර්ෂණය අද මෙම ලෝහ විද්‍යාවේ මෙම ලෝහ වර්ග 12 දෙස බැලීමේදී ඛණිජ, ක්ෂාර, ජලජ වැනි අපට හුරු වචන පහසුවෙන් හදුනාගත හැක. මේවාට ඇති සංස්කෘත වචන මම නොදන්නා නමුත් මෙම වචන සිංහල අපට හුරු වචන බැවින්, අතීතයේ අපේ තිබූ භාෂවට අනුව බැලුව හොත් මෙම පොත පුරාම ඇති බොහෝමයක් වචන අපේ හෙළ අසුර අධිරාජ්‍යෙය් පැවති භාෂාවට අයත් වූ ඒවා වන්නට ඇත. කෙසේ වුවත් මෙම කාරානා තව දුරටත් විමසීමේදී විමාන නිපද වීමේ විද්‍යාව අපේ අතීත උරුමයක් බවයි.)
විවිධ ලෝහ විලීනය සදහා විවිධ කාණ්ඩ වලට අයත් කෝවයන්  බාවිතා කරණු ලැබේ. දෙවන කාණ්ඩයේ කෝවයන් වර්ග 40කි. එවායින් අංක 5 අන්තර්මුඛ හෙවත් අභ්‍යන්තර විවර ලෙස හැදින්වෙන අතර නියමිත පරිදි බීජ ලෝහයන් වීලිනයට යොද ගනු ලැබේ.
මූශාකල්ප හෙවත් හෙවත් කෝවයන් සෑදීමේ කලාවේ විස්තර වන පරිදි තල පොහොර හෝ කළු කඩල පිටි කොටස් 8ක්, ලෝහ මලකඩ කොටස් 4ක්, ලෝහ කොටස් 3ක්,නියගලා කොටස් 3ක්, ඇකේෂියා ශාක වලින් ශ්‍රාවය වන මැලියම් හෙවත් ඇරබික් ගම් කොටස් 6ක්,  රුරුක හෙවත් ක්‍රිම්සන් කොටස් 2ක්, සෝල් පීටර කොටස් 3ක්, වැල් කැබලි 5ක්, අගුරු කොටස් 6ක්, පස් තෘණ කොටස් 5ක්, දහයියා අළු කොටස් 4ක්, රතු ආසනික් කොටස් 2ක්, නාගකේෂර කොටස් 2ක්, වරෝලික මල් කොටස් 5ක්, බොරැකස් කොටස් 5ක්, කළු ලාමංච හෙවත් සුගන්ධි තෘණ කොටස් 2ක්, සින්ධුරා හෙවත් රතු හිරියල් කොටස් 5ක්, ගංජා ඇට කොටස්2ක් හා මුහුදු පෙණ කොටස් 4ක් ගෙන හොදින් පිටි වන තුරු අබරා දුහුවිලි කොටස් 5කින් හා මැලියම් වලින් සමන් විත වූ සමාන ප්‍රමාණයකට එකතු කොට ශිවාරී තෙල් වලින් යාම 3ක් හෙවත් පැය 9යක් යන තුරු පුළුස්සාගත යුතුය. සියළු ද්‍රව්‍ය එක් ද්‍රව්‍යකට පත්වන තුරු ද්‍රව කොට නැසින්න තුලින් වෑස්සීමට සලස්වා නිවෙන්නට හැරි ප්‍රතිඵල ලෙස ලැබෙන ද්‍රව්‍යෙයන් සාදන කෝවය අන්තර්මුක ලෙස හැදින්වෙන අතර එය විමානය සෑදීමට අවැසී ලෝහ නිපද වීමට වඩාත් ගැලපෙන කොවයන් වර්ගය එය වේ.

Athha Vyaasatikaadhikaranam ::උදුන(උෂ්මකය)


ලෝහ විලීනයන් බවට පත් කරනා බදුන හෙවත් කෝවය ගැන සාකච්චා කිරීමෙන් අනතුරු මීලගට වෛමානික ශාස්ත්‍රෙය් සදහන් වන්නේ  කොවයට ගිනි පිඹිම හෙවත් ඇවැසි තාපය ලබා දීම පිළිබදවයි. අතීතයේ වූ විශේෂඥයින් පවසන ආකාරයට ගිනි පිඹිම හෙවත් ව්යාසතිකාස් ආකාර 532ක් වේ. මේ අතුරින් ඉදිඹු ආකාරයේ ගිනිපිඹිනයන් බීජ ලෝහ හෙවත් මූලිඛ ලෝහයන් විලීනයන් කිරීමට වඩාත් සුදුසු වේ. කුණ්ඩ කල්ප හෙවත් උෂ්මක නිපදවීමේ කලාව 532ක් වූ උෂ්මක පිළිබදව සදහන් කොට ඇත. ඒවා කාණ්ඩ 7කට බෙදනු ලැබෙන අතර එක් එක් කාණ්ඩය වර්ග 76කින් සමන්විත වේ. මෙයින් ඉදිඹු ආකරයේ උදුන කූර්ම ව්‍යාසතික නමින් හැදින්වෙන අතර එය 7වැනි කාණ්ඩයේ 9වැනි උෂ්මකය වේ. කුණ්ඩ නිර්ණයට අනුව ඉදිඹු උදුන සමතලා පොළවක චතුරශ්‍රා කාරයට හෝ වෘතාකාරයට පිළියෙල කරගත යුතු වන අතර එය අඩි 10ක් පළලට ඉදිඹුවෙකුගේ ආකාරයට සකසාගත යුතුය. පිඹිනයන් සවි කිරීම සදහා ඉදිඹු පාද ආකරයට උදුන වටේ පිඹිබයන් පැති 5කින් සවිකල යුතුය. උදුන මධ්‍යෙය් කොව තැබිය හැකි වන පරිදි සකසාගත යුතුය. උදුනේ පිඹිනයන් සවිකල පැති 5හේම අගුරු දැමීමට විවිරයන් සවිකල යුතු වන අතර මේ සැම පැත්තෙන්ම විලීනය(ද්‍රව ලෝහය) ලබා ගැනීමට යාන්ත්‍රනයක් තිබිය යුතු වේ.

Athha Bhastrikaadhikaranam::: පිඹිනයන්
ගිනි පිඹිනයන් 8 වැනි කාණ්ඩයේ 16 වැනි වර්ගයට අයත් විය යුතුය.
මෙහිදි ගිනි පිඹිමට අවශ්‍ය පිඹිනයන් සාදාගන්නා අයුරු දැක්වේ. භාස්තික නිබන්ධන යේ පවසන පරිදි 532ක් වූ උෂ්මකයන් සදහා 532ක්  වූ පිඹිනයන් තිබේ. මෙය වර්ග 8කට කාණ්ඩ කරන අතර 8 වැනි කාණ්ඩයේ 16 වැනි පිඹිනය ඉදිඹු උදුන සදහා වඩාත් සුදුසු වේ. මෙම පිඹිනයන් සදාගන්නා ආකාරය මෙසේය.
සුදුසු ගස්වල පොතු, හම්, කිරි යොදයෙන් පිළියෙල කරගන්නා තුනී රෙදි, පුවක් කොල, ත්‍රිනේත්‍රා ගසේ පොතු, ශුන්ධීර පොතු, සුරාන්ජි පොතු, සිනිදු කපුථ ශිනීරා පොතු, මුන්ජාකර පොතු හා හා හණ පට්ටා එක් කොට සකස් කරගන්නා රෙදි හා තඹ හෝ ලී එකතුවෙන් සකස් කරග්න පිඹිනයන් මේ සදහා සුදුසු වේ.
මේලෙස විමානය සැදීමට අවශ්‍ය ලෝහ, එම ලෝහ පිරිසිදු කරගන්නා ආකාරය, මිශ්‍ර ලෝහ සාදාගන්නා ආකාරය, එම ලෝහයන් විලීන කොට මිශ්‍රකරන්නා වූ කොවයන්, අදාල උදුන් හා ගිනි පිඹිනයන් සදාගන්නා ආකාරය මෙලෙස අපි දඩුමොණරය සෑදු ලෝහ යන මාතෘකාවෙන් කතා කර අදින් නිම කරනවා. මේ ලිපි පෙළ පුරාවටම අධ්‍යනය කිරිමේදී විමානයක් සෑදීම යනු තනි විෂයක් හෝ විද්‍යාවක් නොව විද්‍යාවන් කිහිපයක සංකලනයක් බව පැහැදිලිය.  කෙසේ වුවත් විමානය තුල පිහිටි විවිධ උපාංග, බහුකාර්්‍ය ධර්පණ නිපදවා ගන්නා ආකරය මීලග ලිපියෙන් විමසමු.
එතෙක් ආයුබෝවන්.

19.12.11

බුදුන් වහන්සේ රාවණ රජුගේ ආරාධනාව පිළිගෙන ලංකාපුරයට වැඩිසේක....! Lord Buddha Arrived to the City of Lanka by accepting the invitation of King Ravana


රාවණ රජුට බුදුන් වදාල ලංකාවතාර සුත්‍රය -2

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රයේ පළමුවන කොටසෙදි අපට හරියටම තහවුරු කරගන්න බැරි වුණ දෙයක් තමයි රාවණ රජු සිටියේ කුමන බුදුන් වහන්සේගේ යුගයේද කියන එක. ඒ ලිපියට ලැබුණ ප්‍රතිචාර අනුව නම් ඒ කාශ්‍යප බුදුන් වහන්සේ කියන මතය තිබුණා. ඒ වගේම අපේ සැබෑ ඉතිහාසය සොයා නම ගමනට නිතර ආශිර්වාද කරන විද්වතුන්ගේ මතය වුනේද මේ කාශ්‍යප බුදුන් සමයේ රාවණ රජු සිටියා යැයි කියන එකයි.
පසු ගිය ලිපියේ අපි ලංකාවතාර සුත්‍ර දේශානාව නතර කලේ රාවණ රජු විසින් බුදුන් වහන්සේට ලංකාවට වඩින ලෙස කලා ආරාධනාවෙන්. අද එතැන් සිට ලංකාවතාර සුත්‍රය ඉතිරි කොටසත් විමසමු.

මේ නගරය ආධ්‍යාත්මික හා දැනුවේ විචික්ෂණ බුද්ධියෙන් අභ්‍යන්තර විඥානයන් පවා අවබෝධ කරගත් ස්ථානයකි, මහා අනර්ඝ පාෂාණයන්ගෙන් සෑදුන මේ කදු මුදුන මෙම බුද්ධිය විදාරණය කල ස්ථානයකි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේත් මේ මහා අනර්ඝ පාෂණයන්ගෙන් සරසන ලද මෙම ශිඛරයේදී මා ඇතුළු පිරිවරටද නිර්මල වූ සත්‍ය වදාළ සේක්වා, අපි ඇසීමට කැමැත්නේ සිටිමු.
ලංකාවතාර සූත්‍රය වනාහි අතීතයේ වැඩ විසූ බුදුවරුන් පවා වර්ණනා කල, ඉතා අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්තා වූ අන් කිසිම දහමක හමු නොවන්නා වූ අනර්ඝ දහමකි.  අතීතයේ වූ විජයග්‍රාහී පුතුන් හමුවේ අතීත බුදුවරු දේශනා කරන මේ දහම නැවතත් සිහිකරගන්නෙමි. භාග්‍යවතුන් වහන්ස දේශනාකරන සේක්වා.
අනාගතයේදී යක්ෂ ගෝත්‍රිකයන් කෙරහි බුදුවරුන්, බුද්ධපුත්‍රයන් විසින් අනුකම්පිත අවධානය යොමුකරාවි. යක්ෂ ගෝත්‍රික නායකයන් පිරිවර උදෙසා මෙම මහානුභාවසම්පන්න දහම, මෙම අනර්ඝ පාෂණයන්ගෙන් සෑදුන ශිඛරය මත දී දේශනා කරනු ඇත.
මහානර්ඝ පාෂණයන්ගෙන් ලංකෘත, මහා ශිඛරයන්ෙගන් වටවුණු, සුවදායක හා අලංකාර වූ අභාරණ වලින් සෑදුන වියන් වලින් සමන් විත ලංකාපුරය විභූතිමත් පුරවරයකි.

භාග්‍යවතුනි, මෙහි සිටින්නා වූ යක්ෂගෝත්‍රිකයන් තන්හාවෙන් මිදුන, අභ්‍යන්තරයෙන්ම අතීත බුදුවරුන්ගේ සත්‍යාවබෝධ කරගත්තා වූ පිරිසකි. ඔවුන් මහායාන ඉගැන්වීම් විශ්වාස කරන්නන්ය. අප යක්ෂගෝත්‍රික තරුණ දූ වරුන් හා පුතුන් හට මහායානය දැනගැනීමට අවැසි වී ඇත.
භාග්‍යවතුනි, මහා ගුරුවරයාණෙනි මලය කදුමුදුනේ ලංකාපුරයට වඩිනු මැනවි.
===============================================
මෙම ලංකාවතාර සුත්‍රයට අනුව කාශ්‍යප බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කිරීමටත් පෙර සිටම ලංකාව බෞද්ධ දේශයක් වූ බව පැහැදිලිය. මෙම සුත්‍රයේ කරුණු වලින් හෙලිවන දෙයනම් මහායාන බුදුදහම ලංකාව පුරා අතීතයේ සිටම පැතිරී තිබූ බවයි. එලෙසම අප සැලකිල්ල දැක්විය යුතු කරුණක් වන්නේ බුදුදහම යනු ගෞතම බුදුන් වහන්සේ විසින් පමණක් දේශනා කල කරුණු පමණක්ද යන්නයි. මහායාන ධර්මයට අනුව පෙරබුදුවරු පවා දේශනාකරන ලද සුත්‍ර ධර්මයන් පවා ප්‍රධානතම ධර්ම කරුණු ලෙස භාවිතා වේ. මෙම සුත්‍රය ඊට හොදම උදාහරණයයි.
මෙම සුත්‍රයට අනුව රාවණ වැනි අපගේ ශ්‍රේෂ්ඨ නරපතියන් බුදුන් දැකීමට පවා පෙර බෞද්ධයන් වූ බව පැහැදිලි වේ. රාවණ රජුහට නොයෙකුත් බලයන් තිබූ බව ප්‍රකට කරුණකි. අදටත් මහායාන ධර්මය තුල මාර්ග ඵල නොලබා විවිධ වූ ධ්‍යානයන් ලබාගත් පුද්ගලයන් මහායාන ධර්මය අදහන චීනය, ජපානය වැනි රට වල අප්‍රසිද්ධව ජීවත් වන බව අසන්නට ලැබේ. මේ පිලිබදව වැඩිපුර අවබෝධයක් චීන කුංෆු සටන්කලාව අශ්‍රිතව හදුනාගත හැක. විවිධ සිනමාපට මගින්ද මෙලෙස අහසින් ගමන් කරන, පාවෙන, මනසින් ගමන් කරන පුද්ගලයන් මතුවෙන්නේ මහායාන ඉගැන්වීම් අනුව ලබාගත් ධ්‍යානවලින් බව සිතාගත හැක.
===============================================
කුම්භකර ඇතුළු රාක්ෂ ගොත්‍රික මහායානය කෙරෙහි සැදහැවත්ව මේ නගරරයේ සිටන්නද මේ අභ්‍යන්තර අවබෝධය පිළිබදව ඇසීමට සැදීපැහැදී සිටි. ඔවුන් අතීතෙය් බුදුවරුන්ටද අනලස්ව තම උපහාරය දැක්වූවන්ය. අදටත් එසේය. ලංකාපුරය කෙරෙහි දයානුකම්පාව දක්වා, හිමියනි වඩිනු මැනවි.
මහාමථි,(මෙලෙස මහාමථි නම් බෝධිසත්වයන් වරයෙක් පිළිබදව මෙම සුත්‍රය පුරාවටම දැකගත හැක) විවිධ වර්ගයන්ගේ අබරණ ගෙපැලැදැ අපසාරවන්ගෙන් පිරුණ මාගේ මන්දීරයද, මනෝරම්‍ය වූ අශෝක උයනද පිළිගනුමැනවි. මම බුදුරදුන් වහන්සේට හා බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ සේවයට කැපවන්නෙමි, උන්වහන්සේලාගේ අනුකම්පාව උදෙසා මා හට කැප කල නොහැකි දෙයක නොමැත. මහා මුණිවරයාණෙනි මා හට අනුකම්පා කරණ සේක්වා.
මෙලෙස රාවණ රජුගේ ආරාධනාවන්, වර්ණනාවන් අසා සිටි තිලෝගුරුන් යක්ෂාධිපති රජුනි,  මේ මහානර්ඝ පාෂණයන්ගෙන් සෑදුන මේ කදුමුදුන අතීත බුදුන් පවා වැඩිය භූමියකි, ඔබ හට අනුකම්පා කර සත්‍ය දේශනා කරමි. එලෙසම අනාගත බුදුවරුන් පවා ,මාණික්‍යන්ගෙන් සැදූනා වු ‍මෙම කදු මුදුනේදී ඔවුන්ගේ ධර්මයන් දේශනාකරනු ඇත.
මෙම ගැඹූරු වූ සත්‍ය, සත්‍ය සෙවීමේ අරමුණින් සිටින්නා වූ යෝගී වරුන් පවා බලාපොරොත්තුව සිටි සත්‍යකි. යක්ෂ රජුනි ඔබ හට මාගේ අනුකම්පාව හිමිය.
භග්‍යවතුන් වහන්සේ මෙලෙස රාවණ රජුගේ ආරාධානාව පිළිගෙන නිශ්ශබ්දව හා රාවණ රජු විසින් පිළිගන්වන ලද පුෂ්පක රථයට වැඩි සේක.
අනතුරුව විජයග්‍රාහී පුත්‍රයන් වන රාවණ රජු හා පිරිවර විසින්, අප්සරාවන් විසින් ගෞරව පූර්වකව ගයමින්, වයමින් හා නර්තනය කරමින් බුදුන් වහන්සේ ඇතුළු පිරිවර රැගත් රථය ලංකාපුරයට ලගා විය.
මනරම් වූ ලංකාපුරයට සැපත් වීමෙන් අනතුරුව නැවත නැවතත් බුදුන් වහන්සේ ගෞරව පුර්ව වන්දනාවන්ගේ ගෞරව දැක්වීය. රාවණ රජු ප්‍රමුඛ යක්ෂ සමූහයෙන්ද, යක්ෂ ගෝත්‍රික කාන්තාවන්ගේද වන්දනාවට ලක්විය. විවිධ වූ මාණික්‍යන්ගෙන් සෑදුන වියනක් තරුණ යක්ෂ පුතුන් හා දූවරුන් විසින් බුදුන් වහන්සේට පූජාකරන ලදි.
රාවණ රජු විසින් අලංකාර ආභරණින් යුක්ත වූ ගෙලපලාදනාවක් බුදුන් වහන්සේ ඇතුළු බුද්ධ පුත්‍රවහන්සේලාට පළදවන ලදි. බුදුන් වහන්සේ ප්‍රමඛ නැණයෙන් සම්පන්න වූ බුද්ධ පිරිවර විසින් පිළගන්වන ලද, පූජාකරන දේ පිළිගනිමින් ගැඹුරු වූත්, අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්තා වූත් සත්‍ය දේශානාකරිමට සූදානම් විය.
===============================================
මේලෙස කාශ්‍යප බුදුරාජානන් වහන්සේ විසින් ලක්වැසන්ට ලංකාවතාර සූත්‍රය දේශනාකිරීම ආරම්භ කිරීම දක්වා අද ලිපියෙන් සදහන් කල අතර, ඉදිරිලිපි වලින් කාශ්‍යප බුදු රදුන් විසින් දේශනාකරන ලද ලංකාවතාර සූත්‍රෙයේ ඉතිරි කොටස් විමසමු.
ලංකාවතාර සූත්‍රයට අනුව අනාගත බුදුන් වරුන් විසින් පවා ලක්දිවට වැඩම කර මෙම සත්‍ය දේශනාකරන බව සදහන්. ලංකාවතාර සුත්‍රය දේශනාකරන ලද්දේ ලංකාපුරය නැමති නගරයේ බව පැහැදිලියි. මීට පෙර අප ලෝකයේ පරමාදර්ශි නගරය ලෙස ලංකාපුරය ගැන සාකච්චා කලා මතක ඇති. එයට අනුව ලංකාපුරයද කදුමුදුන් 3ක් මත පිහිටි නගරයක් බවත් අපි සදහන් කලා. නමුත් ලංකාවතාර සුත්‍රෙය් එය කදුමුදුන් 3ක පිහිටි බවක් සදහන් වෙන්නේ නැහැ. කොහොම වුණත් කදුමුදුනක, මලය දේශයේ පිහිටි නගරයක් බව අදුනාගන්න පුළුවන්.
ත්‍රීකූට පුරයද?
 සීගිරීයද?
 නැත්තම් වෙනත් ස්ථානයක්ද? ඒ වගේම අනාගත බුදුවරුන් විසින්ද යක්ෂ ගෝත්‍රිකයන් අරභයා මෙම සත්‍ය දේශනාකල යුතුයි.  අප දන්නා 28ක් වූ බුදුන් වහන්සේලාට අනුව කකුසද, කෝණාගම, කාශ්‍යප හා ගෞතම යනු මේ මහා භද්‍රකල්පයේ දැනට බුද්ධත්වයට පත් වූ බුදුවරයානන් වහන්සේලායි. කාශ්‍යප බුදුන් වහන්සේගෙන් අනතුරුව ගෞතම බුදුන් වහන්සේ විසින්ද මෙම උතුම් සත්‍ය ලක්වාසී යක්ෂ ගෝත්‍රිකයන්ට දේශනාකල යුතුයි.
එසේනම් එය විසකුම්භණ සුත්‍රෙය් සදහන් වන ගිරිදේශයේ ධර්ම දේශනාවද? නැතිනම් හෙළ අසුර අධිරාජ්‍යෙය් අවසන් ශ්‍රකාධිපති හෙවත් දේව අධ්‍යාපන ප්‍රධානී සුමන අරභයා සමන්තකූඨයේ කරන ලද දේශනවාද යන්න අප විසින් විසදාගත යුතු ගටළුවකි.
මෙලෙස අපගේ සැබෑ ඉතිහාසයේ විවිධ ගැටළු, පරස්පරතාවයන් හමු වේ. කොහොම නමුත් සැගවී ඇති අපේ සැබෑ ඉතිහාසයෙන් විවිධ මුලාශ්‍ර ඔස්සේ කරුණු සොයාගැනීමට දිගටම රැදී ඉන්න කියලා ඉල්ලන ගමන්ම අදට ලංකාවතාර සුත්‍ර දේශන සිංහල පර්වර්තනය -2 කොටස මෙතනින් නිම කරණවා. ඇත්තටම ලංකාවතාර සුත්‍රෙය් පළමු පරිච්ඡෙදය තුලම තමයි තාමත් අපි ඉන්නේ.
 මීලග කොටසින් හමුවන තෙක් ඉතින් ආයුබෝවන්..

ලෝකයටම පරමාදර්ශි නගරය වූ ලංකාපුරය

13.12.11

ලංකාවේ නැගෙනහිර කොනට යමුද? Eastern Conner of Sri Lanka


සංගමන් කන්ද


අ මේ නැගෙන හිරට වෙන්න මුහුදෙන් ඈතට ගිය අපේ රටේ කොටසක්.... අක්කරෙයිපත්තුවේ දමිල සහෝදරයෙකුත් එක්ක මම ඉරිදා දවසක තමයි මේ ගමන ගියේ... මේ ප්‍රදීපාගාරය, කොළඹ සිට නැගෙනහිරට දකුණූ දිග ඔස්සේ පැමිණෙන විට හමුවෙන අටවැනි ප්‍රදීපාගාරය මෙම සංගමන් කන්දයි. ශ්‍රි ලංකාවේ  නැගෙන හිර අවසන් ගොඩබිම් ලක්ෂය වශයෙන්ද සැලකෙන මෙහි මෙම ප්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1947 වසරේදී. එහි උස අඩි 25ක්. 



අ බලන්න කියලා දෙයක් නැහැ....

ගරා වැටුනු ප්‍රදීපාගාරයකුත්, තව තානායමකුත් විතරයි....























සංගමන් කන්ද පිහිටලා තියෙන්නේ පොතුවිල් -කල්මුනේ මාර්ගය(ඒ4) අසලමයි. මාර්ගය අසල පිහිටා ඇති තරමක් විශාල පර්වතයකට තමයි සංගමන්කන්ද කියලා කියන්නේ. මේ පර්වතයත්, එතැනින් එහාට තියෙන ගල් කදු කිහිපයකත් බෞද්ධ සිද්ධස්ථාන රැසක නටබුන් තියෙන බවත් දැන ගන්ට ලැබුණා....

















අපි ප්‍රදීපාගාරය සොයාගෙන ගියා. ඒත්කැළෑවැදීඅනවසර ඉඩම් හිමියන්ගේ ග්‍රහණයට ලක්‌ව තිබූ කටුකම්බි වැටවල් අතරින් රිංගා යමින් අපි ප්‍රදීපාගාරය අසලට ගියේ පැය කිහිපයක රස්‌තියාදුවකින් පසුවයි. ඒත්ප්‍රදීපාගාරයේ දැන් තියෙන්නෙ අඩි 15 ක විතර කොටසක්‌ විතරයි. 2004 සුනාමියේදී මෙය විනාශ වුණු බවයි කියන්නේ. අපගේ ගමනෙ වැදගත් මං සලකුණක්‌ වගේමරටේම වැදගත් මංසලකුණක්‌ වන සංගමන්කන්ද තුඩුව අද පවතින තත්ත්වය ගැන නම් අපිට සතුටු වෙන්න බැහැ. සංචාරක ආකර්ෂණීය ස්‌ථානයක්‌ වන මෙය වහාම ප්‍රතිසංස්‌කරණය විය යුතු ස්‌ථානයක්‌. ප්‍රදීපාගාරය නැවත ඉදිවීම අනිවාර්යයයි

චාරිකා සටහන හා ජායරූප

ඉන්දික නලින් රණසිංහ Indika Nalin Ranasingha





















12.12.11

දඩුමොණරය හදපු ලෝහ වර්ගය ගැන දැනගමු.:: the metals of Dandumonara



හෙළගුවන් යානා තාක්ෂනයේ අවසන් ලිපියෙන් අපි සාකච්චා කලේ, දුතකායාට එහෙමත් නැත්තම් හෙළ ගුවන් යානා නියමුවන්ට ඇදුම් නිර්මාණයේ කලේ කොහොමද? ගුවන් ගමන් වලදී ඔවුන් භාවිතා කල ආහාර වර්ග මොනාද, එවා පිළියෙල කරගත් ආකාරයනේ. 

පසුගිය ලිපිය දෙස නැවතත් විමසීමක් කලොත් මේ ආහාර, ඇදුම් වර්ග සාමාන්‍ය ගුවන් ගමනක් සදහා භාවිතා කරන ඒවා නොව අභ්‍යවකාශ තරණය උදෙසා සකස් කල ඒවා විය යුතුයි. අපේ පසුගිය ලිපි වලින් විමාන කියන්නේ තනි යානයක් නොවේ හෙළ ගුවන් යානාවලට පොදුවේ භාවිතා කල නම කියලා කිවානේ. කොහෝම වුණත් පරණ ලිපි පෙල මතක් කරගනිමින්ම මේ ගමනේ ඉදිරියටත් සකච්චා කරමු.
වෛමානික ශාස්ත්‍රෙය් මීලගට සදහන් වන්නේ ගුවන් යනා තැනීමට භාවිතා කල ලෝහ වර්ග හා ඒවා සකස් කල ආකාරය. එය වෛමානික ශාස්ත්‍රෙය් 13 වැනි සුත්‍රයයි. මුලින්ම අපි ලෝහ පිහිටා ඇති ආකරය හා ඒවායේ ඇති ගුණාත්මක බාවයන් හා ශක්තීන් විමසා බලමු.
අත්ථ යාන ලෝහානී :: Next, the Metals for aero planes:: විමානය සදහා ලෝහ
ගුවන් යානයේ දුතකයාට අවැසි ආහාර, ඇදුම් සකස් කිරීමෙන් අනතුරුව ගුවන් යානය තැනීමට අවශ්‍ය ලෝහ සපයා ගෙන යානය තැනීමට අවැසි ලෝහය නිපදවාගත යුතුය. යානය සෑදීමට අවශ්‍ය ලෝහ තැනීමට මූලික ලෝහ වර්ග 3ක් අවශ්‍ය වේ.  සෝම, සෞන්දලික, මෞර්තවික නැමැති මෙම මූලික ලෝහ වර්ග 3 භාවිතයෙන් උෂ්ණය උරාගත හැකි, උෂ්ණයට ඔරොත්තු දිය හැකි වර්ග 16ක ලෝහ නිෂ්පාදනය කරගනු ලැබේ.  උෂ්ණාම්බර, උෂ්ණපා, උෂ්ණාහනථ රාජාම්ලත්‍රිත්, වීරාහ, පංචගහන, අග්නිත්‍රිත්,භාරහන, ශීතහන, ගරලාග්න,අම්ලහන, විෂම්භර, විෂ්‍යක්‍රිත්, විජමිත්‍ර හා වාතමිත්‍ර යනාදීය මෙයට අයත් වේ.
මානීභධ්‍ර කාරික හෙවත් මනිභධ සිද්ධාන්ත අනුව විමාන සෑදීමට සුදුසු සැහැල්ලු ලෝහ වර්ග වනුයේ මෙම ලෝහ වර්ග 16 වන අතර, එම ලෝහයන් උෂ්ණත්වය උරාගන්නා, උෂ්ණත්වයට ඔරොත්තු දෙන බැවින් එම ලෝහ විමාන නිර්මාණයට භාවිතා කල යුතු බවයි.  මෙම ලෝහ වර්ග සෑදීමට අවශ්‍ය වන මුලික ලෝහ ලබා ගන්නා ආකාරය මෙසේය.

