හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස
අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු.
විශ්රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා.
![]() |
ඉසුරු මුණියේ දක්නට ඇති මෙය විශ්රවස් මූණිගේ යැයි සැලකෙනවා |
රාවණගේ පියා වන විශ්රවස් මුණියටතේම ශිල්ප හැදැරු රාවණ අහංකාර හා කලහකාරි අයෙක් බව විශ්රවස් මුණි නිරික්ෂණය කරා. ඒ වගේම රාවණ ඉගෙනීමේ අතිදක්ෂයෙකු වු අතර වේද ග්රන්ථයන් පරතෙරටම හැදැරුවෙක් වෙලා තියෙනවා. රාවණ රජු විසින් චතුර්වේචයෙන් එක් වේද ග්රන්ථයක් ලිවු බවද කියැවෙනවා. ඒ වගේම රාවණ රජු වීණා වාදනයේද අති දක්ෂයෙක් හා දක්ෂ රණ ශුරයෙක් වූ බවත් සදහන් වෙනවා.
මෙම අධ්‍යාපනයෙන් අනතුරුව රාවණ රජු විසින් ගෝකන්නේ දී උග්‍ර තපස් රැකීම කල බවත් සදහන් වෙනවා. හින්දු සාහිත්‍යට අනුව නම් උග්‍ර තපස් රැකි රාවණ මේ තපස් රැකීම සිදු කර ඇත්තේ මහාබ්‍රහ්මයාගෙන් වර ලබා ගැනීමටයි. එහිදී දස වතාවක් ඔහු තම හිස මහාබ්‍රහ්මයාට පුජාකල අතර මෙහිදී ඔහු තම හිස සිදගන්නා වාරයක් වාරයක් පාසාම තවත් හිසක් මතු වූ බවත් අවසානයේදී දස වන හිසද සීදීමට යාමේදී මහාබ්රහ්මා පැමිණ ඔහුට වරම් ලබා දීමට සූදානම් වු බවද වරය ලෙස රාවණ විසින් අමරණියත්වය හෙවත් අමෘතය ඉල්ලා සිටි අතර මෙයින් පසුබෑ මහ බ්‍රහමයා අවසානයේදී ඔහුට අමෘතය ලබා දී තියෙන අතර එය ඔහුගේ නාභියේ තිබූ අතර එය රැදී පවතින තාක් කල් ඔහුගේ අමරණිය බව රැදී තිබෙන්නට සලස්වා තියෙනවා. මෙයට අමතරව මහා බ්‍රහ්ම විසින් රාවණ විසින් පුජා කල හිස් දහයම නැවතත් රාවණට දුන් බව සදහන් වෙනා. බොහෝ තැන් වල මෙම රාවණගේ හිස 10 ගැන කියවෙනවා. හිංදු සාහිත්‍යෙය් එසේ සදහන් වුවත් මෙයට වසර 1000 ගාණකට පෙර වුවද හිස් 10 සිටින මිනිසෙක් සිටිය නොහැක. මේ හිස් 10 යන්නෙ අදහස් වන්නේ රාවණ රජුගේ තිබූ අති මහත් වූ ඥානය විය හකි. හිස් 10 ත් සමගව තිබුණා යැයි කියැවෙන අත් විස්සෙන් කියැවෙන්නෙ රාවණ රජුගේ නොයේක් විද හැකියාවන් විය හැක.
![]() |
රාවණ රජුගේ නාභියට විද මැරීම |
අපි අපේ කලින් ලිපියකින් පැහැදිලි කලානේ විශ්ව කර්ම විසින් සිංහමුඛ උදෙසා නිර්මාණය කරන ලද ලංකාපුරය හා දඩුමොණරය පිළිබදව. සුරපද්ම කතිර කුමරු විසින් මැරුම් කැව නිසාම සිංහමුඛ රජුත් ලංකාපුරය අතහැර පළා යම නිසා විශ්වස් මුණිගේ වැඩිමහල් පුත්, ඒ කියන්නේ රාවණගේ සහෝදරයා ලංකාපුරය අත්පත් කරගැනීමත් අපි සටහන් කරානේ. අපේ ගවේෂණයේ අපි සදහන් කලේ රාවණ විසින් කුවේර දේව අධ්‍යාපනය සම්පූර්ණ නොකල නිසා ලංකා පුරය අත්පත් කර බවනේ. නමුත් සමහර තැන්වල වෙනස් විදියටත් සදහන් වෙනවා. ඒ විස්තර වලට අනුව නම් රාවණ රජුගේ මව යක්ෂ ගෝත්‍රික වන අතර රාවණ පැමිණ කුවේරගෙන් ලංකාපුරය හා දඩුමොනරය ඉල්ලා සිටි කල්හී කුවේර විසින් රාවණ පලවා හරිනවා. නමුත් ලේසියෙන් පසුබට නොවන්නෙකු වන රාවණ විසින් තම යක්ෂ ගෝත්‍රික නෑයන්ගේ උදව්වෙන් කුවේරව පලවා හැර ලංකා පුරය අත්පත් කරගන්නවා.
