3.11.11

අපි නොදන්නා අපේ ගුවන්යානා තාක්ෂණය -4:: The clothing should be different for different seasons:: විවිධාකාර වූ සෘතු සදහා ඇදුම් විවිධාකර විය යුතුය



ඇයි අපි ඇදුම් අදින්නේ? අපි ඇදුම් අදින්නේ විලි වසාගන්නම විතරක් නෙවෙයි. අපේ ශරීරයට ආරාක්ෂාවකුත් ඇදුම් වලින් ලැබෙනවා. ඒ වගේම අපේ ඇදුම් විවධා කාලයෙන් කාලයට, දේශගුණයෙන් දේශ ගුණයට, ස්ථානයෙන් ස්ථානය වෙනස් වෙනවා. පෘථිවියේදී අපි අදින ඇදුම් පෘථිවි තලයෙන් ඔබ්බට ගියාම අදින්න බැහැ. මේ විස්තර කියලා අපි කියන්න යන්නේ අපේ හෙළ ගුවන් යානා තාක්ෂණයේදී දූතකයන් හෙවත් හෙළගුවන් නියමුවන් භාවිතා කල ඇදුම් ඒ ඒවා සෑදු ආකාරයයි.
Vasthraadhikaranam  හෙවත් දූතකයෙක්ට අවැසි ඇදුම් ගැන අද සාකච්චා කරමු.

යන්ටු පරවරනීයෝ ප්‍රිතක් ප්‍රිතක් රිටුබේඩාට්:: The clothing should be different for different seasons:: 



විවිධාකාර වූ සෘතු සදහා ඇදුම් විවිධාකර විය යුතුය
වස්ත්‍රාධිකාරම් නැමැති වෛමානික ශාස්ත්‍රෙය් 6 වැනි සූත්‍රයට අනුව විමානය පදවන නියමුවාගේ ඇදුම් සෘතු අනුව වෙනස් විය යුතුබව සදහන් වේ. සුර්යා වටා බ්‍රමණය වන්නා වූ පෘථිවියට එල්ලා වන්වා වූ ලක්ෂ ගණනින් යුක්ත සූර්ය කිරණ නිසා පෘථිවියේ සෘතු බේද ඇතිවේ. මෙම කිරණ මිනිස් සිරුරට හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද එල්ල විය හැකි අතර බොහෝ දුරට බොහෝමයක් අහිතකර කිරණයන් වායුගෝලය මගින් අවශෂෝණය කරගන්නා නිසා පෘථිවි වාසීන්ට එල්ල වන්නා වූ අහිතකර කිරණ බැපෑම් අඩුය. මේ නිසාම පෘථිවි වායුගෝලයෙන් පිටතට යන්නා වූ දූතකයන් හට අහිතකර සූර්ය බලපෑම් වලින් මිදීම අනිවාර්ය විය.
මෙම අහිතකර සූර්ය කිරණ වලින් මිනිස් සිරුරේ මස්පිඩු පෙරලීම්, රුධිරය ගැලීම්, මේද සංයුතින් වෙනස්වීම්, ඇතුළු නොයෙක් අහිතකර බලපෑම් එල්ල වන අතර විවිධා කාර සෘතු වෙනස් වීම් වලදී ඇති වන්නා වු අහිතකර බලපෑම් 25ක් ඇති අතර ඒමගින් දූතකයාගේ සමට, ඇටකටු වලට, මාංශ, මේද, මස්පිඩු, ස්නායු, ස්න්ධීන් හා සිරුරේ අනික් කොටස් වලට හානි සිදු විය හැක.(පෘථිවිය පුරා විවධ වු සෘතු තත්වයන් ඇති විය හැකි අතර, ඇන්ටාක්ටික්, ආක්ටික් වැනි අධික ශිතල කලාප වලදී සුදුසු වර්ගයේ ඇදුම් නොමැතිව ගමන් කළ නොහැකි වීම වැනි දේ මෙටය උදාහරණ ලෙස ගත හැක.) මේ නිසාම දූතකයා විසින් ඇදිය යුතු ඇදුම මගින් මේ සියළු කාරාණා වලට පිළියම් සැපයිය යුතු විය.
මෙම තත්වයන්ට ගැලපෙන්නා වූ දුතක ඇදුම නිර්මාණය කිරීම පට සංස්කාර රත්නකරය නම්න් හැදින්වේ. පට සංස්කාර රත්නකරයට අනුව සේද, කපු, පාසී, ලොම්, මයිකා හා හම් 25 වරක් පිරිසිදු කොට මයිකා වලින් සංතෘප්ත ද්‍රාවණයකින් සෝදා නූල් කැටගත යුතුය. අනතුරුව කේතකී මල් වලින් ලබාගන්නා තන්තු, අර්කා හෝ මදාරා තන්තු, සූර්ය කාන්ත තන්තු, පොල් කෙදි හෝ ජූට් කෙදි යනාදීය එක් එක් කෙදි 8වරක් බැගින් 19 ආකාරයකට පිරිසුදු කොට  නූල් කැට ගෙන රෙදි වියාගත යුතුය.
මෙම වියාගත් රෙදි හණ ඇට වලින් ලබා ගන්නා තෙල්, තුලසී හෝ බසිල්, ගුස්බෙරි, ඇකේෂියා හා අබ නොහොත් සිද්ධාර්ථ තෙල් වල ගිල්වා පෙගවීමෙන් අනතුරුව දවසකට 5 වතාවක් බැගින් දිනක් 7ක් යන තුරු වියළා ගත යුතුය. අනතුරුව කහ හිරියල්, ලාක්ෂා හෙවත් ලාකඩ සියඹලා, පැණි හා තල පෝර හා මිනිරන් සමාන කොටස් ගෙන යවා ක්ෂාර ලුණු සමග වටකුරු බදුනකට දමා කූරම හෙවත් ඉදිබු උදුනකට දමා තුන්පැත්තකින් ගිනි පිඹින මයින හමකින් රත්කර එයට හණ ඇට යුෂ නැළි 8ක් එක්කල යුතුය. අනතුරුව මී ඉටි, මිනිරන්, ෂින්ජීර, වජ්ර, බොරැක්ස් හා අශෝක ගෙඩි උණු කොට ලබාගත් තෙල් මිශ්‍රණයට එකතු තොට ගර්බතාපාන යන්ත්‍රෙයන් රත්කර ගත යුතුය. සත් දිනක් වියළා ගත් රෙදි මෙම මිශ්‍රණයෙන් පොගවා 5වරක් වියළා ගත යුතුය.

මෙම කාර්යන් සිදු කිරීමෙන් දූතක ඇදුම නිර්මාණයට සුදුසු රෙදි ලැබෙන අතර එමගින් දූතකයාට ගැලැපෙන ආකර්ශණීය ඇදුමක් සකස් කර එම ඇදුම් විමානයේ පදවන්නාට හෝ විමානයේ කාර්ය මණ්ඩලයට ලබා දෙනු ලැබේ.  මෙම ඇදුම් වලින් ආරාක්ෂාවට අමතරව, ආශ්ර්වාදයත්, ශරීර සමබරතාවය හා උද්යෝගීමත් බවක් ලැබෙන අතර එමගින් දූතකයාගේ හැකියාවන් හා ශක්තිය දියුණුවන බවද සදහන්වේ.

ආහාරාහ් කාලපබේදාත් :: Food according to Seasons:: සෘතුන්ට අනුව ආහාර


ආහාර යනු මිනිසාගේ මූලිකම අවශ්‍යතාවලන් එකකි. විවිධ සෘතුන් හරහා, කාල්ප හරහා  විමානය පදවන දූතකයන්ගේ ආහාරද ඔවුන්ගේ ශරීර සෞඛයට බලපාන අතර විවිධ කලාපයන්ට හා විවිධ සෘතුවලට අනුව නියමුවන් සදහා විවිධ වර්ගයේ අහාර තිබිය යුතුය. කලාප සුත්‍රෙය් සදහන් වන පරිදි විවිධ සෘතුන්ට අනුව දූතකයන්ගේ අහාර වර්ග තුනකි. මේවා ආශන-කාල්ප හෙවත් අහාර මූල ධර්ම නමින් හැදින්වේ.