පෘථිවයේ 7වැනි භූස්ථරයේ ඇති නිධි තුල මෙම සෝම වර්ගයේ ලෝහ එකතුන් ඇති අතර, ඒවා වර්ග 38කි, මේ අතුරින් උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෝහ වර්ග 3ක් නිස්සාරණය කරගත හැකි අතර, ලෝහ තන්ත්‍ර හෙවත් ලෝහ පිළිබද විද්‍යාවට අනුව මෙම සෝම ලෝහ වර්ගයට විශේෂ ගුණ 5ක් ඇති අතර, මෙම ලෝහ බීජාලෝහ හෙවත් මූලික ලෝහයන් ලෙස හැදින්වේ.
පෘථිවි අභ්‍යන්තරයේ 3000ක් පමණ ලෝහ නිධි සහිත භූ ස්ථර ඇති අතර මේවායින් ස්ථර 1300ක පමණ වඩාත් හොද වර්ගයේ ලෝහ සහිත වේ. එයිනුත් 7 වැනි ස්ථරයේ ඇති ලෝහ වර්ග වඩාත් හොද වන අතර මෙවා අනිකුත් ලෝහ වලට වඩා 5ගුණයකින් ගුණාතමකය.
පෘථිවි මධ්‍යෙය් ගුරුත්වාකර්ෂණයත්, පෘථිවි ගෝලයේ ගුරුත්වාකර්ෂණයත්, සුර්ය පිටාරයන්, අනෙකුත් ග්‍රහලෝක, තාරකා වලින් පිටවන බලයත්, සුර්ය, චන්ද්‍ර හා විශ්වයේ ගුරුත්වාකර්ෂණය ආදී නොයෙකුත් ආකර්ෂණ බලයන් සියල්ල පෘථිවියේ 3, 8, 11, 5,2,4,6, 9 යන ස්ථරයන්ට ඇතුළු වී එහි ඇති උෂ්ණත්වය හා තෙතමනය ආධාරයෙන් විවිධ වර්ගයන් වල, විවිධ ගුණයන්හී ලෝහ නිර්මාණයට හේතුවේ.
අත්‍රි නම් සෘෂී වරයාට අනුව,සෞම කාණ්ඩයේ ලෝහ නාමාර්ථ කල්ප යන නාමයෙන් හැදින්වේ. සෞම, සෞම්‍යක, සෝම, සෞන්දාසය, පංචාන, ප්‍රාණන, සංඛ යනු සෝම කාණ්ඩයට අයත් විවිධ ලක්ෂණ හා විවිධා ගුණාත්මක බාවයන් ඇති ලෝහයන් වේ. සෞම යන වචනය , , ම් යන ශබ්ධයන්ගේන් සමන්විත වන අතර පරිභාෂා චන්ද්‍රික හා විශ්වාභාර කාරිකයන්ට අනුව සාගරයේ බලයන් හා සුර්ය බලය ඇතුළු බල වර්ග 4ක් මෙම මුලික ලෝහයන් වල ගැබ් වී තිබේ. වාල්මිකි ගණිතයට අනුව මෙම බලයන් එකතුව 1,67 හා 768 යනුවෙන් සදහන් වන අතර, මින් සමහර බලයන් යන ශබ්දයෙන් සදහන් වන අතර, සුර්යාගෙන් හා මුලද්‍රව්‍යන්ගේ නිකුත් වන බලයන් ඖ ශබ්දයෙන් සදහන් කරනු ලැබේ. මෙලෙස අනෙකුත් බලයන් සහ යන ශබ්දයන්ගෙන් නිරූපණය වේ.
වරුණ හා සුර්ය ශක්තින් ගැබ් වු මූලික ලෝහ වර්ග 4කි. මෙම සෑම කාණ්ඩයකම ශක්ති ප්‍රමාණය 1,67, 768 යැයි පවසනු ලැබේ. වරුණ කාණ්ඩයේ කුර්ම හා කාශ්‍යප ශක්තීන් හී 67 වැනි ඌෂ කූර්ම හා 85 වැනි කාශ්‍යප  බලයන් කාලා යන නාමයෙන් හැදින්වෙන අතර අකුරෙන් නිරූපණය කෙරේ. සූර්ය බල කාණ්ඩයෙන් මාර්තාන්ද හා භූත 71 වැනි හා රුචික බල 160 ර අක්ෂරයෙන් දැක්වේ. එලෙසම හිරුගේ හා අදිතීහී කාරකා බලයන්ටගේ 9වැන්නෙ සුන්දා සහ බෞම නැමිත් 101 වැනි තාරීය බලය මගින් දැක්වේ. දුර්වා වර්ග, සෝම හා භාධාබ පිළිවෙලින් 109 හා 14  බලයන් විසරාග ශබ්ද මගින් දැක්වේ. මෙලෙස පෘථිවිය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන්නා වූ බලයන් 4 කල් ගතවත්ම සෞම ආකාරයේ ලෝහ බවට පර්තනය වේ.
සෞන්දල ලෝහය්, 11 වැනි බලය, ධානදා යන බලයන් අක්ෂරයෙන් නිරූපනය වේ. 110 වැනි කාශ්‍යපී බලය ශබ්දයෙන්ද, සුර්යාගේ 100ක් බලයන් අතුරින් දර්වමුඛී ශක්ති හා භූත ශක්ති අන්වී 700 බලයන් ලෙස හැදින්වෙන අතර මෙම බලයන් අනුස්වර ශබ්දයක් වන ම් මගින් නිරූපණය වේ. සුර්යාගේ කාන්ත ශක්තී 49, තාරකාවන්ගේ 25ක් වූ ශක්තිස්, වාචා වැනි බලයන් ද අක්ෂරයෙන් නිරූපණය වන අතර සෝම ලෝහයේ ආකාරයටම ධ්රුව වර්ග බලයන් යන ශබ්දයේ ඇති ආ මගින් දැක්වේ. චන්ද්‍රයාගේ 364 වු උජ්වාලා හා බාදබා 500 යන බලයන් කාල යන්නෙ මගින් නිරූපණය වන අතර මෙලෙස ස+ඖ+ම්+ද+ල ලෙස සෟන්දල යන ලෝහ නාමය නිර්මාණය වී ඇත.
තෙවන ලෝහ වර්ගය මෞර්ත්වික සැලකු විට එහි ඇති කූර්මශක්තී, පාර්ථිව 1300 ම අක්ෂරයෙන් දැක්වේ. කාශ්‍යප ශක්තී, කාලිම 2011 යන ශබ්ද ඖ ශබ්දයෙන්ද, මාර්තාන්ද ශක්තිය හා ලාඝ්ව 260 යන ශබ්ධ ර ශබ්දයෙන් නිරූපණය වේ. භූතශක්ති, වාර්චුලී 37 ථ යන ශබ්දයෙන්ද, රුක්ශමක 1063 යන්න ව යන අක්ෂරයෙන්ද, අර්කාශක්ති, වරුණ 113 යන ශබ්ද ඉ ශබ්දයෙන්ද, සෝම බලයන් රිජුකා 8009 හා පුෂ්නික 1012 ක අක්ෂරයෙන් නිරූපණය වේ. මෙලෙස  ම+ඖ+ර+ථ+ව+ඉ+ ක මෞර්තවික ලෙස ලෝහ නාමය සැදී ඇති බව දැක්වේ.
මෙම පරිච්ඡෙදයේ ඇති බොහෝමයක් වචන හා බලයන් යන්න අප හට නුහුරු නුපුරුදු වචනයන් වුද, මේ මගින් අප හට අවබෝද කරගත හැකි දෙය වන්නේ විමානය සැදීමට භාවිතා කල ලෝහ වර්ගය තනි වර්ගයක් නොව විවිධ ගුණාත්මක බාවයන් වලින් යුක්ත ලෝහ කීපයක් මිශ්‍ර කරගෙන සාදාගත් මිශ්‍ර ලෝහයකින්ය.  විශේෂයෙන්ම මෙම විමාන සැදීමේදී වැඩිසැලකිල්ලක් දක්වා ඇත්තේ අජඨාකාශ යාන සැදීමට බව මෙම විවිධ සුර්ය, තාරිය, චන්ද්‍ර යන බලයන් සහිත ලෝහයන් බාවිතා කිරීමෙන් වටහා ගත හැක. මෙම ලෝහ වර්ගයන් එද මේ ආකරයෙන් ගුණාත්මකව සදහන් කලද, වර්තමානයේ ගුවන් යානා සැදීමට බාවිතා කරන, අජඨාකාශ යාන සැදීමට ගන්නා ලෝහම විය හැක.
වෛමානික ශාස්ත්‍රෙය් මෙම කොටසන් මතු වන්නා වු තවත් අදහසක් වන්නේ යමක් නම් කිරීමෙදී, එම නමේ ඇති සෑම අක්ෂරයකින්ම, සෑම ශබ්ධයකින්ම නම් කිරීමට භාජනය වන්නා වූ යම් දෙයක ඇති සියළු ගුණාංග එකින් එක ඒ ඒ ශබ්දයන්ගෙන්, අක්ෂරයන්ගෙන් නිරූපණය වන පරිදිය.
මෙලෙස ලෝහ වර්ග හා ඒවායේ ගුණවර්ග මෙම ලිපියෙන් අද සාකච්චා කල අතර මීලග ලිපියෙන් එම ලෝහ වර්ග විමානය සැදීමට අවසි වන ආකරයට පිරිසුදු කොට සාදාගන්නා ආකරය විමසු. එතෙක් ආයුබෝවන්.

5.12.11

මේතෙක් ආ ගමන් මගේ....Up to Now

2011-02-01 දා තමයි අපි අපේ සබෑ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තේ එදා පටන් තවමත් අපි නිමා නොවු ගමනක ඉතිහාසය සොයා යමින් සිටිනවා. එදා සිට අද දක්වා මේ ගමනේ රැදි සිටි අයට, අදහස් පලකල අයට, දිරිමත් කල අයට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා. මෙම ගවේෂණයේදී මා සමග කරුණු හුවමාරු කරගත්, සාකච්චා කෙරු, ආශිර්වාද කෙරු, මලීෂ වීරමන්ත්‍රි සොයුරාට සිවිල් ආරක්ෂක බලකා දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යකෂ ලුතිනන් කර්නල් රත්නප්‍රිය මහතාට හා සැබෑ ඉතිහාස ගවේෂණයේ යෙදෙන, සැබෑ ඉතිහාසය හෙලි කල ආචාර්ය සුරිය ගුණසේකරයන්ටත්, රාවණ ඉතිහාසය ගවේෂණය කිරීමට තම දිවියම කැප කර ඇති ජයන්තපතිර ආරච්චි මහතාටත් ගෞරවණීය ස්තූතිය පුද කරමි.මෙතෙක් ආ ගමනේ තැබූ සටහන්

  1.   අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමු
අපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ...?
කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජය රජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ.
ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද...
                                     6. අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමු -6

  2. මතු වූ නව හෙළ ඉතිහාසය
කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය ලිවීමෙන් වසර 12කට පමණ පසු ලංකා මව ලද ශ්‍රේෂ්ඨ පඩිරුවන්ක් වූ කුමාරතුංග මුණීදාසයන් විසින් මෙරට පැවැති බවට නිදර්ශන සහිතවම හෙළබස මතය එළිදක්වලා තියෙනවා. ඒ වන විට ඉංග්‍රිසි පඩිවරයන් හා බෞද්ධ භික්ෂුන් විසින් පිළිගෙන රටට ඒත්තු ගන්වා තිබුනේ පාළි හා සංස්කෘත යන භාෂා වලින් සිංහල භාෂාව නිර්මාණය වී තිබුණ බවයි. (නමුත් පාළි හා සංස්කෘත භාෂා බොහෝදුරට සමාන වන්නෙ හිංදි භාෂාවටයි.) කුමාරතුංගයන් විසින් එම මතයට අභියෝග කරමින් හෙළ බස සිංහල භාෂාවේ ආරම්භය ලෙස පෙන්වා දුන්නදපාසල් පෙළ පොත් . විශ්වවිද්‍යා හා පුවත් පත් සගරා ආදීය ඉංග්‍රීසින්ගේ මතය සනාථ කිරීම නිසාම ඒ මතය උගතුන් කීපදෙනෙකුට පමණක් සීමා වූ හෙළ හවුලටම සීමා වීම සිදුවෙලා තියෙනවා


3. හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය
ලංකාවේ සෙල්ලිපි වල කුබ යනුවෙන් හැදින්වෙන්නෙ කුවේරයි. කුවේර පිළිබදව පුරාණය සංස්කෘත භාෂාවෙන් හැදින්වෙන්නෙද කුබ පුරාණය කියන නමෙන්. සිව රජු ඉන්දියාවට ගියේ හෙළදිව සිට බවත් ඔහුගේ මුල් මධ්‍යස්ථානය සිව + ගිරිය හෙවත් සීගිරිය බව අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඔහු ඉන්දුවේ රජුය. ඉන්දු දේශය යනු කාශ්මීර කදුකරය හා පන්ජාබ් තැනිතලාවයි. සිවදෙවියන් මූලික කරගත් ඇදැහිල්ල සිවරජු විසින් ආරම්භ කරන ලද්දක් බවද අරිසෙන් අහබුදු සූරීන් පවසනවා.


4. ආරම්භය නිර්ණය කල නොහැකි හෙළ ඉතිහාසය
දෙවරක් හෝ තුන්වරක් ලංකාව මුහුදේ ගිලී ගිය බවට සාධක ඇත. මෙය සමහර විට සුනාමී ආකාරයේ උදම් රළ මගින් හෝ ස්වාභාවික භූ කම්පනයකින් මෙය සිදුවන්නට ඇත. රාවණ රජුගෙන් පසු තේත්‍රා යුගයේ වරක්ද, කලි යුගයේදී දෙවරක් ගිළුන බවට සාක්ෂි ඇත. එමෙන්ම ශ්‍රි පාදය අද දින මල යමහලක් වුවද අතීතයේදී එය පුපුරා ලාවා ගලා ගිය බවට සාක්ෂි ඇත. නිරිත දෙසට නොහොත් පහත් තැනි තලාවට ගලා ආ ලවා වලට බාධා ඇති වූ තැන් හීදි ගලන දිශාවට විරුද්ධ දෙපාර්ශවයට ගලා ගොස් හෙල් වැටි ඇතිවිය.නිරිත දිග තැනි තලාවේ එකිනෙකටත් වෙරලටත් සමාන්තරව ඇති හෙල්වැටි ලෙස අද මේවා හදුනාගත හැක. ගිං ගඟ මෙම හෙල් වැටි අතර හිර වීම නිසා අමුතුම ආකරයේ ජල වහන රටාවක් ගිං ගගට ඇත.මහවැලි ගංගාවද තනි ගංගකට වඩා ගංගා පද්ධතියකි. විටන් විට වන භූමියේ උස්පාත් වීම් මෙයට හේතු වී ඇත. මෙම වෙනස් වීම් මගින් පෙන්වන්නෙ භූමියේ ඇති පෞරාණික බවයි.

5.හෙළ අසුර රාජවංශය

    1.තුන් ලොව ජය ගත් අපේ රජවරු
 හෙළ හවුලේ සොයාගැනීම් හා රාජාවලියට අනුව නම් ලංකාවේ පළවෙනි රජතුමාත් මහා සම්මත මනු රජතුමාමයි.
සමහර මුලාශ්‍ර වල මනු රජු දඹදිව රජ කලායි කීවද, දඹදිව කියන ප්‍රෙද්ශය නිශ්චිතව භූගොලිය ප්‍රෙද්ශයක් වශයෙන් වෙන්කිරීම අපහසුයි. රාජාවලියට අනුව දඹදිව කියන්නේ මහාමේරු පර්වතයෙන් දකුණෙන් පිහිටි කලාපයයි. හිමාල කදුකරය ඇතුළු මහාමේරු පර්වතයෙන් උතුරු කලාපය උතුරුකුරු දිවයින විදියට තමයි හැදින්වෙන්නෙ.

     2.බොලීවියාව,පීරු හා චිලී දක්වා බල පැවත්වූ ලංකාවේ බලය
හිරණ්‍ය රජු තම අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට යාමේදී සතුරු කුමන්ත්‍රන ඇති වුනායැයි හා ඒ මගින් එතුමාගේ අවසානය වුණා කියලත් හිතන්න මේ ප්‍රවාදය එක්තරා සාක්ෂියක්.
කැස්පියන් නැතහොත් කාශ්‍යප බටහිරින් ඇති කොකෙස් කදු යනු වර්තමානයේ ජෝජියා, ආර්මේනියා හා අසර්බයිජාන් යන රාජ්‍යයන්. මැක්ස්මූලර්ගේ මතය නම් ලොව මුල්ම මිනිසුන් තුර්කියේ අරරාත් කදුකරයේ හා කැස්පියන් මුහුදට බටහිරින් පිහිටි කොකෙස් කදුකරයේ ජීවත් වූ බවයි.



3. හැට්ටය ඇතුලේ අත් බෝම්බ සගවා පහර දුන් හෙළ කාන්තාවෝ
තම සැමියා හොරෙකු ලෙස නම් කිරීමෙන් කිපුණු පත්තනි දේවියන් ලෙස අද හදුන්වන දේවයානී විසින් තම වම් තනය කඩා බිම ගැසූ විට එය පුපුරා යාමේන් ඇති වූ ගින්නෙන් මුළු මදුරා පුරයම ගිනිගෙන විනාශ වූ බව පත්තිනි ඇදහිල්ල පවසයි. මහාචාර්ය ෆෝලි විසින් පවසන්නෙ මෙය හැටිටය ඇතුලේ සගවා ගෙන ආ ග්‍රැෙන්ඩ් වැනි අත් බෝමිබයක් විය හැකි බවයි....


4. ලෝකයටම පරමාදර්ශි නගරය වූ ලංකාපුරය

රාමායණයේ එන හනුමා දුටු ලංකා පුර විස්තරය යටතේ ලංකා පුරය පිහිට තිබුනේ මහුද අයිනේය. සීතා සිරකර සිටි මන්දීරය රොසපාට කොරල් පර වලින් සාදා තිබුණ බවත්ඇය ජනේලය හැරිය විට මුහුදු සුලං ඇයට රාමා පිළිබදව ශෝක ගීත ගෙන ආ බවත් හනුමා විස්තර කල බව රාමායණයේ සදහන් වේ. ලංකා පුරය ත්‍රිකූටකයක් මත නොහොත් කදු මුදුන තුනක් මත තිබූ සදහන් වේ. ත්‍රිකූටමලය යන අර්ථය අති ත්‍රී කුණාමළය මෙම ස්ථානය වී තිබෙන්නටත් පුළුවන්. මළය යනු උස්බිමයි. ලංකාවේ මළය රට ලෙස මධ්‍යම කදුකරය හැදින්වෙන්නේ ඒ බැවිණි. ත්‍රිකුණාමලයේ පාෂාණ ස්ථරයන් පොළවට ගිලා බැස ඇති අයුරු අදටත් ත්‍රිකුණාමළයෙන් දැකගත හැක.


5. ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි
රාවණගේ පියා වන විශ්‍රවස් මුණියටතේම ශිල්ප හැදැරු රාවණ අහංකාර හා කලහකාරි අයෙක් බව විශ්‍රවස් මුණි නිරික්ෂණය කරා. ඒ වගේම රාවණ ඉගෙනීමේ අතිදක්ෂයෙකු වු අතර වේද ග්‍රන්ථයන් පරතෙරටම හැදැරුවෙක් වෙලා තියෙනවා. රාවණ රජු විසින් චතුර්වේචයෙන් එක් වේද ග්‍රන්ථයක් ලිවු බවද කියැවෙනවා. ඒ වගේම රාවණ රජු වීණා වාදනයේද අති දක්ෂයෙක් හා දක්ෂ රණ ශුරයෙක්  වූ බවත් සදහන් වෙනවා.


6.රාවණ රජු සල්ලාලයෙක් බවට පත් කලේ අපේ නාඩගම් ඇදුරන්ය
විශ්ණුගේ සතුරුකම් අපිට පළමුව හෙළඅසුර අධිරාජ්‍යෙය් සතුරෙක් විදියට ඉස්මතු වන්නෙ හිරන්‍ය කාශ්‍යප රජු දවසෙයි.
හින්දු සාහිත්‍යට තුන් ලෝකයක් පාලනය කලායැයිදතම සුර්ය රශ්මිවන් තේජාන්විත දෙනෙතින් බලා යුරෝපිය අයිස් තට්ටුව දිය කලා යැයි චෝදනා ලබන්නේද හෙළ අධිරාජ්‍ය කොකෙස් කදුකරය දක්වා ජනාවාස කරපු හිරණ්‍ය කාශ්‍යප හෙවත් මහාමන්දාතු රජුට එරෙහිව විශ්ණු පළමුව නරසිංහ නැමති අවතාරයෙන් පැමිනෙනවා. එයින් හිරණ්‍ය කාශ්‍යප රජුව මරා දමන විශ්ණු නැතහෝත් භාරතීයානු අධිපත්‍ය නැවතත් හෙළ අසුර අධිරාජ්‍යට අතපොවන්නෙ මහා බලි රජු සමයේ.


7. හෙළ යුගයේ දේව වංශය

1.අද පහත් කුලයක් යැයි සැලකෙන අපේ සබෑ ඉතිහාසයයේ පාලකයෝ...
ගොවි තරුණයෙක්ව ඉද සියළු දෙනාගේ කැමත්ත මත මනු තරුණයා මහා සම්මත මනු විදියට සියළු දෙනාගේම කැමත්තෙන් ඒ කියන්නේ මහා සම්මතයෙන් හෙළ අසුර අධිරාජ්‍යෙය් පළමු රජු විදියට රජවෙනවා. මහා සම්මත මනු රජුගේ සිට හිරණ්‍ය කාශ්‍යප හේවත් මහා මන්දාතු රජු දක්වාම මේ හෙළ අසුර අධිරාජ්‍යෙය් රජවරු පත් වුනේ සියළු දොනගේම කැමත්තෙන්, මහා සම්මතයෙන්. රටේ ජනතාව තීරණය කරලා සුදුසු කම් සම්පුරණ කර තිබු හොදම පුද්ගයා රටේ රජු විදයට පත් කලා. නමුත් එහෙම වුනේ හිරණ්‍ය කාශ්‍යප රජුසමය දක්වා පමණයි. හිරණ්‍ය කාශ්‍යප රජු විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් මරා දැමීම මෙයට හේතුවක් වුණා.


2.බලන්ගොඩින් හමු වූ මාතලීගේ දිව්‍ය යානය හෙවත් හෙළ ගුවන් යානය
රටක ජනතාව විසින් ඔවුන්ගේම කොටසක් තමන්ගේ පාලකයන් විදියට පත්කරගන්නේ ඇයි? ඒ ඔවුන්ගේ ජීවන පැවත්මට අවශ්‍ය ආරක්ෂාව, දිවිපැවත්ම පවත්වා ගැනීමට උපකාරයක් වීම යනාදියටයි. ඒවගේම තමයි හෙළ යුගයේ ජනතාවගේ පැවැත්මට අවශ්‍ය සියළු දේ කියා දීම දේව පාලකයන්ගේ පරම යුතුකම වුණා. ඒ නිසාම තමයි දේවයන් විදියට පුහුණුව ලබන කණ්ඩායම ජනතාව විසින් පොෂණය කලේ.

3.බුදුන් වහන්සේ ලක්දිවට වැඩියේ එක් වරක්ද?
මහා වංශය විසින් මවන ශ්‍රද්ධා භක්තික දුටුගැමුණු රජු අනුරාධ පුරය අත්කරගැනීමෙන් පසු ශ්‍රි මහා බෝධිය වන්දනාවට යා යුතුය, ථුපාරමය වැද පුදා ගැනීමට යා යුතුයි. නමුත් එවැන්නක් මහා වංශයේ සදහන් නොවේ. මෙයද මහා වංශය තුල මතුවන පරස්පරතාවයකි. ......


4.මහා වංශයේ දක්නට ලැබෙනා ගැටළු සහගත කාල නිර්ණයන්
අදත් අපි අපේ ලිපිය මහා වංශයේ කරුණු වලින්ම පටන් ගන්න හිතුවා. මහා වංශයට අනුව සිංහල රාජ වංශය හා බුදු රජානන් වහන්සේ අතර ඥාතී සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි ශුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් වන භද්දකච්චායනා කුමරිය විජයගේ ඥාති පුත්‍රයෙක් වන විජයගෙන් පසුව ලක්දිව රජ වූ පඩුවස්දෙව්ගේ බිසව ලෙස සම්බන්ධ කිරීමයි. මේ කරුණ සත්‍ය අසත්‍ය තාව අප හට තහවුරු කරගන්න ක්‍රමයක් නැහැ.
5.මොන කුලයේද? ගොවිගමද? වහුම්පුරද?
මොන කුලයේද කියලා කවුරු හරි ඇහුවොත් ගොඩක් අය කියයි, අපි ගොවිගම කියලා වහම්පුර වුණත්, අද අපි කතා කරන්නෙ මේ කුල දෙක ගැන නම් නෙවෙයි. නමුත් මින් එක කුලයක් අපේ ලිපියට සම්බන්දයි...
එහෙනම් අපි අපේ ඉතිහාස ගවේෂණය අරම්භ කරමු. 

8.හෙළ ගුවන්යානා තාක්ෂණය

1.අපි නොදන්නා අපේ ගුවන්යානා තාක්ෂණය

අපේ සබෑ ඉතිහාසය තාකෂණයෙන් දැනුමෙන් පොහොසත් එකක්. එය නවීන ලෝකයේ තියෙන තාක්ෂණයටත් වඩා දියුණුව තිබූ එකක් බවට සාක්ෂි ඕනෑ තරම්. ඒනිසාම අපි තීරණය කලා අපි නොදන්නා නමුත් අපට උරුමව තිබූ ඒ හෙළ යුගයේ තාක්ෂණය ගැන කතා කරන්න. මේ සදහා මුලාශ්‍ර ලෙස අපි මහා සෘෂි භරද්වාජ විසින් රචනා කල ජේ. ආර්. ජෝෂියර් විසින් ඉංග්‍රිසයට පර්වර්තනය කරන ලද විමානික ශාස්ත්‍ර


2.ගුවන් නියමුවෙක් දත යුතු රහස් 32

වෛමානික ශාස්ත්‍ර එහෙමත් නැත්තම් විමාන ශාස්ත්‍රය නැමති ඍෂි භරද්වාජ විසින් රචනා කරන ලදල දැනට ඓතිහාසික ගුවන් යානා තාක්ෂණය ගැන කරුණු සදහන් එකම කෘතියට අනුව විමානයේ අර්ථදැක්වීම වන්නෙ
වේග සාම්යාත් විමානෝ අන්ඩජානම් යන්නයි. මෙය ඉංග්‍රිසියට පර්වර්තනය කල කල් හී “Owing to Similarity of Speed with birds, it is named Vimaana”
එනම් පක්ෂියාගේ වේගයට සමාන වන්නා වූ යානය විමානය නමින් හැදින් වූ බවයි. මෙහි හෙළනම හා විමානයේ හෙළ අර්ථදැක්වීම අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලා.


3.හෙළ ගුවන් යානයක කොටස් හදුනා ගනිමු
මාර්ගාධිකාරම් හෙවත් ගුවන් පථ පිළිබදව සදහන් වෙන්නෙත් දූතකයෙක් විසින් දැනගත යුතු කාරණා 5ක් ලෙසයි. අපි පසුගිය ලිපියෙන් ඉදිරිපත් කල නියමුවෙක් විසින් දැන ගත යුතු කරුණු 32 අතර ආකාශ විද්‍යාව හා වායු තල පිළිබදව මනා දැනීමක් තිබිය යුතු බව සදහන් කලානේ. ඒ අනුව වායුගෝලයේ හෙවත්, ඉහල ආකාශයේ තිබෙන වායු ස්ථර 5ක් පිළිබදව සදහන් වෙනවා. රේඛාපත, මණ්ඩල, කක්ෂ්‍ය, ශක්ති හා කේන්ද්‍ර ලෙස හැදින්වෙනවා. මෙම ආකාශ ස්ථර 5 ඇතුලත 519,800ක් ගුවන් මාර්ග තිබූ බවත් එයින් ලෝක 7කට ගමන් කල හැකිබවත් සදහන් වෙනවා.


4.විවිධාකාර වූ සෘතු සදහා ඇදුම් විවිධාකර විය යුතුය
විවිධාකාර වූ සෘතු සදහා ඇදුම් විවිධාකර විය යුතුය
වස්ත්‍රාධිකාරම් නැමැති වෛමානික ශාස්ත්‍රෙය් 6 වැනි සූත්‍රයට අනුව විමානය පදවන නියමුවාගේ ඇදුම් සෘතු අනුව වෙනස් විය යුතුබව සදහන් වේ. සුර්යා වටා බ්‍රමණය වන්නා වූ පෘථිවියට එල්ලා වන්වා වූ ලක්ෂ ගණනින් යුක්ත සූර්ය කිරණ නිසා පෘථිවියේ සෘතු බේද ඇතිවේ. මෙම කිරණ මිනිස් සිරුරට හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද එල්ල විය හැකි අතර බොහෝ දුරට බොහෝමයක් අහිතකර කිරණයන් වායුගෝලය මගින් අවශෂෝණය කරගන්නා නිසා පෘථිවි වාසීන්ට එල්ල වන්නා වූ අහිතකර කිරණ බැපෑම් අඩුය.


මෙම ලිපි වලට අමතරව.....













රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සූත්‍රය

කොහොම වුණත් ලංකාවතාර සුත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැබෙන්නේ චීන භාෂවෙන්. මේ ලිපි පෙලෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ ලංකාවතාර සුත්‍රයේ සිංහල පර්වර්තනයයි.


හිරු දෙවියන්ගේ උදහසට ලක් වූ හෙළ අසුර අධිරාජ්‍ය


එයට තවත් හේතුවක් තමයි, මහා වංශයේ හෝ වෙන කිසියම් හෝ වංශ කථාවකවත්, ලංකාවේ විමාන භාවිතයක්, පසු කාලෙක ඇති වූ යුද්ධ වලදී න්‍යෂඨික අවි වැනි දියුණු තාක්ෂණික අවි භාවිතාවක්වත් ගැන සදහන් වනේන නැති වීම. මොකද මහාවංශයේ පළමු වැනි රජු වන විජය රජු වන විට ඒ තාක්ෂණ විදි විනාශ වී තිබෙන්නට අති.



අපේ ඉතිහාස ගවේෂණය මේ මේ ලිපි වලින් තමයි අපි ඉදිරිපත් කලේ. මේ තමයි අපේ මෙතෙක් ආ ගමන. 
මෙතනදි මතක් වෙනවා මෙහෙම ගීපද පෙළක්
ආ මග කෙටි යා යුතු මග දුරයි
නුවණින් අවදියෙන් තරණය කල යුතුයි

සොයාගන්නා තොරතුරු, ගවේෂණාත්මක කරුණු හොදින් විමසා ගෙන එමට තමයි ඉදිරියටත් බලාපොරොත්තු වන්නේ දිගටම රැදි ඉන්න.
ආයුබෝවන්