29.7.11

මහා වංශයේ දක්නට ලැබෙනා ගැටළු සහගත කාල නිර්ණයන්


හෙළ අධිරාජ්‍යෙය් දේව පාලනය 5

අපේ පසු ගිය ලිපියෙන් අපි සාකච්චා කලේ දේව පාලනයේ අවසන් ශ්‍රකාචාරී වූ සුමන හා සුමනට සම්බන්ධව සෙල්ලිපි මගින් හෙලි වන දුටුගැමුණු රජු දක්වා හෙලිවන්නා වූ කරුණු හා මහා වංශයේ ඒ සම්බන්ධව ඇති ගැටළු සම්බන්ධවයි. අපි අපේ ලිපියෙන් බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ එක් වරක්ද යන කරුණත් මතු කරා. පොඩි පොඩි චෝදනා ආවා මේ බුදු දහමට පහරදීමක් කියලා, ඇත්තෙන්ම මමත් බෞද්ධයෙක් වශයෙන් බුදු දහම ඉහලින්ම පිළිගන්නෙක් විදියට ඒ වගේ පහත් ආකාරයේ අදහසකින් නම් නෙවෙයි මේ ලිපි ලියන්නේ, බටහිර ජාතීන් විසින් අප මත බලෙන් පටවන ලද හා තමන්ගේ ගැන පමණක් සිතා අපේ ඇත්ත ඉතිහාසය වසන් කිරීමට උදව් කලා අදටත් විජයට පෙර ලංකාව කිසිදු ශිෂ්ඨාචරයකින් තොර වූ රටක් යැයි යන පවසන්නගේ මුලාවෙන් මුදවාගෙන අපේ සබෑ ඉතිහාසය මතු කරගැනීම උදෙසායි. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරේ එක් වතාවක් පමණයි සදහන් වන්නේ දිව්‍යදානය නැමති මහායාන බෞද්ධ ග්‍රන්ථයේ. විවිධ මූලාශ්‍ර ඔස්සේ ගොස් විවධ කරුණු දැනගෙන සැබෑව මතුකරන්න දරණ උත්සහයක් තමයි අපි අපේ සබෑ ඉතිහාසය සොයා යාම............

27.7.11

නෙතට කදුළුක් නැගූ දසුනක්::බලලා ඉවරවෙලා මටත් දෙනවාද? Pass it on when you're done with it.


ඇස් දෙක අපිට කොයි තරම් වටිනවාද?
අම්මා තාත්තා දරුවෝ ගැන කියද්දි මගේ ඇස් දෙක වගේ බලා ගත්ත දරුවෝ කියනවා අපිට ඕනේ තරම් ඇහිලා තියෙනවා, ඇත්තටම මේ ඇස් අපිට කොයිතරම් වටිනවාද? අපි Blog ලියන්නේ, අපි ලස්සන දේවල් දකින්නේ අළුත් දේවල් හොයන්නේ අපේ ඇස් දෙකෙන්ම නේ....
 
ටිකකට ඇස් දෙක පියාගෙන තමන්ගේ දෛනික කටයුතු කරන්න, පූළුවන්ද ? බැහැ වැටිලා තුවාලත් කරගනියි... ඒ තරම්ම අපේ ඇස් දෙක අපිට වටිනවා. 

නමුත් ඇස් නැති අය? 

කී දාහක් මේ ලෝකේ ඇත්ද? අපේ ලංකාවේ ඇත්ද ඒ අයට ජීවිතය කොහොම දැනෙනවා ඇත්ද?
මට මේ විදියට කියන්න හිතුනේ යූ ටියුබ් එකේ තිබුණ ශ්‍රි ලංකා අක්ෂි දාන සංගමය වෙනුවෙන් සුභාෂ් පින්න පොල විසින් නිර්මාණය කරපු දැන්වීමක් දැකලා.

ටිවි එකේ නොයෙකුත් ආකාරයේ දැන්වීම් දැක්කට මේ දැන්වීම මගේ ඇහැට ඉබේම කදුළුක් ගෙනා.. ඒත් එක්කම හිත කීවා පාවිච්චි කරලා ඉවර වුණාම ඇස් දෙක දෙන්න කියලා...

බලලාම ඉන්න කෝ




අන්ධ ළමයා : ඇයි 
තරුණයා : මොකක්ද?
අන්ධ ළමයා: හීනා වෙන්නේ....
තරුණයා: මේ පොතේ තිබ්බ දේකට
අන්ධ ළමයා: මොකක්ද?
තරුණයා: එක මනුස්සයෙක් කොරගගහා යනවා... ඇයිද ඇහුවම ඒ මනුස්සයා කියනවා මේ මගේ දතේ කැක්කුමකට
අන්ධ ළමයා: ( හීනා වෙලා දුකෙන් වගේ) බලලා ඉවර වෙලා මටත් දෙනවාද?
තරුණයා: මොකක්ද? පොතද?
අන්ධ ළමයා: නෑ ඇස් දෙක.

අපි අපේ ඇස් පාවිච්චි කරලා මැරුණම නිකම්ම කුණු වෙලා යනවා. නමුත් අපි මැරුණත් අපේ ඇස් වලට වටිනා කමක් දෙන්න පුළුවන්. අපේ ඇස් තව කෙනෙක්ට පාවිච්චි කරන්න දී ලා.
අපි අපේ ඇස් පාවිච්චි කරලා තව කෙනෙක්ටත් දෙමු.