රාවණ විසින් සීතාව පැහැරගෙන ඇවිත් රාමාගෙන් පැරදුන බව කියමින් අදටත් රාවණ රජු පුළුස්සන හින්දූන් විසින් රාවණ කියන්නේ ඉතා ශ්‍රේෂ්ඨ පාලකයෙක් බවත්, රාවණ රජ සමයේ ලංකාව සමෘද්ධිමත් බවත් කියන අතර රාවණ රජුගේ සමයේ රටවැසියන් සියල්ල ඉතාමත් සැපයෙන් ජීවත් වූ බවද කියනවා. මෙතනදී අපට සිතිය යුතු දෙයක් තමයි ඉතා බලවත්, යුද ශක්තියෙන් අනූන රාවණ රජු යුද්ධයෙන් රාමට පැරදුනාද යන වග...
රාවණ රජුගේ පවුලේ විස්තර හරියටම දැන ගන්න තියෙන මුලාශ්‍ර අඩු නමුත් රාමයාණයා අනුව අපිට රාවණ රජුලේ පුවලේ විස්තර මේ විදියට ගොඩ නගන්න පුළුවන්.
පුලතිසි සෘෂිවරයා -රාවණ රජුගේ පිය පාර්ශවයෙන් සීයා
සුමාලී - රාවණ රජුගේ මවු පාර්ශවයෙන් සීයා
විශ්රවස් මුණි - රාවණ රජුගේ පියා
කයිකේෂි - රාවණ රජුගේ මව
සුභානු හා මරීච - රාවණ රජුගේ මාමාවරුන් (මවගේ සහෝදරයන්)
කුවේර - රාවණ රජුගේ සහෝදරයා(විශ්රවස් මුණිගේ රකුස් බිරිදගේ පුත්‍රයා)
විභිෂණ - රාවණ රජුගේ සහෝදරයා. රාමායණයට අනුව නම් රාමගේ බැතිමතෙක් වූ විභිෂණ රාම- රාවණා යුද්ධයේදී රාමට උදව් කරන අයෙක්. කොහෝම උනත් ඉන්දියානු කණ්නාඩිය ගලවා බලන කල නම් විභීෂණ කියන්නේ ඉතිහාසයේ මුල්ම පවා දීම කරපු පුද්ගලයා. පරාජය වීමට තිබූ රාමට උදවු කරන ලද්දෙ ලංකා රාජ්‍යත්වය අපේකෂාවෙනි. තමාගේ දේෂයටත් ජාතියටත්, එකකුස උපන් සහෝදරයාටත් ද්‍රෝහි වූ විභිෂණට අදත් දෙවියෙක් මෙන් සලකා පුද සත්කාර කීරීමත් පුදුමයක්.
කුම්භකර්ණ - රාවණ රජුගේ සහෝදරයා. හින්දු සාහිත්‍යට අනුව නම් කුම්භකර්ණගේ උග්‍ර තපස් රැකීමෙන් අනතුරුව මහා බ්‍රහමයා කුම්භකර්ණට වරයක් ඉල්ලීමට අවස්ථාව දුන් විට සදාකාලීකව නින්දක් ඉල්ලා තියෙනවා. නමුත් රාවණ රජුගේ බලපෑම මත මේ වරය වසරකට මාස හයක් නිදාගැනීමටත්, ඉතිරි මාස හය අවදී වී සිටින්නත් වරය වෙනස් කරලා තියෙනවා. (සමහරක් කෘති වල මෙය වසරකටම එක දිනයක් බව සදහන් වෙනවා) කෙසේ වෙතත් කුම්භකර්ණ රාම රාවණා යුද්ධයේදී රාවණ රජුගේ පාර්ශවයේ සටන් කල අයෙක් වුණ අතර තම සහෝදරයාට පක්ෂපාතී වූ අතරම රාමට නැවත සීතා ලබා දෙන ලෙස ඉල්ලා ඇති නමුත් අංහකාර රජෙක් වූ රාවණ එයට එකග වී නැහැ. එයට එකග වූවා නම් ලංකා ඉතිහාසය මෙයට බොහෝ සෙයින් වෙනස් වන්න ඉඩ තිබ්බා කියලා හිතන්න පුළුවන්
ඛාර - රාවණ රජුගේ සහෝදරයා. ජන්ස්ථාන් හෙවත් හෙළ අධිරාජ්‍යෙය් උතුර දිග ප්‍රෙද්ශ පාලනය කල මොහුත් ඉතා දක්ෂ රණ ශූරයෙක් බව සදහන් වෙනවා.
ඓරාවණ - රාවණ රජුගේ සහෝදරයා. පාද+තල+යට( පාතාල) රාජධානියේ පාලකයා වූ අතර රාවණ යටතේ පාලනය කල බව හින්දු සාහිත්‍යෙය් සදහන් වන නමුත් රාවණ රජු සුපර්ණිකාගේ සැමියා වන විද්්‍යුත් කුමරු පාද+තල+යට රාජධානියට යවා පාලන කටයුතු ලංකා පුර යටතට ගැනීමේ දී ස්වාධීන රාජ්‍යක් විදියට කටයුතු කරලා තියෙනවා.
දුෂාන - රාවණ රජුගේ සහෝදරයා ජනස්ථාන් හී උපරජු
කුම්භාණි - රාවණ රජුගේ සහෝදරියක් වන මැය රූප ශ්‍රීයෙන් අනූන අයෙක් බවත් පසුව තපසට ගිය බවත් සදහන්.
සුපර්ණිකා - රාවණ රජුගේ සහෝදරිය. රාම රාවණා යුද්ධයට කරුණක් වූ මැය දණ්ඩකාරණ්‍ය හී පාලිකාව වූවාය.
රාවණ රජු කියන්නේ ලංකාවේ හිටියම දක්ෂම රජකෙනෙක් යැයි දැනට තියෙන මුලාශ්‍ර වලින් අපිට කියන්න පුළුවන්. ආයුර්වේදයේදී අදත් රාවණ රජු විසින් ලියන ලදැයි සැලකෙන පොත් පත් වල සදහනන් වෙනවා.
රාජාවලිය හා හෙළ හවුලේ සොයාගැනීම් වලට අනුව රාවණ රජු ජීවත් වන්නෙ බුදුන් වහන්සේටත් පෙර නමුත් මහායන බුද්ධ ධර්මයේ එන ලංකාවතාර සූත්‍රයට අනුව රාවණ රජු බුදුන් වහන්සේට සමකාලීනව සිටි අයෙක් විදියටයි සැලකෙනේනේ. ලංකාව ථෙරවාදී බෞද්ධ රටක් වූ බැවින් ලංකාවේන් මේ ලංකාවතාර සුත්‍රය සොයාගන්න අමාරුයි. බුදුන් වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කර බව ථෙර වාදී බුදු දහම පිළිගත්තද එහිදි බුදුන් වහන්සේ කල දේශනවාන් හොයාගන්න ථෙරවාදී බුදුදහම තුල අපහසුයි. බුදුන් වහන්සේ ලංකාවට වැඩි තුන් අවස්ථාවේම ධර්මය දේශනා කල අතර අපි දන්නා පරිදි බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මය සියල්ලම ආනන්ද මහ රහතන් වහන්සේ විසින් පළමු ධර්ම සංගයනාවේදී ප්‍රකාශ කරනවා. නමුත් කෙසේ හෝ ථෙරවාදී බුදු දහම තුල මේ ලංකාවතාර සුත්‍රය නොතිබෙන අතර මහායන බුදු දහමේ ප්‍රධාන සුත්‍රයක් විදියට ලංකාවතාර සුත්‍රය සැලකෙනවා.
![]() |
ලංකාවතාර සුත්‍රය - මෙය ලියා ඇත්තෙ චීන බසිනි |
මෙම ලංකාවතාර සුත්‍රය දේශනා කරන ලද්දෙ රාවණ රජු උදෙසා බව ලංකාවතාර සුත්‍රයේ සදහන් වෙනවා. ඒ අනුව ලංකාවතාර සුත්‍රය රාවණ රජුට දේශනා කරන ලද්දෙ වී නම් රාවණ රජු බුදුන් වහන්සේ බැහැ දැක්ක අයෙක් විය යුතුයි. අති විශාල ප්‍රඥාවක් තිබුණා වූ රාවණ රජු බුදුන් සරණ නොගියායැයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. රජකම පිළිබදව පසුකලෙක ඇති වූ රාවණ හා වීභිෂන අතර පැවති යුද්ධයකදී එයින් ලංකා සමාජය මුහදට යට වී බිහිසුණු විපත් ඇති වන දේශපාලන අර්බුදයක් වූ කල එය සමතයකට පත් කිරීමට බුදුන් වහන්සේ වැඩියායි යන්න තවත් මතයක්. ඒ කලේ ලංකවේ යක්ෂ නාග දේව හා රාක්ෂ කියලා කුල තිබුණා යැයි අපි පැවසුවනේ. යක්ෂ යැයි හදුන්වා ඇත්තේ යකඩ භාවිතා කල නිසාවෙනි. රකුස් රකු+කුස් කුස රැකීමට ගොවිතැන් කල අය රකුස් වුන අතර නාවික නාග වු අතර සියලලන්ම සංසකෘත භාෂාවට යද්දී අමනුෂ්යන් බවට පත් වී යක්ෂයන් බවට පත් කරතිබේ.
කෙසේ වුවත් යක් ගෝත්‍ර නාමය අතීතයේදීත් භාවිතා වූ බව දක්නට පුළුවන්. එයට ගන්න පුළුවන් හොදම උදාහරණය තමයි මහා වංශයටත් වඩා පැරණි ලියැවිල්ලක් වන වරිග පූර්ණිකා නමැති යක් ගොත්‍රික පුස්කොල පොතෙහි ශ්‍රි රාවණ අධිරාජ්යාෙග් නාමය කෞරාණ මන්ඨක ලෙස සදහන් වීම. මෙහි කෞරාණ යන්නෙහි සිංහල තේරුම සියල්ල සම්පූර්ණ කරන ලද වන අතර මන්ඨක යනු යකාය. එනම් රාවණ රජු සියල්ල සම්පූර්ණ කල යක් ගෝත්‍රිකයෙක් බව පැහැදිලිය. මෙයිනුත් රාවණ රජුගේ තිබූ හැකියාවන් තහවරු කරන සාක්ෂී වැඩි වේ.
![]() |
මෙය රාවණ රජුගේ පොරෝව යැයි සැලකෙනවා |
රාවණ රජු විසින් ඉන්දියාවද පාලනය කල බව කියැවේ. රමායනයේ එන දණ්ඩකාරණ්‍ය රාවණ විසින් තම නැගෙනිය වූ සුපර්ණිකා ලවා පාලනය කිරම අපට රාමායණයෙන්ම තහවුරු කරගන්න පූළුවන්. රාම රාවණ බිහිසුණු යුද්ධයට මුල පුරන්නේද මෙම කරුණ විය හැක. රාවණ රජු සත්ව ඝාතනය හෙලා දකින්නෙක් විය. නමුත් දණ්ඩකාරණ්‍ය ආශ්‍රිතව සිටි යෝගී වරුන් යාග හෝම වලට සතුන් බිලිදීම වැලක්වීම සුපර්ණිකා ප්රමුඛ රාවණ රජුගේ දණ්ඩකාරණ්‍ය රකුස් (රක්+කුස්) සේනාවට පවරා තිබූ එක් වගකීමකි. ඒවිට අයෝධ්‍යාවේ රාජ්‍ය කල දශරථ රජු විසින් තාපස වෙස් ගෙන තම පුත්‍රයන් දෙදෙනා එවන ලද්දෙ එය නැවැත්වීමටයි. ඔවුන් විසින් රාවණ රජුගේ 12000ක් වු රකුස් සේනාව මරාදමන ලද බව කියැවේ.තාපසයන් යනු භාවනා යෝගීව සිටන්නන් මිස අවි ආයුධ දරන්න් නොවේ. තාපස වෙස් රැගෙන වනයට පැමිණී රාම හා ලක්ෂමණගෙන් එ පිළිබදව විමසීම ඒ ප්‍රෙද්ශ පාලිකාව වූ සුපරණීකා විසින් කිරීමෙන් අත් වූයේ ගැටුමක් ඇති වී ලක්ෂමණයන් විසින් ඇගේ නාසය කපා දමා ඇයට නින්දා කීරීමයි. හින්දු සාහිත්‍යෙය් මීනාක්ෂී යන( මාළුවෙක්ගේ මෙන් ඇස් ඇති) නමින්ද හැදින්වෙන සුපර්ණිකා රූමතියකි. අගේ නාසය කැපීමෙන් මහත් නින්දාවට පත් වූ ඇය මේ පීළීබදව ඇගේ පාලකයා වූත් සහෝදරයා වූත් රාවණ රජුට පැමිණිලි කරන ලදි. රාවණ පැමිනෙන්නේ රාමට හා ලක්ෂමණට දඩුවම් දීමට මිස රාමගේ බිරිද සොරකම් කිරීමට නොවේ. මෙය පැහැදිලි වන්නේ ඇය පැහැරගෙන ගියත් ඇයට කිසිදු අතවරයක්., අවහිරයක් නොකර ආරක්ෂාකාරීව තබා ගැනීමෙනි. රාවණට වුවමානා වන්නේ රාමට දඩුවම් දීමටයි.
මෙයින් ඇති වූයේ බිහිසුණු යුද්ධයකි. එම යුද්ධයේ දී දක්නට ලැබෙන වැදගත් කරුණු කීහිපයකි එනම්
1. රාම හා ලක්ෂමණ විසින් විභීෂණව මුහුදු ජලයෙන් නහවා අභීෂෙක කරවීම
2. ලංකාව හා ඉන්දීයාව අතර පිහිටි ආදම්ගේ පාලම මිනිසා විසින් කරන ලද නිර්මාණයක් බව වාල්මිකිගේ යුගයේ සිටි මිනිසුන් දැන සිටීම
3. තුන් ලොවක් පාලනය කිරීමේ බලයක් රාවණ රජුට තිබීම
4. රාවණ රජු ඔත්තු සේවා මගින් රාමගේ හමුදා ගැන දැන ගැනීම
5. රාමගේ හිස මවා සීතාට පෙන්වීම
6. ගුවන් විමාන විවධ වෙස් වලට පර්වර්තනය කර ගුවන් ප්‍රහාර එල්ල කිරීම (මෙය භෞතික තාක්ෂණයක් බව විමානික ශාස්ත්‍ර පොතෙහි දක්වා ඇත.
7. වානර හා මිනිස් සටන
8. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් හදේ සිට ලෙස්ර් කිරණ මගින් පහර දීම
9. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් විසින් නාග පාශ්‍ර නම් අස්ත්‍රය හෙලීමෙන් නාගයන් අසූ හාරදහසක් මැවී රාම හා ලක්ෂමණ වෙලාගෙන පහර දීම (මෙබදු විෂ වායු සහිත බොම්බ හෙලීම් ගැන විමානික ශාස්ත්‍ර පොතේ දක්වා ඇත)
රාවණගේ මරණයෙන් ලංකාපුරයෙන් කොටසක් මුහුදට ගිලාබසින ලදි. තවත් සමහර කතා පුවත් වලට අනුව නම් විභීෂණගේ පවා දීම් හා රාවණගේ අවිම ඔහුට එරෙහිව භාවිතා කරීම නිසා යුද්ධයෙන් පරාජය වු රජු වෙනත් සමාන්තර ලෝකයකට පලා ගිය බව කියැවේ. ඉසුරුමූණියේ ඇති තාරකා ලංජනය ඇති තැන අතීත ලෝකයේ ලෝක ලෝක අතර ගමන් සදහා යොදගත් බව පැවසේ
කෙසේ නමුත් රාම රාවණ යුද්ධයෙන් පසුව රාවණ රජු ගැන හෝ ලංකාවේ රාජාලීය ගැන කරුණු සොයාගැනීම අපහසුය. නැවතත් ලංකාවේ රාජාලිය ඇරාඹෙන්නෙ බුදුන් වහන්සේට සමකාලීන යුගයේ සෙල්ලිපි වලිනි. රාජාලියට අනුව නම් සම්බුද්ධ පරිනිර්වාණයේ දවස් 7කට පසු විජය ලංකාවට ගොඩබසින ලදි. ඒ වන විට රාවණ මිය ගොස් හෝ පලා ගොස් වසර 1844ක් ගෙවී තිබු බවද රාජාවලියේ සදහන්වේ. බුදුන් වහන්සේට සමකාලීනව පනීත රජු සිටි බව කියැවේ.
නිවැරදි කාල නිර්ණයන් සහිතව ඉන් පසු රජුන් සොයා ගැනීම අපහසුය. නමුත් නුහුත නැතහෝත් සංඛ්‍ය නැමති රජකෙනෙක් ගැන සදහන් වේ. බින්දු 27 ක් දක්වා ගනන් කිරීම මේ රජු සොයගත් බවක්ද කියැවේ.
අසුර රාජ වංශය පිළිබදව ලිපි පෙල මෙතනින් ඉවර කරනවා. රාවණ රජු හින්දාම මේ ලිපිය නම් ගොඩාක් දික් වුණා. අළුත්ම විදියකින් ගවේෂණය ආරම්භ කරනකම් ආයුබෝවන්
39 ප්‍රතිචාර:
superb
නියමයි
[ මේ බ්ලොග් එක චුට්ටක් සරළ කරන්න බැරිද ගැජට් අඩු කරලා .. ලෝඩ් වෙන්න වෙලා යනවා ... ]
ඇත්තෙන්ම හුගක් ප්‍රයෝජනවත් ලිපියක්... නමුත් මෙහි අකුරු ප්‍රමාණය විශාලනය කර දාන්න පුලුවන්නම් කියවන අයට හුගක් ලේසි වේවි.
Done. I 'll reduce some gadgets
Thanks for your comments
keep in touch.
මට පොඩි අවුලක් තියෙනව
"රාජාලියට අනුව නම් සම්බුද්ධ පරිනිර්වාණයේ දවස් 7කට පසු විජය ලංකාවට ගොඩබසින ලදි. ඒ වන විට රාවණ මිය ගොස් හෝ පලා ගොස් වසර 1844ක් "
සහ "ලංකාවතාර සුත්‍රය රාවණ රජුට දේශනා කරන ලද්දෙ වී නම් රාවණ රජු බුදුන් වහන්සේ බැහැ දැක්ක අයෙක් විය යුතුයි."
මේදෙක අතර වෙනසක් තියෙනව නේද
ela kiri ayya hamadama kiyawwata comment danna naha digtama liyanna
ඔබේ ලිපියට දායක කර ගත යුතු ඉතා වැදගත් මූලාශ්‍රයක් ඉදිරිපත් කරමි...පන්සිය පනස් ජාත පොතේ " දසරථ ජාතකය " හැකිනම් සොයා බලා කියවන්න...එය ඔය කතාව සම්බන්දයෙන් ඉතා වැදගත් වේවි....එය බුදු පියාණන් වහන්සේ විසින් දේශණා කරණු ලදුව කුද්දක නිකායේ ද සඳහන් කතා වස්තුවකි...
අගනෙයි!
@ Malith -රජාවලිය හා ලංකාවතාර සුත්‍රයේ සිද්ධිය ගත්තාම කාල පරස්පරයක් තියෙනවා.නමුත් ලංකාවතාර කියන්නෙ මහයාන ධර්මයේ එන ප්‍රධාන සුත්‍රයක්.
ඒ වගේම තමයි සම්බුද්ධ පරිණිර්වාණය හා විජයා ගමනය අතර තියෙන සම්බන්ධය අපිට රාජාවලියේ හා මහා වංශයේ තිබූ පමණින්ම පිළිගන්න අමාරුයි.
මෙහිදි මහා වංශය නම් පැහැදිලිව උත්සහ දරා ඇත්තේ විජය කියන මුහුදු කොල්ලකාරයාව ලංකාවේ මුල්ම රජු කරන්න.
කෙසේ වුණත් මේ කාල පරස්පරය හරියටම අපිට නිරාකරණය කරන්න අමාරුයි. මේ ලිපියට ඔය 2කම මුලාශ්‍ර කරගත් නිසා තමයි ඒ වගේ පරස්පරතාවක් මතු වෙන්න ඇත්තේ.
මේ ලිපි පෙළින් අපි බාලාපොරත්තු වන්නෙ මහා වංශය හෝ රාජවිලය කියන්නෙ සාහිත්‍ය කෘති ඒවා කියන මතය ගොඩනැගීම නෙවෙයි. අද පුරාවිද්‍යා චක්‍රවර්තීලා, පනාපුත්‍ර වැනි වන්දි බට්ටයන් පැහැදිලිවම කරන බොරු මග හැරගෙන සැබෑ ඉතිහාසය දැන ගැනීමට මං පෑදීමටයි.
අපිත් එක්ක දිගටම රැදි ඉන්න. ලියන්න පුළුවන් නම් dazunj4me@gmail.com මගින් සම්බන්ධ වන්න. සංස්කාරක මණඩලයට බැදෙන්න කැමති නම්
කියන්න වචන නෑ. නියමයි. ඉතුරු ටිකත් දාමු. හැමදාව වගේ අපි බලන් ඉන්නවා.
මේ ලිපි පෙල අවසානයේ ඊ-බුක් එකක් කලොත් හොඳ නේද ?
කොග්ගල නිලමේ කියලා පොතක් තියෙනවා (අදියර 3කින් නිකුත් වුනු). රාවණ ඉතිහාසය ගැන කරුණු රැසක් අඩංගුයි. හොයාගෙන කියවන්න. කතෘ, අන්තර්ගතය පිළිබඳව සහතික වී ඇත.
එළකිරි මචං .............
තව විස්තර හොයන්න හොද එකක් මෙන්න
http://ravanalankapura.wordpress.com/ravana-is-a-hero-for-sinhala-nationalists/
මෙච්ර කරුණු රාවනා රජු ගැන දැන ගත්තේ අදමයි... ගොඩාක් පිං දිගටම කරගෙන යන්න අපේ දැනුම වැඩි කරන්න ඔබට හැකියාව ලැබේවා....
මෙය ඉතාමත් වටින ලිපිපෙලකි.
නමුත් රාවණ රජු ගෞතම බුදුහාමුදුරුවන්ගේ කාලයට පෙර වෙනත් බුද්ධ ශාසනයක් පවතින කලයක ජීවත් වෙන්න ඇත්තේ !
හුගක් ප්‍රයෝජනවත් ලිපියක් ......
සිත්ගන්නා සුළු විස්තරයක්.
බොහෝම ස්තුතියි අපිත් එක්ක දැනුම බෙදාගත්තාට.
මම ඉතිහාසය පිලිඹද විශාරදයෙක් නම් නෙමෙයි. එත් මට හිතෙනවා ඔය රාවනා කියන්නේ කිසියම් රජ පෙලපතක්ය කියලා. හරියට පරාක්‍රමබාහු 1,2,3.... වගේ. එහෙම නම් ඹය කාල ගැටළුව ලෙහෙනවා.
හිස් 10k thibunaa kiyanne pradeesha 10k paalanaya kalaa kiyana 1i kiyala mama ahala thiyenne.. kesee hoo, raawanaa raju bauddayek wenne kohomeda kiyana 1a mata poddak pahadili madi.. kesee hoo ohu aniwaarayenma lankaawee 1weni raju bawata ithihaasaya niwaradi wenna oone..
bohoma pin
this is grate article keep going
"උතුරු දොරටුව" සහ භද්‍රජී මහින්ද ලියපු "ශ්‍රි රාවණ්ණා පුවත-හෙළ යක් පරපුරේ කතාව" යන පොත් වලත් මේ ගැන කරුණු රාශියක් තියෙන අතර ඉතා රසවත් ආකාරයෙන් ලියාද තිබෙනවා.
https://www.facebook.com/photo.php?fbid=10150572073561072&set=a.77007771071.113340.579306071&type=1&theater
@Malith
රාවන රජු බණ ඇසුවෙ , කාශ්‍යප බුදුරජාණන්වහන්සේගෙන් , අප ගෞතම බුදුහාමුදුරුවන්ට පෙර උන් බුදුන්වහන්සේ.
රාවන රජු බෞද්ධ බව ඇත්ත, හැබැයි පලමු බෞද්ධ රජ නෙවෙයි.
කකුසද, කෝනාගම බුදුන් සරණ ගිය රජවරු ඒ කාලෙ අප රටේ හිටියා.
විජයගෙන් සිංහලයන් පැවත එන කතාවේ අසත්‍යතාව , එයට පෙර ශිෂ්ට මිනිසුන් වාසය කල බව , දැන් පුරාවිද්‍යා කැනීම් වලින් පවා ඔප්පු වෙලා තියෙනවා.
අන්තිම ඇනෝ ගේ කතාව සමග එකඟයි. මමත් මෙතෙක් කියවල හොයාගෙන තියෙන්නේ අන්තිම ඇනෝ කියන කතාවම තමයි.
මේ කියවන කවුරු හරි මට කොග්ගල නිලමේ පොත හොයලා දෙන්න පුලුවන්ද.
To ajee67, this is the book
http://www.scribd.com/doc/55355111/Koggala-Nilame-%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A
බොහොම ස්තුතියි උදව්වට.ඒ උනත් මෙතන සම්පූර්න පොතම නැහැ.පිටු පනස් ගනනයි තියෙන්නේ.මම මෙක කලින් ඩවුන්ලෝඩ් කරගෙන තිබුනා.ඒ වගේම තවත් වෙබ් සයිට් එකක තිබුනා කොග්ගල නිලමේ පොත අදියර තුනකින් මුද්‍රනය කරලා තියෙන්නෙ කියලා.ඉතින් මේ පොත හෝ පොත් සම්පූර්නයෙන් තියන කෙනෙක් ඉන්නවානම් මට පොටෝ කොපි කරලා එවන්න පුලුවන් නම් මට මුදල් ගෙවලා ගන්න පුලුවනි.
මැක 1970 දශකයේ මුද්‍රනය කරපු පොතක් නිසා ටිකක් දුර්ලභ ඇති.අනික පොත තියෙන අයගෙනුත් අන්තර්ජාලය පරිහරනය කරන අය අඩු ඇති.
me lipiye samahara karunu ekakat ekak galapenne na ne, namuth hoda uthsahayak,ape Etihasaya hoyaganna godak amarudeyakne,egana tiyena unanduwath kiyawana apiwa unandu karana eka ganath satutue..
me blog 1 tiyena lipi hugak arthwath. godak kamathen kiyawanna puluwan. kotas widihata tiyena lipi mula idala balanna piliwalata podi mlink 1 dannako
Mama danna vidihata Buduvarakek pahala venne eka kalpayakata/kalpa lakshayakata vage sarayak eka sakvalakata vitharai. Buduvarayek dakinna, bana ahanna godak pin karanna one kiyanneth ekai. Namuth, e ksthava ehema nam ravana raju hitiye koi kalaye da?
කොග්ගල නිළමේ පළමු හා දෙවන කොටස්...
http://www.scribd.com/koggala_nilame
godak watinawa thanxxxxxx
mama okkoma kiyewwa..ela
mama ayurweda student kenek mn dannawa rawana raja rasadiya[mercury] walin wadagatta system eka
shook
ayyo badraji meka mahabadra kalpaya. me kalpaye buduwaru 5namak pahala wenawa. mekane ratata wela tiyenne.buddagama danna aya nemei bawuddayo
Hela Havula eke hitapu ayath kiyanne "Rawana is the 1st king in Sri Lanka" Kiyala..
i red all above, glad to see we still have intelligent SL generation. and my opinion perhaps Rawana met another Buddha, there has been many in the history according to what we hea,r also could be a passe Buddha. however if could could convince that Sinhalese hails fm Rawana instead that Indian rogue we will make history.
Mewa aththanam watinawa. lipiya liyapu kena mulinma kiyanna balanna rawana lankawe hitiye denata avurudu kopamana kalakata perada? mama ahanne walmiki ramayanayata ayath rawana sambandawa
අහන්නත් සන්තොසි එත් මම අහපු කරණයකට අනුව සීතා කියන්නේ රාවණාගේ එකකුස උපන් සහෝදරියක්.මොකද ඒ ගැන දරන මතය.???
rawana rajathuma gna gaweshanaya krnawada oyala oylata sinhalakama gna kakkumak tynwa neda oyth apith ekka + wenna
Post a Comment