  1. වසන්ත හා ග්‍රීස්ම සෘතුන් වලදී දූතකයන්ගේ අහාර ලෙස දියර අතරින් මී කිරිද, ධාන්‍ය අතරින් ආදක හෝ තුවාර් පරිප්පු හා මාංශ ලෙස බැටළු මස්ද යෝග්‍ය වේ
  2. වර්ෂා සහිත සරත් සෘතුවේදී එළකිරි, තිරිගු හා කළු කව්පිද, කුකළු මස්ද යෝග්‍ය වේ
  3. ශිත හෙවත් සිසරයේදී එළු කිරි, යව හා කළු කව්පිද, ගේ කුරුළු මස්ද ආහාරයට ගැනීම දූතකයන්ට යෝග්‍ය වේ.

විෂ නාශාස් ත්‍රීබයහා:: The three Varieties ward off seasonal evil effects

සෘතුමය වෙනස් වීම් නිසා ඇතිවන 25 ආකරයක් වූ ආහාර විෂ වීම් මෙලෙස ආහාර සෘතුවෙන් සෘතුවට වෙනස් කිරීමේන් වලක්වා ගතහැක.
විෂ නිර්ණය අධිකාර අනුව වායුගෝලයේ ඇති ජලාශ්‍රිත බලයන් වෙනස්වීමෙන් සෘතු භේදයන් ඇති වන බව සදහන් වේ. වායුගෝලයේ ඇති 101ක් වූ වායු බල හා වායුගෝලයේ ඇති ජලාශ්‍රිත බලයන් 1/16ක් සමග ගැටීමෙන්, වායු ගෝලයේ 7 වැනි කලාපයේදී ශිනීවාලී හා කුහූ යෝග හෝ පූර්ණ හෝ  අමාවක වන්ද්‍ර යෝගයන් මගින් හිතකර හා අහිතකර බලයන් 758,00,700 බැගින් ඇති වන අතර පුර්ණ චන්ද්‍ර යෝගයෙන් ඇති වන්නා වූ බලයන් හිතකර වන අතර අමාවක යෝගයෙන් ඇති වන්නා වූ 25ක් වූ අහිතකර විෂ සහිත බලයන් මගින් දූතකයා භෞතික වශයෙන් අඩපණ කල හැක. මෙය මගහරවා ගැනීම සෘතු අනුව ආහාර වෙනස් කිරීමෙන් සිදු කරන අතර මෙය සාගේ සාටාටාපා යනුවෙන් හැදින්වේ.
මෙවැනි ක්‍රමයන් මගින් දූතයාගේ භෞතික තත්වයන් නිසියාකාරව පවත්වාගෙන යනු ලැබේ.

තත්කාලානු සූත්‍ර ඉටි:: That at set times

විවිධ සෘතු වලට අනුව අහාර තොරාගැනීමෙන් අනතුරුව අහාර ගන්නා වේල් ගණනද ඉතා වැදගත් වේ.
විවාහක දරුප පවුල් ඇති අය දවසකට වරක් හෝ දෙවරක් ආහාර ලබා ගත යුතුය. තාපසයන් හෝ පැවිද්දන් දවසකට එක් වරක්ද, අනෙකුත් පුද්ගලයන්ට වේල් 4ක් බැගින්ද ආහාර ගත යුතුය. නමුත් දූතකයෙක් දවසකට 5වරක් ආහාර ලබා ගත යුතුය. ඒ වගේම යෝගීන්ට ඔවුන් කැමැති වරක් ආහාර ලබා ගත හැක.

ආහාර ලබා ගත යුත්තේ සෑම යාම 2කට වරකි. යාමයක් යනු පැය 3කි. එනම් පැය 6ක අන්තරයක් සහිතව ආහාර ලබාගත යුතුය. විවාහක පුද්ගලයන් සදහා රාත්‍රියේ පළමු යාමයේ අවසානයේ ආහාර ලබා ගත යුතුය. ඔවුන් දවසකට එක් වරක් පමණක් ආහාර ලබාගන්නේ නම් එය තෙවැනි හා සිව් වැනි යාමයත් අතර ලබාගත යුතුය. සන්‍යාසියන් හෝ තාපසයන් සදහා පමණක් මෙය බලපානු ලැබේ. මහන්සී වී වැඩකරන පුද්ගලයන් දිවා කාලයේ තෙවරක් හා රාත්‍රී කාලයේ එක් වරක් පමණක් ආහර ලබා ගත යුතු වන අතර, විමානය පදවන්නෝ හෝ විමාන දූතකයන් දිවා කලායේ තෙවරක් හා රාත්‍රි කාලයේ එක් වරක් පමණක් ආහාර ලබා ගත යුතුය.

තදභාවාය් සත්වා ගෝලෝවා:: If unavailable, then vitamin pills or food-balls

අතීත යුගයේ වීමාන නිර්මාණය කරන ලද්දේ යුද්ධමය කටයුතු හෝ ගමන් කිරීමේ පහසුව හා අභ්‍යවකාශ ගමන් සදහාය. මෙම ගමන් වලදී ඔවුනට ආහාර පිළියෙල කරගැනීම අපහසු බැවින් හොදින් සකසන ලද ආහාර ගුලි හෝ බෝල ලෙසද, පානයන් දියර ලෙසද බාවිතා කල බව සදහන් වේ.
එම ආකාෂ කාල්ප හෙවත් ආහර විස්තරය අනුව ආහාර වර්ග නම්
  • පිසූ ධාන්‍ය හෝ බත්
  • පිසූ තිරිගු පිටි හෝ වෙනත් පිටි වර්ග
  • පැතැලි රෝටි
  • සාර වර්ග උකහාගෙන සැකසූ පොෂණීය, ඔෂධීය අහාර


ආහාර වර්ග නිර්මිත ලෙස සකස් කර ගැනීම පීසීමේ කලාව හෙවත් පාකාෂර්වාස්ව ලෙස හැදින්වේ. ඒ අනුව පොතු ඉවත් කල ආහාර සුදුසු වූ උදුනක බහා අට එක පදමට හිදෙන තුරු හොදින් අඹරා ගන්නා අතර, ඊට ක්ෂාර වර්ග, කුළුබඩු, එළගිතෙල්, පැණිවර්ග එක් කොට ගුලි හෝ බෝල ලෙස සකස් කරගන්නා අතර මේවා රසයෙන් හා සුවදින් මිහිර වන අතර ශරීරය පිණවන බැව් සදහන්වේ.

ඵල මූල කන්ද සාරෝවා:: Or essence of fruits, roots, and bulbs

ඒලෙසම, නොයෙකුත් අලවර්ග, මුල්වර්ග හා නොයෙකුත් වටකුරු එළවලුවලින්ද මෙලෙස ආහාර සකස් කරගත හැකිය. ධාන්‍ය වර්ග සපයා ගත නොහැකි විට, විවධ අලවර්ග, මුල් වර්ග හා පළතුරු වර්ග වලින් ආහාර සකස් කරගත හැක. මේවා පිටි ලෙස හෝ සිරප් වර්ග ලෙස හෝ හකුරු වැනි තැටි ලෙස සකස් කරගනු ලැබේ. මෙවා සකස් කරගැනීමට මී පැණී, එළගිතෙල්, ගිතෙල් හා තෙල් සහිත පාන භාවිතා කරනු ලැබේ. මේවා පැණි, ලුණු,තිත්ත, ඇඹුල්, හා ක්ෂාර රසයන්ගෙන් යුක්ත බැවින් හොදින් පිරිසුදු කර හොදින් අඹරා සකසා ගත යුතුය.

මෙලෙස ආහාර සැකසීමට ගන්නා වූ බල්බ හෙවත් වටකුරු එළවළු වර්ග 16ක් හා පළතුරු වර්ග 32ක් ඇති බව සදහන් වේ.  මෙම අල වර්ග වලින් සකස් කරනා ආහාර වලින් බුද්ධි වර්ධනය, ශරීර ශක්තිය වර්ධනය කර ආයුෂ වැඩි කරන අතර, මුල් වලින් සකසන ආහාර මගින් මොළය වර්ධනය වී ශරීරය වඩා ඇටකටු ශක්තිමත් කරන අතර, පළතුරු වලින් සාදන ආහාරයන මගින් රුධිරය ධාවනය යහපත් කර, බුද්ධිවර්ධනය වීමට උපකාරීවෙමින් ශරීරයට අවශ්‍ය දියරවර්ගද සැපයේ. එබැවින් මෙම ආහාර විකල්ප ආහාර ලෙස දූතකයන් හට නිර්දේශ කරනු ලැබේ.

අපිචා ත්‍රිනාඩීනම්:: Even grasses, herbs and shrubs

තෘණ වර්ග හා විවධ ඔෂධීය පැළැටී වලින් සකස් කරගන්නා ආහාරද මෙලෙස දූතකයන්ගේ ආහාර ලෙස යොදා ගැනේ. ඉහත සදහන් කර ආහාර වර්ග මෙන්නම තෘන හා පැළැටී මගින්ද සුදුසු යහපත් ආහාර සකසා ගත හැක.
දුර්වා තෘණ වර්ග 6ක්, මංජු හණ වර්ග 6ක්, දික් තෘණ වර්ග 6ක්  සෞන්දීර වර්ග 6ක් හා අශ්වකර්ණ නොහොත් සල්,  සත්මූල් වර්ග 3ක්, කාරුවේලි, චන්ද්‍රෙව්ළී, චාර්චූලී, මකුටිවේළී, මධූවේලී, සුගන්ධා හා සූර්ය වේළී මෙලෙස ආහාරයට ගන්නා ශාක වර්ග වේ.
මෙම ශාක හොදින් හදුනන මිනිසුන් ලවා මෙම ශාකයන්හී අතු, මල්, කොළ සියල්ල හොදින් පිරිසුදු කොට හොදින් පිසගත යුතුය. මෙම ආහාර දූතකයාගේ අවශ්‍යතාවය අනුව ඝණ හෝ ද්‍රව වශයෙන් ලබා ගත හැක. මීට අමතරව සෝම වල්ලී හෝ චන්ද්‍ර පැළැටී, චක්රික්කා, රාසවල්ලිකා, කෝෂ්මදවල්ලී, ඉක්කුෂවල්ලී, පිස්තවල්ලාරී, සූර්යකාන්ත, චන්ද්‍රකාන්ත, මේඝානන්ද, පුණර්ව, අවන්තී,වාත්සු, මත්‍යක්ෂී, රුක්ම මගින් කුළුබඩු හා රස කරාක සමග මිශ්‍ර කොට කල් පවත්නා සුදුසු ආහාර සකස්කරගත හැක.

අද ටිකක් දිග ලිපියක් ලියන්න අවස්තාවක් ලැබුණා. කොහොම වුණත අද අපි සාකච්චා කරේ දූතකයෙක්ට අවැසි ඇදුම්, විමානයේදී ආහාර ලබාගත යුතු විදිය හා ඒ ආහාර සකස් කරගන්නා විදිය නේ. මීලග ලිපියෙන් අපි විමානය නිර්මාණය කිරීමට අවශ්‍ය ලෝහ පිළිබදව විමසා බලමු.
එතෙක් ආයුබෝවන්.











2 ප්‍රතිචාර: