4.3.12

අභ්‍යවකාශයේදී දූතකයාට ආරක්ෂාව සලසන දඬු මොණරයේ දර්පණ:: Protecting Mirrors of Ancient Dandumonra

වැඩකටයුතු අධික වෙමින් පවතින නිසා ලිපි ලිවීමේ වේගය අඩු වුණත්, ලිපි ලිවීම නවතා නැති බව කියමින්ම වෛමානික ශාස්ත්‍රහී සඳහන් වන විමානයක ඇති දර්පණ හා කාච පිළිබදව අවසන් කොටස ආරම්භ කරමු. දඬුමොණරයේ ප්‍රධාන පාලක මැදිරියේ ඇති විශ්වකාර්ය දර්පණය හා විමානයට එල්ල වන්නා වු අහිතකර ශක්තීන් උරා ගන්න ශකත්‍යාකර්ෂණ දර්පණය පිළිබද තමයි අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලේ. දර්පණාධිකාරම් යටතේ තිබෙන අනෙකුත් දර්පණ අද සාකච්චා කරමු.



මීළගට අපට හමු වන්නේ කුන්තනී දර්පණයයි.


 අතීතයේ සිටි බුද්ධිමතුන් පවසන පරිදි විහිදෙන්නා වූ කිරණයන්ගෙන් මිනිසුන්ගේ මනස ව්‍යාකුලත්වයට පත් වන යම් දර්පණයක් වේද, ඒ දර්පණය කුන්තනී දර්පණය වන බවයි. පරානූක්ෂයන් පවසන පරිදි ආකාශයේ අති සුර්ය තාප තරංගයන් අධික කලාපයේ, මනස ව්‍යාකුලත්වයට පත්වන්නා වූ විෂ සහිත සුළං කුණාටු වර්ග හතක් ඇති බවයි. කුන්තනී දර්පණය මගින් මෙම කිරණ අවශෝෂණය කරගෙන විමානයෙන් ඉවතට පර්වර්තනය කරනු ලැබේ. කුණ්තනී දර්පණයෙන් නිකුත් වන කිරණයෙන් මිනිස් මනස ව්‍යකූලත්වයට පත්වන බව සදහන් වන්නේ එබැවිනි. කුණ්තනී දර්පණය කිරණ පරාවර්තයක් මිස කිරණ නිකුත් කරන මුලාශ්‍රයක් නොවන බව වටහා ගත යුතුවේ.

මෙම නිකුත් වන්නා වූ අහිතකර කිරණ පිළිබදව සම්මෝහන-ක්‍රියා-කාන්ද මගින් මේසේ විස්තර කර ඇත.
ලේ, මස්,මේද, ඇට, ඇට මිදුළු, සම හා මොලයේ ක්‍රියාකාරීත්වයට විරුද්ධව බලපෑම් එල්ල කරන්නා වූ මෙම අහිතක සුළං දාරාවන් ගාලිනී,කුණ්තනී, කාලී, පින්ජුලා, උල්බාන, මාරා නමින් හැදින් වෙන මෙම දාරාවන් අවකාශයේ ඉහල පිහිටි තාප තරංගවලින් යුක්ත කලපයේ පිහිටා ඇත. මේ අයන ගෝලය විය හැක.

මෙම දර්පණ සෑදීම දර්පණ ප්‍රකාරණයෙන් මෙසේ විස්තරකෙරේ.
පොළවෙන් ලබාගන්න සෞරාශ්‍රත කොටස් 5ක්, සර්ප හැව කොටස් 7ක්, මුහුදු පෙඳ කොටස් 3ක්, ශානුමුඛ බීජ කොටස් 5ක්, සින්ක් ලෝහ කොටස් 8ක්, රයිනෝසිරස් නියපොතු කොටස් 3ක්, ලුණු කොටස් 8ක්, වැලි කොටස් 7ක්, රසදිය කොටස් 8ක්, හක් ගෙඩි කොටස් 4ක්, මාතෘන කොටස් 6ක්, කහ හිරියල් කොටස් 3ක්, අලි හා ඔටු ලවණ කොටස් 4ක්,සුරන් ගිර්කා කොටස් 7ක්, තල තෙල් කොටස් 5ක්, මුතු බෙලි කටු කොටස් 8ක්, සිප්පි කටු කොටස් 3ක් හා කපුරු කොටස් 4ක් ගෙන මනාව පිරිසිදු කොට ශින්ජිකා උඳුනක බහා ශින්ජිරා උෂ්මකයක් මත තබා අංශ්ක 700ක උෂ්ණතවයකට රත්කර ලැබෙන්නා වූ විලීනය දර්පනාශ්‍ය යන්ත්‍රයට වත් කිරීමෙන් කුන්තනී දර්පණයන් නිශ්පාදනය කරනු ලැබේ.

පින්ජුලා දර්පණය

සුර්ය කිරණ අන්තර ක්‍රියාවලින් හටගන්න ගැටුම පින්ජුලා නමින් හැදින්වෙන අතර මෙම පින්ජුලා ඝට්ටනය මගින් විමාන දුතකයන්ගේ අසේ කනිනිකාවට(කළු බෝලයට) හානිදායක බලපෑම් ඇතිකරයි. පින්ජුලා දර්පණය විමානයේ දුතකයා ,මෙම පින්ජුලා සංසිද්දියෙන් නිකුත් වන්නා වූ කිරණ වලින් මුදවා දුතකයා අන්ධබාවයට පත්වීම වලක්වනු ලැබේ.
අම්සුබෝධිනි විස්තර කරන ආකාරයට මෙම පින්ජුලා සංස්දිධිය මේ ලෙස දක්වා ඇත. උතුරු,දකුණු, නැගෙනහිර හා බටහිරි යන ප්‍රධාන සතර දිශාවෙන්ද, ඊසාන, අග්නිදිග, නිරිතදිග හා වයඹ දිග යන උප දිශාවලින්ද නිකුත්වන්නා වූ සුර්යාගේ ශක්තින් ඇති අතර එක් එක් ශක්තීන්ට අනන්‍ය තීව්‍රතාවයන්, එක් එක් දිශාවන්ට අනන්‍ය විවිධ වු බලයන්, විවිධ වූ සෘතු බලයන්, පස් ආකරයක සුළං බලපෑම් වළාකුළු වල ඇති වරුණි හෙවත් ද්‍රවම්‍ය බලයන් හා සංයුක්ත වීමේන් ඇති වන්නා වූ ආතතිය හේතුවෙන් අන්ධ, අන්ධකාර, පින්ජුෂ හා තාරපා නැමැති විපත්තිදායක බලයන් 4ක් හටගන්නා අතර මෙමගින් නිකුත් වන්නා වූ විකිරණයන් රඛ්ත, ජාථර, තාරගර, ප්‍රභා වන අතර එම විකිරණයන්ට අසේ කනිනිකාව හෙවත් කළු බොලය විවරණය වීමෙන් අන්ධබාවයට පත්විය හැක.
දර්පණ ප්‍රකරණයට අනුව මෙම දර්පණය නිපදවන්නේ මෙසේය.
එළු කිරි කොටස් 6ක්, රතු ඊයම් කොටස් 5ක්, ලුණු කොටස් 8ක්, වැලි කොටස් 7ක්, ශාක මැලියම් කොටස් 5ක්, බොරුක්ස්, ධම්බෝලී සාර කොටස් 2ක්, රසදිය කොටස් 8ක්, තඹ කොටස් 2ක් හා ඊයම් කොටස් 2ක්, සුරෝලික සාර කොටස් 4ක්, ත්වැක් කොටස් 8ක්( මෙය ශාක වර්ගයක් විය හැක) වාර්ද්‍යුක්ෂික කොටස් 3ක්, කන්ද කොටස් 3ක් පිෂ්ත හෝ තල පොතු කොටස් 3ක්, හිරියල් කොටස් 3ක් තින්නවේලි සින්න කොටස් 7ක්, විරිකොඩාරි බීජ කොටස් කොටස් 4ක් ගෙන මෙම සියල්ල හොදින් පිරිසිදු කොට, පිටි කොට  උඳුනකබහා සුදුසු උෂ්මකයක් මගින් අංශක 700ක උෂ්ණත්වයට ද්‍රව වන තුරු රත් කොට විලීනය දර්පණ යන්ත්‍රයට වත් කිරීමේ විශිෂ්ඨ පින්ජුලා දර්පණයක් නිපදවීම කරනු ලැබේ.

ගුහා ගර්භ දර්පණ

වළාකුළු වල, සුළගේ හා විකිරණයන්ගේ තිබෙන්නා වූ විද්යුතයන් ගැටීමත් විමාන දූතයකයන් හට අහිතකර වූ බලයන් ඇති වන්නා වූ තවත් ප්‍රභවයකි. මෙම විද්යුත් කිරණයන් අවශෝෂණ කරගෙන ඒවා සතුරු යනා වලට ප්‍රක්ෂේපණය කරමින් සතුරු යානය තුල සිටින්න් ශාරිරිකව පීඩාවට පත් කරමින් යුධ වැදීමට තිබෙන්නා වූ ශක්තිය අඩාල කිරීම මෙමගින් සිදු කෙරේ. මෙය විමානයට ආරක්ෂාව අවරණයක් මෙන්ම ආයුධයක් ලෙසද ක්‍රියාත්මක වේ.
ප්‍රපන්චාසාරයන් පවසන පරිදි
අවකාශයේ කාශ්‍යප කලාපයට ඉහලින් ඇති ස්ථර දෙකේ මධ්‍යෙය් වරුණි බලයන් ඇත. මෙම ස්ථර 2ක හා වරුණි බලයන් අතර 5000ක් වූ සුළං ධාරාවන් යැපෙන අතර 80 මිලියනයක් වූ විකරණයන් හේතුවෙන් හටගන්නා ව්‍යාධින් මෙම කලාපය තුල ඇත. විවිධාකාර වූ කිරණ හා සුළං අන්නොන්‍ය ක්‍රියාවෙන් සුළං ප්‍රවාහයන් හා ප්‍රතිවිරුද්ධ සුළං ප්‍රවාහයන් ගොඩනැගේ. මෙලෙස වළාකුළු ශක්තින්, සුළං ශක්තින් හා සූර්ය ශක්තින් අන්තර් ක්‍රියාවෙන් විවිධ වූ විපත්තිදායක කිරණයන් ඇති වේ.
ස්වාසිද්ධ න්‍යාය හෙවත් තමාහටම ප්‍රත්‍යක්ෂ වන්නා වූ සත්‍යට අනුව විෂම ජාතීය බලයන් එකිනෙකට ගැටුන විට ඉඳිබුවෙක් බිත්තර දමන්නාක් මෙන් ස්වභාවිකව අහිතකර බලයන් රැසක් මතුවන බව වසිශ්ථයන් පවසයි.
සම්මෝහන ක්‍රියා කාන්දයෙන් විස්තරවන පරිදි වළාකුළු බලයන්, සුළං බලයන් හා සුර්ය බලයන් ගැටීමෙන් නිකුත් වන්නා වූ 305105 ක් වූ විෂ තරංගයන් හේතුවෙන් ඇතිවන්නා වූ බලයන් ගුහා නමින් හැදින්වෙන අතර මෙමගින් කුෂ්ඨ, අපස්මාර ග්‍රිහිනී, කාස හා ශූල යන ව්‍යාදීන් ඇති වීමට හේතුවේ. මෙම බලයන් අතුරින් ප්‍රධාන බලයන් පහ ග්‍රීධනී, ගෝධා, කුන්ජා, රෟද්‍රී හා ගුහා නමින් හැදින්වෙන අතර ගුහා ගර්බ දර්පනය මගින් මෙම බලයන් සතුරු විමානයන් දෙසට විදීමෙන් ඔවුන්ව අකර්මන්‍ය කල හැකිය.

දර්පණ ප්‍රකරනයට අනුව ගුහා ගර්භ දර්පණ නිර්මාණය කරන්නේ මෙසේය.
ජවාධික අශ්ව හෙවත් කඟවෙන කොටස් 7ක්, මන්ජුලා හෝ මධාරා මුල් කොටස් 3ක්, මුහුදු පෙඳ කොටස් 6ක් රන්ජක හෙවත් පොස්පරස් කොටස් 8ක්, බ්‍රාහමික කොටස් 7ක්, ඊයම් කොටස් 2ක්, අක්ෂි වර්ණක කොටස් 8ක්, මාතෘන්ණ කොටස් 6ක් , වැලි කොටස් 8ක්, කිශෝර කොටස් 6ක්, මුඡුකුන්ඩ කොටස් 5ක්, තල තෙල් කොටස් 2ක්, ලෝහික 25ක්, ම්‍රිධානී ගර්භ  සාර කොටස් 5ක්, සෞරාෂ්ත්‍ර පස් කොටස් 8ක්, ස්පඨික කොටස් 5ක්, අස්ථි කොටස් 3ක්, චන්ද්‍රකාන්ත පාෂාණ කොටස් 15ක් සහ ධම්බෝලී තාකා ද්වය සත්ව කොටස් 5ක් යන්නා වූ මෙම ද්‍රව්‍ය 22 ගෙන හොඳින් පිරිසිදු කොට පිටිවන තෙක් අබරා උඳුනක බහා සුදුසු උෂ්මකයකින් අංශක 700ක ද්‍රව වන තුරු රත්කර සිසිලන යන්ත්‍රයකට වත් කොට ගුහා ගර්භ දර්පණය ලබාගත හැක.

රෞදී දර්පණය

රෞද්‍රී දර්පණය හෙවත් රෞද්‍රී කාචය යනු එයට මුහුණලා එන සියල්ල උණු කර ද්‍රව කල හැකි විමානයේ ඇති අවියකි.
පරානූක්ෂයන් පවසන පරිදි රුද්‍රාන්යෝෂරා සහ අබ්‍රලින්ග යන බලයන් ගැටුන විට රෞද්‍රී නැමැති රුදුරු බලය ඇති වේ. සුර්ය කිරණයන්ගෙන් ශක්තිය උරාගෙන රෞද්‍රි බලයෙන් සියල්ල උණු කර දැමිය හැකිවේ. මෙම රෞදී බලය හා සුර්ය කිරණ නැවතත් මිශ්‍ර වීමෙන් මාරික නැමති බලයක් හටගන්නා අතර එම බලය යොදාගැනීමෙන් සතුරු යනා විනාශ කල හැකි වේ.
දර්පණ ප්‍රකරණයට අනුව රෞද්‍රී දර්පණය නිපදවන්නේ මෙසේය.
ඊයම් කොටස් 8ක්, ශාල්මලී කොටස් 3ක්, දුර්වරා කොටස් 7ක්, කඩුපින්ජුර කොටස් 8ක්, දුර්නී කොටස් 21, සුර්ය පළිගු කොටස් 7ක්, රුද්‍රණි ගවෝෂර කොටස් 27ක්, බුලත් කොල කොටස් 6ක්, කෞතිල කොටස් 8ක්, වීරාභර ලින්ග කොටස් 30ක්, ලුණු කොටස් 8ක්, මාතෘණ කොටස් 6ක්, වැලි කොටස් 6ක්, ධිම්බික කොටස් 3ක්, සින්ක් කොටස් 8ක්, හුබස් පස් කොටස් 13ක්, මැලියම් කොටස් 6ක්, කුම්භණි කොටස් 3ක්, මංජු තෙල් 3ක්, තින්නවේලී සෙන්න කොටස් 27ක්, ගෝධාම්ල කොටස් 6ක්, සිල්ක් කපු කොටස් 8ක්, විරින්චි සත්ව කොටස් 8ක්, කන්ද කොටස් 5ක්, කහ හිරියල් කොටස් 3ක්, කර්මුක හෙවත් දුඹුරු ඇකේසියා පොතු කොටස් 7ක් ගෙන හොදින් පිරිසිදු කොට, පිටි වන තෙක් අඹරා උඳුනක බහා නියමිත උෂ්මකයක් බාවිතයෙන් ද්‍රව වන තුරු අංශක 800ක උෂ්ණත්වයට රත් කොට දර්පණ යන්ත්‍රයට වත් කිරීමෙන් රෞද්‍රී දර්පණයක් නිපදවා ගත හැක.

මෙලෙස වෛමානික ශාස්ත්‍රෙය් තුන්වන පරිචේදය වූ විමානයේ දර්පණ හා කාච පිළිබද පරිචේදය නිමා වන අතර විමානයක් ශක්ති ගැන්වීම හෙවත් පියාසර කරවීමට අවැසි ක්‍රමවේදය හා ඉන්ධන පිළිබදව ඊලඟ ලිපියෙන් කතා කරමු.
එතෙක් අයුබෝවන්.