28.3.11

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?(5 - කොටස)Shall we find our Real History?


අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?(5 - කොටස) 
 බෞද්ධ සාහිත්‍යට අනුව ද පරුමක හා සතාගිර යන් යක් සෙන්පතිවරුය. ඒ අනුව ඔවුන් යක්ෂයන් නොව පාලකයන් බවට පැහැදිලිය.
අද එතැන් සිට
රාවණ රජුගේ පරම්පාරවද ඉතා දිගටම හදුනාගන්න පුළුවන්. රාවණගේ පියා වූ විශ්‍රවස් මුණි හා සීයා වූ පුලස්ති ඍෂිවරයාද(පොත්ගුල් විහාරය ඉදිරිපිට ඇති පිළිමය පුලස්ති ඍෂීවරයාගේ යැයි සැලකේ) පුත්‍රයා වූ ඉන්ද්‍රජිත් ද, මුණුපුරා වූ අගියද, මී මුණූපුරන් වූ තෙකදශ හා තිමීර ද තිමීරගේ පරම්පරාවේ සිට කූවේණී හා වීරබාහු දක්වාද පරම්පරාවන් රැසක් සෙල්ලිපි ඇසුරින් ගොඩනැගිය හැක. රාමයනයේ සදහන් ශෝභීලී නැමති රාවණගේ දියණියක් පිළිබදවද සෙල්ලිපි ඇසුරින් සනාථ කරන්න පුළුවන්.
බුදුන් වහන්සේ විසින් ජල යත්‍රාවක වැඩ හිදිමින් ධර්මය දේශනා කරමින් වඩින ආකරයේ චිත්‍රයක් පොළොන්නරුවේ තිවංක ගෙයි සටහන්ව තියෙනවා. මහියංගනයටම බුදුන් වහන්සේ නැවකින් වැඩම කලායැයි අපට සිතන්නත් පුළුවන්. මහාවංශයට අනුව පයාග නැමති වරායෙන් තමයි බුදුන් වහන්සේ නැව් නැගලා තියෙන්නෙ. මහියංගනය සමීපයේ ඇති ගෝතම ඇල මේ මාර්ගය වෙන්නත් ඇති. බ්‍රිතාන්‍ය යුගයේ මිනින්දොරුවන් විසින් ගෝමතී යන නම භාවිතා කරපු හින්දාම පරණ නම අභාවයට ගිහිල්ල තියෙනවා.


පනීත රජුගේ නම සදහන් කරමින් සෙල්ලිපි 6ක් ලංකාවේ දක්නට තියෙනවා. ඒ සෙල්ලිපි වලට අනුව සුමන(සමන්) පනීත රජුගේ අය කැමි ලෙස හිද පසුව රජුගේ භාණ්ඩාගාරීක ලෙස පත්වූ බව ඒ සෙල්ලිපි වලින් පැහැදිලි කරගන්න පුළුවන්.










කෝඩ්රිංටන්ගේ වංශ කතා අනුව ලංකා ඉතිහාසය බලවත්ම අර්බුදයකට මුහුණ දෙන්නෙ විජය රජුගේ සිට දුටුගැමුණු රජු දක්වා කාලය නිර්ණය කිරීමේදී තමයි.
ඒකට ලොකුම හේතුව තමයි විජයාගමනයට පෙර ලංකාවේ ශිෂ්ඨාචාර නැතිබවක් මතු කීරීමට උත්සහ කිරීමයි. මේ අර්බුදය මතුකරන්නෙ ලංකාවේ විසිරී පැතිරී තියෙන සෙල්ලිපි වලින්. ඒ නිසා අපිට තිරණය කල යුතුයි බුද්ධ කාලයෙන් වර්ෂ 850කට පසුව ලියැවුණ මහා වංශයද, සම කාලීනව ලියැවුණ සෙල්ලිපිවලද විශ්වාශනීයත්වයද වැඩි කියලා.
ලංකා ශිලා ලිපි සංග්‍රහයේ අංක IC 549 දරණ බෝවත්තෙ ගල සෙල්ලිපියේ මෙහෙම සදහන් වෙනවා.
සුමනගේ පුත් දසබෑයන් අතුරින් වැඩිමහල් පුත්‍රයා දමරජ වේ. දමරජගේ පුත් මහා තිස විසින් කරවන ලද මෙම මහාසුදස්සන නම් ලෙන මහා සංඝයා වහන්සේලාට දන් දුනි.
අංක IC 556 දරණ සෙල්ලිපියට අනුව දමරජ පුත් මහාතිස අයගේ දියණි අබිසවෙර(විහාර මහා දේවී) එමෙන්ම ගෝඨාභයගේ පුත් තිස අයගේ බිරිද අබි සවෙර විසින් මෙම දානය(ලෙණ) සංඝයාට දුනි. මෙමගින් විහාර මහා දේවියගේ හා කාවන්තිස්ස රජුගේ පෙළපත පැහැදිලිව හදුනාගන්න පුළුවන්.

මෙම සෙල්ලිපි දෙකත් මහා වංශයත් බැලුවාම ලොකු වෙනසක් තියෙනවා.  විහාර මහා දේවියත්, කාවන්තිස්ස රජතුමාත් බුදුන් වැඩියාට පසු ඇතිවූ පරම්පරාට අයත් වෙනවා. සුමන හා දමරජ යන දෙදනාම බුදුන් දැකපු අයයි. විහාර මහා දේවිගේ පියා වන මහාතිස(කැළණිතිස්ස) රජු බුදුන් දැක්කාද කියලා අපිට හරියටම තහවුරුකරගන්න අමාරුයි. මහා වංශයේ සදහන් වන ආකාරයට නම් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වී මාස නවයකින් පළමුවන වරටද, වසර අටකින් දෙවැනි වරටද, අවසන් වරට අටවැනි වසරේද ලංකාවට වැඩම කර තිස්හත් අවුරුද්දකට පසුව පිරිණිවන් පෑ සේක. මේ නිසා මහාතිස් රජුද පරිනිර්වානයට පෙර රජකලායි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ වුනත් බුද්ධ පරිනිර්වානයේ සිට දුටුගැමුණු රජුගේ කාලය දක්වා ගත වන කාලය මහා වංශයට අනුව අවුරුදු 383ක් වෙනවා. විහාර මහා දේවිය මුහුදට බිලිදෙන විට ඇය විවාහයට සුදුසු වයසට එළැඹ සිටින්න ඇති. ඒ නිසා වෙන් තමයි කාවන්තිස්ස රජතුමා ඇය තම බිසව ලෙස සරණ පාව ගන්නට ඇත්තෙ. මේ කරුණුත් එක්ක ගත්තමා විහාර මහා දේවිය බුද්ධ පරිනිර්වානයට පෙර ඉපදුනායැයි කියලා හිතන්න පුළුවන්.
මහා වංශයට අනුව පණ්ඩුකාභයගේ පුත් මුඨසීව ක්‍රි.පු. 366 දී රාජ්‍යත්වයට පත්වෙනවා. මුඨසීව රජුගේ බාලම පුත්‍රයා වන අසේල රජ වන්නෙ ක්‍රි.පු. 214දී. මේ අතර තියෙන කාල පරාසය වසර 152ක්. බුදුන් වහන්සේගේ සමයේ පවා මිනිසාගේ පරමායුෂ වුනේ අවුරුදු 120යි. අසේල රජු මරා එළාර රජවු අතර එළාර පරාජය කර දුටුගැමුණු රජු රජවන්නෙ පරම්පරා 5කට (මහානාග--යටාලතිස්ස--ගෝඨාභය- - කාවන්තිස්ස-- දුටුගැමුණු) පසුවයි. මෙය මහත් පුදුමයකි. 

තවත් කොටසක් ඉක්මනින් දාන්නම් 
  1. කොටස
  2. කොටස
  3. කොටස
  4. කොටස

0 ප්‍රතිචාර: