මතු වූ නව හෙළ ඉතිහාසය
දෙවන කොටස
මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ.
It was weapon so powerful
That it could be destroy Erath in an instant,
A grate soaring sound in smoke and flame,
And on its sits death
අද එතැන් සිට
![]() |
ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද? |
මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.
1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශරීරවල තිබූ විකිරණශිලීත්වයට සමාන විකිරණශිලිත්වයන් මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ හමු වු ඇට සැකිලි තුලත් තිබිලා තියෙනවා. කළුගල් හා වෙනත් ආකාරයේ පාෂාණ ආදිය යොදාගෙන සාදා තීබූ ප්‍රාකාර ගොඩනැගිලි ආදීය තීරුවණා බවටත් පත් වෙලා තියෙනවා. මෙය සිද්ද වෙන්න නම් සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක පමණ උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ දෙයක් ඇතිවෙන්න පුළුවන් න්‍යෂ්ඨික පිපිරීමකින් පමණයි. මේ අනුව මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පරමාණු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ බව විද්‍යාඥයන් විසින් තහවුරු කරලා තියෙනවා.
විද්‍යාව නොදියුණු ප්රාග් ඓතිහාසික යුගයක කොහොමද පරමාණු බෝම්බ තියෙන්නේ? එහෙම තිබුණා නම් එය භාවිතා කිරීමට අධිවේගි ගුවන් යානා තිබිය යුතුය. මේ ගැටළුව පිළිබදව හා එබදු දේ තිබුණාදැයි සෙවීමට බටහිර හා ඉන්දීය උගතුන් සංස්කෘත සාහිත්‍ය පීරන්නට පටන්ගෙන තියෙනවා. අපි කලින් සදහන් කල මහාභාරතයේ සිදුවීම් පෙළ කලින් හදුනාගෙන තිබුනේ කවියෙකු උමතු සිතුවිලි විදයට. ඒ වුණාට මෙම තහවුරු කිරීම් හා එය යථාර්තය බව ඒත්තු යාමත් සමගම නැවතත් මහාභාරතය සුපරික්ෂාකාරීව හැදැරීමට පටන්ගෙන තියෙනවා. එම ප්රයත්නයේ දී යම් ඓතිහාසික කරුණු මතු කරගන්නට ඔවුන් සමත් වෙලා තියෙනවා. එබැවින් එම අද්භුත කතාන්දර මිත්‍යාවන් නොවන බවට තහවුරු කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. නමුත් මෙම කතා අතිශෝක්තිය හා මිත්‍යාවන් සමග මුසු වී තිබීම නිසාම එතිහාසික තොරතුරු තොරා බේරා ගන්න අමාරුවෙලා තියෙනවා.
![]() |
හෙළ ගුවන් යානා ආකෘති |
මහාභාරතයෙන් අනතුරුව රාමායණය කෘතිය සුපරික්ෂාකාරීව හැදැරීමට පටන්ගෙන තියෙනවා. ඒ වගේම මෙම කෘති දෙකේම තියෙන සමාන කතා පුවත් සංසන්දනාත්මකව විමර්ෂණයකට ලක්කරණ්නත් ඔවුන් සමත් වෙලාතියෙනවා. ගුවනින් යන පුෂ්පක රථය(දඩුමොණරය), රාවණ පුත් ඉන්ද්‍රජිත් හදට ගොස් එහි සිට අලෝකදාරා(ලේසර් කිරණ) මගින් පහරදීම, අවසන් ලෙස රාවණගේ අවිගබඩාවේ තිබූ රහස් අවියක් විභිෂණමාර්ගයෙන් ලබාගෙන එයින් පහරදී රාවණ මරණයට පත්කිරීම, මහා භාරතයේ විස්තර වන විදුලි කොට්නාක් මෙන් වේගයෙන් අහසේ ගමන් කර පහර දෙන අවිගැන මහා ඇලැක්සැන්ඩර්ගේ යුධවාර්තාවල සදහන් වීම ආදී තොරතුරු එක්තැන් කර ගත්විට අතිතයේදී න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීම ඓතිහාසික බව පිළිගන්න වෙලා තියෙනවා.
ජර්මන් අඥාදායක හිට්ලර් විසින් රොකට් සහිත ජෙට් යානා සෑදීමේ ශාස්ත්‍රය ලබාගෙන තිබූනේ කාශ්මීරයේ ලඩාක් ප්‍රෙද්ශයෙන් බව දෙවන ලෝක යුද්ධය අවසානයේදී හෙලි වෙලා තියෙන අතරම අවුරුදු පතා ඒ ආරම වලට තෑගී බෝග හා දූතයන් යවා මෙම තොරතුරු ගත් බවත් සදහන් වෙනවා. දෙවන ලෝක යුද්ධය අවසානයේ හිට්ලර්ගේ මෙම රොකට් විද්‍යාඥ කණ්ඩායම දෙකකට කැඩී එක් කොටසක් සෝවියට් රුසියාවට හා අනික එක්සත් ජනපදයට ලැබීම නිසා න්‍යෂ්ඨික තාක්ෂණය මෙම දෙරටේම වර්ධනය වෙලා තියෙනවා.
අශෝක අධිරාජයා විසින් තම දිග්විජය කටයුතු අවසන් කල පසු යුද අවි පිළිබදව තාක්ෂණය ග්රන්ථ 9කට සම්පාදනය කර තාපසයන් 9 දෙනෙකු භාරයේ ගාන්ධාර තක්ෂිලා කදුකර ප්‍රෙද්ශයේ සගවා තැබූ බවට හින්දු පුරාවෘත්ත හා “පුරාණ“ ග්රන්ථවලත් සදහන් වෙලා තියෙනවා.
1965 පමණ අවදීයේ සිටම උගතුන්ගේ විශේෂ අවදානය යොමු වුණේ සංස්කෘත ග්‍රන්ථවන “දහඅටක්වූ පුරාණ“ ග්‍රන්ථවල ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමය. මේ වන විට බ්‍රාහමණ හා උපනිෂද් යන වේද ග්රන්ථ හදාරා අවසන් කර තිබුණ අතර මෙම පුරාණවල අඩංගුවන්නෙ කුමන රටක ඉතිහාසයදැයි හදුනාගැනීමට සැමදෙනාම උනන්දුවෙලා තියෙනවා. එහිදී අසුර නැමති අධිරාජ්‍යයක තොරතුරු පොදුවේ සදහන් වෙන බව හදුනාගෙන තියෙනවා. අසුරයන් කියන්නෙ රකුස්,යක්,නා හා දේව යන කොටස් හතරින් සෑදෙන ජාතියයි. මෙහිදී අසුර කියන්නෙ එකම ජාතියක් හැටියට සමහර විචාරකයන් පැවසූවද සංස්කෘත පුරාණයන්ට අනුව එසේ සදහන් වන්නෙ නැහැ.
ලංකාවේ සෙල්ලිපි වල “කුබ“ යනුවෙන් හැදින්වෙන්නෙ කුවේරයි. කුවේර පිළිබදව පුරාණය සංස්කෘත භාෂාවෙන් හැදින්වෙන්නෙද “කුබ පුරාණය“ කියන නමෙන්. සිව රජු ඉන්දියාවට ගියේ හෙළදිව සිට බවත් ඔහුගේ මුල් මධ්‍යස්ථානය සිව + ගිරිය හෙවත් සීගිරිය බව අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඔහු ඉන්දුවේ රජුය. ඉන්දු දේශය යනු කාශ්මීර කදුකරය හා පන්ජාබ් තැනිතලාවයි. සිවදෙවියන් මූලික කරගත් ඇදැහිල්ල සිවරජු විසින් ආරම්භ කරන ලද්දක් බවද අරිසෙන් අහබුදු සූරීන් පවසනවා.
මින් අවුරුදු 12500කට පමණ පෙර යූරෝපීය අයිස්තට්ටුව දියවී ගිය බවද, උතුරු අත්ලාන්තික් සයුර හා උතුරු ඇමරිකාවේ සමහර කොටස් වසා පැතිරී තිබූ එම අයිස්තට්ටුව දියවී සාගර ජල මට්ටම ඉහල ගියබවත් විද්‍යාඥයන් විසින් මේ වනවිට සොයාගෙන ඇති අතර විෂ්ණූ පුරාණය නැමති ග්රන්ථයට අනුව මෙය සිදුවීම වී ඇත්තේ හෙළ අසුර හිරන් කසුබ්(හිරණ්‍ය කාශ්‍යප,ඊරණි, මහා මන්දාතු) රජු තම සූර්යා බදු තේජස් වී ඇති ඇස් දෙකෙන් බලා හිම කදු දියකර හැරිබවටයි. ඒ ගැන දොස් පැවරීම විෂ්ණූ පුරාණයේ වන අතර ඒ අනු ව හිරණ්‍ය කාශ්‍යප සිටි අවදිය ක්‍රි.පු. 10500 ලෙස සැලකීය හැක.
1985 න් පසු යුගය හෙළ අසුර ඉතිහාසය පිළිබදව විශාල වශයෙන් කරුණු එකතු වූ යුගයකි. රාමායණයේ සදහන් වන්නා වූ දණ්ඩාකාරණ්යෙය් අගනුවර වන ජනස්ථානය පවා මුහුදු පතුලේ තිබී 2003 මැයි මස සොයාගෙන තියෙනවා.
ඉහත් අපි දැක්වූ මෑති භාගයේ කල සොයාගැනීම් නම්
- · 1986 - ප්රංශජාතික ඡායාරූප ශිල්පියෙක් විසින් ඊජිප්තුවේ පිරමීඩ දේවාලයක ගන්නා ලද ජායාරූප වලට අනුව එහි බිත්තියේ මැටියෙන් අඹා තීබූ අවුරුදු 4500ක් පමණ පරණ ගුවන්යානා 4ක් විය. ඒවා මගී ගුවන් යානය, හෙලිකොප්ටරය, ප්‍රහාරක ජෙට්යානය හා තවත් යානාවක් වශයෙන් වීම.
- · 1994 - ක්‍රි.පු. 4වන සියවසේදී ග්‍රීක් ජාතික ප්ලෙටෝ විසින් වාර්තාකරන ලද අත්ලාන්තිස් පුරවරය හා රාමයණයේ එන හනුමා දුටු ලංකාපුරය යනු එකම ස්ථානය පිළිබදව දෙදෙනෙකුගේ වාර්තා 2ක් බව හෙලිවීය. එය අත්ලාන්තික් සාගරයේ තිබී මුහුදට ගිළුන ගොඩබිමක් නොවේ
- · 1998- ඇමැරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් ඉරාකයේ කල කැනීම් වලදී පුරාණ බැබිලෝනියානු ශිෂ්ඨාචාරයට අයත් මැටි පුවරු රාශියක් සොයාගන්නා ලදි. ගුවන් යානා වලින් පැමිණි සිංහ මිනිසුන්(හෙළයන්) කියා දුන් පරිදි එම ශිෂ්ඨාචාරය ගොඩනැන්වු බව ඒවායේ කියැවිණි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය දැනට ලොව පැරණිතම ශිෂ්ඨාචාරය ලෙස පිළිගන්නා අතර එය වසර 5500ක් හෝ ඊට වඩා පැරණි බව සැලැකේ.
- · 1998- මහා ඍෂි භරද්වජ විසින් ලියන ලද වෛමානක ශාස්ත්‍ර නැමැති ග්‍රන්ථයේ එන තාක්ෂණික දැනුම මූලික කරගෙන ලියන ලද වෙනත් ලියැවිල්ලක තිබූ ආකාරයට ගුරුප දේශය ආශ්රයෙන් ඉපැරණි යුගයේ තිබු මකරි වෝටෙක්ස් එංජින්(රසදියෙන් කැරැකැවෙන පෙති සහිත) එකක් යෙදු ගුවන් යානාවක් එක්සත් ජනපද ගුවන් හමුදා විසින් සාර්ථක ලෙස අත්හදා බලන ලදි.
- · 2003- ඉන්දියානු සාගර දූෂණ කොමිසන් සභාවවිසින් බටහිර ඉන්දියානු වෙරළ සීමාව අසල මුහුදු පත්ල ස්කෑන් කරන ලදි. එවිට මුම්බායෙන් උතුරු කැම්බේ බොක්කේ අඩි 4000ක් පමණ පතුලේ තිබූ පෞරාණික නගරයක් සොයාගැනුන අතර කාබන් කාල නිර්ණයට අනුව වසර 10000ක් පමණ පැරැණි මෙය ඉන්දියානු පුරාවිද්‍යාඥයන් විසින් මුහුදු පතුලේ ගිලී ගිය රාමායණයේ එන දණ්ඩාකරණ්යෙය් අගනුවර වන ජනස්ථාන් ලෙස හදුනාගන්නා ලදි.
හෙළ ඉතිහාසය මතුවීමේ දී තවත් සුවිශේෂි කාරණයක් වන්නෙ ලංකාවේ ඉතිහාසඥයන් විසින් මේ පිළිබදව කරුණු නොදැන සිටීමයි. ඒ වගේම ලෝක ජනමාධ්‍ය තුලින් අපේ උරුමය ගැන දැක්වෙන දේවල් ප්‍රකාශ කරද්දි ලංකා ජනමාධ්‍යද ඒ ගැන කිසිවක් විකාශය කර නැත. මෙම හේතුව නිසාම ලංකාවේ දෙමළ ඊළාම් වාදීන් පමණක් මේ පිළිබදව පූර්ණ ප්‍රයෝජන ලබා ඇත. වසර 3000ක් පමණ පරණ දෙමළ නිජබිමක් ගැන ඔවුන් වැරදියට ප්‍රකාශ කරන්නෙද අසුර අධිරාජ්‍යය ගැනයි.
අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යාමේ දෙවන අදියර අදින් නිමාවෙනවා. අපි ළගදීම තවත් මානයකි අපේ ඉතිහාසය සොයා බලමු.
21 ප්‍රතිචාර:
fcae bokk 1k n full publicity 1k dennao , apita karanna puluwo acchri
Ancient Aliens series එක බැලුවද?
ඇත්තෙන්ම ඔබගේ ලිපිය ඉතා අගනේය. මේ පිලිබඳව මමත් කලකට පෙර ලක්බිම පුවත් පතට ලිපි ලියා ඇත. ඔබ ඔය කියන කරුණු ඉතාමත් සත්‍ය වන අතර, ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් දැනටත් හෙලි වී ඇත. නමුත් තවත් විශාල තොරතුරු අපට හෙලි කරගත යුතුව ඇත. ඔබගේ මේ අනගි ලිපි ලිවීම මම ඉතා අගය කරමි. තවද මේ රටේ ඇති වැදගත්කම අප ලෝකයට කියා දිය යුතුය. මා සිතන පරිදි මේ ලෝකයේ අද පවතින විද්‍යා දියුණුවට වඩා විශාල දියුණුවක් පෙර කල තිබී ඇත. කොටින්ම අපට දැනට පහදා දිය හැකි ඉතිහාසය වසර 30,000 වඩා ඈතට විහිදී යයි. තවත් ලියන්න.
ඉතාමත් වටිනා ලිපි පෙළක්.. මමත් මේ සම්බන්දව ලිපියක් දලා තියෙනවා.
http://ekolama.blogspot.com/2011/03/blog-post_14.html
ඔබ තවත් මෙවැනි දැ ලියාවි කියා බලාපොරොත්තුවෙනවා
නියමයි... දිගටම ලියන්න සහෝ... ජයවේවා !!!
මා හිත මිතුරු සහොර්දරය ලංකා පුරයේ අභිමානය ලොවට කියන්නට ඔබට හැකිවෙවා.....ජය ශ්‍රී
හොද විස්තරයක් දිගටම කරගෙන යන්න!
thats good
ඈත්තටම නියමයි,දිගටම කරගෙන යන්න ජය වේවා!
හික් හික් :-D විකාර මනස්ගාත. පෝලිමක හිටගෙන ඉන්ඩ බැරි හැලි වඳුරෝ වගේ උන්ට මොන "nuclear බෝම්බ්ස්" ද මෙයා. නිකන් ජෝක් සයිට් දාන්නේ නැතුව දාපල්ලා හරියට පෝලිමක හිටගෙන ඉන්නවිදිය කියන වෙබ් පේජ් එකක්. අනේ යකෝ. nuclear බෝම්බ.
මෙකයි සහොදරයා ඕක කියවන කොට පොඩි කික් එකක් එනවා තමයි. මමත් ඔයා වගේම මගේ රටට ආදරෙයි. එති මෙවා පච කතා. සුද්දා වැද්දා කාලේ අපේ අය සුපිරි වාරිමාර්ග, වෙදකම් ගැන හසල දැනුමක් තිබුනා. නමුත් අපේ අයට ආයුද ගන තිබුන දැනුම ඉතා අල්පයි
දිගටම කරගන යන්න
දිගටම කරන්න
sira post eka
keep it up..........
all the best
ඉතාමත් වටින තොරතුරු ටිකක් . අපේ සමහර පුද්ගලයින් රාවන කියන නම කියද්දී හිනහ වෙනවා . ඇත්තටම හරිම කනගාටුයි තමන්ට මෙච්චර වටින ආඩම්බර විය හැකි ඉතිහාසයක් තියෙද්දී එය සමච්චලයට ලක්කිරීම . එක අතකින් අපේ දෙසපාලකයින් මේ කරන වන්චාවන් ප්‍රෝඩාවන් රට පාවා දීම් දිහා බලපුවහම අපේ මිනිස්සුන්ට ඉතිහාසයක් ගැන සිතිය හැකි තත්වයක් නැහැ . ඇත්තටම ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි ලිපි පල කිරීම ගැන .
Dig our history out and tell our people that we are a proud nation, controlled entire world in history.WE DO NOT NEED TO WORSHIP WHITE MEN.
Keep Writing,All the Best
ඇෆ්ගනිස්ථානයේ පවතින එකම බෞද්ධ සිද්ධස්තානයත් විනාශ කිරීමට පාලකයන් සුදානම් වෙනවා.එය නැවත්වීම සදහා නෙදර්ලන්තන ජාතිකයෙකු පෙත්සමක් අත්සන් කරම්න් සිටී. එයට සිංහල බෞද්ධ ඔබගේත් දායකත්වය ලබා දෙන්න.මෙන්න ලින්ක් එක.http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3#
godak rasawat walmikiya history eka kewa
මෙම ලිපි පෙළ කියවීමට මෙපමණ ප්‍රමාදවීම ගැන කනගාටුවෙමි. ඔබට ඉදිරි පර්යේෂණ සඳහා ධෛර්යය ලැබේවා !!!!!!!!!
Post a Comment