8.10.11

ගුවන් යානයේ තියෙන්නේ කොටස් 31 ද? :: හෙළ ගුවන් යානයක කොටස් හදුනා ගනිමු. Components of ancient air craft


ඔන්න අයෙත් හෙළ ගුවන් යානා තාක්ෂණය ගැන ලිපියක් ලියන්න වෙලාවක් හොයාගත්තා. පසුගිය හෙළ ගුවන් යානා සම්බන්ධ ලිපියෙන් අපි කතා කලේ විමානය පදවන්නා හෙවත් දූතකයෙක් විසින් දැන ගත යුතු රහස් 32නේ. අද අපි තව දුරටත් විමානය හා ඒ සම්බන්ධ අනෙකුත් කරුණුන් විමසමු. දූතකයෙක් විසින් දැන ගතයුතු කරුණු 32න් අනතුරුව වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථයේ සදහන් වෙන්නෙ ගුවන් පථ ගැනයි.

මාර්ගාධිකාරම්::Aerial Routs
මාර්ගාධිකාරම් හෙවත් ගුවන් පථ පිළිබදව සදහන් වෙන්නෙත් දූතකයෙක් විසින් දැනගත යුතු කාරණා 5ක් ලෙසයි. අපි පසුගිය ලිපියෙන් ඉදිරිපත් කල නියමුවෙක් විසින් දැන ගත යුතු කරුණු 32 අතර ආකාශ විද්‍යාව හා වායු තල පිළිබදව මනා දැනීමක් තිබිය යුතු බව සදහන් කලානේ. ඒ අනුව වායුගෝලයේ හෙවත්, ඉහල ආකාශයේ තිබෙන වායු ස්ථර 5ක් පිළිබදව සදහන් වෙනවා. රේඛාපත, මණ්ඩල, කක්ෂ්‍ය, ශක්ති හා කේන්ද්‍ර ලෙස හැදින්වෙනවා. මෙම ආකාශ ස්ථර 5 ඇතුලත 519,800ක් ගුවන් මාර්ග තිබූ බවත් එයින් ලෝක 7කට ගමන් කල හැකිබවත් සදහන් වෙනවා. මෙම ලෝක භූලෝක, භුවර්ලෝක, සුවර්ලෝක, මහාලෝක, ජනාලෝක, තපෝලෝක හා සත්‍යාලෝක ලෙසට වෛමානික ශාස්ත්‍රෙය්හි සදහන් වෙනවා කොහොම වුණත් විමානයකින් අභ්‍යවකාශ තරණය පවා කල හැකි බව සදහන් වෙනවා, (මේ ලෝක පිළිබදව හා අභ්‍යවකාශතරණය ගැන පසුව සාකච්චා කරමු.) වාල්මිකී ගණිතයට අනුව  රේඛාපත ස්ථරයේ  ගුවන් මාර්ග 7030080ක් ද, මණ්ඩල ස්ථරයේ 20,08,00200ක් ගුවන් මාර්ගද, කක්ෂක 2,09,00,300ක් ගුවන් මාර්ගද, කේන්ද්‍ර ස්ථරයේ ගුවන් මාර්ග 30,08,200ක්ද තිබෙන බව සදහන්. කොහොම වුණත් මේ ස්ථරයන්ට අනුකූලවම විමාන වර්ග නිර්මාණය කර තිබූ බවයි සදහන් වන්නෙ. ඒ වගේම ඉහත සදහන් කරපු ලෝක වලට යාමටත් විශේෂිත වූ ගුවන් මාර්ග හා ස්ථර බාවිතා කල බව සදහන්.
·        රේඛාපත කලාපයේ 1-4 කොටස් භූලෝක විමාන වලට ගමන් කිරීමට සුදුසුය
·        මණ්ඩල කලාපයේ 3-5 යන කොටස් භුවර්ලෝක, සුවර්ලෝක හා මහාලෝක විමාන වලට ගමන් කිරීමට සුදුසුය
·        කක්ෂ කලාපයේ 2-5 කොටස් ජනාලෝක විමාන වලට ගමන් කිරීමට සුදුසුය.
·        ශක්ති කලාපයේ 1-6 කොටස් තපෝලෝක විමාන වලට ගමන් කිරීම සුදුසු වන අතර
·        කේන්ද්‍ර කලාපයේ 3-11 කොටස් බ්‍රහ්මලෝක විමාන වලට ගමන් කිරීම සුදුසු බව වාල්මිකී ගණිතයේ සදහන් වේ.

  Whirl –pools වාසුළි බහුලත්වය.
වෛමානික ශාස්ත්‍රෙය් සදහන් වන පරිදි වාසුළි හෙවත් අවාර්ත ඉහල සදහන් කල කලාපයන් 5හී දක්නට ඇත. රේඛාපතකලාපයේ ශක්‍යාවර්ත හෙවත් ශක්තියෙන් යුක්ත වාසුළී බහුලය. මණ්ඩල පත කලාපයේ සූළං මගින් හටගන්නා වූ වාසුලි දක්නට ඇති අතර කක්ශ්‍ය පත කලාපයේ සූර්යාලෝකය නිසා ඇති වන්නා වූ වාසුළි බහුල වේ. ශක්තිපථහී ශීත් වායු වැල් නිසා ඇතිවන්නා වූ වාසුළිද, කේන්ද්‍ර පතයේදී ගැටීම නිසා ඇති වන්නා වූ ඝර්ෂණාවර්ත නැමිති වාසුළීද දක්නට ඇත.( ඝර්ෂණය යනු සිංහල වදනක් මිස සංස්කෘත හෝ ඉන්දියානු වදනක් නෙවේ. මෙලෙස වෛමානික ශාස්ත්‍රය පුරාම දක්නට ලැබේනා බොහෝ වදන් සිංහලට හුරු වීම මෙම තාක්ෂණයේ සැබෑ අයිතිකරුවන් පිළිබදව පැහැදිලිව තහවුරු කරගත හැක.)
දූතකයා විසින් මෙම වායු කලාපයන් හී ඇතිවිය හැකි අනතුරුදායක තත්වයන් ගැන මනා අවබෝධයකින් පසු විය යුතු වන අතර එම අනතුරු වලින් විමානය මග හරවාගෙන ගමන් කිරීමට දැන සිටිය යුතුවේ.

"The Parts are thirty one”
 විමානයක් ප්‍රධාන වශයෙන් කොටස් 31 කින් සමන්විතය.  බෝධානන්දයන් පවසන පරිදි
Just as the human body, if it is complete in all its limbs, is best able to accomplish things, the Vimana if it is complete in all its parts will be capable of functioning efficiently. 
මිනිස් සිරුරෙන් හොදින් යමක් කිරීමට සියළු අවයව අවශ්‍ය වන්නාක් මෙන් විමානයක් සාර්ථකව ක්‍රියාත්මක් වන්නට අවශ්‍ය සියළු කොටස් තිබූ කලට විමානය සම්පූර්ණ වේ.
විමානයේ කොටස් 31
  1.  විශ්වකාර්ය දර්පණය - විමානයට පිටතින් සිදුවන්නා වු දෙය නැරැඹිය හැකි  දර්පණය. මෙය වර්ථමානයේ පිටත සිදුවන කැමරා මගින බලාගන්නා තිරයක් වගේ වන්නට ඇති.
  2. ශක්තියාකර්ෂණ දර්පණය - මෙය පිටතින් තිබෙන ශක්තිය අවශෝෂණය කරගන්නා දර්පණයකි. වර්තමානයේ සූර්ය පැනලයකට සමාන අංගයක් විය හැකි.
  3. විමානයේ වහලය මත ඇති පරිවේශ යාන්ත්‍රන පද්ධතිය
  4. අන්ගෝපාස්මාහර හෙවත් 7 වැනි බින්දූ කීලයේදී හකුලන පද්ධතිය
  5. විස්තීර ක්‍රියා හෙවත් විවෘත කිරීමේ යන්ත්‍රය. මෙය පිහිටා ඇත්තේ 11 වැනි කොටසේ මැදය
  6. විරූප දර්පණය
  7. විමානය මුදුනේ ශිරෝභාගයේ ඇති පද්මචර්මුක දර්පණය.
  8. කුන්තනී ශක්ති යන්ත්‍රය , මෙය පිහිටා ඇත්තේ විමානයේ කර ප්‍රෙද්ශයේය.
  9. විමානයේ මධ්‍යම කොටසේ දකුණු පසින් පිහිටා ඇති පුෂ්පනී හා පින්ජුලා දර්පණ
  10. විමානයේ ඉදිරිපස වම් කොටසේ පිහිටා ඇති පංචනල හෙවත් නලයන් පහ
  11. යානයේ බද කොටසේ ඉදිරයේ වම්පසට වන්නට ගුහාභගර්භ දර්පණ යන්ත්‍රය පිහිටා ඇත.
  12. තමෝයන්ත්‍රය යානයේ ඉදිරියේ වයඹ දෙසින් පිහිටා ඇත.
  13. පංචවාතස්කන්ද නල, මේවා පිහිටා ඇත්තේ විමානයේ බටහිරදෙස මධ්‍යෙය්ය.
  14. රෟද්‍රී දර්පණ
  15. විමානයේ යටකොටසේ මධ්‍යෙය් වාතස්කන්ද කීලක පිහිටා ඇත
  16. ඉදිරියේ හා දකුණේ ඇති ශක්තිස්ථානයන්
  17. වම්පස ඇති ශබ්ද කේන්ද්‍ර මුඛයන්
  18. ඊසාන දෙසින් පිහිටා ඇති විද්්‍යුත්ද්වාදශක
  19. ප්‍රාණකුන්ඩල මධ්‍යස්ථානය විමාන මූලයේ පිහිටා ඇත.
  20. විමාන මූලයේ ඇති ශක්ති උද්ගම මද්‍යස්ථානය
  21. විමානධාරයේ පසෙකින් පිහිටි වක්‍රප්‍රසාරකය
  22. විමානයේ මැද කොටසේ ඇති ශක්තිපන්ජරය
  23. විමාන හිසෙහි පිහිටි ශීර කීලකය
  24. විමාන බාහුවේ පිහිටි ශබ්ධාකර්ශක යන්ත්‍රය
  25. පතුලේ මැද පිහිටි පාට ප්‍රසාරණ යන්ත්‍රය
  26. ඉදිරයේ වම්පසින් පිහිටි දිශාම්පති යන්ත්‍රය
  27. විමානයේ වහලයේ මැද පිහිටි පටිකාභාරක
  28. සූර්්‍ය ශක්ති ආකර්ශකය විමානයේ මුදුනේ පිහිටා ඇත.
  29. අපස්මාර හෝ විෂ වායූන් සන්ධිනාල මුඛයේ පිහිටා ඇත
  30. සතම්භක යන්ත්‍රය විමානය පතුලේ ඇත
  31. විමාන කේන්ද්‍රෙය් පිහිටි විශ්වනාර නලය
විමානය මේ නමින් හැදින් වන්නා වූ ප්‍රධාන කොටස් 31කින් සමන් විත වන අතර ගුවන් නියෙමුවෙකු දත යුතු රහස් මගින් අපි මෙම 31 කොටස් වලින් යම් යම් උලකරන වලින් කෙරෙන්නා වූ කාර්්‍යන් පහැදිලි කලානේ.
මෙහි ඇති සමහර වචන නම් සාමාන්‍ය අපට තේරූම් ගන්න නොහැකි වුනාට විමානය යන්න සූර්්‍යා ලෝකය, වාතයේ ඇති චාලක ශක්තිය, විභව ශක්තිය, වායු වැල් වල ඇති ශක්තිය, සුර්්‍ය කිරණයන්ගේ ශක්තිය යන නොයෙක් ප්‍රභවයන් යොදාගත් බවක් දක්නට ලැබෙනවා.
කොහොමු වුනත් තව විමානය ගැන ඉගෙනීමට තියෙන දේ බොහෝමයි. මීලග ලිපියෙන් විමානය තැනීමට අවැසි ලෝහ හා දූතකයාගේ ආහාර හා ඇදුම් ගැනත් සාකච්චා කරමු.
එතෙක් ඔබට ආයුබෝවන්

6 ප්‍රතිචාර: