11.7.11

බලන්ගොඩින් හමු වූ මාතලීගේ දිව්‍ය යානය හෙවත් හෙළ ගුවන් යානය ::::බැබ්ලෝනියාවේ එල්ඹෙන උයන් සෑදීමට කියාදුන්නේ හෙළයන් විසිනි :: seuslsla.blogspot.com

දේවයන්ගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ තදබල නීති නොමැති වීමයි. සමාජය විනය ඇති කරන ලද්දේ චාරිත්‍ර මගිනි. චාරිත්‍ර පිළිපැදීම නොකඩවා සිදු වූ නිසාම අද නීතිගරුක සමාජයක් යැයි කියන සමාජයක් වැනි තත්වයක් නොකඩවා පැවතුණි. 1998 දී බැබ්ලෝනියාවෙන් හමු වූ මැටි පුවරුවලින් කියැවුනේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බවකි. මේ අනුව දැනට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචරායක් විදියට සැලකෙන බැබ්ලෝනියාව දක්වා පවා දේව අධ්‍යාපනය ක්‍රමයේ අතු විහිදුණ ආකරයක් හදුනාගත හැක............




අපේ ඉතිහාසය සොයා යන ගමනේ ලිපි පෙළ ටිකක් පරක්කු වුණාට සමාවෙන්න ඕනෑ. මේ දවස් වල අධ්‍යන කටයුතු ටිකක් ගොඩගැහිලා. ඒ නිසා තමයි අපේ ලිපි පෙළ ටිකක් පරක්කු වෙන්නේ. කොහොම වුණත් පසු ගිය ලිපියෙන් අපි කතා කලේ ලංකාවේ පාලක පන්තිය වූ දේවයන් බිහි වුණ විදියනේ. අවසානයේ අපි සදහන් කරා දේවයන්ට පැවරී තිබුණ වගකීම් ගැන. ඔන්න අද ඉතින් අපි ඒ ගැන විමසා බලමු.
හෙල ඉතිහාසයේ පසුකාලීනව බිහි වුණ වංශය වු දේව වංශයේ පළමු කාරිය වුනේ

අධ්‍යාපනය


රටක ජනතාව විසින් ඔවුන්ගේම කොටසක් තමන්ගේ පාලකයන් විදියට පත්කරගන්නේ ඇයි? ඒ ඔවුන්ගේ ජීවන පැවත්මට අවශ්‍ය ආරක්ෂාව, දිවිපැවත්ම පවත්වා ගැනීමට උපකාරයක් වීම යනාදියටයි. ඒවගේම තමයි හෙළ යුගයේ ජනතාවගේ පැවැත්මට අවශ්‍ය සියළු දේ කියා දීම දේව පාලකයන්ගේ පරම යුතුකම වුණා. ඒ නිසාම තමයි දේවයන් විදියට පුහුණුව ලබන කණ්ඩායම ජනතාව විසින් පොෂණය කලේ. මෙයත් හරියට අද කාලයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වගේ. මහජනතාවගේ මුදලින් රටේ උපාධිධාරින් බිහි කරන්නේ රටේ අනාගතය උදෙසා. නමුත් අද මහ ජනාතාව විසින් බිහි කරන්නා වූ කොඨ්ඨාශය රටේ පාලනයට දායක නොවන නිසා සම්පුරණයෙන්ම දේව අධ්‍යාපනයට අද අධ්‍යාපන ක්‍රමය සමාන කරන්න බැහැ. සමාජයට නිතර ගුරුහරුකම් දී සමාජය ස්ථාවරව තබා ගැනීමත් දේවයන් සතු වූ යුතුකමක් වුණා. දේවයන්ගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ තදබල නීති නොමැති වීමයි. සමාජය විනය ඇති කරන ලද්දේ චාරිත්‍ර මගිනි. චාරිත්‍ර පිළිපැදීම නොකඩවා සිදු වූ නිසාම අද නීතිගරුක සමාජයක් යැයි කියන සමාජයක් වැනි තත්වයක් නොකඩවා පැවතුණි. 1998 දී බැබ්ලෝනියාවෙන් හමු වූ මැටි පුවරුවලින් කියැවුනේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බවකි. මේ අනුව දැනට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචරායක් විදියට සැලකෙන බැබ්ලෝනියාව දක්වා පවා දේව අධ්‍යාපනය ක්‍රමයේ අතු විහිදුණ ආකරයක් හදුනාගත හැක. ජනතාව විසින් නිතරම තම දේවයාගේ හෙවත්, නායකයාගේ උපදෙස් මත ක්‍රියා කරන ලදි. නායකයාට සියළු දෙනා අවනත විය, ඔහුගේ උපදෙස් හා අවවාද සෑම විටම නිවැරදි බව සැමදෙනාම පාහේ විශ්වාස කල නිසා හා ඒවා නිවරදී වූ නිසාම කිසිකෙනෙක් නායකයාව ප්‍රශ්න කලේ නැත. නායකයන් අමනෝඥ ලෙස ක්‍රියා කලේද නැත. මෙය දේව අධ්‍යාපනයේ සුවිශේෂි වූ වැදගත් කමකි.

විනිශ්චය


වර්තමාන යුගයේ විනිශ්චය කියන්නේ දඩුවම සමගම සම්බන්ධව පවතින්නක් සැම උසාවියකින්ම යම් වැරරද්දක් විනිශ්චයත් සමගම එයට දඩුවමක් ලැබෙන ආකරායක් අද දැක ගත හැකි මුත් හෙළ යුගයේදී විනිශ්චය යනු වචනයක හෝ සිතුවිල්ලක හෝ හරි වැරැද්ද පහදා දී වැරැද්දෙන් පුද්ගලයාව මුදවා ගැනීමයි. මේ නිසාම සාක්ෂි විමසීමක් හෝ වරදකරු නිවරදිකරු තේරීමේ විනිශ්චයක් තිබිලා නැහැ. හැමදෙනාම සත්‍ය ප්‍රකාශ කල බැවින් තමන් කළදේ විමසා එය පිළිගත් පසු පමණක් විනිශ්චය ආරම්භ විය. විනිශ්චයේ අරමුණ වූයේ කර වැරැද්ද සිතට කාවාද්දා මින් මතුවට ඒ වරද්ද නොකරන තැනට පුද්ගලයාව පත් කීරිමය. නමුත් වරද අවබෝධ කරගත් පසුත් ඒ වරද කරන්නන් එදා සමාජයේද විය. ඔවුනට එම වරදට දුන්නේ මානසික දඩුවමකි. ඔවුන් සමග කතා කිරීම සිනාසීම වැනි දේ නතර කොට පුද්ගලයා වර්ජනය කිරීම මගින් තමා වරදකරුවෙක් යැයි සිතීමට ඔහුටම සලස්වා ලීම මෙම ක්‍රමයේ අරමුණ විය. බරපතල වැරදි වලදී පුද්ගලයාව සමාජයෙන් පිටමං කිරීම සිදු කරන ලදි. කුවේර රජු කෛලාශයටත්, විරචින කුමරු පාතාලයටත්, සීගීරයේ සිව+ගිර සිව රජු ඉන්දු දේශයටත් පිටමං කිරීම එලෙස දුන් දඩුවම් වලට උදාහරණය. රජු වරු යනු දේවයන්ය, ඔවුන් වැරැදි කරන්නේ දැන දැනමය, ඒ නිසා ඔවුන්ට බරපතලම දඩුවම ලැබිණි. දේවයෙක් නිසාවත් හෝ පාලකයා නිසාවත් හෝ රිසි පරිදි කටයුතු කල නොහැකි වු අතර සමාජයේ චාරිත්‍ර සැමටම පොදුව පැවතිනි.
ඒ වගේම දේවයන් යනු දක්ෂ පාලකයන් මෙන්ම ප්‍රඥාවන්තයන්ද වූ නිසා ඔවුන් පිටුවහල් කිරීමෙන් ඔවුන් එම පිටුවහල් කල ස්ථානයේ පාලකයා බවට නිතතින්ම පත්වීම සිදු විය. හෙළ දිවයිනෙන් පිටුවහල් කරන ලද සිව රජු ඉන්දු දේශයේ පාලකයා වීමද, වීරචින රජු පාතල දේශයේ නායකයා වීමද හෙළ සංස්කෘතිය ලෝකය පුරාම ව්‍යාප්ත වීමට දේවයන්ගේ විනිශ්චය සමාජයේ පැවත්මට ඉවහල් වු ආකාරයට සාක්ෂිය.

ආරක්ෂාව හා යුද්ධය
 
රටේ ජනතාවට ආරක්ෂාව සැලසීම රටේ පාලකයන්ගේ පරම යුතුමකමකි. හෙළ ඉතිහාසය පුරාම ගත් කල රට වැසියාට වඩා තර්ජන එල්ල වී තිබුනේ රටේ පාලකයාටය. හෙල ඉතිහාසය පුරාම විශ්ණුගේ බල පෑම් දක්නට ලැබුණ අතර පළමුව නරසිංහ වේශයෙන් පැමිණ හිරණ්‍ය කාශ්‍යප රජු මරා දමන ලදි, මෙයට ප්‍රතික්‍රියා වශයෙන් දේව අධ්‍යාපනය බිහි වුණ අතර දෙවනුව වාමන වේශයෙන් පැමීණ මහා බලි රජුව පැහැරගෙන යන ලදි. මෙයට ප්‍රතික්‍රියාව ලෙස දේවයානී විසින් තම පුතුන්ට යුධ පුහුණුව දීම සිදු කර යුද්ධයෙන් හෙළ අධිරාජ්‍ය පැතිර වීම ආරම්භ කරන ලදි. අවසානයේ රාම අවතාරය ලෙස පැමීන රාවණ රජු ඝාතනයෙන් හෙළ ශිෂ්ඨාචරයේ අවසානය හා හෙළ දිවයින සයුරේ ගීලීමද සිදුවිණි.
රට වැසියාට ආරක්ෂාව සැපයීමට හෙළ අධිරාජ්‍ය සතුව තාක්ෂණයෙන් අනූන අවිආයුධ තිබුණි. නමුත්එම අවි ආයුධ වලින් කරන්නා වූ යුද්ධය භායානක දෙයක් විය. බෝම්භ හෙලිය හැකි ගුවන් යානා, ලේසර් අවි, න්‍යෂ්ඨික අවි, විශ දුම් සහික බෝම්බ වැනි යුද උපකරන හෙළයන් විසින් තම යුධ කටයුතු සදහා බාවිතා කරන ලදි. නමුත් යුද්ධය අවශ්‍ය වූයේ ආක්‍රමණ වැනි සතුරු උපද්‍රව පැමීණී විට පමණි.  මෙයට අමතරව සුලි සුලං, කුණාටු හා අකුණු වැනි ස්වාභාවික උපද්‍රව වලින් බේරීමටද ක්‍රමෝපයෙන් තිබුණ අතර ඒවා ක්‍රියාත්මක කිරීමත් දේවයන්ට පැවරී තිබූ වගකීමක් විය.
ප්ලෝටෝගේ විස්තර වල සදහන් වන අත්ලාන්තිස් පුරවරය හෙවත් ලංකාපුරයේ පාලන කටයුතු හා ලක්ෂණ සලකා එය ලොව පරමාදර්ශි රාජ්‍ය ලෙස ප්‍රකාශ කිරීමෙන් පවා තහවුරු වන්නේ දේව පාලනය විසින් හෙළ අධිරාජ්‍යට කරන ලද බලපෑමයි.
දේව පාලනයේ අවසන් නායක හෙවත් ශක්‍ර සිටයේ කදු මුදුනකය. එය සමනළ කන්ද වන අතර මෙම ශක්‍ර වනාහි පරුමක හෙවත් සුමනය(සමන්). මෙම කදුමුදුනට ගමන් කිරීමට මාර්ගයක් නොමැති වූ අකර කදු මුදුනට ගමන් ගත්තේ ගුවන් යානයකිනි. මෙම ගුවන් යානය පදවන ලද්දේ මාතලේ දේවයා විසින්. මෙම සිදුවීම බෞද්ධ සාහිත්‍යෙය්දී ශක්‍ර ගේ වාහනය පාදවන මාතලී දිව්‍ය පුත්‍රයා ලෙස දක්වා ඇත. බලන්ගොඩ ප්‍රෙද්ශයේ බොල්තුඹේ දේවාලයේ අදුරු කුටියක් තුල මෙම ගුවන් යානය හෙවත් විමානය ඉංග්‍රිසි පාලන සමය දක්වා තිබූ බව ඒ අවට ගම් වැසියන් පවසති. මෙම යානය ගැන ආරංචි වූ එවකට රත්නපුරයේ සුදු දිසාපති අසු පිටින් පැමිණ බලහත් කාරයෙන් මෙම කුටිය විවෘත කර බැලූ බවත් අනපේක්ෂිත ලෙස ඇදැහැලුන වර්ෂාවකින් අශ්වයාගේ පය ලිස්සා වැටී කකුල කැඩුණ බවත් අලියෙකුගේ පිට රතන්පුරයට ගිය දිසාපති වරයා උණෙන් පෙලී සතියකට පසුව මිය ගියබවත් සදහන් වෙන නිසාම දිසාපති වරයා දුටුව දේ පිළිබදව යමක් දැනගැනීමට හැකි වී නැහැ.

දේව පාලනයේ බිද වැටීම පිළිබදව මීලග ලිපියෙන් සාකච්චා කරමු. එතෙක් ආයුබෝවන්

12 ප්‍රතිචාර: